ප්‍රතිසංධිවිරෝධනය යනුවෙන් අදහස් වන්නේ අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමයි. ඒ සදහා විවිධ ක්‍රම තිබෙනවා. ඔබ ලිංගිකව හැසිරෙන කෙනෙක් වුවත් නැති කෙනෙක් වුවත් ප්‍රතිසංධිවිරෝධක ක්‍රම ගැන දැන සිටීම වැදගත්. ප්‍රතිසංධිවිරෝධනයෙන් ප්‍රධාන කාර්යයන් දෙකක් සිදු වනවා. එනම්, සැළසුම් නොකළ ගැබ් ගැනීම් වැළැක්වීම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) වැළැක්වීම ප්‍රතිසංධිවිරෝධක ක්‍රම රාශියක් පවතින බැවින්, ඔබට වඩාත් සුදුසු ප්‍රතිසංධිවිරෝධක … උපත් පාලන ක්‍රම
ප්‍රජනන පද්ධතිය (ගර්භාෂය, ඩිම්භ කෝෂ) ඉවත් කර නොමැති, ලිංගිකව ක්‍රියාකාරී සංක්‍රාන්ති පිරිමි අයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා. තමාට සුදුසු ගැබ් ගැනීම වළක්වන ක්‍රමයක් භාවිත කිරීමෙන් සැළසුම් නොකළ ගැබ් ගැනීමක් වළක්වා ගන්න පුළුවන්.
ඇතැම් සංක්‍රාන්ති පුද්ගලයන් තමන්ගේ සමාජභාවී අනන්‍යතාවයට අනුව ලිංගික අවයව වෙනස් කර ගන්නා අවස්ථා තිබනවා. සෑම සංක්‍රාන්ති පුද්ගලයෙකුම එවැනි ශෛල්‍යකරුම් වලට යොමු වන්නේ නැහැ. මුදල් නොමැති කම, සහකරු/සහකාරියගේ අකමැත්ත, තමන්ගේ අකමැත්ත, ශෛල්‍යකර්ම සදහා ඇති බිය වැනි බෙහෝ හේතු එයට බලපානවා. ලිංගික අවයව වෙනස් කරන ශෛල්‍යකර්ම සදහා යොමු වනවා නම්, සුදුසුකම් ලත්, පළපුරුදු සේවා සපයන්නන්ගෙන් ඒ සේවාව … ලිංගික අවයව වෙනස්කිරීමේ ශෛල්‍යකර්ම
තමන්ට දැනෙන සමාජභාවී අනන්‍යතාවය අනුව කම්මුල්, තොල්, පියයුරු ආදිය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඒවා සුදුසුකම් ලත් පළපුරුදු සේවා සාපයන්නෙගෙන් ලබා ගත යුුතු වෙනවා. උදාරණයක් ලෙස, අවයව විශාල කර ගැනීම සදහා සිලිකන් එන්නත් කර ගැනීම බෙහෝ දෙනෙක් සිදු කරනවා. නමුත්, වෛද්‍ය නිර්දේශයක් සහ මැදිහත්වීමකින් තොරව සිලිකන් ශරීරයට ඇතුළු කිරීමෙන් පසු ආසාද්මිකතා ඇති වීමට ඉඩ තිබෙනවා. … ශරීරයේ වෙනස්කම් සිදු කිරීම
හෝමෝ ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත්. වෛද්‍ය නිර්දේශ්‍යක් නැතිව හෝමෝන ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසීම (Blood clots), අධික රුධිර පීඩනය, අක්මාවේ රෝග සහ තවත් බරපතල සංකූලතා ඇති විය හැකියි. වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේදී නිවාැරදි මාත්‍රාව, එන්නත් නිවැරදිව ලබා ගන්නා ආකාරය ආදිය ගැන ඉගෙන ගැනීමට පුළුවන්. එන්නත් මගින් හෝමෝන ලබා ගන්නා විට, එය … හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම
සංක්‍රාන්ති පුද්ගලයන්ට බලපාන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ තත්ත්වයන් ගණනාවක් තිබෙනවා. පියයුරු පිළිකා, ගැබ් ගෙන පිළිකා, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, වෘෂණකෝෂ වල පිළිකා ආදිය සම්බන්ධයෙන් සායන වලට සහභාගී වී පරීක්ෂණ සිදු කර ගැනීම වැදගත් වනවා. ලොව පුරා සිටින සංක්‍රාන්ති පුද්ගලයන් මුහුණ දෙන ප්‍රභල ගැටළුවක් වන්නේ සෞඛ්‍යය සේවාවන් තුළ වෙනස් කොට සැලකීමයි. සංක්‍රාන්ති පුද්ගලයන්ට ස්ත්‍රී පුරුෂ වශයෙන් … සංක්‍රාන්ති පුද්ගලයන්ට බලපාන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය තත්ත්වයන්
පුරුෂ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති ප්‍රධාන පිළිකා වර්ගයක් වන්නේ පුරස්ථි පිළිකාය. පුරස්ථි ග්‍රන්ථයේ අසාමාන්‍ය වර්ධනයක් නිසා මෙම පිළිකාව ඇතිවනවා. ජානමය තත්ත්වයන් මෙන්ම, ජීවන රටාව සහ ඔෂධවර්ගත් මේ පිළිකා සදහා බලපෑ හැකි බව විද්‍යඥයින් පෙන්වා දෙනවා. වෘෂණකෝෂ වල ඇතිවන අසාමාන්‍ය වර්ධනයක් නිසා වෘෂණකෝෂ පිළිකා ඇති වනවා. එක් කෝෂයක හෝ දෙකෙහිම පිලිකා වර්ධනය වන්නට පුළුවන්. ස්පර්ශ කිරීමෙන් … පිළිකා
පිරිමින් අතර මදසරුභාවය ලෙස හැදින්වෙන්නේ ශුක්‍රාණු නිපදවීමේ සහ ශුක්‍රාණු ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍යතා සහ ශුක්‍ර පිට කිරීම ආශ්‍රිත ගැටළු නිසා ගැබ් ගැනීමක් සිදු නොවන් අවස්ථායි. මදසරුභාවයට ප්‍රතිකාර කරන්නේ යුවලක් ලෙස සලකා ගැබ්ගැනීම සදහා උත්සහ කරන දෙදෙනාම වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර වලට යොමු විය යුතු වනවා.
මේ තත්ත්වය Erectile dysfunction හෙවත් ED යනුවෙන් හැදින්වෙනවා. එනම්, ලිංගික ඇසුරකදී ශිෂ්ණය ප්‍රාණවත් නොවීම සහ ලිංගික ඇසුරේදී එහි ප්‍රාණවත් බව පවත්වා ගැනීමට නොහැකි වීමයි. බොහෝ පිරිමි අය ජීවිතයේ යම කාලයකදී මේ අත්දැකීමට මුහුණ දෙන්න පුළුවන්. වයසට යාම ED සදහා ප්‍රධාන හේතුවක් වුවත්, එය එකම හේතුව නොවේ. මානසික ආතතිය සහ පීඩනය, ඇතැම් ඖෂධ වර්ග, දියවැඩියාව, සම්බන්ධතාවල … පුරුෂ ලිංගය ඍජුනොවීම