ශ්‍රී ලංකාව තුළ විවිධ ලිංගික දිශානතීන්, සමාජභාවී අනන්‍යතාවයන් සහ ප්රකාශනයන් සහිත පුද්ගලයන් මේ වන විට ඉදිරියට පැමිණ තිබෙන අතර ඔවුන්ගේ හඩ ශක්තිමත් වී තිබෙනවා.
ඒ කෙසේ වුවත් විෂම ලිංගික හැර සෙසු ලිංගික හැසිරීම් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය මගින් අපරාධ වරදක් බවට පත් කර තිබෙනවා. මේ නීතිය අපේ රටට හදුන්වා දී ඇත්තේ 1883දී බ්‍රිතාන්‍ය ආණුඩව විසින්. මේ කාලයේදී බ්‍රිතාන්‍ය ඇතුළු බෙහෝ යුරෝපීය රටවල් වල සම ලිංගිකත්වය නීති විරෝධී බවට පත් කළ නීති පැවතුණා.
ලොව පුරා මේ නීති කාලයෙන් කාලයට වෙනස් වී තිබෙනවා. මේ වීඩියෝ නරඹා ඒ ගැන දැනුවත් වෙන්න.
ශ්‍රී ලංකාව තුළ තවමත් පවතින මේ යල් පැණ ගිය නීතිය අහෝසි කර වැඩිහිටියන් අතර සිදු වන සම ලිංගික හැසිරීම් නීති විරෝධීභාවයෙන් මිදවීමට පාර්ලිමේන්තුවට කිහිපවරක්ම යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. 2023දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව පක්ෂය) පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත විසින් කළ යෝජනාය එහි මෑත කාලීනම සිදුවීමයි.

නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ අය සිතන්නේ විෂම ලිංගික නොවන පුද්ගලයන් සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවයි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 12%ක් විෂම ලිංගික නොවන ලිංගික දිශානති සහිත පුද්ගලයන් විය හැකි බව ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය මගින් සිදුකළ අධ්‍යයනයක් මගින් ඇස්තමේන්තුකර තිබෙනවා.
කෙසේ වුවත් සමරිසි ප්‍රජාව පිළිබදව ඇති වැරදි මත ගණනාවක් තවමත් අපේ සමාජයේ පවතිනවා.

මේ සමීක්ෂණයේ තොරතරු මගින් විෂම ලිංගික නොවන ප්‍රජාව ගැන ශ්‍රී ලාංකික සමාජය සිතන විදිය හොදින් පැහැදිළි වනවා.
මේ ආකල්ප සියල්ලම පාහේ පදනම් වී ඇත්තේ යටත්විජිත පාලනයත් සමග අපේ රටට ලැබුණු යුරෝපීය ආගම් සහ ඒ හා බැදුණු සාදාචාරවාදී සිතුම්පැතුම් මතයි.