කිසිම ලිංගික දිශානතියක් බටහිර අදහසක් නොවේ.
මෙය යටත්විජිත බවට පත්වූ ශ්‍රී ලංකාව වැනි රටවල ලිංගිකත්වය පිළිබද ඇති සාකච්ඡාව දියාරු කිරීම සදහා යොදා ගන්නා වැරදි මතයකි.

චීන කතාවක්
සම ලිංගිකත්වය ඉටහිර අදහසක්ද යන්නට ලිංගිකත්වය සහ ඉතිහාසය පිළිබද පර්යේෂකයෙකු වන දමිත් චන්දිමාල්ගේ අදහස –
“සමලිංගිකත්වය සාපරාධී කිරීම ගැන යටත්විජිතකරණයේ සෘජු බලපෑමක් තියෙනවා. බටහිර ජාතීන් අප රටට පැමිණෙන්නට පෙර සමලිංගිකත්වය යනු අපරාධ වරදක් යැයි අදහසක් අප රටේ තිබුනේ නැහැ. මෙයට ඉතා හොඳ උදාහරණයක් වන්නේ 1547 වර්ෂයේ දී එවක ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා (viceroy of India) වූ D. João de Castro හට ලංකාවේ සිටි පෘතුගීසින් විසින් ලියන ලිපියයි. මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් චන්ද්‍රා ද සිල්වා සංස්කරණය කළ Portuguese Encounters with Sri Lanka and the Maldives: Translated Texts from the Age of the Discoveries නම් පොතේ සඳහන් වෙනවා.
කෝට්ටේ රාජධානියේ සොදොමි පාපය ඉතා තදබල ලෙස පැතිර ගොස් ඇති අතර, අපට මෙහි ජීවත් වීමට පවා බයංකර තත්වයක් මේ නිසා ඇති වී ඇත. එවැනි නරක පාපී ක්‍රියාවක් ගැන ලැජ්ජා නොවන්නේ මන්දැයි අප රාජධානිෙය් ප්‍රධානියකුගෙන් ඇසූ විට ඔහු අපට පිළිතුරු දුන්නේ තමන්ගේ රජතුමා කරන සියල්ලම ඔවුන් ද කරන බවත්, එය තමන්ගේ සම්ප්‍රදාය බවත්ය.”
සොදොමි යනු ඒ කාලයේ සමලිංගිකත්වය ඇතුළුව බයිබලයට අනුව සදාචාරයට විරුද්ධ යැයි ඔවුන් සිතූ සියලු ලිංගික හැසිරීම් හැඳින්වීමට යොදා ගත් වචනයකි. සොදොමි යන්න වර්තමානයේ යෙදෙන්නේ සමලිංගික ලිංගික හැසිරීම් පාපයක් යැයි හඳුන්වන ක්‍රිස්තියානි යෙදුමක් විදියටයි. කෙසේ වුවත්, ලංකාවේ එවක පැවැති ලිංගික නිදහස නිසා බටහිර ජාතීන් තදබල කම්පනයකට ලක් වූ බවට මෙය ඉතා හොඳ උදාහරණයක් සපයනවා.
ඒ කාලයේ සමලිංගික හැසිරීම්වල යෙදුනු අයට එරෙහිව ලංකාව පාලනය කළ බටහිර ජාතීන් විසින් මරණ දඬුවම සහ බරපතල දඬුවම් නියම කළා. බටහිර චින්තනයට අනුව මෙය බරපතල වරදක් සහ ලැජ්ජාවක් වුවත්, එකල ලංකාවේ මිනිස්සුන්ට මෙය එවැන්නක් වූයේ නැහැ. ඔවුන් බොහෝ විට මෙය මනුෂ්‍ය ලිංගිකත්වයේ කොටසක් ලෙස දකින්නට ඇති. ඒ වගේම ඒ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ බවක් කිසිදු ලෙසකින් පෙනෙන්නේ නැහැ.”
සම ලිංගිකත්වය සහ බුදුදහම පිළිබද දමිත් චන්දිමාල් විසින් ලියන ලද ගවේෂණාත්මක ලිපිය කියවීමට මේ දිගුවට යන්න.