සම ලිංගිකත්වය මානසික අසනීපයක්ද? 

1992 වසරේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බව ප්‍රකාශයට පත් කළ අතර, ඇමරිකානු මනෝවිද්‍යා සංගමය 1973 දී ඒ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් 2021දී සමලිංගිකත්වය මානසික අසනීපයක් නොවන පවත්, ශ්‍රී ලංකාව තුළ සම ලිංගිකත්වය නිරපරාධකරණය කළ යුතු බවත් පෙන්වා දුන්නා.

නූතන යුගයේ මනෝ වෙද්‍යවරු සම ලිංගිකත්වය මානසික අසනීපයක් ලෙස රෝග විනිශ්චයක් සිදු කරන්නේ නැති අතර එසේ සලකා ප්‍රතිකාර කරන්නේද නැත.

නූතන වෛද්‍ය දැනුම සහ සමාජ වටිනාකම්වලට අනුව සමරිසි ස්ත්‍රීන්, පිරිමින්, ද්වී රිසි පුද්ගලයන්, සංක්‍රාන්ති පුද්ගලයන්, අන්තර් ලිංගික පුද්ගලයන් සහ කුයර් ප්‍රජාව   (LGBTIQ) කෙරෙහි දැක්විය යුත්තේ ගෞරවයක් මිස වෙනස්කොට සැලකීමක් නොවේ.

යනුවෙන් එම ලිපියේ දැක්වෙනවා.

Social Share: