සමලිංගිකත්වය අස්වාභාවික නොවේ.
සත්ව ලෝකයේද විෂම ලිංගික නොවන ලිංගික හැසිරීම් ඇති බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ. ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දෙන්නේ සත්ව විශේෂ 1000කට අධික සංඛ්‍යාවක් අතර සම ලිංගික හැසිරීම් නිරීක්ෂණය කර ඇති බවයි.

පර්යේෂණ කණ්ඩායම් සම ලිංගික සතුන් අතර ඇග උඩ නැගීම, සුමුදුවට ස්පර්ශ කිරීම වැනි හැසිරීම් 1700 – 1800 කාලයේ සිට නිරීක්ෂණය කර තිබෙන නමුත් මේ ගැන පර්යේෂණය වර්ධනය වූයේ 20 වැනි සහ 21වැනි සියවස් වලදීයි.
සතුන්ගේ හැසිරීම් ගැන පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් සමලිංගික හැසිරීම් පිළිබද වාර්තා කිරීම අඩු බවත් බොහෝ විට ඒවා ප්‍රකාශයට පත් නොකරන බවත් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ, නෝත් වෙස්ටරන් සහ වෝර්සෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් PLOSOne නැමති වෙබ් ප්‍රකාශනයේ දක්වා තිබෙනවා.
ඉහත කී පර්යේෂණ කණ්ඩායම සතුන් ගැන පර්යේෂණ කළ විද්‍යාඥයින් 65කගේ පර්යේෂණ වාර්තා අධ්‍යයනයට ලක් කර ඇති අතර ඉන් 77%ක් ඔවුන් අධ්‍යයනයට ලක් කළ සතුන් අතර සම ලිංගික හැසිරීම් නිරීක්ෂණය කර ඇත. නමුත් ඒ පිළිබද තොරතුරු සටහන් කර ඇත්තේ 48%ක් වන අතර සොයාගැනීම් ප්‍රකාශයට පත් කර ඇත්තේ 18ක් පමණි.
මනුෂ්‍යන් අතර සිදුවන ලිංගික හැසිරීම් වල පදනම වන්නේ කැමැත්තයි. සමලිංගිකත්වය පිළිබද සාකච්ඡාවේදී එය ඉතාම වැදගත් වනවා. මන්ද, ලොව පුරා වෙසෙන සම රිසි ප්‍රජාව හඬ නගා ඉල්ලා සිටින්නේ වැඩිහිටියින් අතර කැමැත්තෙන් සිදු වන ලිංගික ක්‍රියා අපරාධයක් හෝ අස්වාභාවික ක්‍රියාවක් ලෙස සැලකීම නවතා දැමිය යුතු බවයි.