සංක්‍රාන්ති පුද්ගලයන්ට බලපාන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ තත්ත්වයන් ගණනාවක් තිබෙනවා. පියයුරු පිළිකා, ගැබ් ගෙන පිළිකා, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, වෘෂණකෝෂ වල පිළිකා ආදිය සම්බන්ධයෙන් සායන වලට සහභාගී වී පරීක්ෂණ සිදු කර ගැනීම වැදගත් වනවා.
ලොව පුරා සිටින සංක්‍රාන්ති පුද්ගලයන් මුහුණ දෙන ප්‍රභල ගැටළුවක් වන්නේ සෞඛ්‍යය සේවාවන් තුළ වෙනස් කොට සැලකීමයි. සංක්‍රාන්ති පුද්ගලයන්ට ස්ත්‍රී පුරුෂ වශයෙන් පැහැදිළිව පිටතින් හදුනා ගත නොහැකි ශරීර තිබෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී තමා කොන් වෙතැයි පවතින බිය නිසා බෝහෝ සංක්‍රාන්ති පුද්ගලයන් ලිංගකි හා ප්‍රජනන සෞඛ්‍යය සේවාවන්ට යොමු වීමට මැලි කමක් දක්වනවා.
එවැනි වෙනස්කොට සැලකීමක් නොකර සේවාවන් ලබා දීම සදහා ශ්‍රී ලංකාවේ රජයේ සෞඛ්‍යය සේවාව තුළ ප්‍රභල උත්සහයක් තෙබන අතර, ඔබ සංක්‍රාන්ති පුද්ගලයකු නම් මැලි නොවී ඔබට අවශ්‍ය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සේවාවන් වෙත යෙමු වන්න.
පොදුවේ අප කාටත් බලපාන පිළිකා, ලිංගකව සම්ප්‍රේෂණය වන ආසාදන ආදිය හැරුණු විට, සංක්‍රාන්ති ක්‍රියාවලියේදී සැලකිළිමත් විය යුතු, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා සම්බන්ධ කරුණු මෙහි ඇතුළත් වනවා.