ඔසප් වීම ආශ්‍රිත ගැටළු

ඔසප් වීමට පෙර සහ ඔසප් වීම අතරතුර විවිධ ශාරීරික සහ මානසික අපහසුතාවයන්ට අපි මුහුණ දෙනවා.

ඔසප් වීමට පෙර දින කිහිපය තුළ හිසරදය ඇති වීම

කෑම අරුචිය

කලවා සහ කකුළවල වේදනාව

කොන්දේ වේදනාව ආදිය එවැනි පොදු පහසුතා කිහිපයක්.

ඔසප් වීම සදහා ගර්භාෂ බිත්තිය ගැලවිය යුතු වන අතර, එය සිදු වන්නේ ගර්භාෂ සංකෝචනය වීමෙන්. ගර්භාෂ පේෂීන් සංකෝචනය වීමේදී සහ ගර්භාෂ බිත්තිය ඉරීමේදී අපට යටි බඩේ සහ කොන්දේ කැක්කුම ඇති වනවා. සාමාන්‍යයෙන් වයසින් වැඩි වීමත් සමග මේ වේදනාව අඩු වන බව වෛද්‍යවරුන් පවසනවා.

ව්‍යායාම, විවේකය, ස්වයං වින්දනය, උණු වතුර නෑම, හෝ පැනඩෝල් වැනි වේදනා නාශක ඔසප් වීමේදී මස් පෙරලීම්  නිසා ඇති වන වේදනාවෙන් සහනයක්  ලබා ගැනීමට පුළුවන්. වේදනාව අධික වන්නේ නම්, එය ඔබගේ දෛනික කටයුතු වල යෙදීම වළක්වන්නේ නම්, වෛද්‍යවරයෙක් සමග සාකච්චා කරන්න.

Social Share: