ඩිස්මෙනෝරියාව යනු තදබල ඔසප් කැක්කුම වන අතර එය සුලභ තත්ත්වයක්. ප්‍රාථමික ඩිස්මෙනෝරියා සාමාන්‍ය ඔසප් වේදනාව වන අතර ද්විතීයික ඩිස්මෙනෝරියා යන තත්ත්වය එන්ඩොමෙට්‍රියෝසිස් හෝ ෆයිබ්‍රොයිඩ් වැනි සෞඛ්‍ය ගැටලු නිසා ඇති විය හැකියි. වේදනා නාශක, උණුවතුරෙන් තැවීම සහ ජීවන රටාව වෙනස් කිරීම ඩිස්මෙනෝරියාව පාලනය කිරීමට උපකාරී වනවා .
මෙනෝරියාව යනු අධික හෝ දිගු මාසික රුධිර වහනයයි. මේ තත්ත්වය රක්තහීනතාවයට වගේම සහ අධික වෙහෙසට හේතුවක් වෙන්න පුළුවන්. එය හෝමෝන අසමතුලිතතාවය, ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් හෝ වෙනත් තත්ත්වයන් හෝ නිසා ඇති විය හැකියි. මේ සදහා ඇති ප්‍රතිකාර ලෙස ඖෂධ, හෝමෝන ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම ලබා ගැනීමට පුළුවන්.
පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය (PMS): ඔසප් වීමට පෙර දිනවලදී ඇතිවන සිතේ ස්වභාවය වෙනස් වීම (mood changes) , බඩ පිපීම, පියයුරු වේදනාව සහ කෝපය ඇතුළු කායික හා චිත්තවේගීය ලක්ෂණ රාශියක් PMS අවස්ථාවේදී ඇති වීමට පුළුවන්. ජීවන රටාව වෙනස් කිරීම, සුදුසු ආහාර තෝරාගැනීම සහ ඖෂධ PMS ලක්ෂණ සමනය කිරීමට උපකාරී කර ගන්න පුළුවන්.
පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝමය හෙවත් PCOS යනු ඔසප් චක්‍රයට බලපෑම් කළ හැකි හෝමෝන හා බැදුණු සෞඛ්‍යය තත්වයකි. එය අක්‍රමවත් ඔසප් වීම, අධික රුධිර වහනය සහ සරුභාවය සම්බන්ධය ගැටලුවලට හේතු විය වීමට පුළුවන්. ජීවන රටාවේ වෙනස්කම් සහ ඖෂධ PCOS රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට උපකාරී වනවා.
එන්ඩොමෙට්‍රියෝසිස් නැමති තත්ත්වය හටගන්නේ ගර්භාෂයේ ඇති එන්ඩෝමෙට්‍රියම් (ගර්භාෂ බිත්ති ය) ශ්ලේෂ්මලයට සමාන පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීමෙන්ය. එයින් දැඩි වේදනාවක්, අධික රුධිර වහනයක් සහ සරුබව පිළිබඳ ගැටලු ඇති වීමට ඉඩ තිබෙනවා. මේ සදහා ඖෂධ ලබා ගත හැකි අතර, ඇතැම් අවස්ථාවලදී ශල්‍යකර්මයක්ද සිදු කළ යුතු වනවා.
ඔසප් වීමේදී දරුණු හෝ අසාමාන්‍ය හෝ ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වනවා. සෞඛ්‍යය සේවා සපයන්නන් ලවා නිතිපතා පරීක්‍ෂා කරවා ගැනීම, ඔසප් වීම සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වනවා. එමෙන්ම මෙම රෝගාබාධ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමෙන් සහ නිසි සැලකිල්ලක් දැක්වීමෙන් තමන්ගේ සහ අන්‍යන්ගේ ප්‍රජනක සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම සහතික කිරීමට අපට ඉඩ ලැබෙනවා. ඔසප් වීම සම්බන්ධ ගැටළු වලදී ඔබ නිහඬව දුක් විඳිය යුතු නැහැ.
ඕනෑම රජයේ රෝහලකින්ම මේ සම්බන්ධ සේවාවන් ලබා ගත හැකියි.