ආර්වතහරණය මොලයේ ඇති කරන වෙනස්කම් ඇල්සයිමර්ස් රෝගය හා සමානයි – නවතම සමීක්ෂණයක් හෙළිකරයි

2026 ජනවාරි 28

මොලයේ ක්‍රියාකාරිත්වය, මතකය, හැගීම් සහ චලනයට අදාල ඉතා වැදගත් කාර්යක් ඉටු කරන අළු පදාර්ථ හෙවත් ගේරේ මැටර් (Gray Matter) හි අඩු වීමක් ආර්වතහරණය හා බැදී ඇති බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් ආර්වතහරණය සදහා ලබා ගන්නා හෝමෝන ප්‍රතිකාර වලින් මේ බලපෑම අඩු නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ආර්වතහරණය ස්ත්‍රියකගේ ජීවිතයේ සුවිශේෂී අවධියක්. අවුරුදු 10ත් 16ත් අතර කාලයේදී ආරම්භ වන ඔසප් වීම නැවතීම ආර්හතවරණය නමින් හැදින්වෙනවා. අවුරුදු 45ත් 55ත් අතර කාලයේදී බොහෝ ස්ත්‍රීන් ආර්තවහරණයට මුහුණ දෙන අතර,

වරින් වර ඇඟ උණුසුම් වී දහඩිය දැමීම,  අධික හෘද ස්පන්ධනය

ඔසප් වීමේ වෙනස් වීම් ( අධික හෝ අඩ රුධිර වහනය, අක්‍රමවත් රුධිර වහනය )

හන්දි, අතපය වේදනාව

මානසික ව්‍යාකූලත්වය, පහසුවෙන් කළබල වීම, විශාදය, නිකරුණේ දුක් වීම

මේ කාලයේදී ඔවුන් අත්විදින වෙනස්කම් කිහිපයක්.

ආර්වතහරණය සංජානනීය හැකියාවේ (සිතුවිලි, අත්දැකීම් සහ දැනීම් හරහා තේරුම් ගැනීමට ඇති හැකියාව) අඩු වීමක් ඇති කරන බව කලින් සොයා ගෙන තිබුණා. මතකය, අවධානය අඩු සහ භාෂාව හැසිරවීමේ අපහසුතා මේ බලපෑම් අතර වනවා.

මෙම නවතම අධ්‍යායනය සදහා ස්ත්‍රීන් 125,000ක්ගේ දත්ත විශ්ලේෂණය කර ඇති අතර, ඉන් 11,000ක් ගේ මොලයේ වෙනස්කම් හදුනා ගැනීම සදහා MRI පරීක්ෂණ පවත්වා තිබෙනවා.

ඔවුන් මොලයේ නිරීක්ෂනය කළ වෙනස්කම් වැඩිපුරම ස්ථාන ගත වී තිබෙන්නේ හි

  1. පොකම්පස් (මතයක ගබඩා කීරීම සදහා ක්‍රියා කරන ප්‍රදේශය)

  2. එන්ටෝහිනල් කෝටෙකස් (හිපොකම්පස් සහ මොලයේ සෙසු කොටස් අතර තොරතුරු හුවමාරු කරන කොටස) සහ

  3. එන්ටීරියර් සිංගියුලේට් කෝටෙස් (හැගීම් කළමණාකරනය, තීරණ ගැනීම සහ අවධානය රදවා ගනීමට කර ගැනීමට උදවු වන කොටස) යන ප්‍රදේශ වල බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙනවා.

 

මෙම පර්යේෂණයේ නායිකාවක් වන මහාචාර්ය බාබරා සහකියන් පවසන්නේ ආර්තවහරණය මගින් මොලෙය් ඇති කර තිබුණු වෙනස්කම් ස්ථානගත වී තිබුණේ ඇල්සයිමර්ස් රෝගයේ රෝග ලක්ෂණ මතු වන ප්‍රදේශ වල බවයි. එම නිසා ස්ත්‍රීන්ට ඇල්සයිමර්ස් රෝගය වැළදීමේ අවදානම ඉහල යා හැකි බව ඇය ප්‍රකාශ කරනවා.

ස්ත්‍රීන්ට පුරුෂයින්ට වඩා ඩිමෙන්ෂියා රෝගය වැලදීමේ අවදානමක් ඇති බවත්, ආර්තවහරණයෙන් මොලෙයේ ඇති කරන වෙනස්කම්  මේ අධි අවදනමට හේතු විය හැකි බවත් ඇය යෝජනා කරනවා.

නිරන්තර ව්‍යායාම වල යෙදීම, සමබල ආහාර වෙලක් ලබා ගැනීම ආදිම මගින් මේ බලපෑම තරමක් අවම කර ගත හැකි බව එහි පර්යේෂිකාවක් වූ ආචාර්ය ක්‍රිස්ටෙලා ලැන්ග්ලේ පවසනවා. “ශාරීරික වෙනස්කම් වගේම මේ කාලයේදී ස්ත්‍රීන් බරපතල මානසික වෙනස්කම් වලටත් මුහුණ දෙනවා. ආර්තවහරණයේදී ස්ත්‍රීන් මේ වෙනස්වීම සමග ගැටෙමින් ඇතැම් විට ඉතා අසීරුවෙන් ජීවත් වන බව අපි පිළිගැනීම තමයි වඩාත්ම වැදගත් වන්නේ. තමන්  මුහුණ දෙන සංකූලතා ගැන විවෘත කතා කිරීමට සහ සහය ලබා ගැනීමට ලැජ්ජා විය යුතු නැහැ.” ඇය තවදුරටත් පවසා තිබෙනවා.

ආර්තවහරණය පිළිබද වැඩිදුර කියවීමට – ආර්තවහරණය හෙවත් ඔසප් වීම නැවතීම 

ශ්‍රී ලංකා ආර්ථවහරණ සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති ‘ආර්තවහරණය සහ මිහිරි මැදිවිය’ පොත බාගත කර ගන්න.

Social Share: