ඔසප් වීම ප්‍රමාද වීම ගැබ් ගැනීමේ පළමු ලකුණයි. සංසේචනය වූ ඩිම්භයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් වුවහොත්, එය ගර්භාෂයෙන් ගැලවී සාමාන්‍ය ඔසප් වීම ලෙස බැහුර වන්නේ නැහැ. ඔබ ලිංගිකව ක්‍රියාකාරී කෙනෙක් නම් ඔසප් වීම ප්‍රමාද වීම ගැබ් ගැනීමක් සිදු වී ඇති බවට ලැබෙන ඉඟියක් වීමට බෙහෝ දුරට ඉඩ තිබෙනවා.
ගැබ් ගෙන ඇති දැයි නිවැරදිව දැන ගත හැකි වන්නේ රුධිර පරීක්ෂණයකින් හෝ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකින් පමණයි.
නිවසේදී ම මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා අවශ්‍යය වන ගර්භණීත්ව පරීක්ෂණ කූරක් (pregnancy stick) ඕනෑම ෆාමසියකින් මිලදී ගැනීමට ඔබට පුළුවන්. එහි ප්‍රථිඵලය කුමක් වුවත්, සැක හැර දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු වීම නුවණට හුරුයි.
ඒ කෙසේ නමුත් බොහෝ ස්ත්‍රීන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට විවිධ හේතු බලපානවා. ආතතිය, පෝෂණය අඩු වීම, ඖෂධ, අධික ලෙස ව්‍යායාම වල නිරත වීම, හදිසියේ බර අඩු වීම හෝ වැඩි වීම, රෝගී තත්වයන්, හෝමෝන අසමතුලිතතා මෙන්ම ප්‍රතිසංධිවිරෝධක භාවිතය එයට හේතු වීමට පුළුවන්.
ඔබ ගැබ් ගෙන ඇතැයි ඔබ සිතනවා නම්, හෝ ඔබගේ ඔසප් චක්‍රයේ වෙනස්කම් ගැන ඔබට ගැටළුවක් ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවන්න. ඔබේ ගමේ පවුල් සෞඛ්‍යය නිලධාරීතුමියගෙන් හෝ MOH කාර්යාලයෙන් වැඩි දුර තොරතුරු හා උපදෙස් ලබා ගන්න හැකියාව තිබෙනවා.