එච්අයිවී වෛරස සිංහලෙන් හදුන්වන්නේ මානව ප්‍රතිශක්තිකරණ ඌණත් වෛරසය ලෙසයි.
මෙම වෛරසය පහර දෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් වී ඇති සුදු රුධිරාණු: ප්‍රධාන වශයෙන්ම එහි ඇති සීඩී 4 සෛල වලටයි. සීඩී 4 සෛල යනු ස්වාභාවිකව ආසාදන සමග සටන් කිරීමෙහිලා විශාල කාර්යක් ඉටු කරන සුදු රුධිරාණු වර්ගයක්. මෙම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර නොකර හැරියහොත් වෛරසය විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල (CD4 සෛල) විනාශ කරමින් එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයාව අවස්ථාවාදී ආසාදන සදහා නැඹුරු කරවනවා. ප්‍රතිකාර නොගතහොත් අවස්ථාවාදී ආසාදන කිහිපයක් එක විට ඇති වී ඒඩ්ස් (නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය) තත්ත්වය ඇති වීමට පුළුවන්.
එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයෙකුගේ රුධිරය, ශුක්‍ර තරල, යෝනි ශ්‍රාව, මව් කිරි යන තරල වලින් එකක් තවත් පුද්ගලයෙකුගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීම මගින් එච්.අයි. වී ආසාදනය වනවා.
එච්අයිවී සදහා ප්‍රතිකාර රජයේ සායන වලින් නොමිලේ ලබා ගත හැකි අතර නිවැරදිව ඖෂධ පාවිච්චි කරන අයගෙන් වෙනත් අයට වෛරසය බෝ වන්නේ නැහැ.
එච්අයිවී සදහා ඖෂධ ලබා ගන්නා විට ශරීරරයේ ඇති එච්අයිවී වෛරස් ප්‍රමාණය [Viral Load] පහළ යනවා. නිවැරදිව ඖෂධ ලබා ගැනීමෙන් වෛරස් මට්ටම හදුනාගත නොහැකි මට්ටමට පත් කර ගැනීමට පුළුවන්. හඳුනා ගත නොහැකි මට්ටමට පත් වූ වෛරස් ප්‍රමාණයක් සහිත පුද්ගලයෙකුගෙන් වෙනත් අයට වෛරසය බෝ වන්නේ නැහැ.