එච්අයිවී සමග ජීවත් වීම

 

දියුණු එච්අයිවී ප්‍රතිකාර ලබා ගැනීමට හරහා සෞඛ්‍යයමත් සහ ඵලදායී ජීවිතයක් එච්අයිවී සමග ගත කිරීමට දැන් හැකියාව ඇත. මේ නිසා එච්අයිවී සමග ජීවත් වන ඔබට ඔබේ අධ්‍යාපන හෝ රැකියා කටයුතු දිගටම කර ගෙන යාමට, ලිංගිකව හැසිරීමට, එච්අයිවී නොමැති දරුවන් ලැබීමට සහ අනෙත් අය මෙන් දිගු කාලයක් ජීවත් වීමටත් පුළුවන්.

එච්අයිවී, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිදන්ගත රෝග තත්ත්වයක් ලෙස නම් කර ඇති බව මතක තබා ගන්න. නිදන්ගත තත්ත්වයක් යනුවෙන් හැදින්වෙන්නේ සුව කළ නොහැකි නමුත් පාලනය කළ හැකි රෝග තත්ත්වයන්. ප්‍රතිකාර වලට අමතරව, එච්අයිවී තත්ත්වය පාලනය කිරීම සදහා එදිනෙදා ජීවිතයේ සචේතනික වෙනසක් ඇති කර ගත යුතු වනවා. සෞඛ්‍යමත්ව සිටීම පිළිබද ඔබට වැඩි අවදානයක් යොමු කරන්නට සිදු වේවි.

ඔබ එච්අයිවී සමග ජීවත් වනවා නම් ප්‍රතිකාර විකල්පය පිළිබද ඔබේ වෛද්‍යවරයා සමග කතා කිරීම වැදගත්. . ඔබේ ජීවිතය සාර්ථකව ගත කිරීමටත් ඔබේ සහකරු/සහකාරිය සහ දරුවන් වෙත එච්අයිවී සම්ප්‍රේෂණය වීම වැලැක්වීමටත් ප්‍රතිකාර වලට පුළුවන්. ශ්‍රී ලංකාවේ රජය විසින් එච්අයිවී ප්‍රතිකාර නොමිලේ ලබා දෙන අතර දිවයිනේ රෝහල් ගණනාවකින්ම ඖෂධ ලබා ගත හැකිය.

ඔබ ප්‍රතිකාර නිවැරදිව පිළිදිනවා නම් ඔබෙන් වෙනත් පුද්ගලයෙකුට එච්අයිවී සම්ප්‍රේෂණය වන්නේ නැහැ. එම නිසා ප්‍රතිකාර පිළිබද ඔබට ඇති ගැටළු වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට ප්‍රතිකාර නිවැරදිව පිළිපැදීම ඉතාම වැදගත්ය.

2017 ජාත්‍යන්තර ඒඩ්ස් සමාජ සම්මේලනයේදී ඉදිරිපත් කළ අධ්‍යයන වාර්තා වලට අනුව එච්අයිවී ප්‍රතිකාර ලබා ගෙන  එච්අයිවී වෛරස් මට්ටම හදුනාගත නොහැකි මට්ටමට පත් වී ඇති පුද්ගලයෙකුගෙන් වෛරසය වෙනත් අයට සම්ප්‍රේෂණය වන්නේ නැහැ.

එච්අයිවී සමග ජීවත් වන අයගේ ආයු අපේක්ෂාව ඉහල ගොස්ද? 

එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව කෙරෙහි බලපාන සාධක ගණනාවක් තිබෙනවා.

1. ප්‍රතිකාර සදහා ප්‍රවේශය.

ශ්‍රී ලංකාවේ එච්අයිවී සමග ජීවත් වන සියළුම දෙනාට නොමිලේ එච්අයිවී ප්‍රතිකාර ලබා ගත හැකියි. ඔබට එච්අයිවී පරීක්ෂණයක් සිදු කර ගැනීමට අවශ්‍ය නම්, https://www.know4sure.lk හරහා වෙලාවක් වෙන් කර ගැනීමට පුළුවන්.

2. ඉහල සීඩී4 අගයක් සහ පහල වෛරස් මට්ටමක් පවත්වා ගැනීම.

ප්‍රතිකාර ගන්නා පුද්ගලයන්ගේ සීඩී 4 මට්ටම ඉහල යන අතර, වෛරස් මට්ටම “හදුනාගත නොහැකි” (Undetectable) මට්ටමට පත්වේ. වෛරස් මට්ටම Undetectable ගලතත්ත්වයට පත් වූ පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව ඉහල යයි.

3. එච්අයිවී ප්‍රතිකාර ලබා ගැනීමට පෙර එච්අයිවී නිසා ඇතිවූ අසනීප හෝ සංකූලතා ඇතිනම් එය ආයු අපේක්ෂාව පහල යාමට බලපෑ හැකිය.

හෘද රෝග, අක්මාවේ හෝ වකුගඩු රෝග තිබෙනවා නම් ඒවාගෙන් මරණයට පත්වීමේ සම්භාවිතාවය ඉහලය.

4. මත්ද්‍රව්‍ය විද ගන්නා පුද්ගලයන්ගේ ඇති විය හැකි බැක්ටීරියා ආසාදන නිසා ඔවුන්ගේ ආයු අපේක්ෂාව පහල යා හැකිය.

 

 

 

 

 

Social Share: