මඳසරුභාවය (Subfertility)

මාස 12 ක් හෝ වැඩි කාලයක් ක්‍රමවත්ව නිතිපතා (සතියකට 3 – 4 වරක්) අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසුත්, පිළිසිඳ ගැනීමක් සිදු නොවූ යුවලක්,
මඳසරු යුවලක් ලෙස හඳුන්වනවා.

කලින් පිළිසිඳ ගැනීමක් නොවී ඇති මඳසරු යුවලක් ප්‍රාථමික මඳසරු යුවලක් වන අතර පෙර පිළිසිඳ ගැනීමක් සිදුව යුවලක් නම් ද්වීතීයික මදසරු යුවලක්
ලෙස හැදින්වෙනවා.

මඳසරුභාවය සඳහා හේතු උපතේ දී හෝ ඊට පසුව ඇති විය හැකිය.

මඳසරුභාවය සඳහා විවිධ කරුණු හේතුවිය හැකිය. ඒ අතර පුරුෂයාට අදාළ හේතු, කාන්තාවට අදාළ හේතු මෙන්ම දෙදෙනාටම අදාල නැති එනම්, හේතුවක් සොයා ගත නොහැකි කාරණාද තිබෙනවා.

 
තාක්ෂණික දියුණුවත් සමග මඳසරුභාවය සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම පවතින අතර ප්‍රතිකාර අත්නොහැර දිගටම කරගෙන යාම අත්‍යවශ්‍ය වනවා. මදසරුභාවය තිබෙනවාසැයි සැක කරනවානම් ළගම ඇති සුවනාරි සායනයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.

Social Share: