ගර්භාෂයට පහලින් යෝනි මාර්ගය කෙලවරේ පිහිටා ඇති ගැබ්ගෙලේ හට ගන්නා පිළිකා වර්ගයකි.
මානව පැපිලෝමා වෛරසයේ ඇතැම් ප්‍රභේද මගින් ලිංගික ඉන්නන් සහ පිළිකා ඇති වීමට හැකිය.
උදාහරණ ලෙස වෛරසයේ 6 සහ 11 යන ප්‍රභේද මගින් ලිංගික ඉන්නන් ඇති වනවා. වෛරසයේ 16 සහ 18 යන ප්‍රභේද වලින් පිළිකා සහ වඩාත් බරපතල සෞඛ්‍යය තත්වයන් ඇති විය හැකියි.
මානව පැපිලෝමා වෛරසය සුව කළ හැකි ප්‍රතිකාරයක් නොමැත.
පිළිකා සදහා බලපාන වෛරස ප්‍රභේද ආසාදනය වීම වැළැක්වීම සදහා එන්නත් වර්ග තිබෙනවා. ශ්‍රී ලංකාවේද 6 ශ්‍රේණියේ සිට සියළුම ගැහැණු දරුවන්ට ජාතික එන්නත් කරන ව්‍යාපෘතිය හරහා මෙම එන්නත් ලබා දෙනවා. පළමු ලිංගික ඇසුරට කලින් මෙම එන්නත ලබා ගැනීමෙන් ගැබ්ගෙල පිළිකා සාර්ථව වලක්වා ගැනීමට හැකියි.
මානව පැපිලෝමා වෛරස් එන්නතපිළිබද තොරතරු පත්‍රිකාව බාගත කරන්න.
මානව පැපිලෝමා වෛරසය කලින් හදුනා ගැනීමෙන් බරපතල සෞඛ්‍යය මගහරවා ගැනීමට පුළුවන්. ඒ නිසා ලිංගිකව ක්‍රියාකාරී කාන්තාවන්ට පැප් පරීක්ෂණය සදහා යොමු වීම වැදගත්. ශ්‍රී ලංකාවේ අවුරුදු 35ට ඉහල ලිංගිකව ක්‍රියාකාරී ස්ත්‍රීන්ට ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය කාර්යාලයේ සුවනාරි සායනයෙන් පැප් පරීක්ෂණ නොමිලේම ලබා ගැනීමට හැකියි.
පෞද්ගලික සායන හෝ රෝහල් වලින් ඕනෑම වයසක ලිංගිකව ක්‍රියාකාරී ස්ත්‍රීන්ට මේ පරීක්ෂණය සිදු කර ගත හැකියාව තිබෙනවා.