ඔසප් කෝප්පය හැරුණු විට සෝදා නැවත නැවත භාවිත කළ හැකි ඔසප් සනීපාරක්ෂක උපකරණ කිහිපයක්ම වෙළඳපොළේ තිබෙනවා.
- යට කලිසමේ ඇලවිය හැකි රෙදි වලින් නිෂාපදනය කර තිබෙන සනීපාරක්ෂක තුවා.
මෙම තුවා වර්ග සෝදා නැවත නැවත මාස 12ක් පමණ භාවිතා කිරීමට පුළුවන්.
සාමාන්‍යයෙන් මෙම තුවා වල මතුපිට ස්ථරය නිමවා තිබෙන්නේ කපු රෙදි වලින්. මැද ස්ථරය උරා ගැනීමේ හැකියාවක් සහිත කපු හෝ පොලියෙස්ටර් වලින් සකස් කර ඇති අතර, ජලය කාන්දු නොවන කුඩ රෙදි හෝ පොලියෙස්ටර් මිශ්‍ර රෙදි වර්ග වලින් යට ස්ථරය සකස් කර තිබෙනවා.
- ඔසප් යට කලිසම්
ඉහත පැහැදිළි කර ඇති ආකාරයේ සනීපාරක්ෂක තුවායක් යට කලිසමට අමුණා මේවා නිෂ්පාදනය කර ඇත. ඔසප් දින වලදී මෙම යට කලිසම් වර්ගය භාවිත කරන අයට සනීපාරක්ෂක තුවායක් වෙනම මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.
- කපු රෙදි
ඔසප් රුධිරය උරා ගැනීමට පිරිසිදු රෙදි කැබැල්ලක්ද භාවිත කිරීමට පුළුවන්. එය කිහිප වරක් නමා, යට කලිසමේ රදවා ගත යුතු වනවා.
මේ සෑම සනීපාරක්ෂක නිෂ්පාදනයක්ම සබන් යොදා සෝදා ඉර අව්වේ හොදින් වේලා ගැනීම අනිවාර්යය වනවා. සේදීමට පෙර උණු වතුරේ පොඟවා ගැනීමෙන් රුධිර පැල්ලම් අවම කර ගැනීමට පුළුවන්. එසේම මේවා පැය 4-6 ත් අතර කාලයකින් මාරු කළ යුතුයි.
මෙවැනි සෝදා භාවිත කළ හැකි ඔසප් සනීපාරක්ෂක උපකරණ භාවිත කිරීමේ අප පරිසරයට එක කරන ප්ලාස්ටික් පෑඩ් ප්‍රමාණය අඩු කර ගැනීමට පුළුවන්. එක් වරක් භාවිත කර ඉවත දමන තුවා වර්ග සකස් කර ඇත්තේ ප්ලාස්ටික් අඩංගු ද්‍රව්‍ය වලින් නිසා ඒවා දිරා පත් වෙන්නේ නැහැ. ඒ නිසා පරිසර හිතකාමී ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදනයක් තෝරා ගැනීමට උත්සහ ගැනීම අප සැමගේ වගකීමක්.