ඔසප් දින වලදී මස් මාළු කෑම කන්න හොදද?

ඔව්.

ඔසප් වන දින වලදී මස් මාළු වැනි ආකාර ගැනීමෙන් වැළකිය යුතු බව ඔය අසා ඇති. මස්, මාළු, බිත්තර වැනි දේ වල ඇති පිළී ගඳට පෙරේතයෝ ඇදී එන බවට මිත්‍යා විශ්වාසයක් ශ්‍රී ලංකාවේ පවතිනවා.  එය විද්‍යාත්මකව ඔපුප් කළ කාරණයක් නොවෙයි.

මේ බව පාසලේ 7 ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතේ මෙසේ සදහන් වෙනවා.

 

අපේ ලේ වල යකඩ කියන ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථය තිබෙනවා. ඔසප් වීමේදී රුධිරය පිට වන නිසා ඒ පිටවන යකඩ ප්‍රමාණය නැවත නිපදවා ගන්න ශරීරයට මස් මාළු වගේම එළවළු වර්ගත් අවශ්‍ය කරනවා. ඒ නිසා, ඔසප් වීම නිසා පෝෂ්‍යදායී ආහාර ගැනීම නවත්වන්නේ කුමටද?

දැනුවත් වීම හරහා මෙවැනි මිත්‍යා මත බැහැර කිරීමට අපට පුළුවන්. අවුරුදු 4ක් තිස්සේ අප ඉබ්බාගමුව බතලගොඩ වැව ආශ්‍රිත ස්ත්‍රීන් සහ දරුවන් සමග සිදු කළ දැනුවත් කිරීම් වලින් පසු දැන් බෙහෝ දෙනෙක් මේ ගැන විවෘතව කතා කරනවා.

තම දියණිය පළමු වරට ඔසප් වී කාමරයේ සිටින කාලය තුළ තමන් හොරෙන් මාළු කෑල්ලක් දුන බව එක් ස්ත්‍රියක් පැවසුවා. තවත් ස්ත්‍රියක් පැවසුවේ අනිත් අයට අඩුවෙන් දී හැමෝමට හොරෙන් දුවට මස් කෑල්ලක් දුන් බවයි.

 

Social Share: