ඔව්.
ඔසප් දින වලදී නෑම නිසා රෝගාභාධ සෑදෙන බව බොහෝ ස්ත්‍රීන් විශ්වාස කරනවා. කුඩා කාලයේ සිටම ඔසප් වන දින වලදී කවදාවත් ස්නානය කර නැති ස්ත්‍රීන් සහ ගැහැණු දරුවන් අප අතර සිටිනවා.
ඔසප් දින වලදී ස්නානය කිරමෙන් රෝගාබාධ වැළදෙන බව විද්‍යාත්මකව ඔප්පු කර නැහැ. මේ බව පාසලේ 7 ශ්‍රේණියේ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළ පොතේ මෙසේ සදහන් වෙනවා.
දැනුවත් වීම හරහා මෙවැනි මිත්‍යා මත බැහැර කිරීමට අපට පුළුවන්. අවුරුදු 4ක් තිස්සේ අප ඉබ්බාගමුව බතලගොඩ වැව ආශ්රිත ස්ත්‍රීන් සහ දරුවන් සමග සිදු කළ දැනුවත් කිරීම් වලින් පසු දැන් බෙහෝ දෙනෙක් ඔසප් දින වලදී නෑම බැහැර කරන්නේ නැහැ.
“ නාන්න බයේ හිටියේ, කොච්චර දාඩිය දැම්මත් කවදාවත් නාන්නේ නෑ, බයයිනේ ඉතිං සීතල ඉහට ගහලා මොකක් හරි වුණොත්? ඇත්ත දැන ගත්තට පස්සේ බය නැති වුණා. දැං මං හැමදාම නානවා. කප් එක තියෙන හින්දා වැවේ වුණත් ගිලිලා නෑවහැකි”