ආර්ථවහරණය සමයේදී ඇතිවන විවිධ ලක්ෂණ තිබෙන අතර ඒවා හැම දෙනාටම එක වාගේ සිදු වන්නේ නැහැ. සමහර අයට මේ ලක්ලෂණ ක්ෂණ ඉතා තදින් දැනිය හැකි අතර, තවත් සමහර අයට ඉතා සුළු ලෙස පමණක් දැනෙන්නට පුළුවන්.
ආර්ථවහරණය සමයේ බහුලව දක්නට ලැබෙන ලක්ෂණ මොනවාද?
අක්‍රමවත් ඔසප් වීම
ඔසප් වීමේ දෙකක් අතර කාලය කෙටි වීම, දිගු වීම, රුධිර වහනය වැඩි වීම හෝ අඩු වීම වැනි වෙනස්කම් මේ කාලයේදී ඇති වීමට හැකියි.
උණුසුම වැඩිවීම
මුහුණ සහ ශරීරයේ ඉහළ කොටසට හදිසියේම දැඩි උණුසුමක් දැනීම මේ කාලයේ ඇතිවිය හැකි ලක්ෂණයක්. මෙමගින් අපහසුතාවයක් ඇති කළ හැකි නමුත් සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයක් එය නැතිවී යනවා.
රාත්‍රී දහඩිය
රාත්‍රියේ නිදා සිටින විට ශරීරයේ උණුසුම වැඩිවීම නිසා අධික ලෙස දහඩිය දැමීම.
නින්දේ ගැටලු
නින්ද යාමට අපහසු වීම, නින්ද පවත්වා ගැනීමට අපහසු වීම, හෝ පෙරට වඩා ඉක්මනින් අවදි වීම.
යෝනි මාර්ගයේ වෙනස්කම්
යෝනි මාර්ගයේ අභ්‍යන්තර පටලය සිහින් වීම, වියළීම හෝ එහි නම්‍යශීලීභාවය අඩු වීම. මේ නිසා ලිංගික සම්බන්ධතා අපහසු හෝ වේදනාකාරී වීමට ඉඩ තිබෙනවා.
නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
සාමාන්‍යයට වඩා නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය බවක් දැනීම.
මුත්‍රා මාර්ගයේ හෝ මුත්‍රාශයේ ආසාදන
මුත්‍රා මාර්ගයේ (Urinary Tract Infection – UTI) හෝ මුත්‍රාශයේ ආසාදන නිතර ඇතිවීම.
මානසික තත්ත්වයේ වෙනස්කම්
හෝමෝනවල වෙනස්කම් නිසා කනස්සල්ල, ඉක්මනින් කෝප වීම, වෙහෙස දැනීම වැනි හැඟීම් ඇති වීම.
ලිංගික ආශාවෙහි වෙනස්කම්
ලිංගික ආශාව අඩුවීම හෝ ලිංගිකව උද්දීපනය වීමට (turned on) පෙරට වඩා අපහසු වීම.
අස්ථි දුර්වල වීම
ආර්ථවහරණය සමයේදී අස්ථි ක්‍රමයෙන් දුර්වල වීම. මෙය සමහර විට ආර්ථවහරණයෙන් පසු අස්ථි දුර්වලතා රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis) ඇති වීමට හේතු විය හැකියි.
ප්‍රමාණවත් කැල්සියම් සහ විටමින් D ලබා ගැනීමත්, සතියේ බොහෝ දිනවල අවම වශයෙන් මිනිත්තු 30ක් ව්‍යායාම කිරීමත්, අස්ථි සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වනවා.
මෙම ලක්ෂණ කොපමණ කාලයක් පවතිනවාද?
සමහර පුද්ගලයින්ට පූර්වආර්ථවහරණය (Perimenopause) කාලය වසර 8ක් දක්වා දිගු වීමට පුළුවන්.
කෙසේ වෙතත්, බොහෝ දෙනෙකුට මානසික තත්ත්වයේ වෙනස්කම් සහ ශරීරය උණුසුම් වීම වැනි ලක්ෂණ තාවකාලික වන අතර, සාමාන්‍යයෙන් වසර 3 සිට 5 දක්වා කාලයක් තුළ අඩු වී යනවා.
නමුත් යෝනි මාර්ගයේ වියළීම සහ ලිංගික ආශාවේ වෙනස්කම් වැනි සමහර ලක්ෂණ ආර්ථවහරණයෙන් පසුවද දිගටම පැවතිය හැකි අතර, ඇතැම්විට තවත් වැඩි විය හැකියි.
ඔබට අපහසුතාවයක් ඇති කරන ලක්ෂණ තිබේ නම්, ළඟම ඇති MOH කාර්යාලයෙන් ඒ පිළිබද උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්.