සියදිවි නසා ගැනීමේ දත්ත දෙස බලමු

2019 මාර්තු 12.

නුවනි නිමේෂා විසිනි.

සිය දිවි නසා ගැනීම යනු වත්මන් ශ්‍රී ලංකීය සමාජය මුහුණ පාන විශාල ගැටලුවකි.වර්තමානයේ එය ඊටත් වඩා ඛේදවාචකයක් බවට පත් වී හමාරය. 2017 වර්ෂයේ ලෝක සිය දිවි නසා ගැනීම් වාර්තාවට අනුව ලෝකයේ උතුම් මව් බිම යැයි කියන ශ්‍රී ලංකාව එහි පෙරමුණම ගනිමින් ලෝක වාර්තාවක් තබන්නට සමත් වී තිබුණි.එය නම් හපන් කමක් නොවේය.ලෝකය හමුවේ ලෝකයේ උතුම් රට යැයි කියන ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මානසික මට්ටම ඒ අනුව ලෝකයා නම් තේරුම් ගන්නට ඇත.

සැබවින්ම මෙය නම් කතා කළ යුතුම මාර්තෘකාවකි.2018 වර්ෂයේ පොලිස් දත්ත වලට අනුව සිය දිවි නසා ගැනීම් 3281ක් මෙරට තුළ සිදු වී ඇත. World population review  එකට අනුව මෙම වසරේ ගතවුන මාස කිහිපය පිළිබද දැනට උප කල්පනය කරන අන්දමට ශ්‍රී ලංකාව සිය දිවි නසා ගැනීම් අනුව 29 වන ස්ථානයේ පසුවේ.

2018 වර්ෂයේ පොලිස් දත්ත වලට අනුව සිය දිවි හානිකරගෙන ඇති කාන්තාවන් සංඛ්‍යාව 662කි.ඒ අතරින් වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් සිය දිවි හානිකරගෙන ඇත්තේ වයස අවුරුදු 21-25ත් අතර වයස් සීමාවන් වළ පසුවූවන් වන අතර ඒ 109 දෙනෙකි.එම වාර්තාවට අනුව සිය දිවි හානිකර ගෙන ඇති පිරිමින්ගේ සංඛ්‍යාව 3281ක් වේ.ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් 432 ක් සිය දිවි හානි කර ගෙන ඇත්තේ පවුල් ආරවුල්  නිසා පැන නැගුන ගැටලු හේතුවෙනි.එමෙන්ම එම  දත්තයන්ට අනුව කාන්තාවන් 159 දෙනෙක් සැමියාගේ හිරිහැර සහ පවුල් ආරවුල් හේතුවෙන් සිය දිවි හානිකර ගෙන ඇත.පසුගිය 2017  වර්ෂය ගත්කළ කාන්තාවන් 148 දෙනෙක් සැමියාගේ හිරිහැර හා පවුල් ආරවුල් හේතුවෙන් සිය දිවි හානිකරගෙන තිබූ අතර 2018 වර්ෂයේ එම හේතුව නිසා සිය දිවි හානිකරගෙන ඇති සංඛ්‍යාව 159ක් බවට පත් වී ඇත.එය පසුගිය වසරට  සාපේක්ෂව වැඩි වීමකි.

ආර්ථිකමය ගැටලු,  සැමියාගේ හිරිහැර සහ පවුල් ආරවුල්,ආදර සම්බන්ධතා නිසා පැන නැගුන ගැ‍ටලු, ව්‍යාපාරික ස්ථානයේ ගැටලු ආදී විවිධාකාරයේ හේතූන් මත ඔවුන් සිය සිවි නසා ගෙන ඇත. එසේද විශ්ව විද්‍යාල තුළ  පවතින නවක වදය නිසාද සිසුන්  සිය දිවි නසා ගැනීමට පෙළඹී තිබේ. 2018 වර්ෂයේ සිය දිවි නසා ගැනීමේ ලේකනය අනුව ලිංගිකව එක් වීමට නොහැකි වීම  හේතුවෙන් පුද්ගලයන් 5දෙනෙක්ම සිය දිවි හානිකරගෙන ඇති අතර ඉන් 4 දෙනෙක්ම පිරිමින් වේ.මෙවැනි හේතූන් මත සිය දිවි නසා ගැනීමට තරම් මෙර‍ට පුද්ගලයන්ගේ මානසික මට්ටම සිතා බැලිය යුතුය. පහතින් දැක්වෙන්නේ 2018 වර්ෂයේ පොලිස් දත්ත වලට අනුව සිය දිවි හානිකර ගැනීමේ ලේඛනයයි.

Screenshot 2019-05-24 10.12.49

 

සාමාන්‍ය සමාජ මතය අනුව නම් කාන්තාව යනු දුර්වල අයෙකි.මෙවනි දේවල් වලට පෙලඹෙන්නේ කාන්තාවන් කියාය. නමුත් සත්‍ය වශයෙන්ම එය එසේ නොවේය. ඉහත පොලිස් දත්ත වලට අනුව වැඩිම ප්‍රමාණයක් සිය දිවි නසා ගෙන ඇත්තේ පිරිමින්ය. එයට හේතු අප විසින් සෙවිය යුතු නොවේද?

මෙරට සමාජය පිරිමියා යන චරිතය මවා පෙන්වන්නේ අමුතුම ආකාරයකටය. සමාජය  තුළ මුල් බැස ගෙන ගොස් ඇති ආකල්පද සිය දිවි නසා ගැනීම් වැඩි වීමට හේතුවක් වී තිබේ. පිරිමියා යනු  මහා ශක්තිවන්ත පුද්ගලයෙක් ලෙස විදහා පෙන්වන මේ සමාජය තුල ඔහු කුමනාකාරයේ යේ ගැටලුවකට හෝ මානසික පීඩනයකට මුහුණ දුන්නද කිසි ලෙසකත් වේදනාව වැනි හැගීම් ප්‍රකාශ නොකළ යුතුය.එසේ වුවහොත් එය පිරිමි කමට ලැජ්ජාවකි. ඒ මෙරට සමාජයට අනුවය. පොඩි අවධියේ පටන්ම පිරිමි දරුවන්ව හුරු කරනුයේ ඕනම වේදනාවක් හිතේ දරාගෙන සිටීමටය.

මේවාට තවත් හේතුන් නම් මෙරට තුළ සම්බන්ධතා පිළිබද පැහැදිලි අධ්‍යාපනයක් නොමැති වීමද පෙන්වා දිය හැකිය. එසේම මානසික උපදේශන සේවා ද ප්‍රමාණවක් පරිදි මෙරට තුළ ක්‍රියාත්මක නැත. මේවන විට සිය දිවි නසා ගැනීමට තරම් මානසිකව පිඩාවිදින පුද්ගලයන් සදහා පෞද්ගලික ආයතනයක දුරකථන අංක එනම් CCC LINE 1333        ඔස්සේ කතා කර මානසික උපදේශනය ලබාගත හැක. පාසල් අවධියේ පටන්ම මෙම ආකල්පමය වෙනස සහ සම්බන්දතා පිළිබද අධ්‍යාපනය නම් ලැබිය යුතුය. නොඑසේනම් ශ්‍රි ලංකාව සිය දිවි නසා ගැනීමේ ලේඛනයේ තව දුරටත් තම ස්ථානය අංක එක ලෙස යලි යලිත් තහවුරු කර ගන්නා බව නම් නොඅනු මානය.

Screenshot 2019-05-20 13.46.30 ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ බමුණාකොටුව ප්‍රාදේශීය සම්මේලනයේ වත්මන් උප සභාපති තනතුර දරන ඇය අධ්‍යාපනවේදී විශේෂ උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: