2023 සැප්තැම්බර් 20.
තක්ෂිලා රණසිංහ විසිනි.
පිරිමින් සදහා වූ මනෝ සමාජීය උදේශනයේදී ලැබූ අත්දැකීම් ඇසුරෙන් සකස් කළ ලිපියකි.
ස්වයංවින්දනය කියන්නෙ මොකක්ද?
මොකක්ද ඇත්තටම ස්වයංවින්දනය කියන්නෙ? ගොඩක් අය කතා කරන්න අකමැති, ලැජ්ජ වෙන දෙයක් තමයි ස්වයං වින්දනය කියන්නෙ. හැබැයි ඉතින් ගොඩක් අය ලැජ්ජ උනාට කරන දෙයක් තමයි ස්වයංවින්දනය. තමන් විසින් තමන්ව ලිංගිකව උත්තේජනය කරගන්න සතුටු කරගන්න කරන ක්‍රියාවලිය ස්වයංවින්දනය කියල සරලවම කියන්න පුලුවන්. මේක ස්වභාවික වගේම ආරක්ෂිත ක්‍රමයක් කිව්වොත් හරි. පොදු සමාජයේ නම් ස්වයංවින්දනයට විවිධ වචන භාවිතා වෙනව දකින්න පුලුවන්. ” අතේ ගහනව, අත්ට්‍රැක්ටර පදිනව, අතපත්තු වෙනව” වගේ වචන භාවිතයේ තියෙනව. ඒකෙන් කියවෙන්නෙ ලැජ්ජා උනාට ප්‍රසිද්ධ රහසක් විදිහට ස්වයංවින්දනය තියෙනව කියන එක.
ස්වයංවින්දනය ගැන අපි මීට වඩා ගැඹුරින් බලමු. ස්වයංවින්දනය කියන්නෙ තමන්ගෙ ලිංගික සතුට වෙනුවෙන් තමන්ගෙ ලිංගික උද්දීපනය වෙනුවෙන්, තමන්ගෙ ලිංගික අවයව, එහෙම නැත්නම් වෙනත් උත්තේජනය වෙන සංවේදී ශරීර අවයව තමා විසින්ම උත්තේජනය කරගන්න එක. මේක තමයි ස්වයංවින්දනය හදුන්වල දෙන්න පුලුවන් සරලම විදිහ. ඉතින් ස්වයංවින්දනයට නිසි වයසක්, කාලයක්,ගැහැනු පිරිමි භේදයක් නෑ. ඕනෙම කෙනෙකුට කරන්න පුලුවන් පොදු හැසිරීමක් කිව්වොත් හරියට හරි.
ඉතින් නිරෝගී ලිංගික වර්ධනයකට ස්වයංවින්දනය වැදගත් කාර්‍යක් ඉටුකරන්ව කිව්වොත් හරි. තමන්ගෙ ශරීරය ගැනතමන්ටම පරීක්ෂා කරගන්න, වින්දනය ඇති වෙනව වගේම සූරතාන්තය ගැන තමන්ටම අවබෝධයක් ඇති කරගන්න ස්වයංවින්දනය වැදගත්. ස්වයංවින්දනයේදී අතේ ඇගිලි, ලිංගික උපකරණ ( sex toy) වගේ දේවල් භාවිතා කරනව. ඒ වගේම තමන්ගෙ ලිංගික අවයව ඇල්ලීම, පිරිමැදීම, තද කිරීම වගේම විවිධ ක්‍රීම් වර්ග පාවිච්චියට අරන් කායිකව වින්දනය කරන්න පුලුවන්. ඒ වගේම මානසිකව ලිංගික ඉරියව්, ලිංගික හැසිරීම්, ලිංගික වීඩියෝ දර්ශන නැරඹීම වගේ මනෝමය වශයෙන් ලිංගික සතුට ලබාගන්න වින්දනය කරන්න පුලුවන්. මේ මොනදේ උනත් වෙන්නෙ තමන්ගෙ කැමැත්ත මත. ඒකට ඕනෙම පුද්ගලයෙකුට අයිතියක් තියෙනව.
ඒ වගේම ස්වයංවින්දනය කියන්නෙ තනිව කරන දෙයක්
ඒකෙන් කිසිම කෙනෙකුට හානියක් නෑ. තමන්ට ලිංගික සහකරුවෙක් හිටියත් නැතත් ස්වයංවින්දනයේ යෙදෙන්න පුලුවන්. ස්වයංවින්දනය කියන්නෙ තනිකඩයින්ට විතරක් හිමි දෙයක් නෙවෙයි. එහෙම හිතනව නම් ඒක වැරදි මතයක්. ස්වයංවින්දනය නිසා රසායනික හෝමෝන ගොඩක් අපේ මොළෙන් නිකුත් කරනව. මේව ඔක්කොම සතුටු කාරක හෝමෝන කිව්ව නම් හරි. ඉතින් සතුටු හෝමෝන වලින් අපේ මානසික අසහනකාරී ත්ත්ව පාලනය කරන්න පුලුවන්. ලිපියේ ඉස්සරහට ඒව වැඩිදුරට කතා කරනව.
ස්වයංවින්දනය නිසා කෙනෙක් තමන්ටම ආදරේ කරනව. තමන්ට වටිනාකමක් දෙනව. ඒවගේම හොද ලිංගික ජීවිතේකට පෙරහුරුවක් ලබාගන්නව කිව්වොත් හරි.
ස්වයංවින්දනය නිසා මොළෙන් නිකුත් කරන රසායනික හෝමෝන මොනවද?
ප්‍රධාන වශයෙන් ගත්තොත් ස්වයංවින්දනය නිසා ගැහැණු පිරිමි භේදයකින් තොරව පොදුවේ රසායනික ද්‍රව්‍ය කීපයක් මොළෙන් නිකුත් කරනව.
ඩොපමීන්
ඔක්සිටොසින්
ප්‍රොලැක්ටීන්
එන්ඩෝර්ෆින්
කියන හෝමෝන ප්‍රධාන වශයෙන් නිකුත් කරනව. මේ ඔකෝම හෝමෝන අපේ ශරීරයට හිතකර හෝමෝන. ඒ වගේම මේ හෝමෝන වලින් අපේ ශරීරයට අහිතකර හෝමෝන පාලනය කරන එක කරනව. ශරීරයේ නිරෝගී පැවත්මට මේ හෝමෝන ගොඩාක් වැදගත් කියන එක පෙන්නල දෙන්න පුලුවන් .
ස්වයංවින්දනයයේ තියෙන වාසි මොනවාද?
පළවෙනි වාසිය තමයි අවදානමක්, කරදරයක් නැතිව ලිංගික තෘප්තිය ලබාගන්න හොදම කෙටිම් ක්‍රමය වෙන එක.
ශරීරයේ වේදනාව අඩු කරන්න ස්වයංවින්දනයට පුලුවන් . ස්වයංවින්දනය උපරිමයට ගියාට පස්සෙ (සූරතාන්තය ) අපේ ඇගෙන් නැත්නම් මොළයෙන් නිකුත් කරන හෝමෝන එකක් තමයි එන්ඩෝර්ෆින් කියන්නෙ.මේ හෝමෝන එකට පුලුවන් අපේ ශරීරයේ තියෙන වේදනාව නැති කරන්න. ඉතින් සාර්ථක ස්වයංවින්දනයක යෙදුනට පස්සෙ ශරීරයේ වේදනාකාරී අපහසුතාවක් තිබුන නම් ඒක නැති වෙලා ගිහින් සුවදායක බවක් ශරීරයට ඇති වෙනව.
හොද නින්දක් ලබාගන්න හේතුවක් වෙනව. දැන් තියෙන තරගකාරී ජීවන රටාවයි, ආර්ථික අර්බුදයයි එක්ක ඇතිවෙන මානසික තත්ත්ව නිසා නින්ද ගොඩක් අයගෙන් ඈතට ගිහින් තියෙනව කියල පේනව. හැබැයි ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක්ට මේ ගැටලුව ලොකුවට බලපාන්නෙ නෑ. මොකද ස්වයංවින්දනය නිසා ඇතිවෙන සූරතාන්තය නිසා මොළෙන් ඔක්සිටොසින්, ප්‍රොලැක්ටීන් කියන හෝමෝන දෙකත් නිකුත් වෙනව. ඒකෙ බලපෑමෙන් සුවදායක නින්දක් ලබාගන්න පුලුවන්. නිදිපෙති වෙනුවට ලබාගන්න පුලුවන් හොදම විකල්පයක් විදිහට ස්වයංවින්දනය පෙන්නල දෙන්න පුලුවන්.
ආතතිය අඩුකරගන්න හේතුවක් වෙනව. සාර්ථක ස්වයංවින්දනයකින් පස්සෙ මොළෙන් ඩොප්මයින්, ඔක්සිටොසින් කියන හෝමෝන දෙක නිකුත් වෙනව. ඩොප්මයින් වලින් හිතට හොද මනෝබාවයක් (mood) ඇති වෙනව.ඒ වගේම ඔක්සිටොසින් වලින් ආතති කාරක කෝටිසෝල් පාලනය වෙනව. කෝටිසෝල් වැඩි උනොත් ආතතිය ඉහල යනව. ඔක්වලින් කරන්නෙ කෝටිසෝල් අඩු කරල ආතතිය අවමකරනඑක.
ගැබ් ගැනීමේ අවදානම රහිතයි. කිසිදු ආකාරයක ගැබ් ගැනීමක් සිද්ද වෙන්නෙ නැතිව ලිංගික වින්දනයක් හා තෘප්තියක් ලබාගන්න පුලුවන් විදිහක් විදිහට ස්වයංවින්දනය පෙන්නල දෙන්න පුලුවන් . ඒ වගේම ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග හැදෙන්නෙත් නෑ.
පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ පිලිකා අවදානම අඩු වීම. පිරිමින්ගේ ස්වයංවින්දනය පිලිබද කරණු ලැබූ අධ්‍යයන වලට අනුව ශුක්‍රාණු නිතර නිතර පිටකරන පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථ පිලිකා අවදානම අඩු බව. නිතර නිතර ශුක්‍රාණු පිට කිරීම නිසා පුරස්ථි ග්‍රන්ථ තුළ පිලිකා කාරකයන් වර්ධනය වීම වැලකෙනව කියල මේ පර්යේෂණ වලින් හොයාගෙන තියෙනව.
ස්වයංවින්දනය පිළිබඳ ඇති බිය
ස්වයංවින්දනය ගැන කියනකොට පිරිමි තමයි මතක් වෙන්නෙ ඉස්සෙලාම ඉතින් . ඒ වගේම සමාජයෙ තියෙන වැරදි මත ගොඩනැගිල තියෙන්නෙත් පිරිමිවටාම තමයි. සාමාන්‍යයෙන් නවයොවුන් විය එළඹීමත් එක්ක ස්වයංවින්දනය කරන්න පිරිමි ළමයි පෙළඹෙනව. තමන්ගෙ ඇග ඇතුලෙන් වෙන වෙනස්කම් වල ප්‍රතිඵලයක් තමයි ස්වයංවින්දනය කිරීම. ඉතින් මේ කාලෙදි දරුවන්ට පවුලෙන් ආගමික පරිසරයෙන් වගේම සංස්කෘතියෙන් වැරදි අර්ථකථන දීල තියෙන නිසා ඇතැම් පිරිමි ළමයි තමන්ගෙ හැගීම් ආයාසයෙන් යටපත් කරන් ඉන්න ආකාරෙකුත් දකින්න පුලුවන් . ඉතින් මේ මිත්‍යා මටහ නිසා ඇතඇම් පිරිමි ඉන්නව වයස 30/40 උනත් එකම එක වතාවක් වත් ස්වයංවින්දනය නොකරපු. එහෙමත් නැත්නම් විවාහ වෙනකම් ස්වයංවින්දනය නොකරපු. බහුතරයක් නෙවෙයි සුළු පිරිසක් තමා මෙහෙ ඉන්නෙ.මෙහෙම වෙන්න හේතු විදිහට කලින් දක්වපු විදිහට මිත්‍යා මත, ආගමික පසුබිම, සංස්කෘතිය වගේම ගතානුගතික විද්‍යාත්මක නොවෙන කාරණා තියෙනව.පිරිමින්ගේ ස්වයංවින්දනය ගැන සමාජයේ බහුලව තියෙන වැරදි මත විදිහට ,
• පෙනීම නැතිවීම
• මානසික රෝග ඇතිවීම
• ශිශ්නය හැකිලීම හෝ කුඩා වීම
• ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීම
• ශිශ්නයේ අප්‍රාණිකත්වයක් ඇති වීම
• වදබාවයට පත් වීමවගේ කාරණා පෙන්නලදෙන්න පුලුවන් .හැබැයි මේ එකම කාරණාවක් වත් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් ඒව නම් නෙවෙයි.
ස්වයංවින්දනය නිසා ඇතිවෙන සැබෑ ගැටලු මොනවද?
ස්වයංවින්දනය ගැන විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් සැබෑ ගැටලු නම් ටිකක් තියෙනව. ඒව ජීව විද්‍යාත්මකව වගේම මනෝවිද්‍යාත්මකව තහවුරු කරපු කාරණා.
වරදකාරි හැගීමක් ඇතිවීම.
ස්වයංවින්දනයේ යෙදුනට පස්සෙ කෙනෙකුට ලැජ්ජාවක්, වරදකාරී හැගීමක්, අසම්මත දෙයක් කලා යන සිතුවිල්ලක්, පාපයක් කළා වගේ භැගීමක් ඇති වෙනව නම් ඒක ගැටලුවක්. මොකද ඒ සිතුවිල්ල දිගින් දිගටම තිබුනොත් ආතතිය, කාංසාව වගේ තත්ත්ව ඇති වෙන්න පුලුවන්. දැඩි ආගමික, සමාජීය, සංස්කෘතික රාමුවක හිර වෙලා ඉන්න කෙනෙකුට මේ වගේ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව වැඩි බව පෙනෙනවා.
අධිකව ස්වයංවින්දනයට යොමුවීම
කෙනෙකුගෙ එදිනෙදා ජීවිතේට බාධාවක් වෙන විදිහට කෙනෙක් ස්වයංවින්දනය කරනව නම් ඒක ගැටලුවක්. ඇබ්බැහියක් කිව්වොත් හරියටම හරි. ඉතින් ස්වයංවින්දනය කියල කියන්නෙ ජීවිතෙන් කොටසක් මිස ජීවිතේම කරගන්නෙ නැතුව ඉන්න ඕනෙ. ඉතින් සාමාන්‍ය ජීවිතේ අඩාල නොවෙන විදිහට තමන්ගෙ තෘප්තිය ලබාගන්න සැලකිලිමත් වෙන්න ඕනෙ නැත්නම් ඒක ගැටලුවක් වෙනව.
ලිංගික අවයව වලට හානි ඇති වෙන්න පුලුවන්
ස්වයංවින්දනය කරන්න භාවිතා කරන ක්‍රම, යොදාගන්න උපකරණ ආදිය නිසා තමන්ගෙ ලිංගික අවයව වලට හානි ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම රළු විදිහට ස්වයංවින්දනයේ යෙදෙනව නම් නොඉවසිලිවන්තව ක්‍රියාව කරනව නම් ලිංගික අවයව වලට වෙන්න තියෙන හානිය වැඩී. ඒ වගේම කෙටි කාල පරාසයක් තුල ඉක්මනින් සූරතාන්තය වීමේ අවශ්‍යතාව මත ස්වයංවින්දනය කිරීම නිසා ලිංගික අවයව ඉදිමෙන්න පුලුවන්.
ලිංගික සංවේදීතාව අඩු වීම
ලිංගික අවයව කියන්නෙ අතීශය සංවේදී ස්ථානයක්. වැරදි ක්‍රම අහිතකර ලිංගික උපකරණ (sex toy) භාවිතා කරනව නම් ලිංගික සංවේදීතාව අඩු වෙන්න පුලුවන් .
ශිශ්නය ඍජු වීම
දිගුකාලීනව ස්වයංවින්දනය කරනව නම් ශිශ්නය ඍජුව තියෙන්න පුලුවන්. ඉතින් මේ තත්ත්වය සංවේදන අඩුවීම දිගු කාලීනව තියෙන දෙයක් නෙවෙයි. කෙටි කාලයකට වෙන්න පුලුවන් බොහෝ විට. තමන්ගෙ සහකාරිය එක්ක යෝනි සංසර්ගයේ යෙදෙන වෙලාවට උත්තේජනයක් ලබාගන්න බැරි වෙන නිසා සංසර්ගයෙන් බලාපොරොත්තු වෙ තෘප්තිය ලබාගන්න බැරි වෙනව. ඒත් මේක වෙන්නෙ තාවකාලිකව කියන්න ඕනෙ. මේ තත්ත්වය අවබෝධ කරගත්තට පස්සෙ මේ ගැටලුව විසදගන්න පුලුවන්.
අධික ස්වයංවින්දන ඇබ්බැහිය නිසා වෙනත් බාහිර ක්‍රියාකාරකම් හා සම්බන්ධතා මගහැරීම.
විනෝදාංශ, සමාජවැඩ, මිත්‍ර සබදතා, පවුලේ සාමාජිකයින්ගෙන් දුරස් වීම වගේ දේවල් අඩු වෙනව නම් ස්වයංවින්දනය නිසා ඒකග ගැටලුකාරී අවස්ථාවක් කියන්න පුලුවන්. ස්වයංවින්දනය මේකිසිම දේකට බාධාවක් කරගන්න හොද නෑ.
අධික ස්වයංවින්දනය පිරිමියෙකු නතර කරගන්නෙ කොහොමද?
ස්වයංවින්දනයට ගොඩක් ඇබ්බැහි වෙලා නම් ඉන්නෙ ඒක ගැටලුවක්. ඒකට ප්‍රතිකාර විදිහට,
මනෝ උපදේශනයට යොමු වීම
අමතර විනෝදාංශ වෙත නැවත යොමු වීම.
පවුලේ අය සමග, මිතුරන් සමග වගේම බාහිර සමාජය එක්ක නැවත සබදතා ගොඩනගා ගැනීම.
හුස්ම ගැනීමේ පුහුණුව හුරු කරගැනීම මගින් මනස නිවාරදි ආකාරයට පිහිටුවා මනසේ පාලනය ලබා ගැනීම අදිය කරන්න පුලුවන් .
ස්වයංවින්දනය හා පිරිමියා
ස්වයංවින්දනය කියන්නෙ තනිකඩ අය විතරක් කරනන්දෙයක් නෙවෙයි. තමන්ගෙ ලිංගික සහකාරිය නැති වෙලාවට වගේම ඇයට අපහසු වෙලාවක තමන්ගෙ ඇතිවෙන ලිංගික හැගීම් තෘප්තිමත් කරගන්න කරනන සාමාන්‍ය දෙයක්. ඒ වගේම ආරක්ෂිත හා පහසුම විදිහ කියන්නත් පුලුවන්. ඒත් ඇතැම් විවාහක පුරුෂයින් තමන්ගෙ බිරිද ලග ඉන්න වෙලාවටත් ස්වයංවින්දනය කිරීම මගින් පමනක් සතුටු වෙන අවස්ථා තියෙනව. බිරිදට ලිංගික අවශ්‍යතා තිබුනත් ඒ පිලිබද නොසලකා ස්වයංවින්දනයේ යෙදෙන පිරිමින්ද නැතුවාම නොවේ. ඉතින් මේ වගේ අවස්ථා විවාහ ජීවිතය තුල ආවොත් ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩී. ඒ වගේම ලංකාව වගේ ආසියාතික රටක තියෙන වැරදි මත නිසා තමන්ගෙ හැගීම් යටපත් කරගෙන ඉන්න පිරිමින්ද නැතුවාම නෙවෙයි. ස්වයංවින්දනය කරන්න බයවෙන රාමුවක් ඇතුලෙ හිර වෙලා ඉන්න නිසා.
ඉතින් ඇත්තටම ස්වයංවින්දනය කියන්නෙ නරක දෙයක් වත් වරදකාරී දෙයක් වත් නෙවෙයි. ඒක අතිශය සාමාන්‍ය, සරල දෙයක් විදිහට පෙන්නල දෙන්න පුලුවන්. ඒ වගේම ස්වයංවින්දනයේ යෙදෙන එක කායික, මානසික යහපැවැත්මට හේතුවක් වෙනව. ජීවිතේ තියෙන්නෙ විදින්නට මිස විදවීමට නෙවෙයි. තමන්ගේ ජීවිතයේ අයිතිය ඇත්තේ තමන් තුළමයි. එම නිසා නිවැරදි තීරණ යහපත් ප්‍රතිඵල ලබාගන්න හේතුවක්.
මූලාශ්‍ර
https://www.auctoresonline.org/article/masturbation-two-sides-of-the-one-phenomenon
https://my.clevelandclinic.org/health/articles/24332-masturbation
https://www.frontiersin.org/articles/10.3389/fpsyg.2021.693121/full#B65
https://drsafehands.com/popular-topics/masturbation-addiction-in-males

