අත්වැල කණ්ඩායම විසිනි
2020 අගෝස්තු 28
මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරාත්තු වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයේ එක පැතිකඩක් වන සයිබර් අවකාශය යොදාගෙන සිදු කරන හිංසන පිළිබදවය.
ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශය යොදාගෙන සිදු කරන හිංසන විවිධ ආකාර ගනී. එම ක්‍රියාවන් දේවේශ සහගත දේ යතුරු ලියනය කිරීමේ සිට තමන්ට ලැබුණු රොමාන්තික ඡායාරූප යොදාගෙන ඡායාරූපයේ සිටින පුද්ගලයන්ට අවමාන තර්ජන එල්ල කිරීම සහ බිය වැද්දවීම සහ ඒවා බෙදා හැරීම දක්වා වූ පරාසයක විහිදේ. විවිධ පුද්ගලයන් විසින් ඔවුන්ගේ සමීප සහකරු/සහකාරියන් සමග බෙදා ගන්නා රොමාන්තික ඡායාරූප අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා පුද්ගලයෙකුගේ අතට පත් වූ විට එම ඡායාරූප නතර වන්නේ අසභ්‍ය වෙබ් අඩවි වලය.
සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සහ කාන්තා පිහිට එක්ව සිදු කළ සමීක්ෂණයක දත්ත මගින් තහවුරු කර ඇත්තේද තරුණ ප්‍රජාව සහ ස්ත්‍රීන් සයිබර් අවකාශය යොදා ගෙන සිදු කරන හිංසන වලට ගොදුරු වීමේ වැඩි අවදානමක සිටින බවයි. මෙම සමීක්ෂණයට සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් 24.4%ක් සිය පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධ කිරීම, ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීම ආදී වූ සිදුවීම් වලට මුහුණ දී ඇති බව ප්‍රකාශ කර ඇත.
පෞද්ගලික ඡායාරූප ප්‍රසිද්ධ කිරීම, ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කිරීම ආදී වූ සිදුවීම් වලට මුහුණ දී ඇති බව ප්‍රකාශ කළ අය අතරින් 63% මඩකළපු දිස්ත්‍රික්කයෙන් වන අතර 58%ක් බදුල්ල දිස්ත්‍රික්කයෙනි. මින් පැහැදිළිව පෙපෙන කාර්ණය වන්නේ සයිබර් අවකාශය යොදා ගෙන සිදු කරන හිංසන කොළඹ හො නගරාශ්‍රිතව පමණක් සිදු නොවන්නක් බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2017 වසරේදී ලැබී ඇති සමස්ථ පැමිණිළි සංඛ්‍යාවෙන් 70%ක්ම ආදර සම්බන්ධතාවයක් බිද වැටීමෙන් පසු ඡායාරූප, වීඩියෝ සහ චැට් තොරතරු සමාජමාධ්‍ය හරහා බෙදා හැරීම හා සම්බන්ධ ඒවා බව ඩේලි මිරර් ඉංග්‍රීසි පුවත් පත වාර්තා කර තිබුණි.
සයිබර් හිංසනය අපි සිදුවීම් කිහිපයක් ඔස්සේ තේරුම් ගනිමු.
නිර්මලා වයස අවුරුදු 22ක තරුණියකි. ඇය දුලිත නම් හාදයෙකු සමග ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියාය. දුරකතනයෙන් කතා කරමින් සිටින අවස්ථාවක දුලිත නිර්මලාගෙන් ඉල්ලා සිටියේ ඇගේ පියයුරු වල ඡායරූපයක් ඔහුට එවන ලෙසයි. නිර්මලා මුලදී අදි මදි කළත් දුලිතගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා පියයුරු වල ඡායාරූපයක් ගෙන ඔහුට යැව්වාය. දිනෙන් දින දුලිත ඉල්ලන ඡායාරූප ප්‍රමාණය වැඩි වූ අතර මෙය නිර්මලාට කරදරයක් බවට පත් විය. ඒ නිසා ඇය ඔහුගේ ඉල්ලීම් වලට අකමැති වීමට පටන් ගත්තාය. නමුත් ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට නිර්මලාය හැකි වූයේ නැත.
“තමුසේ මං කියන දේ කරේ නැත්තං මේ පින්තූර තමුසෙගේ තාත්තාට යවනවා” ඔහුගේ තර්ජනය විය. නිර්මලාගේ තාත්තා ඇගේ ආදර සම්බන්ධතා වලට සම්පූර්ණයෙන් විරුද්ධය. පාසල් කාලෙය්දී පැවති සුළු සම්බන්ධතාවයක් පිළිබද දැන ගෙන ඔහු නිර්මලාගේ මවට පහර දෙමින් ඇය දරුවන් හදා ඇති ආකාරය පිළිබද විවේචනය කළාය. ඉතින්, දුලිත පවසන ආකාරයෙන් නිරුවත් ඡායාරූප තාත්තාට යැවුවොත් ඔහු තමා සහ සිය මව මරා දමනු ඇතැයි නිර්මලා බිය වූවාය. ඒ නිසා නිර්මලා දුලිතගේ ඉල්ලීමට අනුව නිතර ඔහුට පින්තූර යැව්වාය. ඔහුගේ ඊලග ඉල්ලීම වූයේ ලිංගික හැසිරීමයි. දුලිතගේ ක්‍රියා කලාපය පිළිබද කලකිරී සිටි නිර්මලාට එහු සමග ලිංගිකව හැසිරීමට කිසි සේත්ම වුවමනා වෑයේ නැත. නමුත් ඡායාරූප පිළිබද හෙළිවේ යැයි බියට ඇය ඔහු කියන ඔනූම දෙයකට එකග වූවාය. මෙමේ මාස තුනක් පමණ ඇය දුලිත සමග ලිංගිකව හැසිරුණාය. ඒ කිසිම කැමැත්තකින් නොවේ. අවසානයේදී මේ සියල්ල දරා ගත නොහැකි වූ ඇය, ඥාති සහෝදරයෙකුගේ මාර්ගයෙන් පොලීසියේ පැමිණිල්ලක් දමා දුලිතගෙන් නිදහස් වූවාය.
මේ සිද්ධිය තුළ සිය නිරුවත් ඡායාරූප පිළිබද හෙලී වේ යැයි බියට නිර්මලා කිසිම කැමැත්තකින් තොරව දුලිත හා ලිංගිකව හැසිරුණාය. එය නීති ප්‍රකාරව ස්ත්‍රී දූෂණයකි. එමෙන්ම මේ කාලය තුළ ඇය විද මානසික වේදනාව කොතරම් වන්නට ඇත්ද?
| ආදර සම්බන්ධතාවක් පවත්වා ගෙන යාම සදහා බල කිරීමට රොමාන්තික ඡායාරූප යොදා ගෙන තර්ජනය කිරීම සයිබර් හිංසනයේ එක් ආකරයකි. |
තවත් සිදුවීමක් දෙස බලමු.
ශානිකා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. සපුමල් ඒ විශ්ව විද්‍යාලයේම ඉගෙන ගන්නා තරුණයෙකි. සපුමල් ඇගේ ආදරය පතා ආවත් ශානිකා කැමති වූයේ නැත. එදිනට පසු දින ශානිකාගේ වට්ස් ඇප් එකට සපුමල් කෙටි පණිවුඩයක් හා ඡායාරූපයක් එවා තිබුණි. “තමුසේ මට කැමති නැත්තං, තමුසෙට මං වෙන කෙනෙක් ළගට යන්න දෙන්නේ නෑ.” එහි ඇතුළත් වූ ඡායාරූපට ශානිකාගේ ෆේස්බුක් එකෙන් ගත් එකකි. නමුත් එහි තිබුණේ ඇගේ මුහුණ පමණි. ශරීරය නිරුවත් එකක්. පරිගණක මූදුකාංග යොදාගෙන ශානිකාගේ මුහුණට නිරුවත් ශරීරයක් අමුණා සකස් කළ ඡායාරූපයකි. ශානිකා කිසි දිනක නිරුවත් ඡායාරූපයක් හුවමාරු කර ගෙන තිබුණේ නැත. නමුත් මේ සකස් කළ ඡායාරූපය ප්‍රසිද්ධ වුව හොත් ඇයට සිදුවන නින්දාව ගැන ඇය බිය වූවාය. ඒ නිසා ඇය බැගෑපත් වී සපුමල්ගෙන් ඉල්ලා සිටියේ මේ ඡායාරූපය ප්‍රසිද්ධ නොකරන ලෙසයි. නමුත් ඔහුගේ ප්‍රතිචාරය වූයේ “මට මේවා ඕනෑ තරම් හදන්න පුළුවන්. කැම්පස් එකේ ඉන්න ඕනේ නම් මට තමුසෙගේ නියුඩ් එකක් එවනවා. නැත්තං තවත් ෆොටෝ එඩ්ට් කරලා හැමෝටම යනනවා”
පසු දින සපුමල් මේ ඡායාරූප ඇගේ මිතුරියන් කිහිප දෙනෙකුට යවා තිබුණි. තමන්ගේ ගුරුවරුන් අතරත් මෙය ප්‍රසිද්ධ කරනු ඇතැයි ශානිකා බිය වූවාය. “නියුඩ් එවන්න බැහැ” ඇය කීවාය. “එහෙනං මේවා එඩිට් කරලා වෙබ් සයිට් වල තියෙයි” සපුමල් ඇයට තර්ජනය කළාය.
| නිරුවත් ඡායාරූප ලබා ගැනීම සදහා ආදර සම්බන්ධතා ආරම්භ කිරීම තවත් සුලභ සිදුවීමයි. ඒ මන්ද මෙවැනි රෝමාන්තික ඡායාරූප වලට මූල්‍යමය වටිනාකමක් ඇති නිසාය. මෙවැනි ඡායාරූප එකතු කර වෙබ් අඩවි වලට විකුණා මුදල් ඉලයීම ඉතාමත් පහසුය.
පරිගණක මෘදුකාංග මගින් වෙනස් කරන ලද ඡායාරූප ප්‍රසිද්ධ කිරීමකට ලක් වූ කාන්තාවක් දන්නා බව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සහ කාන්තා පිහිට එක්ව සිදු කළ සමීක්ෂණ සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් 21.4%ක් පවසා තිබුණි. ඉන් 50%ක් බදුල්ලෙන් වන අතර, 32%ක් රත්නපුර දිස්ත්‍රික්කයෙනි. |
ගැහැණු ළමුන් සහ කාන්තාවන් බිය වද්දා ලිංගිකමට දර්ශන ඇතුළත් ඡායාරූප හා වීඩියෝ පට එකතු කිරීම සංවිධානාත්මකව සිදුවන ජාවාරමකි.
මේ සදහා තවත් උදාහරණයක් බලමු.
අකිල 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නා පිරිමි ළමයකි. ඔහුට 10 වසරේ ඉගෙන ගන්නා සහෝදරියක් සිටී. දිනක් අකිල ඔහුගේ ෆේස්බුක් පිටුවේ සැරි සරන විට සමාධි නැමති වෙනත් පාසලක ඉගෙන ගන්නා ඔහුගේ මිතුරියකගෙන් මිතුරු ඉල්ලීමක් ලැබුණි. ඔහු එය දුටු වහාව ඉල්ලීම අනුමත කළ අතර, දින සති කිහිපයක් මේ දෙදෙනා චැට් කළහ. ඒ පාසලේ වැඩ, ක්‍රීඩා ආදිය පිළිබදවය. දිනක් සමාධි අකිලෙන් ඔහුගේ ශිෂ්ණයේ ඡායාරූපයක් ඉල්ලා සිටියායා. අකිල තුළ සමාධි කෙරෙහි කැමැත්තකුත් තිබුණ අතර විඩිවිය පැමිණෙන කාලය නිසා ඔහුගේ ශිෂ්ණයේ වර්ධනයක්ද සිදු වී තිබුණ නිසා ඔහු ශිෂ්ණයේ ඡායාරූපයක් සමාධිට යැව්වාය. ඊලග දිනයේ ඔහුට සමාධිගෙන් චැට් පණිවිඩයක් ලැබුණි. “ඔයාගේ ශිෂ්ණය ප්‍රසිද්ධ කරන්න කලින් මට ඔයාගේ අක්කා නාන ෆෝටෝ එකක් ගහලා එවන්න.” අකිලට පුදුම සිතුණේය. එසැණින් ඔහුට අවබෝධ වූයේ මෙතෙක් කල් තමා සමග චැට් කර ඇත්තේ සමාධි නොව වෙනත් කෙනෙකු බවයි. තමාගේ ශිෂ්ණය ප්‍රසිද්ධ කළොත් තමාට ලැජ්ජාවක් සිදු වෙතරයි සිතූ අකිල, සිය සහෝදිරිය ඇදුම් මාරු කරන වෙලාවක් බලා හොරෙන්ම ඡායාරූපයක් ගෙන සමාධි ලෙස චැට් කළ පුද්ගලාට යැව්වාය. මිනිත්තු කිහිපයක් තුළ අකිලගේ සහෝදරියට ඒ ඡායාරූපය සමග කෙටි පණිවිඩයක් ලැබුණි. “ඔයාගේ නියුඩ් එකක් තියෙනවා. මේක එළියට යන එක වළක්වන්නන නම් මට තව නියුඩ්ස් එවන්න” ඉන් කියවුණි.
ඇය මුලදී කලබල වුවත්, තමා මෙවැනි ඡායාරූපයක් කිසි දිනක ගෙන නොමැති නිසා ඇය මේ ගැන සිය පියාට පැවසුවාය. පවුල තුළ කතා බහේදී අකිල මෙය සිදු කර ඇති බව කාටත් පැහැදිළි වූ අතර ඔහු එය පිළිගත්තේය. දරුවන් දෙදෙනාට සන්සුන්ව ඇහුම් කන් දුන් පියා, ඡායාරූප ඉල්ලූ ෆේස්බුක් පිටුව පිළිබද ෆේස්බුක් ආයතනට පැමිණිළි කළේය.
—————————————————————————————————————-
හිංසන ආකාරය කුමක් වුවත්, එහි ඇති මූලික පදනම පුරුෂ මූලික බලපුළුවන්කාර බව අප තේරුම් ගත යුතුය. එමෙන්ම පුරුෂ මූලික වටිනාකම් තුළ ස්ත්‍රිය මනින මිනුම් දණ්ඩ ඇගේ චරිතයයි. ඇගේ උගත්කම්, ඇගේ දක්ෂතාවය, ඇගේ රැකියාව මේ කිසිවකටත් වඩා වටිනේ ඇගේ චරිතයයි. මේ සන්දර්භය තුළ නිරුවත් ඡායාරූපයක් ගැනීමට යම් ස්ත්‍රියක් එකග වනවා නම් එය ඇගේ චරිතය විදහා පාන්නක් බව පොදුවේ ඇති පිලිගැනීමයි. ඒ නිසා සයිබර් අවකාශය යොදාගෙන සිදු කරන මෙවැනි හිංසන වලදී ඒවාට මුහුණ දෙන වින්දිතයන්ට සිදු වන්නේ ඒවා විද දරා ගෙන සිටීමයි. පළමු සිදුවීමේ දී නිර්මලාට සිදු වූවා මෙන් කැමැත්තෙන් දූෂණය වීමට ගැහැණු ළමුන්ට සිදු වන අවස්ථා එමටයි.
ස්ත්‍රීන්ට මෙවැනි වින්දිතකරණයට මුහුණ දීමට සිදු වන්නේ සයිබර් හිංසනයට මුහුණ දුන් විට පමණක් නොවෙයි. ස්ත්‍රී දූෂණයකට මුහුණ දුන්නත්, සමාජය අසන්නේ “ඇයි රෑ වෙලා ගියේ”, “ඇයි කොටට ඇන්දේ”, ඇයි දිවුවේ නැත්තේ” වැනි ප්‍රශ්ණ මිස, “ඇයි දූෂණය කළේ” වැනි ප්‍රශ්ණයි. “ඇයි මේ වගේ අපරාධයක් කළේ” යන්න කිසි විටකත් දූෂකයාගෙන් අප අසන්නේ නැත.
සමාජීය ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ හිංසනය අපේ රටේ ඉතාම ඉහල මට්ටමක පවතී. එයට හොදම උදාහරණය පොදු ප්‍රවාහණ සේවයේ ගමන් කරන කාන්තාවන්ගෙන් 90%ක්ම බස් හා දුම්රිය තුළදී ලිංගික අතවර වලට ලක් වීමයි. “පිරිමි ඔහොම තමයි” යන ආකල්පය වෙනුවට “පිරිමි ඔහොම වුණේ ඇයි” යන්න පිළිබද අප විමසා බැලිය යුතුය. පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු වෙත ලබා දෙන වටිනානම් දෙ ආකාරය. පිරිමි ළමයා කුඩා කළ සිටම ගොඩ නගන්නේ ප්‍රචණ්ඩ වීමටය. ඔහුට දෙන්නේ තුවක්කුය. හිංසා කාරී නොවන පිරිමි ළමයෙකුට කියන්නේ “ අප්පෝ ගෑනු ළමයෙක් වගේ” කියාය. “ගෑණු ළමයෙක් වගේ” යන්න පහත් කොට සැලකීමක් වී ඇත්තේ ඇයි දැයි සිතා බලන්න. පුරුෂ මූලික වටිනාකම් කළ ස්ත්‍රියාට ඇත්තේ දෙවැනි තැනය. සයිබර් හෝ නිවසේ හෝ මහ මගේ දී හෝ වැඩ පළේදී සිදුවන ස්ත්‍රීන්ට එරෙහි හිංසන වලට මූලික වන්නේ එම ආකල්පයයි. ගැහැණිය පිරිමියාට අවශ්‍ය ලෙස ජීවත් විය යුතුය යන්න ඒ පොදු ආකල්පයයි. පිරිමියාට අවශ්‍ය වෙලාවට, අවශ්‍ය විදියට ලිංගිකව හැසිරීමට, දරුවන් සෑදීමට, රැකියාවක් කිරීමට හෝ රැකියාවෙන් ඉවත් වීමට, සිය අධ්‍යාපනය නවතා දැමීමට ගැහැණියට සිදුවේ. සයිබර් අවකාශය යොදා ගෙන සිදු වන හිංසනය මේ සන්දර්භයෙන් හුදකලා කොට සාකච්ඡා කළ නොහැක්කේ ඒ නිසාය.
ඔබ කිසියම් ආකාරය සයිබර් හිංසනයකට එනම්, ඔබේ ඡායාරූප, වීඩියෝ පට යොදාගෙන තර්ජනය කරනවා නම්, මුදල් ඉල්ලා බල කරනවා නම්, ලිංගික වාසි ඉල්ලා සිටිනවා නම්, වෛරී සහත දේ යතුරුලියන කර ප්‍රසිද්ධ කරනවා නම්, නිහඩව සිටින්න එපා.
ඔබ, ඔබේ දරුවා හෝ ඔබ දන්නා අයෙකු සයිබර් සූරාකෑමේ සහ හිංසනයේ වින්දතයෙකු නම්,
- ඒ සදහා ඇති සාක්ෂි කිසිවක් නොමකා ඒවාගේ ලින්ක් සේව් කර ගන්න.
- වින්දිතයා අවුරුදු 18 අඩු පුද්ගලයෙකු නම් 1929 ස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධ වෙන්න
- වින්දිතයා අවුරුදු 18ට වැඩි අයෙකු නම් 011 232 6979 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අංශය හා සම්බන්ධ වෙන්න. එසේ නැතිනම් 011 232 0141 අමතා සයිබර් අංශය ඉල්ලා සිටින්න. <dir.cid@police.lk> සහ <telligp@police.lk> යන විද්‍යුත් තැපෑල ඔස්සේද ඔබේ පැමිණිල්ලේ විස්තර ඉදිරිපත් කළ හැකියි. ඔබට ළගම ඇති පොලිස් ළමා හා කාන්තා කාර්යංශය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.
- වෙබ් අඩවි බ්ලොක් කිරීම සදහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය හා සම්බන්ධ වෙන්න
- ඔබේ පැමිණිල්ල පිළිබද නීතිමය විග්‍රහයක් හෝ ඒ හා සමාන සහයක් අවශ්‍ය නම් 077 5676 555 ඔස්සේ කාන්තා පිහිට ආයතනය සමග සම්බන්ධ වන්න.
- වෙනත් සහය සදහා bakamoono.lk වෙබ් අඩවිය සමග සම්බන්ධ වන්න.
වැඩිදුර කියවන්න – සයිබර් සූරාකෑම සහ හිංසනය කුමක්ද?
