2019 මාර්තු 31
වින්දිත ආසාධිතයා විසිනි.
මුදල්, දැනට මිනිසුන් ආසම වචනය මුදල් විය හැකියි.අද වන විට වාතය හිරුඑළිය වැනි සුළු අයිතමයන් කිහිපයක් හැරුනුකොට අන් සියලුම සේවා පහසුකම් වැනි දෑ අපට ලැබෙන්නේ මුදලට යි කිවහොත් මා බොහෝ දුරට නිවැරදිය.ඒ තරම් වටිනාකමක් මුදල් සතුව ඇත.එහෙයින් මුදල් යනු මිනිසාගේ සියලු ජිවන ක්‍රියාකාරකම් වලට බලපෑම් කරනා ප්‍රධානතම සාධකයකි.බොහොමයක් පුද්ගලයන් මුදල් ඉපයීම සදහා යොදා ගන්නේ රැකියාවකි. රැකියාවක් සොයා ගැනීමට උත්සුකවීම හුදෙක් තම ජිවන තත්වයන් උසස් කරගැනීම සදහාම වේ.ඒ සදහා බොහෝ බාධක මැද අද්යාපනය හදාරන ඔවුන් උපාධි ඩිප්ලෝමා වැනි තත්වයන්ට යන්නේද රැකියාවක් බලාපොරොත්තුවෙනි.බොහෝ විට රැකියාවක් සොයාගැනීමට අපහසු, රැකියාවක් නොකරනා පුද්ගලයන් ගේ ජිවන තත්වය පවුල් පසුබිම හා එම පුද්ගලයාගේ දෛනික කටයුතු සොයාබැලීමේ දී අපට පෙනීයන්නේ ඔවුන්ගේ පවුල් සංස්ථා දැනටමත් බිද වැටි ඇති බවත් ඔවුන්ට එදා වේල පිරිමසා ගැනීමටවත් නොහැකි තත්වයක පසුවන බවත්ය.ජීවත්වීමට මුදල් ද මුදල් සෙවීමට රැකියාවක් ද අත්‍යවශ්‍ය මේ සමාජයේ රැකියාව ඇත්තෙන්ම මිනිසෙකුට නිධානයකි.
අද වන විට සමාජයේ දියුණුවත් සමග විවිධාකාර රැකියාවන් බිහි වී තිබුනද රැකියාවේ නියුතු පුද්ගලයාගේ ලිංගිකත්වය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන කාරනා පසුබිම්කොටගෙන බොහෝ කොන්කොට සැලකිම්,උසස්වීම් කප්පාදු කිරීම්, රැකියාවෙන් නෙරපිම් දක්නට ලැබේ.ඇතැම් ආයතන තුල බොහෝ දක්ෂතා පෙන්වා රැකියාව කලද අනෙක් පුද්ගලයන්ගේ උසුළු විසුළු හැසිරීම් රැකියාවේ නියුතු පුද්ගලයාට මානසික ආතතිය වැඩි කිරීමට නිරායාසයෙන්ම බලපානු ලබයි.බොහෝවිට සමරිසි පිරිමි පුද්ගලයකු බව සේවා ස්ථානයේ පුද්ගලයන් දෑනගතහොත් ඔහුට සලකන්නේ ඉතාමත් නින්දිත ආකාරයටයි. ආහාර ගැනීමේදී ඔහු අසලට නොපැමිනිමට තරම් පහත් තත්වයකට වැටෙන ඔවුන් අවශ්‍ය තරමට වඩා වැඩ පැවරීම,විවිධ වචන පටබැදීම සදහාද පසුබට නොවේ.එමෙන්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකුනම් ඔහුගේ සියලු ස්වභාවික හැසිරීම් සගවාගෙන අපහසුවෙන් වුවද රැකියා ස්ථානයේදී ව්‍යාජ පුද්ගල චරිතයන් රගපෑමට සිදුවන්නේ නැතිනම් ඔහුට හෝ ඇයට සිදුවන්නේ රැකියාවට සමුදී නිවසට වී සිටීමට නිසාවෙනි.බොහෝවිට සම්මුක පරික්ෂනයේදීම ඔහු හෝ ඇය සංක්‍රාන්ති සමාජභාවී අයෙකු යයි පැවසිම සම්මුක පරික්ෂනයෙන්ම ආපසු හරවා යැවීමට තරම් සාධකයකි.තවද රැකියා උසස්විමකට ලිංගිකත්වය බාධාවක් වීම කෙතරම් සාධාරණද?
උදාහරණ ලෙසට පහත සත්‍ය සිදුවීම් දෙක පෙන්වා දීමට කැමෙත්තෙමි.
පළමු කතාවේ කතා නායකයා අප නිශ්ශංක යන අන්වර්ථ නාමයෙන් හදුන්වමු.නිශ්ශංක පදිංචි වී සිටින්නේ මහනුවර ප්‍රදේශයේ වන අතර ඔහු වයස අවුරුදු 37 පමණ වන පුද්ගලයෙකි.තම මව පියා සහ ආබාධිත සහෝදරයකු රැකබලාගන්නා ඔහු රැකියාව සිදුකලේ තම ප්‍රදේශයේම ප්‍රධානපෙලේ පෞද්ගලික මුල්‍ය ආයතනයකය.පළමු වර්ෂ 5ක් 6ක් පමණම ඔහු දක්ෂ ලෙස රැකියාව කරගෙන පැමිණ උසස්වීම් 2ක 3ක් ම ලබාගෙන තිබිණි.ඒ වන විට ඔහුට යටත්ව ඔහුගේ අධීක්ෂණය යටතේ තවත් සේවකයන් 25ක් පමණ සේවය කොට ඇත.නමුත් අවාසනාවට ඔහුගේ පෞද්ගලික ලිංගික ජීවිතය හෙළිවන ආකාරයේ සිදුවීමක් තම කාර්යාලයේ සේවිකාවක් වෙත දැනගැනීමට ලැබුණෙන් පසුව නොබෝ දිනකින්ම එම සිදුවීම කාර්යාලයේ සියලුමදෙනා දැනගන්නට විය.මේ වන විටත් ඔහුගේ මුළු අනාගතයම වෙනස් කිරීමට දොරගුළු විවර වී ඇති බව ඔහු නොදනගන්නට ඇත. කාර්යාල ප්‍රධානින් වෙත සිද්දිය පැමිණි පසු ඔවුන් නිශ්ශන්කව ගෙන්වා මේ පිලිබදව ප්‍රශ්නකරන ලදී .”බලන්න මොකද්ද ඔයා ඔය කරන වැඩේ තේරුම,අපේ කස්ටමර් කෙනෙක් ඕක දෑනගත්තොත් ආයේ මෙතනට එන එකක්වත් නැ.ලැජ්ජාවක් නැද්ද ඔයාට?” මෙවන් වචන සමුදායකින් ඔහුගේ කන් පිරෙත්ම ඔහුගේ පිළිතුර වුයේ “සර් මම රැකියාව අකුරටම උනන්දුවෙන් කලා.පසුගිය වර්ෂ කිහිපය මම ඒ ගැන පෙන්වා තිබෙනවා. ඒ කාලය තුලත් මාගේ ලින්ගික ජීවිතය මේ ආකාරයටම තමා ගෙවුනේ. එත් මම එක රැකියාවට බාධාවක් කරගත්තේ නැනේ. ඉස්සරහටත් එහෙමම වේවි.”යන්නයි. නමුත් හිංසාවට පත්කිරීමේ අරමුණින් ඔවුන් සිදුකලේ ඔහු යටතේ සිටි සේවක පිරිසෙන් පිරිමි පුද්ගලයන් ඉවත් කිරීමයි. එයින් ඔහුට වරදකාරී හැගීමක් ඇතිවුනා පමණක් නොව මානසිකවද ඇද වැටිනි. හිත හදාගෙන සේවය දිගටම කරගෙන ගිය නිශ්ශංක දහවල් ආහාරය ගැනීමද ප්‍රතික්ෂේප කරන ලදී. ඒ ඔහු දහවල් ආහාරය ගැනීමට යාමේදී එහි සිටින පුද්ගලයින් එතනින් ඉවත්වී යාම හේතුවෙනි. මේ අතරවාරයේම ඔහුගේ ප්‍රවාහන දීමනාවන් කපා දමා තිබුණු අතර කාර්යාලය තුල ඇවිද යන විට ඔහුට “මල් නිශ්ශංක” යන නමින් කතා කරන්නට විය.රැකියාවෙන් ඉවත්වීමට බොහෝ වාර ගණනක් නිශ්ශන්කට සිති තිබුණු නමුත් ඔහුට ඒ තීරනය පමා කිරීමට වුයේ තම අහිංසක දෙමවුපියන් හා ආබාදිත සහෝදරයා ගැන සිතට ආ සිතිවිලි නිසාවෙනි.බොහෝ නින්ධා අපහස වින්ද දරා ගනිමින් සිටි නිශ්ශංක බොහෝ අවස්ථාවලදී අධික මානසික පීඩනය සදහා උපදෙෂණයන්ට හා බෙහෙත් වලටද යොමුව තිබිණි.කෙසේ වෙතත් අපහසුවෙන් වුවද රැකියාවේ තවමත් නිරතවන ඔහු උදැසනට රැකියාව සඳහා පිටත් වන්නේ මරණයට කැපවුණු ගවයෙක් මස් පිණිස දක්කාගෙන යන ආකාරයටය.
දෙවන කතාව සංක්‍රාන්ති සමාජ භාවී තරුණයකු පිලිබදවයි.
අපි ඔහුව මෙතැන් සිට සරත් යන නමින් හදුන්වමු.ඔහේ එකල වයස අවුරුදු 24දි පමණ තරුණියක ලෙසින් ආරක්ෂක අංශයේ රැකියාවකට බැඳී තිබිණි.ඒ පවුලේ තිබු අගහිගකම් මගහරවාගැනීමේ අරමුණෙනි.කාලයත් සමගම ඇයට ඇයගේ මානසික ශරීරයේ වෙනසක් හදුනාගැනිමට ලක්විණි. ඇය පසුව අනාවරණය කරගෙන තිබුනේ ඇය සංක්‍රාන්ති සමාජ භාවි තරුණයකු බවටයි.මේ පිළිබදව කරුණු සොයාබලා සිද්ධිය ප්රත්යක්ෂ කරගත් ඔහු ඒ පිලිබදව තම මිතුරු සෙබලියට පැවසීය . ඇය ඒ පිලිබදව තව තවත් පිරිසට කියූ අතර ප්‍රධාන නිලධාරීන් වෙත ආරංචි වීමට වැඩි කාලයක් ගත නොවිණි. අනතුරුව සරත් ව කැදවූ ප්‍රධානින් විසින් ඔහුට රැකියාවෙන් ඉවත් කිරීමේ ලියවිල්ල බාර දී ඇත.අනාගතය පිලිබදව ලස්සන බලාපොරොත්තු ගොන්නක් හිත දරා රකියාවට ගිය ඔහු ඒ බලාපොරොත්තු සියල්ල පොදි ගසාගෙන නැවත ගමට පැමිණෙන සරත් සත්‍ය පවසා යාමට හැකි රැකියාවක් සොයමින් තවත් විරැකියාවෙන් පෙළෙමින් සිටි.
ඉහත උදාහරණ දෙක තුල අපට දක්නට ඇත්තේ ආයතනයන් තුල ලිංගිකත්වය බලනොපාන පරිදි රැකියාවක් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති දැනට බොහෝ ආයතන සතුව නොමැති බවයි.ස්වභාවික හැගීම් නිසාවෙන් තමන් කරන්නාවූ රැකියාවෙන් ඉවත් වීම ඔවුන්ට කෙතරම් අපහසු අත්දැකීමක් වන්නට ඇත්ද? පුද්ගලයකුගේ හැකියාව දක්ෂතාවය හා කැපවීම පිලිබදව පමණක් සිතා එයට සරිලන රැකියාවක් ලබාදීමටත් රැකියාව කරන කාලය තුලදී ඔහුගේ ලිංගිකත්වය රැකියාවට සම්බන්ධ නොකරගෙන උපරිම ඵලයක් ලබා ගැනීමටත් හැකි ආයතන ලංකාවේ වෙතොත් ඒ කීයෙන් කීයක්ද? සාමාන්‍ය මිනිසුන් වන සමරිසි ,ද්විරිසි,සංක්‍රාන්ති සමාජ භාවි පුද්ගලයන් ටද මෙරට තුල නිදහසේ රැකියාවක් තෝරාගෙන නිරත වීමට අයිතියක් ඇත. එයට කිසිසේත්ම ලිංගිකත්වය බල නොපැ යුතුය.
ඉහත කාරණාවන් නිසාම බෝහෝ දක්ෂතා ඇති සමරිසි හා සංක්‍රාන්ති සමාජ භාවි පුද්ගලයන් ඉතා අඩු වැටුපකට සම්බාහන මද්‍යස්ථාන හෝ සැලුන් වල රැකියාවේ නිරත වේ.නැතිනම් ඔවුන් ලිංගික වෘත්තීය තෝරාගන්න අතර එසේ තෝරාගන්න බොහෝ පිරිසක් උපාධි මට්ටම දක්වාම අද්යාපනය ලබා තිබෙනවා කිවුවොත් ඔබ පුදුම වනවා නිසැකය.ලිංගික වෘත්තියේ යෙදෙන ඔවුන් අවදානමක්ද රැගෙන එහි නිරතවන්නේ මුදල් ඉපයිම අත්‍යවශ්‍ය නිසාත් තමාගේ සංක්‍රාන්ති සමාජ භාවි බව සමග වෙනත් රැකියාවක් ඔවුන්ට හිමි නොවන නිසාත් වේ.
මේ අතරම තවත් අතලොස්සක් ආයතන තුල ඕනෑම අයෙකුට සමාන අයිතිවාසිකම් සහිතව රැකියාව කිරීමට අවකාශය සලසා ඇති අතර ප්‍රධාන පෙලේ බැංකුවක්ද ඒ අතර වන බවට සතුටින් කීමට හැකිය.එමෙන්ම ප්‍රජා මුලික ආයතන බිහිවීම තුල එම ආයතන වල සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී පිද්ගලයන් සදහා රැකියා අවස්ථා බිහිව තිබුනද එම රැකියාවන්ද ස්ථිර මට්ටමක නොමැත. පුද්ගලයකුගේ ලිංගිකත්වය අතිශය පෞද්ගලික දෙයකි. ඒ මත රැකියාවක් කප්පාදු කිරීමට ,වරප්‍රසාද අහිමි කිරීමට හෝ කිසිවෙකුටත් අයිතිය නොමැත.එමෙන්ම අප මානුෂිකව සිත බලා එවන් පුද්ගලයන් කොන් නොකොට ඔවුන්ගේ අභිවෘද්දිය සදහාද අප කටයුතු කරන්නේනම් මෙවන් ලොවක එවන් ජිවිත තවත් ලස්සන වනු ඇත.
| ආසාධිත වින්දිතයා | එච්අයිවී සමග ජිවත් වන පුද්ගලයන් ගේ අයිතිවාසිකම් සහ විවිධ ලිංගික දිශානතීන් සහ සමාජභාවී අනන්‍යතාවයන් සහිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබද ක්රියාකාරිකයෙකි. |
![]() |
Voices & Changes අරමුදලේ |
![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)