2019 මාර්තු 12.
විඳිත අසාදිතයා විසිනි.
දෙමාපියන් හා දරුවන් අතර බොහෝවිට ඇත්තේ අසීමිත බැදීමකි. කට වචනයට අප පවසන්නේ දෙමාපියන්ට ‘දරුවකු හැරෙනකොට ඒ කුමකටද’ යන්න කිව හැකිය තේරුම්ගත හැකිය යනුවෙනි.එය සත්‍යක් ලෙස සිතුවහොත් දෙමාපියන්ට දරුවන්ගේ ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාවය හදුනාගැනීම ඉතා සුළු දෙයකි.නිතැතින්ම එය සිදුවීමට හැකිය.නමුත් තේරුම් ගෙන හෝ නොගෙන සමහර දෙමාපියන් විසින් සමරිසි දරුවන් වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ දෙමාපිය දු දරු සම්බන්ධතාවයන් පවා පලුදු කිරීමට සමත් වේ.
බොහෝ දෙමාපියන් බලාපොරොත්තුවන්නේ ඔවුන්ගේ දරුවන් අද්‍යාපනය තුල සාර්ථක ගමනක් ගොස් සමාජය විසින් ‘හොද’යයි සම්මත කරන ලද රැකියවක නිරතව ජීවිතය සාර්ථක කරගන්නවා දැකීමයි.ඉන්පසු සාර්ථක විවාහයක් සිදුකොට ආදරයෙන් ජීවත්වනු දැකීමයි. සාධාරණ කාරනාවක් ලෙස සමස්තයට මෙය දැකීමට හැකි නමුත් සමරිසි දරුවකුට මෙය කොතරම්දුරට ගැලපෙනවාද යන්න සිතබැලිය යුතුය.මන්ද තම දරුවා සමරිසි වුවද විෂමරිසි වුවද දෙමාපියන් හට අවශ්‍ය වන්නේ සමාජ සම්මතයකට දරුවා තල්ලුකිරිම පමණකි. තමන්ගේ බලාපොරොත්තුවට ඔවුන්ගේ දරුවාගේ සමරිසිභාවය බාධාවක් වේ යයි සිතුනහොත් බොහෝ දෙමාපියන් දෙවරක් නොසිතාම තරවටු කිරීමෙන්,හිරිහැර කිරීමෙන්,නිදහසට බාදා කිරීමෙන් දරුවාගේ සමරිසි භාවය යටපත් කිරීමට ඔවුන් පෙලබෙයි. එවන් තත්වයකට පෙලබිමට දෙමාපියන්ට පාරකපන්නේ සංස්කෘතිය හා සමාජ සම්මතය පෙන්වා දුන් ජීවිතය අනුගමනය කරවීම හෝ සමරිසිබව බලපානු ලබන්නේ ලිංගික ක්‍රියාවකට පමණක් බව සිතීම විය හැකිය. ඇතැම් විට දෙමාපියන් සත්‍ය තෙරුම්ගත්තද තම දරුවාගේ ලිංගිකත්වය සමාජයෙන් ප්‍රශ්නකරාවී යන බියට හෝ දරුවට අනාගතයේදී ලැබීමත තිබෙම වරප්‍රසාද මගහැරේදැයි බියෙන් එසේ කිරීමට පෙලබෙයි. ඉතින් දෙවරක් නොසිතම තම දරුවට ආරෝපණය කරගත් ලින්ගිකත්වයක් ලබාදෙයි.
එයට දරුවා කැමති වුවද අකමැති වුවද සිදුවන්නේ එකම ඉරණමකි. බොරු වෙනස්වීමට අකමැති වන දරුවා තම නිවාස,මව,පිය,සහෝදරසහොදරියන්, උපන් ගම පවා අතහැර පිටව යයි . එතන්නින් පසු හිතු මනාපෙන් ජීවිතය ගතකරන ඔවුන් තම ජීවිතය නිකරුනේ කා දමයි. එමෙන්ම බොරු වෙනස්වීමට කැමති වන දරුවා ඉදිරි ජිවිත කාලයම ආරෝපණය කරගත් ව්‍යාජ පුද්ගලයකු ලෙසට ජීවත් වෙය්.සැබවින්ම මෙය ඉතාමත් අසීරු කටයුත්තකි. උදාහරණයක් ලෙස ‘දරුවා පාසලට යනවිට ,බස් රථයේදී , යහළුවන් සමග කතාබහ කරනවිට. කොටින්ම කෑම මේසය තුලදී පවා වන කතාබහ දෙතුන්වරක් සිතාබලා සිදිකල යුතුය. ඇවිදීම වාඩිවීම පවා සිදුකරන්නේ මවා පෑමක් ලෙසටයි. එය ඔහුගේ සම්පුර්ණ නිදහසට බාධාවක් වන අතර ඕනවට වැඩ ඔහුගේ සිත පිඩාවට පත් කරන්නකි.’
තවද පුද්ගලයකුගේ සමරිසි බව ඒ පුද්ගලයාගේ ලිංගික කටයුත්තට පමණක් සිමා නොවන කාරනාවක් බව දෙමාපියන් වශයෙන් ඔබ දෙනගත යුතුම කාරණාවකි.කෙනෙකුගේ ආදරය, සමාජය දෙස බැලීම, ආකල්ප, තමාව ප්‍රකාශයට පත්කිරීම සහ අනාගත ජීවිතය යන සියල්ලන්ටම තමාගේ ලිංගික අනන්‍යතාව අදාළ විය හැකිය.ඉතින් සමරිසි තරුණයෙකු හෝ තරුණියක දෙමාපියන්ගේ බලකිරීමකින් විෂමලින්ගික විවාහයකට පත් කිරීම කෙතරම් සාධාරණද. පුද්ගලයකු ආදර සම්බන්ධතාවකදී හෝ විවාහ ජීවිතයේදී තමාගේ සහකරු හෝ සහකාරියගෙන් බලාපොරොත්තුවන කාරණා කිහිපයක්ම ඇත. ආදරයට අමතරව ගරුකිරීම, ආරක්ෂාව, ලෙන්ගතුකම, එකිනෙකාට සැලකීම ඉන් කිහිපයකි. මේවා අවංකව එකිනෙකාට ලැබෙන්නේ තමන් ඔහුට හෝ යට අවංකව ආදරය කරනවානම් පමණෙකි.සනරිසි පුද්ගලයකු විෂමරිසි විවාහයකට යාමෙන් පසු එකිනෙකාට අවංකව ආදරය නොකරයිනම් ඉහත කාරණා කිසිවක් සම්පුර්ණ නොවේ.එමෙන්ම ඔවුන් ලිංගිකව අතෘප්තිමත් වන අතර භාවාත්මකවද අතෘප්තිමත් වේ.තම අවංක ආශාවන් , ස්වභාවික කෙමෙත්ත සිරකොට ජීවත්වීමට සිදුවන එම ජීවිතය ඔවුන්ට ඇපයක් වනවා මෙන්ම ඔවුන්ගේ ඉදිරි ජිවිතයම එක තීරණයක් නිසාවෙන් අදුරු වී හමාරය. ඔවුන්ගේ දරුවන්ටද මෙය අමිහිරි අත්දැකීමක් වනවාට සැක නැත. එම ඛේදවාචකයේ වගකීම සත්‍ය වශයෙන්ම කා සතුද?
අප තෙරුම්ගතයුතු කාරණාව නම්, සත්‍ය ලිංගික අනන්‍යතාවය පසෙක ලා ව්‍යාජ පුද්ගලයකු ලෙසට පෙනීසිටීම තමන්ට මෙන්ම අවට සිටින පුද්ගලයන්ටද අපහසුතාවයක් බවයි. ඉතින් කුඩා කලදීම සත්‍යවාදී වන ලෙස දරුවන්ට උගන්වන දෙමාපියන් විසින් මෙම කාරණාව තුළදීත් දරුවන්ට සත්‍යවාදී වීමට උපදෙස් දෙන්නේනම් මැනවි.
ඇත්තෙන්ම ඔබේ දරුවා සමරිසි අයෙකු ලෙස ඔබට ප්‍රත්‍යක්ෂ වන්නේනම් ඔබ කුමක් කල යුතුද? ඇතැම්විට ඔබේ දරුවා ඔබවෙත පැමිණ ඔහුගේ තත්වය ඔබ සමග කතාබහ කිරීමට කැමැත්තෙන් සිටිනවා වියහැකියි. එසේනම් ඔහුගේ කතාබහට පසුබිමක් සැදීමට උත්සුක වන්න. උදාහරණයක් ලෙස සමරිසිබව සාමාන්‍ය බව පෙන්වන කතාබහ ගෙනයන්න. එමෙන්ම තම සමග ලිංගිකත්වය පිලිබදව කතා කිරීමට හැකිබව අගවන්න. කෙටි කාලයක් මේ සදහා මිඩංගු කිරීම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. දරුවා ඔබ සමග කතාබහ කිරීමෙන් කාරණාව ඔබ දැනගත් පසු ඔබට කිරීමට අවශ්‍ය කරුණු කිහිපයක් ඇත.
පළමුවැන්න ඔබ පෙර පරිදිම ඔබගේ දරුවාට ආදරණිය දෙමාපියන් වීමයි. දරුවන් බොහොවිට අන් අයගේ ආදරය බලාපොරොත්තු වන අතර පෙර පරිදිම ඔබ ඔවුන්ට ආදරය කරන බව ඔවුන්ට දැනෙන විට අනවශ්‍ය ක්‍රියාකාරකම්වල නිරතවීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත.ඔවුන්ගේ ආරක්ෂාව සදහා ඔවුනගෙන සොයබැලීම අවශ්‍ය ආකාරයෙන් සිදු කිරීමද අවශ්‍ය කාරනාවකි. දෙවැනි කාරනාවනම් ඔවුන්ට කාලයක් ලබාදීමයි.තමාට තේරුම්යන කාරණා සත්‍යක්ද ,එම කාරණා තුලින් තමන්ට සිදුවන්නේ කුමක්ද සහ එවන් තමාට වන බලපෑම් මොනවාද යන්න තේරුම්ගැනීමට ඔවුන්ට කාලයක් ලබා දෙන්න. එම කාලය අතරතුර ඔබ ඔවුන්ට අදාළ කාරණාව පිළිබද අවශ්‍ය කරුණු ( සැබවින්ම සමරිසිබව කුමක්ද, ඒ තුල නිවැරදිව ජීවත්වන්නේ කෙසේද යන කාරනා) කියාදීම ද උචිත යය සිතමි. දරාගැනීමට පුරුදු කිරීම හා උපදෙස් ලබාදීම තුන්වන කාරණාවයි. තම සමරිසි පුද්ගලයකු බව දැනගත් පසු කුරිරු සමාජය තමාට නම් පටබැදීම, කොන් කිරීම, කර්කශ වදන් පැවසීම ,වෛර කිරීම වැනි දෑ සිදුකරන අතර තමන්ට ඒවා විද දරාගැනීමට සිදුවන බව තම දරුවාට කියාදෙන්න.එමෙන්ම සමාජයේ විවිධ ජනකොටස් සුළුතරයක් වීම නිසා නිරන්තර අසාධාරණයට ලක්වන බවත් කොන් කිරීම් වලට පත්වන බවත් පෙන්වා දීම මගින් දරුවට එවැනි දේ දමනය ලෙස දරගේනිමට හැකිවනු ඇත. එවන් අසාධාරණයන් කොන්කිරීම් ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන සිටීමටත් කලකිරීම් නිසා ජීවිතය ආපස්සට නොගන්න ලෙසටත් ඔවුන්ට උපදෙස් දියයුතුයි .තවද ඔවුන්ට හිතවත් පවුල් පසුබිමක් ,මිතුරන් පිරිසක් තනාගැනීමට උදවු කිරුම මගින් කොන් කිරීම් වලදී ඔහුගේ සිත ශක්තිමත් කරගැනීමට උපකාර වනු ඇත.
සමානාත්මතාවය ඉතාමත් හොදින් පහදාදීම වැදගත් වන අතර එමගින් තම දරුවා අන් යට ගරුකිරීමට මෙන්ම තමාට අවශ්‍ය ගරුකිරීම ලබා ගැනීමට අවශ්‍ය අකාරයද තේරුම්ගන්නවා නිසැකය. ශ්‍රී ලාංකික සමාජය තුල දකින්නට නොමැති කරුණක් වුවද සමානාත්මතාවය ගරුකරන සමාජයක කොන්කිරීම් නොමැති තරම්ය. තවද තමන් සමරිසි පුද්ගලයකු වුවද තමාටද අන් අය අකාරයටම ඉගෙනගැනීමට, ආදරය කිරීමට, රැකියාවක් කිරීමට ,සාමාන්‍ය ආකාරයට ජිවත් වීමට හැකියාව සහා අයිතිය ඇති බව පෙන්වන්න . තමාට තම ආකාරයට ජිවත් වීමට සහ ක්‍රියාකිරීමට අන් අයගේ කතාවන් අදාළ නොවන බව ඔප්පුකර පෙන්වා ඔහුට ආත්ම අභිමානයක්ලබා දීම සාර්ථක යයි සිතේ.
සමාජයට අවශ්‍ය ආකාරයටත් සමාජයේ බහුතරයට අවැසි ආකාරයට රූකඩයක් ලෙස හැසිරීමටත් දරුවන්ට කියැදීම සැබවින්ම වැරදී සහගත වන අතර ඔබ කල යුත්තේ තම දරුවාට ඔහු හෝ ඇය වීමට උදවු කිරීමයි. එමගින් තමන්ගෙන් ඈත්වීමට නියමිත දරුවකු තමන් ලග ආදරයෙන් ඉන්නවා මෙන්ම අලංකාර ජිවිතයක් ගතකරන ඔවුන් දෙස බල ඔබට සතුටු වීමටද හැකිය. ඉතින් ව්‍යාජ රූකඩයක් ඔබ සමාජයට බිහිකරනවා ද? නැත්නම් අවංක පුද්ගලයකු සමාජගත කරනවද යන්න ඔබට සිතීමට බාර කරමි.
| ආසාධිත වින්දිතයා | එච්අයිවී සමග ජිවත් වන පුද්ගලයන් ගේ අයිතිවාසිකම් සහ විවිධ ලිංගික දිශානතීන් සහ සමාජභාවී අනන්‍යතාවයන් සහිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබද ක්‍රියාකාරිකයෙකි. |
![]() |
Voices & Changes අරමුදලේ
|
![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)