2023 අගෝස්තු 30.
තක්ෂිලා රණසිංහ විසිනි.
සමලිංගිකත්වය යනු ලිංගික දිශානතියකි. “පුද්ගලයකු ශාරීරිකව, ප්‍රේමණීයව, සහ/හෝ චිත්තවේගීයව තවත් පුද්ගලයකුට ආකර්ෂණය වන්නේ කාටද යන්න ලිංගික දිශානතිය යනුවෙන් හැඳින්වේ. ලිංගික දිශානතිය ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයෙන් වෙනස්වෙන අතර, ලිංගික දිශානතිය ප්‍රධාන වශයෙන්ම ලිංගික ආකර්ශනය, ලිංගික චර්යාව සහ ලිංගික අනන්‍යතාව යනුවෙන් අංග තුනකින් සමන්විත වේ.”
සමරිසිභාවය යනු එකම ලිංගයට අයත් මනුෂ්‍යයින් දෙදෙනෙකු අතර ඇතිවන ආකර්ෂණය වේ. මෙය ලිංගික නැමියාව (sexual orientation) ලෙස හදුන්වයි.1977 කාලය දක්වා ලෝකයේ පිළිගැනීම වූයේ මෙය මානසික රෝගයක් විදිහට.ඉන් පසු අද දක්වා කාලය තුල මෙය රෝගයක් ලෙස සලකනු නොලබයි. සමරිසි යනු එකම ලිංගයේ හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සාමාජිකයන් අතර ඇති ආදර ආකර්ෂණය, ලිංගික ආකර්ෂණය හෝ ලිංගික හැසිරීමයි. ලිංගික දිශානතියක් ලෙස, එකම ලිංගයේ පුද්ගලයින් කෙරෙහි “චිත්තවේගීය, ආදර / හෝ ලිංගික ආකර්ෂණයන්හිපවතින රටාවකි“.මෙම ලිංගික නැමියාව (sexual orientation) සාමාන්‍ය තත්ත්වයකි. චර්යාත්මක සහ සමාජ විද්‍යාවන්හි සහ සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය වෘත්තීන්හි දීර්ඝකාලීන එකඟතාවය නම් සමලිංගිකත්වය යනු මිනිස් ලිංගික දිශානතියේ සාමාන්‍ය සහ ධනාත්මක විචලනයකි. සමලිංගිකත්වය යනු මානසික ආබාධයක් නොවේ. APA, 1975)
ලෙස්බියන් කියන වචනය ආවේ කොහෙන්ද?
වර්ල්ඩ් හිස්ට්‍රි එන්සයික්ලොපීඩියා නැමති වෙබ් අඩවියේ ලෙස්බියන් කියන වචනය සැපෝ නැමති කිවිදයගේ ජීවිතයට සම්බන්ධ කර තිබෙනවා. පුරාණ ග්‍රීසියේ ජීවත් වූ සැපෝ නැමති මේ කිවිදියගේ තම ජීවිතය ගතකරන්නේ ලෙස්බෝ නමින් හැඳින්වූ ග්‍රීක් දූපතෙයි. සැපෝ ගේ කවි වල තියෙන්නේ යුවතියන්ගේ ජීවිතය, කාන්තාවන්ගේ පියකරු බව වගේ ගැහැණු ආදරය ගැන. ඒ වගේම සැපෝ ගැහැණියට දක්වපු අනුරාගී ආදරය පිළිබඳව මේ කවි වල දැකගත හැකියි. ක්‍රී.පූ 570දී පමණ සැපෝ මිය යනවා. පසුකාලීනව ලෙස්බෝ දූපත්වාසී සැපෝ ලෙස්බියන් විදිහට නම් වෙන්නෙ ඇය ලෙස්බෝ වල වාසය කළා යන අදහස් ඇතිවයි. ඊට පසු ගැහැණු ගැන රචනා වුණු සෑම කාව්‍යය සාහිත්‍යයකම සැපෝ ගේ නම දක්වල තියෙන්නෙ ලෙස්බියන් කවිකාරියක් හැටියට. එතන ඉඳන් ගැහැනු අතර අනුරාගික ආදරය හැඳින්වීමට ලෙස්බියන් යන නම අද දක්වාම භාවිතා වෙන ආකාරය දකින්න පුළුවන්. ගැහැණු සමලිංගිකත්වයට ඇති ඉංග්‍රිසි යෙදුම වන්නෙත් ලෙස්බියන් යන්නයි. 19 වන සියවසේ අගභාගයේදී මෙය භාවිතයට පැමිණ ඇති බව දැකගන්න පුළුවන්.
නූතන ඉතිහාසයේ පළමු ලෙස්බියන් කාන්තාව වශයෙන් හදුන්වන්නේ ඈන් ලීස්ටර්. 1921 ජනවාරි 29 දින ඈන් ලීස්ටර් තමන්ගේ දින පොතේ සටහනක් තියෙනවා “මම වැඩියෙන්ම ආදරේ කරන්නේ පාරිශුද්ධ සරාගී බවට පමණක් වන අතර පෙරලා ඔවුන් විසින් මට දක්වන ප්‍රේමය ට හැර වෙනත් අයෙකුගේ ප්‍රේමයට මාගේ සිත් යන්නේ නැත.“ 1971 එංගලන්තේ බටහිර යෝර්ක්ෂයර් හි හැලිෆැක්ස් ගමේ උපදින ඈන් ප්‍රසිද්ධ වෙන්නේ දින පොත ලිවීම නිසා. ඇගේ මෙම දින පොත සමරිසි කාන්තා ආදරයේ ශුංගාරාත්මක බව ඉතා ප්‍රේමාන්විත ව ලෝකයා වෙත් විවර කරන මාවතක් වෙනවා. ඇගේ පෙම්වතියන් සමඟ ලබා ගත් අත්දැකීම්, සුරතාන්තය පිළිබඳ, ලිංගික ඉරියව්, සංකේත, සුවිශේෂ සංකේත අක්ෂර ආදියෙන් මෙම දින පොත සමන්විතයි. පිටු හත්දාහකට වඩා වැඩි ඇගේ දිනපොතේ සටහන් සමරිසි ස්ත්‍රීන් පිළිබඳ කරන සමීක්ෂණ වල අත් පොත බවට පත් වී තිබෙනවා. ඒ වගේම යුනෙස්කෝ ආරක්ෂිත ලේඛන ලැයිස්තුවටත් මෙය ඇතුළත් කර තිබෙනවා.
සමරිසි කාන්තාවන් පිළිබද සමාජය සිතන්නේ මොනවාද?
සමරිසිභාවය පිළිබදව අපි පාසල් අධ්‍යාපනය තුළ ඉගෙන ගන්නේ නැහැ. ඒ පිළිබදව දැනුම ලබා ගැනීමට ඇති ක්‍රම ඉතාම සීමිතයි. ඒ නිසා සමරිසි කානතාවන් පිළිබද වැරදි මත රාශියක් සමාජය තුළ පවතිනවා.
උදාහරණයක් ලෙස ලෙස්බියන් සම්බන්ධතාවයක් තුළ එක් සහකාරියක් පිරිමියෙකු ලෙස හැසිරිය යුතු බව සිතනවා. ලෙස්බියන් කාන්තාවන් අතරත් මේ වැරදි අදහස පවතිනවා. මේ වැරදි අදහස කොතරම් දුරදිග ගොස් ඇත් දැයි කිවහොත් ඇතැම් ලෙස්බියන් කාන්තවන් අකමැත්තෙන් පිරිමියෙකු ලෙස හැසිරීමටත්, ඇදුම් ඇදීමටත් පෙළඹෙනවා.
ලෙස්බියන් සම්බන්ධතාවයක් තුළ පිරිමි ගැහැණු චරිත සිටිය යුතු බව සමාජය සිතන්නේ ඒ දෙස විෂම ලිංගිකත්වය මුල් කොට ගෙන සිතන නිසායි. සමාජ බලාපොරොත්තු වන්නේ ලෙස්බියන් සම්බන්තාවයක් තුළත් බලය ඇති පිරිමියා සහ බලය නැති ස්ත්‍රී චරිත නිරූපණය විය යුතු බවයි. මෙය ලෙස්බියන් සම්බන්ධතාවල ප්‍රචණ්ඩත්වය ඇති වීමටත් මුල් වෙනවා.
සමරිසි කාන්තාවන් ලිංගික අසහනයෙන් පෙළෙන අය ලෙසත්, විෂම ලිංගික ස්ත්‍රීන්ව ලිංගික ඇසුරට පොළඹවා ගැනීමට යොමු වන බවත් සමාජයේ මතයක් පවතිනවා. ලිංගික ඇසුරකදී මූලික වන්නේ කැමැත්තයි. සමරිසි කාන්තාවන්ටද කැමැත්ත අදාල වේ. ඒ නිසා ලෙස්බියන් කාන්තාවන් ලිංගික අසහනයෙන් පෙලෙන, ලිංගික ඇසුරට බලෙන් ස්ත්‍රීන් පොළඹවා ගන්නා අය නොවේ.
ශ්‍රී ලංකාවේ ලෙස්බියන් ස්ත්‍රීන් සිටිනවාද?
සෑම ජනගහනයකම ඕනෑම ලිංගික දිශානතියක් සහිත පුද්ගලයන් සිටියහැකියි. ශ්‍රී ලංකාවේත් ලෙස්බියන් ස්ත්‍රීන් ජීවත් වනවා. 80 දශකයේ අග සිට ලෙස්බියන් ස්ත්‍රීන් පොදු අවකාශය තුළ සංවිධානය වීම දකින්න පුළුවන් 90 දඔකය වන විට විමෙන් සපෝර්ට් ගෲප්(WSG) නැමති සංවිධානය ආරම්භ වී තිබෙනවා.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ පවතින සමාජ සංස්කෘතික සීමාවන් නිසා ලෙස්බියන් ස්ත්‍රීන්ට නිදහසේ ජීවත් වීමට නොහැකි බව දත්ත මතින් පෙන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සමරිසි ස්ත්‍රී, සමරිසි පුරුෂ, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් (එල් ජී බී ටී)කෙරෙහි පවතින අවමන් සහගත සැලකීම් සහ වෙනස් කොට සැලකීම් පිළිබඳ දර්ශකය(ඊක්වල් ග්‍රවුනන්ඩ්2011) ශ්‍රී ලංකාවෙ ස්ත්‍රී සමලිංගික ද්වි ලිංගික ට්‍රාන්ස් පුද්ගලයින් ප්‍රකාශ කරන පරිදි වෙනස්කොට සැළකීම සහ හිංසනය පිළිබද අත්දැකීම්(කාන්තා ක්‍රියාකාරි කණ්ඩායම2014)යන පර්යෙෂණ මගින් ද ශ්‍රී ලංකාවේ ලෙස්බියන් ස්ත්‍රීන් සිටින බව තහවුරු කර ඇත.
International Journal of Science, Engineering and Management (IJSEM) Vol 5, Issue 10, October2020 මෙම පර්යෙෂණයට අනුව ලංකාවේ ලෙස්බියන් කාන්තාවන්
| ප්‍රදේශය | කොළඹ | නුවර | මාතර | නුවර එළිය |
| සංඛ්‍යාව | 92 | 20 | 14 | 15 |
(https://www.technoarete.org/common_abstract/pdf/IJSEM/v7/i10/Ext_56410.pdf)
ලාංකික සමරිසිකාන්තා ඉතිහාසය පිළිබදව සමාජ ක්‍රියාකාරී දමිත් චන්දිමාල් දැක්වූ අදහස්
ලංකා ඉතිහාසය තුළ සමරිසි කාන්තාවන් පිළිබඳ ලොකු ව ඉතිහාසයක් දැක ගන්න හැකියාවක් නෑ. නමුත් අතීතයෙහි ඇතැම් ප්‍රදේශ වල බත් ගහනවා එවැනි ආකාරයේ වදන් භාවිතා වී තිබෙන ආකාරයක් දකින්න පුළුවන්. එයින් අදහස් වන්නේ ලෙස්බියන්කාන්තාවන් සම්බන්ධවයි. යටත් විජිත නීතිය යටතේ පිරිමි සමරිසි සම්බන්ධතා නීතියෙන් තහනම් කෙරුණ ද කාන්තා සමරිසි සම්බන්ධතා පිළිබඳ නීතියක් ගෙන එන්නේ 1995 දීය. ලංකාවේ 50/60 දශකයෙ කාන්තාවන් අතර ලිංගික ක්‍රියා පිළිබඳ තොරතුරු තිබෙනවා. බෞද්ධ සාහිත්‍යයේ විනය පිටකයේත් භික්ෂුණී ශාසනය තුළ මෙවැනි සම්බන්ධතා වලින් වැළකී සිටීම පිළිබඳ තොරතුරු මද වශයෙන් තිබෙනවා දකින්න පුළුවන්. 1998/99 කාලවකවානුවේ පළමු ලෙස්බියන් සම්මේලනය ලංකාවේ පැවැත්වීමට උත්සාහ කළා. නමුත් එය දැඩි විරෝධතාවන් හමුවේ අසාර්ථක වනවා. P. අලස් නැමති පුවත්පත් පාඨකයෙක් මෙම සම්මේලනයට විරුද්ධව ලිපියක් ලියනවා. මෙය කාන්තා අසහනය ලෙස දක්වා සියලුම සමරිසි කාන්තාවන් එක් තැනකට එක් කොට සමූහ දූෂණයට ලක් කළ යුතු බව දක්වා තියෙනවා. මෙම ලිපියට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර එම ලිපිය පළ කළ පුවත්පත් නිදහස් වන අතර පැමිණිලි පාර්ශ්වය පරාජයට පත්වෙනවා. ඉන්පසු women support group ආයතනය ආරම්භ කරයි. COG ආයතනයෙන් ලෙස්බියන්/ද්වීලංගික ඇතුළු කාන්තාවන් පිළිබද ව්‍යාපෘතියක් කරනවා. මේ විදිහට ලංකාව තුළ සමරිසි කාන්තාවන් පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් නොමැති බව දකින්න පුලුවන්
සමරිසි කාන්තාවන්ට ලංකාවේ ඇති තැන
ශ්‍රි ලංකීක සමාජය තුළ අතීතයේ සිට සමරිසි කාන්තාවන් සිටි නමුත් ඔවුන් විවෘත වීමක් වර්තමානයට සාපේක්ෂව දකින්න ලැබෙන්නෙ නෑ. වර්තමානයේදීත් සමරිසි කාන්තාවකට තමන්ගේ අනන්‍යතාව කැමති විදිහට එළි කිරීමේ හැකියාවක් නෑ. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක ලෙස්බියන් කාන්තාවකට ඉතා අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. බටහිර රටවල් වලට සාපේක්ෂව දැඩි සංස්කෘතික රාමුවක් තියෙන ලංකාව වැනි රටක ලෙස්බියන් කාන්තාවන්ට නිදහසේ සමාජගත වෙන්න ඉඩක් නෑ. ඒ වගේම තමන්ගෙ පවුලට සමාජයට විවෘත වන කාන්තාවන්ට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න සිද්ද වෙන්නෙ ඉතා පීඩාකාරී තත්ත්වයකට. ඇතැම් අවස්ථාවලදී තම දරුවන් තේරැම් ගත් දෙමාපියන් දකින්න පුළුවන්. එම දෙමාපියන් තම දරුවන්ගේ අනන්‍යතාව පිළිගෙන කටයුතු කිරීම සාධනීය කරුණක්.LGBTQ ප්‍රජාවේ සංවිධාන ගතවීමත් එක්ක සමරිසි කාන්තාවන්ට රැකවරණයක් තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමක් මේ වනවිට දකින්න පුළුවන්.
තවමත් ලංකාවෙ සමරිසි කාන්තාවන්ට ඇති ස්ථානය ඉතා පහත් තැනක තියෙන්නෙ. ඒත් එම තත්ත්වයට අභියෝග කරමින් වර්තමාන තරුණ ප්‍රජාවේ නැගීසිටීම සතුටට කාරණයක්. සංවිධාන ගත වීම ,සමාජ මාධ්‍ය භාවිතය, පුද්ගල ලිංගික දිශානතිය පිළිබද තියෙන දැනුවත්භාවය කියන කරුණු මත ලාංකික ලෙස්බියන් කාන්තාවන්ට සාධාරණයක් ලබා ගැනීමට අවශ්‍ය කරන ශක්තිය ලැබිල තියෙනව. එම නිසා ලෙස්බියන් කාන්තාවන්ට ලංකාවේ තියෙන තැන ගැන සතුටු වෙන්න බැරි උනත් අතීතයට වඩා යම් මට්ටමක සාධනීය භාවයක් දකින්න පුළුවන්.තමන්ගෙ කැමැත්තෙන් පවත්වගෙන යන ලෙස්බියන් සබදතා වරදක් නොවන බවත් ලාංකික අධිකරණයක් මගින් එය අපරාධයක් ලෙස දැක්වීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මගින් විශේෂ තීන්දුවක් ලබාදී තිබීම ලාංකික ලෙස්බියන් කාන්තාවන්ට කොළ එළි දැල්වීමකි.
සමරිසි කාන්තාවක් වීම හිංසනයට හේතුවක්ද?
ලංකාව වගේ දූපත් රටක විවිධ ලිංගික දිශානතීන්ගෙන් යුක්තව ඉපදීමම පාපයක්.සංස්කෘතිය, ආගම, සම්ප්‍රදාය, වැනි රාමූන් මගින් මානුෂීය හැගීම් යටපත් කරල තියෙන විදිහ දැකගන්න පුළුවන්. කාන්තාවක් වීම නිසාම ගර්හාවට, පහත් කොට සැලකීම ආදියට කාන්තාවන් ලක් වෙනව බහුලව දකින්න පුළුවන්. පුරුෂ මූලික සමාජයක් ලංකාවෙ තියෙන එකත් මේ කාන්තා හිංසනයට හේතුවක් විදිහට දක්වන්න පුළුවන්. මනුෂ්‍යයකුට තමන්ගෙ ලිංගික අනන්‍යතාව පිළිඅරන් විවෘතව ජීවත් වෙන්න ලැබෙන එක අයිතිවාසිකමක්. ලෙස්බියන් කාන්තාවක් කියන්නෙත් එක ලිංගික දිශානතියක්. නමුත් ලාංකික සමාජ තුල එය පාපයකි,අනාචාරයකි,විකෘතිතාවකි එහෙමත් නැතිනම් පවතින සමාජ ක්‍රමයට පිටින් යෑමකි. තම අනන්‍යතාව රැකගෙන යම් කාන්තාවක් ජීවත් වෙන්න උත්සහ දැරැවොත් මුලින්ම ප්‍රහාරය එල්ල වන්නේ පවුල ඇතුලෙන්. ඊටපස්සෙ ජීවත් වන වටපිටාවෙන් විවිධ බලපෑම් එල්ල වෙනව දකින්න පුළුවන්. විෂම ලිංගික සබදතා ඇතුලෙත් කාන්තාවන් හිංසනයට ලක්වෙනව නිරන්තරයෙන් දැකින්න තිබෙනව.පොදුවේ ගත් කල කාන්තාවක් වීම ම ලංකාව වගේ රටක හිංසනයට පහසුවක්.
බොහෝ ලෙස්බියන් කාන්තාවන් තමන්ගෙ අනන්‍යතාව හෙළි කරල පිටතට නොපැමිනෙන්නේ මූණදීමට සිදුවන විවිධ තාඩන පීඩන නිසා.ඒ නිසා ලාංකික සමාජය ඇතුලෙ ලෙස්බියන් කාන්තාවන් බොහොවිට සැගවී සිටින ආකාරයක් දකින්න පුළුවන්.යම් හෙයකින් සමරිසි කාන්තාවකගේ අනන්‍යතාව පවුලට හෝ සමාජයට නිරාවරණය උනොත් එම කාන්තාවට කායික,මානසික,වාචික හිංසනයන්ට ලක් වෙන්න වෙනව.එපමනකින් නොනැවතී විරුද්ධ ලිංගිකයන් හට විවාහ කරදීම වගේ බලහත්කාරී ක්‍රියා සිදුකරනව දකින්න පුළුවන්.වාර්ථා වූ මෙන්ම වාර්ථා නොවු සිදුවීම් ඕනෑ තරම් සමාජය තුල තිබෙනවා.මෙවැනි විවාහ නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය,මත්පැන් භාවිතයට මෙන්ම විවිධ අපයෝජන වලට යොමු වීම දැකගත හැකිය.ඓසේම සියදිවි නසාගැනීම් පවා වාර්ථා වී ඇති බව පර්යේෂණ වාර්තා මගින්ද පෙන්වා දී ඇත. (ශ්‍රී ලංකාවේ ස්ත්‍රී සමලිංගික,ද්වී ලිංගික,ට්‍රාන්ස් පුද්ගලයින් ප්‍රකාශ කරන පරිදි වෙනස් කොට සැලකීම සහ හිංසනය පිලිබද අත්දැකීම් 2014 මාර්තු, කොළඹ, කාන්තා ක්‍රියාකාරි කණ්ඩායම )
පුරුෂයින්ට සාපේක්ෂව කාන්තාවන් සමරිසි භාවය හේතු කරගෙන විශාල වශයෙන් හිංසනයට ලක් වෙනව දකින්න පුළුවන්.මෙතනදි ස්ත්‍රි පුරුෂ සමාජභාවය වැඩියෙන් බලපාන බවත් දකින්න තිබෙනව.යම් කාන්තාවක් තම ලිංගික නැඹුරුව තමා විසින්ම විවෘත කලයුතු අතර නැතිනම් පවුලේ හෝ සමීපතමයන් විසින් අනාවරණය කරගනු ලබයි. කුමන ආකාරයකින් ලිංගික දිශානතිය විවෘතවීම සිදු වුවත් ලාංකික සමාජයෙ පවුල් වලින් ලැබෙන ප්‍රතිචාරය පහර දීම , වාචික හිංසනයට ලක් කිරීම,චිත්තවේගීය හිංසනයට ලක් කිරීම ආදියයි.එසේ හිංසනයට ලක් වු සමරිසි කාන්තාවන්ගේ අත්දැකීම් හා ඒ පිළිබදව සමාජයේ වගකිවයුතු අංශ නියෝජනය කරන අයගේ අදහස් දක්වා තිබේ .
වයස 20යි. වයස 17 දී පමණ ඇය තම ලිංගික නැඹුරුතාව පිළිබදව හදුනාගෙන තිබේ.ඇයට වඩා වසර කීපයක් වැඩිමහල් තරුණියක් සමග ප්‍රේම සබදතාවක් පවත්වාගෙන යන අතරතුර එය නිවසට අනාවරණය වනවා.මෙම අනාවරණය වීමත් සමග ඇයට පවුලේ සාමාජිකයින් වෙතින් දරුණු වදහිංසා වලට ලක් වීමට සිද්දවෙලා තියෙනවා.
“මට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් තිබුණෙ. මගෙ ෆෝන් එක ගෙදරින් ගත්ත.යාලුවෙකුටවත් පණිවිඩයක් යවාගන්න විදිහක් තිබුනණෙ නෑ මගෙ මූණට කොට්ටෙ තියල තද කරල මාව මරන්න හැදුව.හැමෝම මගෙ දිහා බැලුවෙ ලෝකෙ තියෙන දරැණුම අපරාධය මං කරපු විදිහට.මට මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ලඟට යන්න ඕනෙ උනා.ඊට පස්සෙ මාව ගෙදරින් එළියට දැම්ම එයා ලඟට යන්න කියල හැබැයි මගෙ ජාතින හැදුනුම්පත ඇතුළු හැම ලියකියවිල්ලක්ම එයාල තියාගත්ත. මම මොකුත්ම නැතුව හිස් අතින් එයා ලගට ගියෙ.ඊට පස්සෙ අපේ පවුලෙ අය අපිට විරැද්ධව පොලිසි ගිහින් පොලිසිය හරහා මාව රෝහලෙ මානසික රොග වාට්ටුවෙ නතර කළා.වෛද්‍යවරයෙක්ගේ දැනුවත් කිරීමක් මත LGBTQප්‍රජාව නියෝජනය කරන ආයතනයක සහය ලබාගන්න මට පුලුවන් උණා.එයාලගෙ නීතීඥයො හරහා මට අවශ්‍ය නීතිමය කටයුතු ඔක්කොම කරල දුන්න. තාමත් මට ඉන්න තැනක් නෑ. ගෙදරින් එළියට දාල ඉන්නෙ මාව “
අනූෂා සෙව්වන්දි : ඇය උපාධිධාරිනියක් වන අතර විවාහයෙන් වෙන්වූ එක්දරැ මවක්.අනූෂා තමන්ගේ ලිංගික දිශානතිය හදුන ගන්නෙ ඇයට වයස 30ත් පසු වූ විට සුදුසු සහකාරියක් ලැබුනත් ඒ ගැන ගෙදර සාමාජිකයින් දැනගන තිබෙනවා.
“මගෙ සම්බන්ධය ගැන ගෙදරින් දැනගත්තට පස්සෙ මම ඇත්ත කියනව ගෙදරට. මට දැනෙන දේවල් ඇයි මම මෙහෙම සම්බන්ධයක් පටන් ගත්තෙ කියන ඒ්ව පැහැදිලි කරල කිව්වත් මාව ගෙදරින් ප්‍රතික්ෂෙප කෙරැව.පොලිසි යන්නත් හැදුව මට විරැද්ධව. ඒ විතරක් නෙමයි වාචිකව මානසිකව ගොඩාක් හිංසනයට පත් කරනව තාමත්.රස්සාව කරගන්නත් අමාරුයි ළමය බලාගන්න බෑ කියල තර්ජනය කරනවා. ගෙදර අය කියන්නෙ මට ලිංගික අසහනය කියල. බලෙන් හරි මාව පිරිමි කෙනකෙුට බන්දන්න ඕනෙ කියනව. මම දැන් මගෙ සහකාරිය ඉන්න පැත්තෙ පදිංචියට යන්න හදන්නෙ තාම එහෙට යන්න මට ඒ පළාතෙන් රස්සාවක් හොයාගන්න බැරි උනා.ගෙදර ඉන්න හොදටම අමාරැ තත්ත්වයක් දැන් තියෙන්නේ”
කාන්තා පාසලක ගුරැවරියකගේ අදහස්
“අපිට දැනුනොත් ඒ වගේ සම්බන්ධකමක් ගැන ඒ ළමයින්ට දැනේන්න පොදුවේ කතාකරනව හැමොටම ඒ වගේ සම්බන්ධකම් ගැන. ඒ වගේම ඒ ළමයින්ව ගෙන්නල තදින් අවවාද කරනවා. මොකද මේ සම්බන්ධකම් අපේ සංස්කෘතියට ගැළපෙන්නනෙ නෑ. ගුරුවරු බහුතරයක් හිතන්න එහෙම”
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී සමලිංගික, ද්වී ලිංගික, ට්‍රාන්ස් පුද්ගලයින් ප්‍රකාශ කරන පරිදි වෙනස් කොට සැලකීම සහ හිංසනය පිලිබද අත්දැකීම් 2014 මාර්තු, කොළඹ, කාන්තා ක්‍රියාකාරි කණ්ඩායම , මෙම පර්යේෂණයට සහභාගි වූ සමරිසි කාන්තාවන් සියළු දෙනාම පාහේ කුමනම හෝ හිංසනයකට ලක්වෙලා තියෙනව.පවුලෙන් සිද්ද වෙන අඩම්තේට්ටම් වගේම සමාජයෙනුත් ලෙස්බිටන් කාන්තාවන්ට දැඩි වාචික හිංසනයන්ට ලක් වනේන සිද්ධවෙනව.”ආප්ප ජෝඩුව” වැනි වචන භාවිත, වෙනස් කොට සැලකීම,ඇතැම් අවස්ථාවල සිදුවී ඇති පහර දීම් ආදි සියළු ක්‍රියාවලට හේතුව වෙන්නේ සමරිසි කාන්තාවක් වීමයි. පවුල තුලින් වන හිංසනයන් වලදී වැඩිපුර සිද්ධවෙන හිංසන ක්‍රියා විදිහට, නිවාස අඩස්සියේ රදවා තැබීම, පොලීසි රැගෙන යෑම,පහර දීම, මනෝ වෛද්‍යවරැ වෙත යොමු කිරීම, නිවසින් පිටමං කිරීම ආදිය දැක්වන්න පුළුවන්.
සමලිංගික ඇසුණු සැනින් දරු කැක්කුම ගහන පොලීසියට වත්තල අධිකරණයෙන් කන පැලෙන්න උත්තරයක්!“
මෙම ශීර්ෂය යටතේ පළවූ ලිපියේ සමරිසි වීම හේතු කරගෙන තරුණියන් දෙදෙනෙකු හිංසනයට ලක්වූ ආකාරය දක්වා ඇත.
එයට අනුව මෙම තරුණියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම දක්වා ක්‍රියාවලියේදී විවිධ හිංසනයන්ට ලක්ව තිබේ. සමරිසි පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැඩි බව දකින්න පුළුවන්.ස්ත්‍රී පුරැෂ සමාජභාවය මේ වගේ අවස්ථාවලදී දැඩිව බලපාන බව පැහැදිලිය. සමරිසි භාවයට වඩා කාන්තාවක් වීම කියන කාරණය හිංසනයන් සිද්ධ වෙන්න බලපාල තියෙන බව දකින්න තිබනව.
සමරිසි කාන්තා හිංසනයට නීතියේ පිහිට කොහිද? සැබැවින්ම එය හිංසනයට කරුණක්ද?
365/ 365අ වගන්ති වලට සම්බන්ධ වැරදි යොදාගනිමින් විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවට පොලීසියේ විවිධ අඩත්තේට්ටම් වලට ලක්වීමට සිදුවීම බොහෝ කාලයක සිට සිද්ද වෙනව. 2014, 2017 සහ 2019 යන වර්ෂ වල විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ගේ මානව හිමිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සුරක්ෂිත වී ඇති බවත්, පවතින නීතිය හරහා ඔවුනට වෙනස්කොට සැලකීම් සිදුකළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් වරින් වර තහවුරු කර තිබේ. සමීපතම සිදුවීම ලෙස 2022 මාර්තු මස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක විසින් ගොනුකළ පැමිණිල්ලකට අනුව කාන්තාවන්ට එරෙහි සියළු අන්දමේ වෙනස්කොට සැලකීම් වලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ (Committee on the Elimination of All Forms of Discrimination Against Women: CEDAW) විභාගයට ගැණුනු නඩුව සැලකිල්ලට ගත හැකි අතර, එහිදී ශ්‍රී ලංකා රජය නියෝජනය කළ පාර්ශවය නැවත වරක් තහවුරු කර සිටියේ ලිංගික දිශානතිය මත පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන නීතියක් ශ්‍රී ලංකාවේ නොමැති බවත්, එසේ තිබෙන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බවත් ය.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ හරහා විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට සිදුවන අසාධාරණය හමුවේ එම වගන්ති අවලංගු කරන ලෙස ද ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
” සමරිසි වීම ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී නැහැ. සමරිසි, ද්විරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී වීම තහනම් කිරීමට කිසිදු නීතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කෙසේවෙතත්, අපගේ දණ්ඩ නීති සංග්‍රහය විසින් ඇතැම් ලිංගික ක්‍රියා සහ හැසිරීම් තහනම් කොට තිබෙනවා එම ක්‍රියාවන්ට සම්බන්ධ වන පාර්ශවයන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කුමක් වූවත්. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ක්‍රියාත්මක වන නීති තමයි දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති.”නීතීඥ අරිත වික්‍රමසිංහ
සමාජයේ සමරිසි කාන්තාවන්ට මොන විදිහෙ බලපෑමක් තිබුනත් හිංසනය සම්බන්ධයෙන් මූලික මානව හිමිකම් යටතේ නීතියේ පිහිට ලබා ගන්න පුළුවන්.එයට හොදම උදාහරණය තමයි ලිංගික දිශානතිය මත වෙනස්කොට සැලකීම් සිදුකිරීම නිසා 23 හැවිරිදි කාන්තාවක් ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබීම. නමුත් ගැටළුව වෙන්නේ මේ පිළිබඳ (නීතිය) කොයි තරම් පිරිසක් දැනුවත්ද ඒ වගේම තමා වෙනුවෙන් පෙනී සිටිනවාද යන්නයි .. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 365 / 365අ වගන්ති පවා නිවැරදිව නිර්වචනය කොට නැත.එබැවින් සමරිසිභාවය හේතු කොටගෙන කාන්තාවන් හිංසනයට පත් කළ නොහැක.එමෙන්ම එසේ හිංසනයට පත් උවහොත් ඒ සදහා මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන්න පුළුවන් . නීතිමය කරුණු පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබේ නම් තම ලිංගික අනන්‍යතාව රැකගෙන හිංසනයට ලක් නොවී හෝ හිංසනයට ලක් වුණි නම් ඒ සදහා සාධාරණයක් ඉටු කර ගත හැක.අවසාන වශයෙන් කිව හැක්කේ සමරිසි කාන්තාවක් වීම හිංසනයට ලක් වීමට හේතුවක් නොවන අතර නීතියේ පිළිසරණ මූලික අයිතිවාසිකම් යටතේ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පනත යටතේ තමන්ට වන හිංසනයන්ට විරුද්ධව ක්‍රියා කිරීමට ලෙස්බියන් කාන්තාවන්ට පුළුවන්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මුල්කරගෙන මෙම පනත සකස් කර නැත. මෙම පනත යටතේ සමානාත්මතාවය පදකම්කරගෙන සහනයක් ලබාගත හැකියි. පවුලෙන් හෝ තමන්ගේම ලිංගික සහකාරිය අතින් සිදුවන ඕනෑම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකට සාධාරණත්වයක් ලබා ගැනීම මේ පනත යටතේ හැකියි. එම නිසා සමලිංගික කාන්තාවක් වූ පමණින් හිංසනයට ලක් වීමට නොහැකි අතර ඒ සඳහා නීතිමය උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් බොහෝ විට සිදු වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මුල්කර කරගෙන බොහෝ අවස්ථාවල සමරිසි කාන්තාවන්ට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්න සිදු වීමයි. එවැනි අවස්ථාවල දී නීතිය පිළිබඳ නොදැනුවත් භාවය නිසා අගතියට පත්වන කාන්තාවන් සිටිනවා. එසේම නීතිය හමුවට ගොස් තමන්ට සාධාරණයක් ඉටු කරගන්නා සමරිසි කාන්තාවන්ද ශ්‍රී ලංකාවේ සිටින බව මහබාගයේදී සිදු වූ සිදුවීම් වැනි සිදුවීම් වලින් දැක ගන්න පුළුවන්. එනිසා සමරිසි කාන්තාවක් වීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීමට හේතුවක් නොවන බව දක්වන්න පුළුවන්. එසේ යම් කිසි හිංසනයකට ලක් වුණොත් ඒ සදහා නීතිමය රැකවරණයක් ලබා ගැනීමේ හැකියාව පවති.


