2020 මැයි 25
භීතිය සහ භීතිකාව
වසර 2005 සිට සෑම වසරකම මැයි 17 වෙනි දින ජාත්‍යන්තර සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාවට එරෙහි දිනය ලෙස ලොව පුරා සමරනවා. (International Day Against Homophobia, Bi-phobia, Trans-phobia) වසංගත තත්ත්වය යටතේ මෙවර එයට වැඩි අවධානයක් යොමු නොවුනත්, එදිනෙහි ඇති වැදගත්කම අඩු වෙන්නේ නැහැ. 1990 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එතෙක් පැවති රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයෙන් (International Classification of Diseases/ ICD) සමලිංගික ආකර්ෂණය ඉවත් කිරීම සමරනු වස් ලොව පුරා මේ දිනයේදී විවිධාකාරයේ වැඩසටහන්, දැනුවත් කිරීම් දියත් වෙනවා. (ICD යනු වසංගත රෝග විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය සහ සායනික අරමුණු සඳහා රෝග විනිශ්චය සඳහා ගෝලීයව භාවිතා කරන මෙවලමක්. )
කෙනෙකු කිසියම් ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් (Gender) ඇති පුද්ගලයන්ට ශෘංගාරාත්මක/භාවාත්මක (Romantic/Emotional), මානසික (Mental), සහ ලිංගික/ශාරීරික (Sexual /Physical) ලෙස දිගු කාලීනව ආකර්ෂණය (Attraction) වීමේ රටාව ලිංගික දිශානතිය (Sexual Orientation) ලෙස හඳුන්වනවා. මේ පිලිබඳ දැනුමක් නැති අය සිතන්නේ ලිංගික දිශානතිය යනු ‘ලිංගික ආකර්ෂණය’ මත පමණක් තීරණය වන දෙයක් ලෙසයි.
ලිංගික දිශානතිය යන්න තේරුම් ගැනීමේ දී දිගු කාලීනව පවතින රටාවක් වීම අතිශයින් වැදගත්. කෙනෙකු අත් හදා බැලීමට, හෝ කිසියම් තාවකාලික තත්වයන් තුළ සිදු කරන ලිංගික හැසිරීමකට වඩා ජීවිතයේ දිගු කාලයක් පවතින ශෘංගාරාත්මක, මානසික, සහ ලිංගික ලෙස ආකර්ෂණය වීමේ රටාවන් මත ලිංගික දිශානතිය තීරණය වෙනවා
සාම්ප්‍රදායික ලෙස ලිංගික දිශානතිය කොටස් 4කට බෙදුනත් ලිංගික අනන්‍යතාවය විවිධ ලෙස පවතිනවා. මන්ද එය අතිශය පුද්ගලික කාරණාවක් නිසා. කෙනෙකුගේ ලිංගික දිශානතිය වෙන කෙනෙකුට එම පුද්ගලයා දෙස බලා, එම පුද්ගලයාගේ හැසිරීම්, කතා විලාශය හෝ එම පුද්ගලයාගේ ලිංගික ක්‍රියාකාරකම් මත පමණක් දෙස බලා විනිශ්චන කරන්නට බැහැ. විෂමලිංගිකත්වය (Heterosexual), සමලිංගිකත්වය (Homosexual), ද්විලිංගිකත්වය (Bisexual), අලිංගිකත්වය (Asexual) ලෙස ලිංගික දිශානතිය මුලිකව බෙදුනත් ලිංගික අනන්‍යතා විශාල ප්‍රමාණයක් පුද්ගලයන් විසින් හඳුනා ගන්නවා.
මොනයම් හෝ ලිංගික දිශානතියක් ඇති වීමට හේතු වන කාරණය කුමක් දැයි විද්‍යාඥයන් විසින් හරියටම සොයා ගෙන නැහැ. නමුත් විද්‍යාඥයන් විසින් දරන පොදු මතය වෙන්නේ ලිංගික දිශානතිය ඇති වන්නේ ජානමය, කායිකමය, හෝමෝනමය, සහ පාරිසරික බලපෑම්වල සංකීර්ණ එකතුවක් ලෙස බවයි.
එසේනම්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසුන් සමකාමීත්වයට, ද්වීකාමීත්වයට හෝ සංක්‍රාන්ති සමාජභාවටය ‘භීතියක්’ දක්වන්නේ ඇයි ?
‘බිය’ (Fear) සහ ‘භීතිකාව’ (Phobia) එකක් ලෙස පෙනුනද, ඒවා වෙනස්. කෙනෙකුට භීතියක් ඇති වීමට බිය හේතු වෙනවා .
බිය යනු කුමක්ද?
බිය යනු කෙටියෙන්ම තමන්ට තමන්ගේ පැවැත්ම සඳහා තර්ජනයක්, වේදනාවක් හෝ හානියක් ඇති වේ යැයි හැඟෙන විට ඇතිවෙන ස්වභාවික අප්‍රසන්න චිත්තවේගයකි. (Emotion) එමඟින් ඊට පසු මානසික හෝ ශාරීරික ප්‍රතික්‍රියා ඇති වන්නට පුළුවන්.
භීතිකාව යනු කුමක්ද?
භීතිකාව යනු කෙටියෙන් පුද්ගලයෙකුට යම් කිසි තත්ත්වයක්, ජීවියෙක්, ස්ථානයක් හෝ වස්තුවක් පිළිබඳ ඇති අතිශය සහ අතාර්කික ‘බිය’ නිසා ඇති වන අවුල් සහගත බවයි. (Anxiety) එය මානසික අබාධයක් (Disorder) වෙනවා. ලෝකයේ භීතිකාවන් විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා නැති කර ගැනීමට මනෝ චිකිත්සක ක්‍රම තිබෙනවා.
එමනිසා ‘සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාව’ යනු එම අනන්‍යතා නිසා තමන්ගේ පුද්ගලික හෝ සමාජයීය පැවැත්මට මානසික, ශාරීරික හෝ සමාජයීය තර්ජනයක්, වේදනාවක් හෝ හානියක් සිදු වේ යැයි ඇති භීතිකාවයි.
එහි ප්‍රතිඵල ලෙස සමකාමී, ද්වීකාමී හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට හෝ පුද්ගල කණ්ඩායම්වලට වාචික, මානසික හෝ ශාරීරික කොන්කොට සැළකීමටකට, වෙනස් කොට සැළකීමකට, අපහාස කිරීමකට, තර්ජනය කිරීමකට, බිය වැද්දීමකට, ප්‍රචණ්ඩත්වයකට හෝ ජීවිත අහිමි වීමකට පවා මුහුණ දෙන්නට සිදු වෙනවා.
ලෝකයේ භීතිකාවන් බොහෝමයක් තිබෙන නමුත් කෙනෙකුට සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාවක් ඇති වීමට නිශ්චිතව සාධක නොමැත. එහෙත්, මුලික වශයෙන් පහත හේතුන් දෙක ගන්නට පුළුවන්.
(1) පුද්ගල, සමාජ හෝ සංස්කෘතිකමය නොදැනුවත්භාවය නිසා මතුවන බිය
(2) තමන් එසේ යැයි අන් අය හඳුනාගනී යැයි හෝ තමන් එසේ වීමට ඇති ඉඩ පිලිබඳ ඇතිවිය හැකි බිය (Internalized Homophobia)
මේ පිලිබඳ මෙම ලිපියේ දෙවැනි කොටසින් සාකච්ඡා කරමු.
තවද සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාව ඇති වන්නේ ලිංගික දිශානතිය (Sexual Orientation) හේතුකොටගෙන පමණක්ම නොවේ. එය ලිංගික ක්‍රියාව (Sexual Act) මුල්කොට ගත් බලය මුලික කරගත් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය (Gender) ගැටළුවක්ද වෙනවා. විශේෂයෙන්ම පුරුෂ මූලික සමාජ ක්රමයක. එය සමකාමී ප්‍රජාව තුළද විශාල වශයෙන් දක්නට ලැබෙනවා. සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාව ඇති සමාජය එය ලිංගික ක්‍රියාව මුල්කොටගෙන LGBT ප්‍රජාව අපහාසයට ලක් කිරීම හේතුවෙන්, LGBT ප්රජාවද තමන් ලිංගික ක්රියාවේ නොයෙදෙන අකෘතගත (Stereotype) විවාහයක බඳු සබඳතාවල පමණක් ලිංගික ක්රියාවේ යෙදෙන පිරිසක් සේ පෙන්වීමට උත්සාහ කරනවා. සහකරුවෙකු නොමැතිව පවත්වන නොයෙකුත් ලිංගික ක්‍රියාවන් ‘අපහාසාත්මකව ලේබල්’ කරන්නට පටන් ගෙන තිබෙනවා. එය හුදෙක්ම සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාවට මුහුණ දීමට ඒ ආකාරයට හැඩ ගැසීමක් වැනිය.
එබැවින් සමකාමී, ද්වී කාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාව ඇති වන්නේ හුදෙක් විරුද්ධ ලිංගික දිශානතියක් ඇති පුද්ගලයන් විසින් අනෙක් ලිංගික දිශානතියක් ඇති පුද්ගලයන්ට පමණක් නොවේ. එය ඕනෑම පුද්ගලයෙකුට ඇති වන්නට පුළුවන් සමාජයීය හා පුද්ගල හේතු නිසා ඇතිවන මානසික ආබාධයක්. සමාජයෙන් වසන් වී සිටින සමකාමියෙකුට, තමන් සමකාමියෙකු යැයි පිළිගැනීමට කැමති නැති පුද්ගලයෙකුට මෙන්ම තමන් සමකාමී වුවත් පුරුෂ මුලික ආකල්ප උත්කෘෂ්ඨයට නංවන්නට උත්සාහ කරන සමකාමී පුද්ගලයෙකුගෙන් වුවද එය මතු වන්නට පුළුවන්.
සමකාමී, ද්වීකාමී හෝ සංක්රාන්තිභාවී භීතිකාව නැති කිරීමට නම් ‘දැනුවත්භාවය’ ලබා දීම මෙන්ම ලබා ගැනීම වැදගත් වෙනවා. වෛරය නැති කරන්න ආදරය සේම දැනුම බෙදා ගන්න.
මුලාශ්‍ර –
අභ්‍යන්තරික සමකාමී භීතිකාව යනු කුමක්ද? (What is Internalized Homophobia?) (ඉංග්‍රීසි) – https://www.rainbow-project.org/internalised-homophobia
– ඩෙනී
සබැදි ලිපි
සමාජීය ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය යනු කුමක්ද?
ජාන සැකැස්ම විසින් සමහර අයව සමරිසි කරනවා, අපි ඉන්නේ දරුවෝ වදන්න නෙමෙයි දරුවො හදන්න – සෆ්රාන්