2019 පෙබරවාරි 12.
ඉමාෂා පෙරේරා විසිනි.
ශ්‍රී ලංකාව තුල පවතින ආගම මූලික කොටගත් සමාජය තුල විවිද ආගම් වලට අයත්, විවද සංස්කෘතීන්ට අයත් හා භූගෝලීය පසුබිම මත විව්ධාකාර ජිවන රටා වලට අයත් පවුල් තුල සංක්‍රාන්තික තරුණියන් සිටීම තුලින් ඇයගේ මවට එය දැනෙන ආකාරය හා ඇය පිලිබදව කතා කිරීමට සිතුවෙමි. අප දන්නා ආකාරයට තම දරුවා සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයෙකු වීම එම ස්ත්‍රී පුරුෂ සමජභාවය මත වෙනස්වන දරුවාට පමණක් නොව දරුවා විසූ අවට පරිසරයටද බලපානු ලබයි. දරුවා සංක්‍රාන්තික වීමත් සමගම ඇය හෝ ඔහු විසු පරිසරයද වෙනස් වීමකට භාජනය වේ. එනම් පවුල තුල සාමාජිකයන්, අවට අසල්වාසීන්, මිත්‍රයන්, නෑදෑයන් ඇතුළු ආශ්‍රය කරනු ලබන සියලු දෙනාද ඇයගේ සංක්‍රාන්තික වීම මත ඇය හා කටයුතු කරන ආකාරය වෙනස් වේ. මෙම හේතුන් මත සමාජයට එසේ වෙනස්වීමට නොහැකි වීම මත සංක්‍රාන්තික තරුණියන් සමාජයේ වෙනස්කොට සැලකීමට භාජනය වේ. මෙම වෙනස්වීමට හැඩගැසීමට මුලින්ම සිදු වනුයේ දෙමව්පියන් දෙපලට වන අතර සංක්‍රාන්තික තරුණියකගේනම් තම පුත්‍රයා දියණියක් වීමේදී එය මුලින්ම බලපානුයේ සංක්‍රාන්තික තරුණියගේ මවටය. මෙහෙදී ශ්‍රී ලංකාව තුල දී නම් බහුතරයක් මව්වරුන් තම පුත්‍රයා සංක්‍රාන්තික දියණියක් වීම ප්‍රතික්ෂේප කරන අතර එයට හේතු ගණනාවක් පාදක විය හැක. මූලිකවම ආගම් වපසරියට අනුව වන පවා සහ පින යන කාරණා මත ඇය බියට පත්වන අතර පවින් දරුවා මුදවාගැනීමට යැයි සිතා මෙම සංක්‍රාන්තික සමාජභාවය ප්‍රතික්ෂේපකොට අවවාද කරන ආතර, තරවටු කිරීමටද පෙළබේ. ඇයගේ සාමජිය මට්ටම, දැනුම් මට්ටම හා සංස්කෘතික මට්ටම මත මෙය වෙනස් වේ යැයි කොතෙකුත් අප සිතුවද බහුතරයක් කාන්තාවන් අසල්වැසි නිවෙසක හෝ නෑදෑ මිත්‍රාදීන්ගේ දරුවෙකු සංක්‍රාන්තික සමජභාවී පුද්ගලයෙකු වීම පිළිගත්තද මෙම කාරණාව තම නිවසේ යම් කෙනෙකුට සිදු වුවහොත් එය පිළිගනිමට මැලි බවක් හෝ ප්‍රතික්ෂේප කරනු ලබයි. නැවතත් ගත් කල ශ්‍රී ලංකාව තුල දරුවා සංක්‍රාන්තික සමජභාවී තරුණියක් වීම තමන්ගේ ජාණමය වැරද්දක් බවත් මව් පාර්ශවය සිතන අවස්ථාද වන අතර තමන් පෙර බවයේ කල පවක් මත තමන්ට මෙවනි දරුවන් උපත ලද බවද ඇය සිතයි. මෙහෙදී මෙම සංක්‍රාන්තික බව අනාවරණය වීමෙන් දරුවා පිළිගැනීමට හෝ නොපිලිගැනීමට ප්‍රථමයෙන් බහුතරයක් මව්වරුන් යාග හෝම, බලි තොවිල්, බෝධි පූජා, දෙවියන්ට කන්නලව් කිරීම, හදහන බැලීම වැනි දෑ කිරීමටත් පවුලේ අනෙකුත් පුරුෂ පක්ෂයට හා වැඩිහිටියන්ට මෙය සගවා දරුවා යතා තත්වයට ගෙන ඒමටත් සිතා කටයුතු කරයි. එනමුත් අතලොස්සක් පමණ මව්වරුන් තම දරුවාට තිබෙන ආදරයත් ඔහුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ඔහු සංක්‍රාන්තික සමජභාවී තරුණියක වීම පිලිබදව කිසිදු අමනාපයකින් තොරව බලන අතර දරුවා විසීමට කැමති ආකාරයෙන්ම දරුවා පිළිගනී. එනමුත් මෙහෙදීද ඇයට පවුල හා සමාජය සමග දරුවා වෙනුවෙන් විශාල සටනක් කිරීමට සිදු වේ. දරුවා මුලින් ප්‍රතික්ෂේප කරන මව්වරුන් අතරද එක කොට්ඨාශයක් කලක් ගත වීමත් සමගම නැවත තම දරුවා පිළිගැනීමට කැමති වන අතර මෙයට සංක්‍රාන්තික තරුණියගේ ජිවන රටාවද බලපානු ලබයි.
නමුත් නැවත හැරී බැලීමක් සිදු කළහොත් පෙනී යන්නේ තම දරුවා කුඩා කල සිටම ඔහුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කලේනම් ඇත්තෙන්ම ඔහුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ඔහුගේ අනන්‍යතාවය පහසුවෙන්ම හදුනාගැනීමට ප්‍රථමයෙන්ම හැකි වනුයේ මවටය. එයට හේතුවනම් බහුතරයක් පිරිමි දරුවන් කුඩා කල සිටම තම මව හා වැඩි ලෙන්ගතුකමක් තිබෙන අතර සැම විටම තම තොරතුරු මව හා පැවසීමයි. මාගේ සංක්‍රාන්තික මිතුරියන් කිහිපදෙනෙකුගේ මව්වරුන්ගෙන් ලද තොරතුරු කිහිපයක් වනුයේ කුඩා කල සිටම තම දරුවා තමන්ගේ ඇදුම් පැළදුම්, රුපලාවන්‍ය උපකරණ හා තම දියණියන්ගේ එනම් සංක්‍රාන්තික තරුණියගේ සහෝදරියන්ගේ සෙල්ලම් බඩු හා ඔවුන් සතු දේවල් වලට වැඩි ඇල්මක් දැක්වූ බවත් දරුවාට හැකි සෑම අවස්ථාවකදීම එම දේවල් පරිහරණයට යොමු වූ බවත්ය. එමෙන්ම මෙම මව්වරුන් පවසන ආකාරයට පාසල් අවදියේදී ඔහු තෝරාගත් විෂයන්, පාසල තුල ඔහුගේ හැසිරීමද වෙනස් වූ බවය. යහළුවන් උසුළු විසුළු කරන බව නිරන්තරයෙන් තමන්ට පැවසු බවත් දෙමව්පිය රැස්වීම් තුලදී ගුරුවරුන්ද තම දරුවාගේ යම් වෙනසක් තිබෙන බව පැවසු බවත්ය. තමන් එය දරුවාගේ අහිංසකකම, ඔතැනි ගතිය යැයි සිතු බවද එම මව්වරුන් මා හට පැවසිය. එපමණක් නොව ප්‍රථමික පන්ති තුලදී පිරිමි පාසලකනම් පිරිමි දරුවන් අවරුදු කුමාරිය ලෙස ඇදීම හා නර්තනයන් සදහා කාන්තාවන් ලෙසින් හැඩ ගැන්වෙන අතර තම දරුවට මව්වරුන් විසින්ම ආශාවෙන් හැඩ ගන්වා මෙම අවස්ථා සදහා යොමු කරනු ලබයි.
මෙසේ හැඩගැන්වෙන සෑම පිරිමි දරුවෙකුම අනාගතයේදී සංක්‍රාන්තික තරුණියක් නොවන අතර දිගින් දිගටම උසස් පෙළ දක්වාම තම කැමැත්තෙන්ම කාන්තා චරිත නියෝජනයට පෙලබෙනම් දරුවා පිලිබදව අවදානය යොමු කර ඔහුගේ ස්ත්‍රී පුරුෂ සමජභාවී අනන්‍යතාවය පිලිබදව සොයා බැලීම දෙමව්පියන් සතු වගකීමකි.එපමණක් නොව කුඩා කල සිට දරුවාට අවශ්‍ය සියලු දේ ලබාදීම හා ආදරය ලබා දීමද, තමන්ට අවශ්‍ය දේවල් කිරීමට දරුවා පෙලබවිම හා බලපෑම් කිරීම පමණක් සිදු නොකොට දරුවාගේ සැබෑ අනන්‍යතාවය තහවුරු කරගෙන දරුවාට සමීප වීම වැදගත් වේ. ඉහත කාරණාවන් එකිනෙකට ගොනු කර ගත් කල පසක් වන කරුණක් වනුයේ කුඩා කල සිටම සංක්‍රාන්තික තරුණියන් තමන්ගේ අනන්‍යතාවය අඩු වැඩි වශයෙන් දැන හෝ නොදැන බාහිර සමාජයට විවර කරන අතර මව එය නිරීක්ෂණය නොකිරීම තුලින් දරුවා වැඩීමත් සමග ඔහු තම ස්ත්‍රී පුරුෂ සමජභාවී අනන්‍යතාවය පැවසීමෙන් ඔහුව ප්‍රතික්ෂේප කරන බවය. දරුවාගේ ජීවනරටාව මුල සිටම අධ්‍යයනය කලේනම් මවට මෙය කලක් යත්ම පිළිගැනීමට අපහසු නොවන අතර මුලදී තරවටු කොට වෙනස්කිරීමට උත්සහ කලත් එය අසාර්ථක වීමත් සාර්ථක වීමත් මත ඇයට මෙය පිළිගැනිම පහසු වීමට ඉඩකඩ ඇත.
එයට හේතුවනම් මාගේ මිතුරියකගේ මවක් පැවසු ආකාරයට දරුවාගේ වෙනස්වීම නිරීක්ෂණය කල පසු සියලුම කාන්තා ආයිත්තම් ඇයගෙන් සැග වූ බවත් ඉන් ඇය සංක්‍රාන්තික වීමෙන් වැලකි සිටිනු ඇතැයි තමන් සිතු බවත් සංක්‍රාන්තික මිතුරිය ඉන් නොනැවතී ආදේශක භාවිත කිරීම තුලින් තමන් ඇයව තේරුම්ගත් බවත්ය.
කුඩා කාලයේදීම මෙය හදුනාගත්තද එය තම දරුවාගේ සංක්‍රාන්ති සමජභාවී අනන්‍යතාවය බව පිළිගැනීමට මව මැලි වන අතර හා ප්‍රතික්ෂේප කිරීමට හේතු ගණනාවක් බලපානු ඇත. එනම් උදාහරණයක් ලෙස තම සැමියාගෙන් මෙම හේතුව මත තමන්ට හා පවුලේ අනෙකුත් සාමාජිකයන්ට විය හැකි බලපෑම, පවුලේ අසමගිය හා තමන් සමග ස්වාමිපුරුෂයා අඩදබර ඇතිවීමට මෙය හේතු සාදකයක් වීමය. තවද සහෝදර සහෝදරියන් අතර අමනාපකම් ඇතිවීම හා දරුවන් අතර අසමගිය ඇති වීමද විය හැකි නිසාත් එක දරුවෙකුගේ සංක්‍රාන්තික සමජභාවී අනන්‍යතාවය නිසා තමන්ගේ අනික් දරුවන් සමාජයේ හිංසනයන්ට, ලජ්ජාවට, වෙනස්කොට සැලකීම් වලට භාජනය විය හැකියැයි සිතාය. කෙටියෙන් පැවසුවහොත් පවුලේ එක සාමාජිකයෙකුගේ අවශ්‍යතාවය හා අනන්‍යතාවය මත තම පවුලේ සියලු දෙනා සමාජය ඉදිරියේ හැල්ලුවට ලක් වේ යැයි බිය නිසා ඇය මෙම ස්වභාවය ප්‍රතික්ෂේප කරන අතර දරුවා රෝගී යැයි සිතා ප්‍රතිකාර දෙන අවස්ථාද වේ. එමෙන්ම සමාජය තුල තමන්ට, තම ස්වාමිපුරුෂයාට හා පවුලේ අනෙකුත් සාමාජිකයන්ට තිබෙන සාමජිය මට්ටම්, පිලි ගැනීම, ගෞරවය හා තත්වය මතද ඇය බියට පත්වෙනු ඇත. තවද ආගම, සංස්කෘතිය ගැනද ඇයට සිහියට එනු ඇත.මෙම කාරණා වලට අමතරව තම දරුවා සංක්‍රාන්තික සමජභාවි කාන්තාවක් වීම තුලින් දරුවාට ශ්‍රී ලංකික සමාජය තුල නින්දා, අපහස, කායික හිංසනයන්, මානසික හිංසනයන් හා වෙනස්කොට සැලකීම් සිදු විය හැකි බවත් තමන් නැති කාලයක තම සංක්‍රාන්තික දරුවාට යන කල දසාව දරුවා පවුල තුලින්ම තනි වේ යැයි බිය මත මාතෘත්වය තුලින් සිතා මෙය ප්‍රතික්ෂේප කරන අවස්ථාද වේ.
තම දරුවාගේ සංක්‍රාන්තික සමාජභාවී අනන්‍යතාවය ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගනිම යන කාරණා දිත්වයෙන් කිනම් දෙය සිදු කලද මව ඇයගෙන් බලාපොරොත්තු වනුයේ එක් දෙයකි එනම් කාන්තාවක් වීමෙන් සාර්ථක දිවි පෙවෙතක් ගෙවන ලෙසත් කිසිම අකටයුතුකමක්, නීතිවිරෝධී ක්‍රියාවක් හා තම නාමයට කැළලක් සිදුවන කිසිවක් නොකරන ලෙසටය. බහුතරයක් මව්වරුන් සිටින ආකල්පය හා සෘජු මතය නම් තම සංක්‍රාන්තික දියණිය සරණ පාවා ගන්නා තරුණයෙකු ලංකාව තුල නොමැති බවත් එම නිසා තම සංක්‍රාන්තික දියණිය ඔවුන්ගේ අතකොළුවක් පමණක් වන බව සිතීම නිසා ඇය පිලිබදව බියක් හා දුකක්ද ඔවුන් තුල වේ.සංක්‍රාන්තික වුවද තම දරුවා නිවැරදි මාර්ගය ඔස්සේ ගමන් කොට සාර්ථක වනවානම් මවක් නිරන්තරයෙන් තම දරුවාට ආශීර්වාද කරනු ඇත.
![]() |
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |


![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)