2019 පෙබරවාරි 14.
ඉමාෂා පෙරේරා විසිනි.
සියලු දෙනා දන්නා ආකාරයට සංක්‍රාන්තික කාන්තාවන් තමන්ගේ අනන්‍යතාවය සමාජයට විවර කල පසු ඇය සමාජයේ තනි පුද්ගලයෙකු වශයෙන් වෙන් වී හුදෙකලා වනු ඇත. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ආගම් වපසරිය, පුද්ගල ආකල්ප, දේශපාලනික හා සමාජීය වපසරිය මත මෙම තත්වය ක්‍රමයෙන් ඉහලය. මෙම තත්වය මත පවුල් වට පිටවෙන් වෙන්වන සංක්‍රාන්තික තරුණියගේ අධ්‍යාපනය අඩපන වීමත් සමග හා ඇයට සමාජය හා ගැටී ජිවත් වීමට අවශ්‍ය මුල්‍යමය වටපිටාව හා ස්ථාවරත්වය සදහා ඇය රැකියාවක නියැලීම සිදු කරයි. මෙහෙදී ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික සමජභාවී කාන්තාවන් ගත් කල මුලික වශයෙන් ලිංගික ශ්‍රමය ලබාදීම, සම්භාහන ස්ථාන තුල තම සේවය ලබා දීම හා රුපලවන්‍ය කටයුතු තම රැකියාව ලෙස මූලික වශයෙන් තෝරා ගනු ලබයි. මෙහිදී ලිංගික ශ්‍රමය ලබා දෙන සංක්‍රාන්තික කාන්තාවන්ට මුලිකවම මුල් අවදියේදී අවදානම් ලිංගික හැසිරීම් නිසා තමන්ගේ සෞඛ්‍යට හනියාක් වීම පිලිබදව කිසිදු අවබෝධයක් නොවීමෙන් ලිංගාශ්‍රිත රෝග වැළදීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. තම සේවාදායකයා මාර්ගයක් තුල අහබු ලෙස, සමාජ ජාලා වෙබ් අඩවි තුලින්, මිතුරන්ගේ මාර්ගයෙන්, තැරව් කරුවන්ගේ ආධාරයෙන් සොයා ගන්නා සංක්‍රාන්තික කාන්තාව රුපියලයේ අගය ඉදිරියේ තම සෞඛ්‍ය හා තම ජීවිතය පසෙක තබා කටයුතු කිරීමට පෙළබේ. මෙහෙදී තමන් ආරක්‍ෂිත ක්‍රමයන් හා රෝග වැළදීමේ ක්‍රමයන් නොදන්නේනම් සේවාදායකයාගේ කැමැත්ත මත ඕනෑම දෙයක් කිරීමට ඇය පෙළබේ. බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් පවසන ආකාරයට තමන් වෙත පැමිණෙන සේවාදායකයා පිලිබදව තමන් පුද්ගලිකව නොදන්නා බවත් තම සේවාව සැපයීමෙන් පසු බහුතරයක් නැවත හමු නොවන බවත්ය. මෙම කාරණාව මත සංක්‍රාන්තික තරුණියකටආසාදනයක් වැලදුනද එයවැළදීමට හේතු වූ පුද්ගලයා සොයා ගැනීමට අපහසුය. මීට අමතරව පෙර පැවසු ආකාරයට සම්භාහන කටයුතු හා රුපලවන්‍ය කටයුතු සිදු කරන සංක්‍රාන්තික තරුණියන්ටද අමතර අදායමක් පතා හා විටෙක තම තෘප්තිය මත හෝ ලිංගික කටයුතු සිදු කිරීම ද්‍යෛනිකව හෝ අවස්ථානුකුලව සිදු කරයි.
ගුද මාර්ගික සංසර්ගය තුලින් ලිංගාශ්‍රිත ආසාදන හා HIV සම්ප්‍රේෂණය වීමට ඇති ඉඩකඩ ඉතා ඉහලය. එයට හේතුව වනුයේ යෝනි මාර්ගය මෙන් යමක් ඇතුළු කිරීමට නොව ගුද මාර්ගය යමක් පිට කිරීමට නිර්මාණය වී තිබීමත්, යෝනි මර්ගය මෙන් ලිංගික සංසර්ගයේදී කාර්යය පහසු වීම සදහා ශ්‍රාවයක් නිකුත් නොවීමත් මගින් ගුද මාර්ගික සංසර්ගයේදී තුවාල ඇති විය හැකි වීමත්, එම තුවාල හා පුරුෂ ලිංගයේ ශ්‍රාවයන් මිශ්‍ර වීමත්, මුඛ සංසර්ගයේදී ඒවා මුඛය තුලට යාමත් තුලින් රෝග ඇති විය හැක. මිට අමතරව සේවාදයකයාට ලිංගාශ්‍රිත රෝගයක් තිබියදී ඔහු අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක් සංක්‍රාන්තික තරුණිය හා සිදු කරන්නේ නම් එහිදී ද අවදානමක් ඇතිවිය හැක. ලිංගික ශ්‍රමය ලබා දෙන සංක්‍රාන්තික තරුණියක් නම් ඇය දිනකට එක් සේවදයකයෙකුට සීමා නොවන අතර ඇය නොදැනුවත්කම මත අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්වල නියැලෙ නම් ඇයට රෝග වැලදීමේ සම්භාවිතාව වැඩිය. එපමණක් නොව සංක්‍රාන්තික කාන්තාවන් පවසන ආකාරයට සේවාදායකයා බිමත්ව සිටින්නේන්නම් හා වැඩි තෘප්තිය සදහා ඔහු ආරක්ෂක විදි ක්‍රම අනුගමනය ප්‍රතික්ෂේප කරන බවත් එම නිසා තමන් එහි අනිසි ප්‍රථිපල පිලිබදව දැන සිටීමෙන් හා ආරක්ෂාවීම පිලිබදව දැන සිටීමෙන් එම අවස්ථාවේදී ප්‍රථිපලයක් නොවන බවත්ය. මිට අමතරව සංක්‍රාන්තික කාන්තාවන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින්නේනම් එම මත් ද්‍රව්‍ය භාවිතයේදී එන්නත් කටු හා අනෙකුත් උපකරණ හවුලේ පරිහරනය තුලින් HIV ආසාදනය විය හැකිය.
ආසාදනයක්වැළදීමෙන් පසු බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් ඒවායේ ලක්ෂණයන් පිලිබදව නොදැනුවත්කම මත ආසාදන උග්‍ර වී හෝ බාහිරව ඉස්මතු වන තුරු එය හදුනාගැනීමට හා තමන් අසනීප වී ඇති බව දැන නොගනී. HIV අසාදනයෙන් පසු මෙලෙස කටයුතු කළහොත් ඇයගේ ජීවිතය පවා අවදානම් තත්වයකට පත් වෙනු ඇත. මන්ද එච්අයිවී හදුනා ගත හැක්කේ රුධිර පරීක්ෂණයකින් පමණක් වන නිසාය. තමන්ට ලිංගශ්‍රිත ආසාදනයක්හෝ HIVසම්ප්‍රේෂණය වී ඇති බව දන ගැනීමෙන් පසුවද බහුතරයක් සංක්‍රාන්තික කාන්තාවන් නොදැනුවත්කම හා ලැජ්ජාව හේතුවෙන් නැවත සායන කරා නොයෑම හා බෙහෙත් ගැනීම ප්‍රතික්ෂේප කල අවස්ථාද දක්නට ඇත. සමාජයෙන් තව තවත් හුදෙකලාව ජිවත් වීමට උත්සහ දරන අතර මානසිකව ඇද වැටීම හා කායිකව දුර්වල වීමද සිදු වේ. එනමුත් ජිවන මාර්ගයක් නොමැති වීමෙන් ඇය තම රැකියාවද එලෙසම පවත්වාගෙන ගිය අවස්ථාද සමාජය තුලින් අසන්නට, දකින්නට ලැබී ඇත.ඉහත සදහන් කල ආකාරයට රෝග වැළදීමෙන් පසුවද ලිංගික ශ්‍රමය අලෙවි කිරීම තුලින් සංක්‍රාන්තික කාන්තාව වෙත පැමිණෙන සේවාදයකයටද එම ලිංගාශ්‍රිත රෝග හෝ HIV සම්ප්‍රේෂණය වන අතර එම සේවාදායකයා එය දැනගත් පසු සංක්‍රාන්තික තරුණිය වෙත පැමිණ ඇය සමාජයේ නින්දාවට හා ගැරහුමට ලක් කොට, කායිකව හිංසා කොට ඇය පිලිබදව සමාජයට පැවසු අවස්ථාද වේ. මෙහිදී සමාජය ඇයව රෝග බෝ කරන්නෙකු ලෙසත් සමාජයට කැළලක් ලෙසත් සලකයි. සංක්‍රාන්තික කාන්තාවට නින්ද කිරීමටද ඔවුන් පෙළබේ. එපමණක් නොව තම රෝගී තත්වය හදුනාගෙන ප්‍රතිකාර ගනු ලබන සංක්‍රාන්තික තරුණියකට වුවද ඇයගේ තිබෙන අසීලාචාර බව තමන් විසින් රෝග වැළදීමට විහින් භාජනය වන බවත් ඇයට පවසා ඇයට චෝදනා කරන අතර ඇය ලිංගාශ්‍රිත රෝග හා HIV පතුරවන්නෙකු ලෙස හංවඩු ගසා ඇයට මානසික හිංසනයන්, කායික හිංසනයන් හා සමාජීය හිංසනයන් සිදු කරනු ලබයි. මෙහෙදී කිසිදු විටක සේවාදායකයාට සමාජය චෝදනා නොකරන අතර සේවාදායකය මගින් මෙම ආසාදනයසම්ප්‍රේෂණය වුවද සමාජය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ සංක්‍රාන්තික කාන්තාවන් හා වූ ආකල්පයන් හේතුවෙන් ඇය මත වරද පටවා ඇයට චෝදනා කරනු ලබයි. සමාජය ඇයව පිළිකුල් කරන අතර ඇය තරුණ පරපුර හා පුරුෂ පක්ෂය අනිසි මාර්ගයට යොමු කරන වෛරසයක් මෙන් සමාජය ඇයව ලේබල් කරනු ලබයි. ආගම් වපසරිය මත හා භුගොලිය පරිසරය මත සංස්කෘතිය කේන්ද්‍ර කොට ගෙන සමාජය විසින් ඇයට දෙන ලබන දඩුවම්ද එකිනෙකට වෙනස්වන අතර ඇය රෝග බෝ කිරීමක් නොකලද ඇයව සමාජයෙන් කොන් කොට ඇයට ජිවිත හානි සිදු කිරීමට පොලබවන අවස්ථාද නැතුවාම නොව. නූතන සමාජය තුලදී නම් සමාජ ජාලා වෙබ් අඩවි තුලින් ඇයගේ ජයාරූප හා තොරතුරු මුදා හැර ඇය රෝග වාහකයෙකු ලෙස හංවඩු ගසා ය සමාජයට ලිංගාශ්‍රිත රෝග හා HIV සම්ප්‍රේෂණය කරන බව පවසා ඇය කෙරෙහි සමාජය විසින්ම සමාජයට වෛරයක්, පිළිකුලක් ඇති කරනු ලබයි.
මෙලෙස සම්ප්‍රේෂණය වන ලිංගශ්‍රිත රෝග වැළදීමේ අවදානම අවම කර ගැනීමටනම් ලිංගාශ්‍රිත රෝග හා HIV පිලිබදව සංක්‍රාන්තික තරුණියන් දැනුවත් කල යුතු අතර එම ආසාදනවල රෝග ලක්ෂණ හා එහි අවදානම ඔවුන්ට පැහැදිලි කර දිය යුතුය. උදාහරණයක් වශයෙන් උපත් පාලන කොපු, ලිහිසිකාරක වැනි නොමිලේ රජය විසින් ලබා දෙන උපාංග ලබාදීමට හා ඒවා පරිහරණයට ඔවුන් පෙලබ විය යුතුය. මෙම කාරණා සිදු කිරීමට නූතන සමාජය තුල ඉතා සාර්ථකම උපාය මාර්ගය වනුයේ සමාජ ජාලා වෙබ් අඩවි තුලින් සංක්‍රාන්තික කාන්තාවන් දැනුවත් කිරීමයි. කෙටි ලිපි, සිත් ඇදගන්නා සුළු රූප හා විශේෂයෙන්ම ඔවුන්ට අවේණික භාෂාව හා වචන මගින් මෙම පණිවුඩ ඔවුන්ට යැවීමෙන් මෙය සිදු කල හැක. එපමණක් නොව විවිද වැඩසටහන් මගින් එම ආරක්ෂක ක්‍රම භාවිතයට හුරු කිරීම හා දැනුම බෙදා දීමද සිදු කල යුතුය. නිතැතින් ඔවුන්ට ආරක්ෂක උපත් පාලන කොපු ලබා දීමද සිදු කල යුතුය. මෙහිදී වගකීම රජයට, ප්‍රජාවට වගේම සංක්‍රාන්තික තරුණියටද බෙදී යන අතර තම සෞඛ්‍ය රැකගැනීමට උත්සහ කිරීම තුලින් ඇයට සමාජයේ පිළිගැනීමක්ද ඇති වේ. එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතයුතු ආකාරය හා ප්‍රතිකාර ලබා දෙන ස්ථානයන් පිලිබදව දැනුවත් කිරීමත් කල යුතුය. මෙහෙදී සංක්‍රාන්තික තරුනියගේද වගකීම වනුයේ නිසි ආකාරව ප්‍රතිකාර ලබා ගැනීම, ආසාදනයසුවපත් වන තුරු හෝ බෝ වීමේ අවස්ථාවෙන් බැහැර වන තුරු ආරක්ෂා වීමත්ය. මෙමගින් ඇය ඇයගේ සෞඛ්‍ය පිලිබදව පමණක් නොව සමාජයටද යහපත් කරනු ඇත. එලෙසම සමාජයද ය පිලිබදව සුභදායි දෘෂ්ටියකින් විවෘත මනසකින් බලන්නේනම් සමාජය සුන්දර වනු ඇත. දෙපාර්ශවයේම සහය මත රෝග නිවාරණයද සිදු කළ හැකිය.
එච්අයිවී ප්‍රතිකාර පිළිබද වැඩිදුර කියවන්න.
එච්අයිවී සමග ජීවත් වීම පිළිබද වැඩිදුර කියවන්න.
![]() |
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |




![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)