ශ්‍රී ලාංකික විලාසිතා ක්ෂේත්‍රය හා විලාසිතා ප්‍රජාව

2019 අප්‍රේල් 1

ඉමාෂා පෙරේරා විසිනි.

Screenshot 2019-05-21 12.51.12

මෙම ලිපිය තුලින් මා විසින් විස්තර කිරීමට අදහස් කරනුයේ ශ්‍රී ලාංකික විලාසිතා ක්ෂේත්‍රයහා විලාසිතා ක්ෂේත්‍රයතුල ප්‍රජාවේ නියෝජනය පිළිබදවය. ශ්‍රී ලංකාව යනු ගෝලීයකරණය තුලදී ඉතා ඉදිරියෙන් සිටින රටක් වන අතර ව්‍යාපාර ශේස්ත්‍රයන් තුල නිරන්තරයෙන් යුරෝපිය අභාෂය යුරෝපිය දැනුම බෙහෙවින් උපයෝගී කරගනු ලබන රටකි. වේගයෙන් දියුණු වන ශ්‍රී ලංකික ව්‍යාපාර ශේස්ත්‍රයන් අතර ප්‍රධාන පෙලේ ව්‍යාපාර ශේස්ත්‍රයක් ලෙස වර්තමානය වන විට විලාසිතා ක්ෂේත්‍රයහා ඇගලුම් කර්මාන්තය ඉදිරියට පැමිණ ඇත. එනම් විලාසිතා නිර්මාණකරණය, අපනයන ඇගලුම් කර්මාන්තය, මනාලියන් හැඩගැන්වීම, රුපලාවන්‍ය කටයුතු මත ශ්‍රී ලංකික විලාසිතා ක්ෂේත්‍රයමුලිකව වර්ග කිරීමටත් මේ හා සහසම්බන්ධව ජයාරුපකරණය, වෙළද දැන්වීම් ක්ෂේත්‍රයහා නිරුපන ශේස්ත්රයද අද වන විට සීඝ්‍ර වර්ධනයකට යොමු වී ඇත.

කොළඹ හා  තදාසන්න ප්‍රදේශයන්ගේ පමණක් නොව මේ වන විට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රචලිත දකුණේ සංචාරක ප්‍රදේශ වන  හික්කඩුව හා ගාල්ල යන පුරවරයන්ද උඩරට ප්‍රදේශයන් තුලද විලාසිතා ක්ෂේත්‍රය ඉදිරියෙන් සිටින අතර දේශීය මෙන්ම විදේශීය ආභාෂය හා සම්මිශ්‍රණය වූ විලාසිතාවන් බහුලව දක්නට ඇත, සම්භාවිය දේශීය විලාසිතාවන්, යුරෝපිය විලාසිතවන්ද, මෙම අභාශයන්ගේ සම්මිශ්‍රණයන්ද තුලින් අද වන විට සතර දික් බාගයේහිම විලාසිතාවන් සිදු වේ. ශ්‍රී ලංකික විලාසිතා ක්ෂේත්‍රය මුලිකවම අපනයනය ඉලක්කකොට කටයුතු කරන අතර මිට අමතරව ප්‍රදේශයෙන් ප්‍රදේශයට හා සන්නාමය මත තෝරාගනු ලබන පාරිභෝගිකයන් වර්ගීකරණය වේ. උදාහරණයක් වශයෙන් වර්තමානය වන විට සංචාරක පුරවරයන් අලලා සිදු වන විලාසිතා ව්‍යාපාරයන් විදේශකයන් හා අපනයනය ඉලක්ක කරගෙන සිදු කරන අතර කොලඹ අවට සිදු කරන ව්‍යාපාර ඉහල පැලැන්තිය හා අපනයනය ඉලක්කකොට සිදු කරයි.

වර්තමානය වන විට විලාසිතා ක්ෂේත්‍රය තුල ප්‍රධාන වශයෙන් ඍතු ත්‍රිත්වය සදහා වසරකට තෙවරක් ප්‍රධාන විලාසිතා දැක්මක් ජාත්‍යන්තරය හා සහසම්බන්ධව සිදු කරන අතරColombo Fashion Week යනුවෙන් එය සතියක් පුරාවට සිදු කරනු ලබයි. මිට අමතරව MercedesBenz Fashion Week හා වෙනත් විලාසිතා දැක්මවල්ද සිදු වේ. එමෙන්ම වසර මුළුල්ලෙහිම සිදු වන විලාසිතා නිර්මාණකරුවන්ගේ තරග, නිරූපන ශේස්ත්‍රයේ තරග හා රූප රාජිනියන් තේරීමේ තරග තුලින්ද විලාසිතා ක්ෂේත්‍රය ඉදිරියට ඒමක් සිදු වී ඇත. එමෙන්ම රූපවාහිනී නාලිකා සදහා ඔවුන්ගේ විවිද වැඩසටහන් හා තරග සදහා වස්ත්‍ර නිර්මාණය තුලින්ද ක්ෂේත්‍රය ඉදිරි පියවරක් තබා ඇත. ශ්‍රී ලංකික විලාසිතා ක්ෂේත්‍රය පුද්ගලික විලාසිතාකරුවන්ගෙන් හා මහා පරිමාන විලාසිතා ව්‍යාපාර යන දෙපාර්ශවයෙන්ම නියෝජනයෙන් ඉදිරියට පැමිණ ඇත.

Screenshot 2019-05-21 12.51.22

ඉහත සදහන් කල සෑම අවස්තාවකදීම හා සියලුම කටයුතු සදහා ප්‍රජාවෙහි නියෝජනයක් අවම හා උපරිම වශයෙන් අන්තර්ගත වන අතර එය ශ්‍රී ලංකාවෙහි පමණක් නොව යුරෝපය ඇතුළු මුළු මහත් ජාතියන්තරයටම සාමාන්‍ය කරුණකි. ශ්‍රී ලංකික විලාසිතා ක්ෂේත්‍රයනිරූපණ ශේස්ත්‍රය, විලාසිතා නිර්මාණකරණය, chorographer,වෙෂනිරුපන ශේස්ත්‍රය, ඇගලුම් කර්මාන්තය, කොණ්ඩා මෝස්‌තර නිර්මාණය හා ජයාරුපකරණය ලෙස කාණ්ඩ කළහොත් අඩු වැඩි වශයෙන් ප්‍රජාවෙහි නියෝජනයක් දක්නට ඇත.

උදාහරණයක් ලෙස විලාසිතා නිර්මානයකරණය තුල ප්‍රජාවේ නියෝජනය ඉතා ඉහල වන අතර විලාසිතාකරුවන් සියල්ලම ප්‍රජාවේ පිරිස යන මතය බැහැර විය යුතු කරුණකි. එමෙන්ම වේෂනිරුපන ක්ෂේත්‍රය තුලද ප්‍රජාවේ නියෝජනය දක්නට ලැබෙනු ඇත. පෙරදී මෙම ක්ෂේත්‍රයේ ප්‍රජාවේ නියෝජනයක් සිදු වූයේනම් බහුතරයක් අවස්ථාවලදී සමරිසි ප්‍රජාවෙහි නියෝජනයකි. එනමුත් මේ වන විට සංක්‍රාන්තික කාන්තාවන්ගේ හා ද්විකමි (Bi Sexualපුද්ගලයන්ගේ නියෝජනයද දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන් දිනේෂ් චන්ද්‍රසේන යනු වර්තමානය වන විට ශ්‍රී ලංකික විලාසිතා ක්ෂේත්‍රයපමණක් නොව ජාතියන්තරයද ජය ගෙන, ජාතියන්තරය හා සම්බන්ධව කටයුතු කරන සංක්‍රාන්තික කාන්තාවක් වන අතර මේ වන විට ඇය ශ්‍රී ලංකාවෙහි ඇති ප්‍රධාන පෙළෙහි විලාසිතා නිර්මාණකරණය ඉගැන්වීම් සිදු කරන ආයතනයක ජේෂ්ඨ ආචාර්යවරිය ලෙස කටයුතු සිදු කරයි. එමෙන්ම නිරුපන ක්ෂේත්‍රයතුල ඉතා කෙටි කලකින් තම නාමය ස්ථාපිත කල යාරා ඇලන්මෙනවිය Colombo Fashion Weekවැනි ශ්‍රී ලංකාව තුල සිදු වන විශාලතම විලාසිතා දැක්ම තුල ඇයගේ දායකත්වය සපයා ඇති අතර එම අවස්තාව ලද ප්‍රථම සංක්‍රාන්තික තරුණිය වන්නේද ඇයයි. මිට අමතරව කුඩා පරිමානයේ සිට මහා පරිමාණය දක්වා ක්ෂේත්‍රයතුල නම් නොකී ප්‍රජාවෙහි නියෝජනයන් සිදු වන අතර මෙම එක් එක් පුද්ගලයා ඒ ඒ විශයන්යෙහි කාර්යය විශේශිකරණයට ලක් වී තිබීමත්, අත්දැකීම් හා දක්ෂතාවයන් මත එම ශේස්ත්‍රයට දක්වන දායකත්වයද ඉහලය.

එනමුත් ප්‍රජාවෙහි නියෝජනය පිලිබදව ක්ෂේත්‍රයතුල විවිධ අදහස්, මතයන්, ආකල්ප හා කටකතා විවිධ අවස්ථා තුලදී නිර්මාණය වන අතර ක්ෂේත්‍රයතුල ප්‍රජාව නියෝජනය කරන ජේෂ්ඨයන් ශේස්ත්‍රයට පැමිණෙන නවකයන් ප්‍රජාවේ වුවත් නොවුවත් ඔවුන්ට ක්ෂේත්‍රයතුල රැදිසිටිමට හා අවස්ථාවන් ලබා දීමට ලිංගික අල්ලස් අපේක්ෂා කරන බවත් එසේ සිදු නොවීමෙන් ක්ෂේත්‍රයතුල ඉදිරියට නොයෑමට වග බලා ගන්නා බවත් විලාසිතා ක්ෂේත්‍රයතුල ප්‍රචලිත මතයකි. මිට අමතරව නවකයන්ද ඉදිරියට ඒමට ලිංගික අල්ලස් ලබා දෙන බවත් සමරිසි සම්බන්ධතා හා අනියම් සම්බන්ධතා තම දියුණුව හා පැවැත්ම තකා පවත්වාගෙන යනු ලබන බවත් ක්ෂේත්‍රයතුල යන රාවයකි. ප්‍රජාව නියෝජනය කරනු ලබන විලාසිතා නිර්මානවරියක් ලෙස  මාගේ පුද්ගලික මතය නම් සියල්ලන්ම එසේ නොකරන බවත්, සියල්ලන්ම එසේ කරන බවත් පැවසීමට නොහැක. මන්ද සියලුම ශේස්ත්‍රයන් තුල ගුණ අගුණ තිබෙන බැවින් හා විලාසිතා ක්ෂේත්‍රයතුල ප්‍රජාවේ නියෝජනය යම් තාක් දුරකට වැඩි වීමත් මත එය එසේ සිදු වේ යැයි නිර්ණය කිරීම අසාදාරන හේතු රහිත චෝදනාවකි. එමෙන්ම බහුතරයක් සාක්ෂි මත පදනම් නොවූ ඇසු පමණින් ප්‍රචාරය කල රාවයන් වේ.

මෙම හේතුන් මත ප්‍රජාවේ නියෝජනය පිලිබදව සමාජයද දකිනු ලබන කෝණයන් විවිධකාර වේ. උදාහරණයක් වශයෙන් විලාසිතා ක්ෂේත්‍රයහා ඇගලුම් කර්මාන්තය යනු සමාජ විරෝධි හා සංස්කෘතියට පටහැනි කාරනා සිදුවන ක්ෂේත්‍රයන් ලෙසටත් ලිංගිකත්වය, මානසික පරිහානිය, සෞඛ්‍ය පරිහානිය සිදු වන ශේස්ත්‍රයක් ලෙසටත් විටෙක පුද්ගලයෙකු මත් පැන්, මත් ද්‍රව්‍ය, දුම්වැටි සහ අනෙකුත් මත් වන ද්‍රව්‍යන් තුලට බලහත්කාරයෙන් යොමු කරන ක්ෂේත්‍රයක් ලෙසටත් සමාජය දකිනු ලබයි. එමෙන්ම තරුණ පරපුර විනාශ කරනු ලබන සදාචාරය පිරිහීමට භාජනය වන ක්ෂේත්‍රයක් ලෙසටත්, තරුණියන් හා තරුණයන් නොමගට පොලබවනු ලබන ලිංගිකත්වය මුලික කොට සිදු වන ක්ෂේත්‍රයක් ලෙසටද ශ්‍රී ලංකාවේ සුළුතරයක් තවම සිතනු ඇත. එමෙන්ම විලාසිතා ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන ප්‍රජාවේ නියෝජිතයන් නවකයන් සමරිසි පුද්ගලයන් බවට බලහත්කාරයෙන් පත් කරන බවටත් ක්ෂේත්‍රයතුල රැදී සිටීමට ඇති අවශ්‍යතාවය මත බහුතරයක් නවකයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම අපහසුතාවයන්ට මුහුණ දී එම අපහසුතාවයන් දරා සිටිනා බවත් මත පල වේ.

එමෙන්ම යමෙක් ක්ෂේත්‍රය තුල දිගු කලක් ස්ථාවරව රැදී සිටින්නේනම් ඔහු හෝ ඇය එම සමාජය විසින් පිළිගන්නා අසම්මත යැයි හංවඩු ගසනු ලබන ක්‍රියාවන් සිදු කල හෝ ඊට ඇල්මක් දක්වන පුද්ගලයෙකු ලෙසටත් සමාජය ලේබල් ගත කරනු ඇත.එපමණක්ද නොව විලාසිතා ක්ෂේත්‍රය යනු හුදෙකුත් යුරෝපිය අභාෂයෙන් හා යුරෝපිය සම්භවයක් සහිත ශේස්ත්‍රයක් ලෙසටත් ප්‍රචලිත වී ඇති අතර බහුතරයක් ශ්‍රී ලංකික සමාජය එම ක්ෂේත්‍රයඉහල පැලැන්තියට උචිත, යුරෝපියා සම්භවයට ඇලුම් කරන්නන්ට පමණක් යෝග්‍ය පරිසරයක් ලෙසද, ප්‍රජාවෙහි පිරිසට යෝග්‍ය හා ඔවුන් ගැවසෙන සමාජයක් ලෙසද  දකියි. එපමණක්ද නොව නිරුපන ක්ෂේත්‍රයේ නියැලෙන තරුණයන් බහුතරයක් සමරිසි හෝ ද්වි කාමී පුද්ගලයන් ලෙස සමාජය ලේබල් කරන අතර තරුණියන් ලිංගික ශ්‍රමය සපයන හා මත් ද්‍රව්‍ය භාවිත කරන්නියන් ලෙස හංවඩු ගසයි. විලාසිතා නිර්මාණකරුවෙකු වේනම් ඔහු සමරිසි පුද්ගලයෙකු ලෙස හංවඩු ගැසීමට පුරුදු වී සිටින අතර නිර්මාණකරුවා සැබවින්ම ප්‍රජාව නියෝජනය කරන්නෙකු වේනම් තම සැමියා, පෙම්වතා, සහෝදරයා ඔහු වෙන තනිව යැවීමට තරුණියන්ද මැලි කමක් දක්වන අතර පුරුෂ පක්ෂයද යෑමට අකමැත්ත දැක්වූ අවස්ථාද නැතුවාම නොවේ.

ඉහත කරුණු මෙසේ වුවාත් වර්ථමාන තත්වය ගත් කල ප්‍රජාවේ නියෝජනය වැඩිපුරම දක්නට හැකි වනුයේ විලාසිතා ක්ෂේත්‍රය තුලදීය. එමෙන්ම වර්ථමානය වන විට සමාජයේ බහුතරයකගේ මතය වනුයේ ප්‍රජාව නියෝජනය කරනු ලබන පිරිස සහජයෙන්ම දක්ෂයන් ලෙසටත් ඔවුන්ගේ වැඩ කටයුතු නිර්මාණශීලි බවත් ය. එමෙන්ම නිරුපන ශේස්ත්‍රයේ නව පෙරලියක් ඇති කරමින් සංක්‍රාන්තික තරුණියන් නිරුපණයට යොදා ගැනීමට බහුතරයක් සිය කැමැත්ත ප්‍රකාශ කරනු ලබයි.

53817018_2145887228832968_3046277778858049536_o ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: