2019 මාර්තු 17.
භූමි හරේන්ද්‍රන් විසිනි.
පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියන ,බෞද්ධ වටපිටාවකින් හෙබි සංස්කෘතියක් දායාද කරගනිමින් බිහි වූ ලාංකීය ජනසමාජය තුළ සම්මත රීතීන් බහුතරයක් එදා සිට අද දක්වා නොනැසී පැවත එනු දැකිය හැක. එවන් වූ අනාදිමත් කාලීන වපසරියන් තුළ ජිවත් වන විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් ඇතැම් සමාජ බැඳීම් පවා නොසලකමින් සැම ජාතියකටම සෑම ආගමකටම සමානාත්මතාවය හැකි පමණ බුක්ති විදිමින් ඔව්නොවුන්ගේ ජීවන අරගල තුළ නිරත වනු දැකිය හැක. එම ජන සමාජය තුළ පවුල් සංස්ථාව ඉතා ප්‍රබල සාධකයක් වෙමින් ඉදිරියට එන්නේ නිරායාසයෙන්මය . ඇතැම් ජීව විද්‍යාත්මක සංසිද්දීන් පවා මෙහිදී බැහැර වනු දැකිය හැකිය . මන්දයත් එවන් වූ ජීවවිද්‍යාත්මක අනන්‍යතා ඔව්න් පිළිනොගන්නේ නුගත්කම නිසාම නොව පොදු ධර්මතා අදහස් වලට පටහැනි වන නිසාය. එය ඉතාමත් හොදින් ම අපට පැහැදිලිවම දැකගත හැකිය.
පොදු සමාජ පිළිගැනීම වන්නේ ද්විලිංගික දෙදෙනෙකු අතිනත ගනීමවුවද අද වනවිට සමස්ත ලෝකය පුරා සමරිසි ආදරය ප්රබලව නැගීසිටිනු දැකිය හැකිය. මානව සමාජය තුළ මෙම පිබිදීම මෑතකදී සිදු වුවක් නම් නොව .කෙසේ වෙතත් එය හෙලා දකින පිරිසකුත් නැතුවාම නොවේ .අනාදිමත් කාලයක් පුරා මෙම සමරිසි ආදරයේ පහස විදී පුද්ගලයින් සමාජය තුළ නොසිටියා කියා කිසිවෙක්ටවත් තර්ක කර නොහැක. මන්ද යත් ,ඒ සදහා සාක්ෂි අනන්තවත් ඉතිහාසයේ ඇතත් සම්මත යැයි කියන කරුණු තුලින් යටපත් කරගෙන ඇත. අද පවතින අප ජීවත් වන සමාජය තුල පවා සමරිසි ආදර වෘතාන්ත අනතවත් අපට හමුවේ. තමාගේ උපතින් ලද ජීව විද්‍යාත්මක ජානමය ගති ලක්ෂණ කිසි විටකත් එම අයවරුන් හට වෙනස්කරගත නොහැක. එමෙන්ම අනෙකුත් සමාජගත පුද්ගලයින් මෙන්ම ඔවුන්ටද සබැ අයිතියක් තම ජීවිතය රිසිසේ ජීවත් කරවීමට සමාජය තුල තිබිය යුතුමය. ඔව්න්ගේ රුචිකත්වයන් අනුව ඔව්න්ගේ නිදහස, ඔව්න්ගේ හැගීම් ප්රකාශනය අදියම පමණක් නොව ගෞරවාන්විතව සමාජය තුල ජීවත් වීමද ලැබිය යුතුමය.
කුඩා කල පටන් ඔව්න් හට දැනෙන හැගීම් සෙසු අය සමග බෙදා නොගෙන ,එය රහසක් ව සිතේ පමණක් තබාගන මුළුගැන්වී ගෙවන පිඩිත ජීවිතය අවසාන වන්නේ මහත් ව්‍යසනයක් ඇත කර දෙමින් ය . සමරිසි යවරුන් තම හැගීම් විව්ර්තව ප්‍රකාශ කරනු ලබන්නේ තමන් වැනිම අයකුට හෝ තමන් ව වැටහ ගත හැකි අයකුට ම පමණි. යම් විටෙක ආදරයක් ඇති වුයේ නම් එයද සමාජයෙන් සගවා තබා ගැනීමට ඔව්න් වගබලා ගන්නේද දිවි පරදුවට තබමින් ය. එලෙස ආදරයෙන් බැදෙන දෙදෙනකු තම අහිංසක ආලය ලොවෙන් සගවා හොර රහසේ දහසක් දුක් කරදර මද ඇත විදිති. විවිධ සංස්කෘතික හා සමාජීය බලපෑම් වලින් වසන් වී තම සුන්දර ආදර ලෝකය අවිහින්සකව ගොඩනගා ගනු දැකිය හැකිය. එනමුත් ඒ සුන්දර ආදර ලෝකය තුළ ඔවුන් හට ජිවත් විය හැක්කේ එය ලෝකයට රහසක් වන තුරු ම පමණකි. මන්ද යත් එය සමාජගත වූ වහාම ඔව්න් ගේ ජිවිත පවා අවදානමකට ලක් වන නිසාවෙනි . සමරිසි බව ඔවුන් බලෙන් පවරා ගත් දෙයක් නම් නොව. එය ඔව්න් හුදෙක් උපතින් ම ලද්දක් නම් එය ජානමය බලපෑමක් නිසාවෙන් සිදුවන්නක් වන නිසා , කිසිසේත්ම සමාජයෙන් කොන් වියයුතු නොවේ. සමාජය විසින් පවරගන්න ලද සමාජ සම්මත මත පිහිටා සිටිමින් එවන් අහිංසක ජීවිත මේ වන විට කෙතරම් නම් ලොවට හොර රහසේ විනාස වන්නට ඇත්ද. එය කෙසේ නම් සාදාරනීකරණය කරන්නේ ද? අධ්‍යාපන මට්ටම සමාජ මට්ටම කෙසේ වෙතත් ඒ සැවොම ලක්මවගේ දරුවන් වන්නේය. සමරිසි දරුවකු තම පවුලට කැළලක් වන්නේයැයි සිතන දෙමවුපියන් අදටත් අප අවට නැතුවාම නොවේ. එබඳු විටකදී එම දරුවන් කුඩා කල සිටම පත්වන අපහසුතාවය පිළිබඳව කෙසේ නම් සහනයක් ලබා දෙන්නේද? දෙමාපිය හිතවත් සැවොම හමුවේ ම සමරිසි බව සගවා තම අකමතත්ත හදවතේම තබා ගනිමින් අනිකුත් අයගේ සතුට වෙනුවෙන් ජීවිතය කැප කර හිතින් දුක් වේදනා විදිමින් ම මැරී මැරී ම ඉපදෙමින් සම්මත බව පවසන ද්විලිංගික විවාහයට අවනත වේ. එය තමා විසින් ම තම චිතකය ගිනි අව්ලවා ගැනීමක් වැනි ය. තම ජීවිතය පුරාවටම අලය කර තම සමරිසි ආදරය හැර දමා නොරිසි විවාහයක් ගත කිරීමට සිදු වීම කොතරම් නම් දුකක් වන්නේ ද . එවන් විවාහයක් ගෙවන්නේ නම් ඔව්න් තවත් ජිවිත කීපයක් ම අනතුරේ දැමීමකි . එය සමස්ත සමාජයටම විශාල ව්‍යසනයක් අනාගතයේදී මුහුණ දීමට සිදු වේ . එය ඔව්න් ගේ වරදක් නොව . සමාජය විසින් ම ඇති කරන ලද්දකි. පවුල් ආරවුල් , දික්කසාද වීම්, දරුවන් අනාත වීම් මෙන්ම අවසානයේදී දිවිනසා ගැනීම් ද සිදුවේ. තමාට කිසිසේත්ම හැගීමක් නොදැනෙන අයකු සමග යහන ගත වන්නට සිදුවන්නේ ඔව්න් උපතින් ලද සමරිසි බවට ලද දඩුවමක් ලෙසය. එය ම දකින්නේ අප ජිවත් වන සමාජය විසින් සමරිසි ප්‍රජාවට පිරිනමන කෘර වද හිංසනයකි.
වත්මන් ලොව තුල මානව හිංසනය ඉතා දැඩි සේ හෙළ දකින අතර අප රට තුලද එය යම් තරමකින් හෝ ක්‍රියාත්මක නොවීම පිළිබඳව නම් ඛේදාන්තයකි. විවධ වූ විදේශීය ආධාර ලබන ආයතන තුලින් සිදු කරනු ලබන ව්‍යාපෘති හරහා සමරිසි ප්‍රජාවට යම් තාක් දුරට සහනයක් ලැබුනද අප ජීවත් වන වටපිටාව තුල වත් පවුල් පසුබිම තුළවත් එම සහනය නොලැබේ. බොහෝ සමරිසි ප්‍රජාවේ සාමාජිකයන් විෂමලින්ගික විවාහයක් යන තීරණයට එළඹෙන්නේ තම කැමැත්තෙන් නොවන අතර ඉන් කිසිම ආකාරයකින් ඔවුන් සතුටක් නොලබයි. අන්යන් තෘප්තිමත් කරනු වස් ඔවුන් විෂම ලිංගික විවාහයකට මුලපුරන අතර ඉන් ඔවුන්ගේ ආත්මයම කැප කරනු ලබයි. අද සමාජ තුල ගත්කල විෂමලින්ගික විවාහය දෙදරා යාම සඳහා සමාජ සම්මත යයි කියාගන්න රීතියීන් බලපෑ ඇති බව විද්වතුන් පවා පිළිගත් මතයකි. එනමුත් ලාකීය සමාජ වාතාවරණය තවමත් එය පිළිගැනීමට මැලිකමක් දැක්වීම නම් කනගාටු දායකය. සමරිසි ආදරය හෝ ලිංගික නැඹුරුතාවය නීතියෙන් සම්මතයක් බවට පත්වන තුරු මෙය මෙසේ දිගින් දිගටම සිදුවන්නේය. එය කෙසේ වෙතත් බහු සංස්කෘතික ලක්ෂණ ඇති අසල්වැසි රට වන ඉන්දියාව තුල පවා එය සර්ව සාධාරණ බව පිලිගත්තද අප රට තුල එය තවමත් යතාර්ථයක් බවට පත්වී නොමැත.
ආගම් පසුබිම හා වෙනත් සංස්කෘතික බලපෑම් කෙසේ වෙතත් මිහිපිට උපදින සෑම මිනිසෙකුටම නිදහසේ ජීවත් වීමේ අයිතිය තිබිය යුතුබව ජගත් මානව ලේඛනයන්ගේද සඳහන් වේ. එය එලෙස සඳහන්ව තිබියදී එය අප රටද පිළිගෙන ඇති නමුත් කොයිතාක් දුරට ලංකාව තුල ප්‍රායෝගිකව සිදුවන්නේද යන්න ප්‍රශ්නාර්ථයකි. විෂම ලිංගික සම්බන්දතා වගේම සමරිසි සම්බන්දතාද නීතිය තුල මෙන්ම සමාජය තුල පිළිගැනීමට ලක්වන්නේ නම් අප සමාජය තුල මීට වඩා සමානාත්මතාවයක් දිස් නොවන්නේද? අදූරදර්ශී හණමිටි අදහස් පසෙකලා දියුණු වන ලොව හා පියනැගීමට අප එක්වීමට නම් හැකි සාම පියවරක්ම කඩිනමින් ගතයුතු වන්නේය.
විෂමලින්ගික විවාහයකින් කෙලවර වී දුක් විද සමාජයට ව්‍යසනයක් අත්කරදෙමින් කෙලවර වන්නට යන අසරණ ජීවිත මෙම ව්‍යසනයෙන් මුදවා මිහිපිට ගතකිරීමට අවශ්‍යය වටපිටාව පමණක් අයද සිටින්නේය. හුදෙක් එය තම උපන් ලොව තුලින්ම තම ජීවය අයද සිටින්නාක් වැනිය.
![]() |
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මානව හිමිකම් ක්‍රියාකාරිණියකි. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |

![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)