2019 මාර්තු 18.
ඉමාෂා පෙර්රා විසිනි.
විලාසිතා යනු,එක්තරා කාල සිමාවක් තුල සමාජයේ බහුතරයක් විසින් පිළිගන්නා ඇඳුමක් හෝ පැලඳුමක්ය.මෙම ඇදුම් විලාසිතාව හෝ පැලදුම එම කාලසීමාවේ trend එක නම් වේ. විලාසිතාවක් තුලින් එය පැළද සිටින්නා පිලිබදව මූලික ප්‍රතිරූපයක් ගොඩනගන බවට අතීතයේ සිට අද දක්වා ලැබී ඇති සාධක තුලින් සනාථ වේ. විටෙක විලාසිතාව යනු භාෂාවකි. එකිනෙකා පිළිබඳව හඳුනාගැනීමට ඇති මෙවලමකි. එනමුදු මින් ස්ත්‍රී – පුරුෂ සමාජභාවය අයතා ලෙස සනාථ කිරීමට මුලික වනු ඇත.විලාසිතාව මත ස්ත්‍රී පුරුෂ සමාජභාවය තහවුරු කිරීමට මානවයා අතීතයේ පටන් පුරුදු වී සිටින අතර පෙර සදහන් කල ආකාරයට මෙය එක්තරා පිරිසක් විසින් පමණක් පිළිගත් දෙයක් වීමෙන් පුද්ගලයෙකුට අසාධාරණයක් වීමටද ඉඩ ප්‍රස්ථාව ඇත. සංස්කෘතික වටපිටාව පසුබිම් කොටගෙන, සමාජයීය තත්ත්වයන් මත හා මිත්‍යා විශ්වාසයන් මතද විලාසිතාව ස්ත්‍රී පුරුෂ ලෙස වර්ග කිරීමට මිනිසා පෙළඹී ඇත. සංස්කෘතික වටපිටාව තුල භාහිරව දකින රුපය මත ස්ත්‍රී පුරුෂ සමාජභාවය තීරණය කරන අතර කාලයක් තුල නිරන්තරයෙන් ස්ත්‍රීන් විසින් ඇදී වස්ත්‍ර ස්ත්රීන්ට පමණක්ද පුරුෂයන් විසින් ඇදී වස්ත්‍ර හා අභරණ ඔවුන්ට පමණක්ද සීමා කර ඇත.මෙම රාමුවෙන් පිට විලාසිතාවන් සිදුකරන්නා විලාසිත ලොවෙහි fashion innovator ලෙස ආමන්ත්‍රණය කලද සමාජයේ කොටසක් තුල නියම පිරිමියා හා ගැහැණිය යන අර්ථකතනයෙන් ආමන්ත්‍රණය කරන පිරිසෙන් බැහැරට ගෙන විවේචනයන්ට භාජනය කරනුලබයි.
එනමුදු අතීතයේ ගත කල ඉන්දුනීසියාව,දකුණු අප්‍රිකාව සහ ආසියානු රටවල් ගණනාවක ඇදුම් විලාසිත තුලින් ස්ත්‍රී පුරුෂ සමජබවය ඉස්මතු නොවිය.උදාහරණයක් වශයෙන් ඉන්දුනීසියාව තුල ඉතා විචිත්‍රවත් අතින් වියන ලද හෝ බතික් කරන ලද සරම් විලාසිතාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය තුලම බවිත කරනුලබයි.අද වන විට කාන්තාවන් විසින් අදිනු ලබන wrap aroundසාය විලසිතවද මෙම සරම ආශ්රයෙන් නිර්මාණය වුවකි.ශ්‍රී ලංකාවේ කන්ද උඩරට ස්ත්‍රීන් අතර ප්‍රචලිත “ලුන්ගිය” නම් විලසිතවද මෙම ඉන්දුනීසියානු සරම ආශ්රයෙන්
නිර්මාණය වුවකි.සමාජය තුල සාය විලාසිතාව කාන්තාවන්ට සිඉම කලද අතීතයේ සාය විලාසිතාව පිරිමින් මුලිකකොට නිර්මාණය වුවකි.ස්කොට්ලන්තයේ kilt නම් සාම්ප්‍රදායිකpleat සහිත සාය එම රටෙහි පිරිමින්ගේ ජාතික ඇදුම වන අතර 80 දශකය පමණ වන විට මෙම kilt සාය අභාෂයෙන් mini skirt, tutu skirt නම් විලාසිතා නිර්මාණය විය.
ඩෙනිම් විලසිතවද නිර්මාණය වී ඇත්තේ නාවිකයන් පදනම්කොට ඔවුන්ගේ ආරක්ෂාව සදහා වුවද අද වන විට එම විලාසිතාව ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සමාජය තුල ස්ථාපිත වී ඇත.අතීතය තුල කලිසම පිරිමින්ට අවේනික ඇදුමක් බවට පත්වීමට මුලික හේතුන් නම් දඩයම් කිරීම, අසු පිට යාම,සටන් බිමට පිවිසීම හා කදු තරණය වැනි දෑඔවුන් අතින් පමණක් සිදුවීමත් කාන්තාවන් ගෙදර දොර වැඩ කටුයුතු සදහා සිමා වීමත්ය.එනමුදු දෙවන ලෝක යුද සමයත් සමග මෙම තත්වය ශනයෙන් වෙනස් විය.පිරිමින් යුද පිටියට යාමත් සමගම කාන්තාවන්ට පවුලේ බර පැටවිණි, ඒමගින් ඔවුන් දෑතේ ශ්‍රමය යෙදවීමට යොමුවීමත් සමග කලිසම unisex විලාසිතාවක් බවට පරිණාමය විය.”බැලෙ” නර්තන ශිල්පිනියන් විසින් අදිනු ලබන “tight jean”විලාසිතාව එංගලන්තයේ 14 වන ලුවී රජ සමයේ පිරිමින්ගේ විලාසිතාවකි.ලිංගේන්ද්‍රය අවට ප්‍රදේශය ඉස්මතු වන ආකාරයට නිර්මාණය වූ කලිසම් එදිම එවකට පිරිමින්ගේ විලාසිතාව විය.
ශ්‍රී ලංකාව තුල ගත කල විටෙක ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇදී වස්ත්රභරණ තවත් කාල සීමාවක් තුල සිමා මායීම් පැනවීමෙන් දෙපාර්ශවයට බෙදා වෙනකොට ඇත.උදාහරණයක් වශයෙන් ඉතිහාසයේ සදහන් වන ආකාරයට දාසීන් හා පහත කුලයන්ට අයත් ලංකික කතුන් උඩුකය නිරුවත්ව පිරිමින් විසින් අදිනු ලබන සරමට සමාන රෙදි කැබැල්ලක් ඉන සිට පහල ප්‍රදෙශයට දවටාගෙන ඇත.සීගිරි බිතු සිතුවම් හා ජෝන් ඩොඊලිගේ ලියකියවිලි තුලින් මෙය මනාව සනාථ වේ.එපමණක්ද නොව පහතරට නර්තන සම්ප්රදායේ එන හැට්ටය නම් පපු ප්‍රදේශය ආවරණය කරන වස්ත්‍රයද කාන්තාවන්ගේ හැට්ටයට සමාන වන අතර ඊට බෝරිච්චි (puff sleeves)අත් නිර්මාණය කොට ඇත.එනමුදු කාලයත් සමගම මෙම හැට්ටය උඩරට ඔසරියට සමිශ්‍රනය වූ අතර උඩරට නිලමේ වස්ත්‍රයේ උදකොටසද මිට සමනය.
වස්ත්‍ර පමණක් නොව අභරණ හා පාවහන්ද මේ ආකාරයට විටෙක දෙපාර්ශවය විසින් හා විටෙක එක් පාර්ශවයකටද වශයෙන් වෙන් වී ඇත.අභරණ අතර ප්‍රචලිත කරාබු අතීතයේදී ආසියානු රටවල් තුල ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පරිහරණය කල අතර එම කාලසීමාව තුලදීම යුරෝපීයයන් කරාබු කාන්තාවන්ට පමණක් සීමා කොට ඇත.එනමුදු කාලයත් සමග විලාසිත නව්‍යකරණය කිරීමත් සමග යුරෝපීයයන් කරාබු පුරුශයන්ටද යොදා ගනිමින් එය විලාසිතාවක් බවට පත් කෙරු අතර ආසියානුවන් එය පුරුෂත්වය මැනීමේ මිම්මක් බවට පත්කරගෙන ඇත.උදාහරණයක් ලෙස පුරුෂයෙකු කන විදින පැත්ත අනුවද අද සමාජයේ ඔවුන් කන්ඩකොට වර්ගීකරණයට භාජනය කරනුලබයි.80 දශකයේ යුරෝපීයයන් තුලින් ආ “Gothic”හා “punk”නම් විලාසිතා කණ්ඩායම් එවකට තිබු විසම්ප්රදායන්ට හා විලාසිතාවන්ට හාත්පසින්ම වෙනස් අනු සම්ප්රදායක් නිර්මාණය කිරීම තුලින් ස්ත්‍රී පුරුෂ සමජබවයට සමාජයේ මෙතෙක් පැවතී රීතින් වෙනස් කිරීමට උත්සහ ගෙන ඇත.“Gothic”සම්ප්රදායේ ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව කළු නිය ආලේපන භාවිත කල අතර “Punk”සම්ප්රදාය අනුගමනය කල තරුණ තරුණියන් බේදයකින් තොරව “Metallic”අභරණ හා හිසකෙස් විලාසිතා භාවිතාකොට ඇත.මිඉට අමතරව මොවුන් නාසය,දිව,තොල් අවට ප්‍රදේශයන්,ඇහිබැමි, පෙකණිය අවට හා තනපුඩු බේදයකින් තොරව සිදුරුකොට අභරණ පැළදීමට රුචියක් දැක්විය.ස්ත්‍රී පුරුෂභාවය සමානාත්මක ලෙස ගෙනයාමට හිසකෙස් විලසිතාවන්ද කාලෙන් කාලෙට සහයෝගය දක්වා ඇත.එනම් අතීතයේ යුරෝපයේ මෙන්ම ආසියවේද රජුගේ සිට දුගී ජනය දක්වා ස්ත්‍රී පුරුෂ බෙදයකින් තොරව හිසකෙස් වවා ඇති අතර 80 හා 90 දශකයන් තුල යුරෝපිය සමාජයේ පිරිමින් හා ගැහැනුන් දෙපාර්ශවයම කොට හිසකෙස් විලාසිතාවන්ට පෙළබි ඇත.Bob cut, Bucket cut මින් කිහිපයකි.එනමුත් වර්තමානයේ පුරුෂයෙකු හිසකෙස් වැවුවහොත් ඔහුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබදව සමාජයේ පිරිසකට ගැටළුවක් වනු ඇත.පාවහන් තුලද ස්ත්‍රී පුරුෂ සමජභාවය දෝලනය වන අතර විටෙක දෙපර්ශවයටමද විටෙක එක පාර්ශවයකට වශයෙන්ද විලාසිතා ලොව තුල Trends නිර්මාණය වේ.ආදී උස පාවහන් පිරිමින් මුලික කොටගෙන 14 වන ලුවී රජ සමයේ නිර්මාණය වූ අතර මින් පුරුෂයන්ගේ සමාජ මට්ටම ඉස්මතු කිරීමක්ද, අශ්වරෝහකින්ට පහසුවෙන් අශ්වයන් හසුරුවා ගැනීමටද උපකාරී වන ආන්දමට නිර්මාණය කොට ඇති අතර වර්තමානය වන විට ආදී උස පාවහන් කාන්තාවන්ගේ ලාලිත්‍ය,ගමන් විලාසය හා දේහලක්ෂණ ඉස්මතු කිරීමට ඔව්න්ට පමණක් සමාජය විසින් අවේනික කොට ඇති විලාසිතාවකි.
වස්ත්‍ර පමණක් නොව රෙදි තුල ඇති මුද්‍රණයන්, රෙදි වර්ග හා අයිත්තම්ද ස්ත්‍රී පුරුෂභාවය මත විවිද සංස්කෘතීන් තුල බෙදා වෙන්කොට ඇත.උදාහරණයක් ලෙස සේද දුහුල් සළු අතීතයේ ඊජිප්තුව, මෙසපොතෙමියව,චීනය වැනි රටවල ඔවුන්ගේ වත්කම් හා සාමජිය මට්ටම විදහා දැක්වීමට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිත කල අතර ඒවකට එංගලන්තය, ඉතාලිය වැනි රටවල් තුල මෙය කාන්තාවන්ට පමණක් සිමා වූ රෙදි වර්ගයකි.වර්තමානය වන විට මෙම දුහුල් සේද එසේත් නැතිනම් Silk, Satin, Chiffon, Georgette වැනි රෙදි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බවිත කරනුලබයි.අතීතයේදී රෙදි තුල යම්දෙයක් මුද්‍රණය කිරීමේදීද ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කොටගෙන ස්වභාවදර්මයේ සංකේතයන් බවිත කොට ඇත.උදාහරණයක් වශයෙන් චීනුන් හා ඉන්දියානුවන් මල් වර්ග හා ලිය වල කාන්ත රෙදිපිලිවල පමණක් මුද්‍රණය කල අතර, මකර රුව,සිංහ රුව ඇතුළු සත්ව රූපයන් පිරිමි රෙදිපිළි තුලට යොදාගැනීමෙන් ස්ත්‍රී ලාලිත්‍ය සහ පුරුෂ ශක්තිය වෙන්වෙන්ව උකහා දැක්වීමට උත්සහගෙන ඇත.එනමුත් වර්තමානය වන විට විලාසිතා ලොව තුල මල්වර්ග හා අනෙකුත් ස්වභාවධර්මයේ සංකේතයන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යොදාගනුලබයි.
ඉහත කි සියලුම උදාහරණයන් තුලීම් මනාව ඉස්මතු වනුයේ විලාසිතාව සම්ප්රදාය, සමාජීය මට්ටම, කාල වකවානුව පදනම් කොටගෙන සාමය විසන් පිළිගැනීමට ලක්වන ආකාරය මත විටෙක ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරවද, විටෙක එක පාර්ශවයකට පමණක් පදනම් කොටගෙනද වර්ගීකරණය වනුලබයි.එනමුත් විලාසිතාව යනු හුදෙකුත් නිරන්තරයෙන් නවීකරණය වන දෙයකි.මේ වන විට Unisex කාණ්ඩයේ ඇදුම් ඓත්තම් නිර්මාණය වීමද ඊට නිදසුනකි.Unisex කාණ්ඩයේ වස්ත්රාභරණ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් නොවී නිර්මාණය වී ඇති අතර කිසිදු ආකාරයකින් ස්ත්‍රී-පුරුෂභාවය මැනීමට මිම්මක් හෝ ඉස්මතු කිරීමට උපකාරී නොවේ.
![]() |
ජාතික සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ ක්‍රියාකාරී සාමාජිකාවකි. මේ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ විලාසිතාකරණය පිළිබද උපාධිය හදාරමින් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |





![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)