2021 ජූලි 14.
කොවිඩ්19 වසගතය ලොව පුරා පැතිරීමත් සමග අපගේ ජීවිතයේ බොහෝ කාර්යන් සිදු වන්නේ අන්තර්ජාලය හරහායි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ සිට, අධ්‍යාපනය, රැකියාව, දේශපාලනය යනාදී සියළුම අංගයන් සයිබර් අවකාශයට ඇතුළු වී තිබේ.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතය වංසගතය ආරම්භ වූ වසරේදී (2020) සියයට විසි තුනකින් (23%) ඉහල ගොස් තිබුණි.
- 2021 වසරේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිත කරන පිරිස මිලියන 10.9ක් විය.
- 2021 සිට 2021 දක්වා කාලය තුළ අන්තර්ජාලය භාවිත කරන පිරිස ලක්ෂ 8කින් ( 800,000) වැඩි වී තිබුණි.
- 2021 ජනවාරි මාසයේදී අන්තර්ජාල පිවිසුම ජනගහනයෙන් 50.8%ක් විය.
ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය දෙස බලමු.
- 2021 ජනවාර් මාසය වන විට ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස මිලියන 7.90ක් විය.
- 2021 සිට 2021 දක්වා කාලය තුළ සමාජමාධ්‍ය භාවිත කරන පිරිස මිලියන 1.5කින් වැඩි වී තිබුණි.
- 2021 ජනවාරි මාසයේදී සමාජ මාධ්‍ය භාවිත කරන පිරිම ජනගහනයෙන් 36.8%ක් විය.
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රීන්ට සහ දරුවන්ට එරෙහිව සිදු වන හිංසනය පිළිබද දත්ත දෙස බැලූ විට එය ඉතාම ඉහල මට්ටමේ පවතින බව පෙනේ. උදාහරණයක් ලෙස පොදු ප්‍රවාහණ සේවල ලබා ගන්නා ස්ත්‍රීන්ගෙන් 94%ක් බස් හා දුම්ර්ය තුළදී ලිංගික හිංසන බවලය ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දෙයි.
2020 වසර තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත දරුවන්ට එරෙහි හිංසන සිදුවීම් 8165ක් වාර්තා වී තිබෙන අතර 2021 මාර්තු 16 සිට අප්‍රේල් 07 දක්වා වූ සති තුනක කාලය තුළ ළමයන්ට එරෙහි කෘරත්වය පිළිබද පැමිණිළි ප්‍රමාණය 10% සිට 40% දක්වා ඉහල ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂ අධිකාරිය පෙන්වා දේ.
වසංගත සමය තුළ, අපගේ ජීවිතයේ වැඩි කාලයක් අන්තර්ජාලයේ රැදීමට අපට සිදු වී තිබේ. විශේෂයෙන්ම, වසංගතයට පෙර ‘නරක’ හෝ දරුවන්ට ‘නුසුදුසු’ දෙයක් ලෙස සැලකුනු අන්තර්ජාලය, දැන් දරුවන්ට නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබේ. අන්තර්ජාලය පිළිබද කිසිම දැනුමක් නොමැති ග්‍රාමීය දෙමාපියන්ටද අන්තර්ජාල පහසුකම් මිලදී ගැනීමට සිදුවී ඇත, ස්මාර්ට් දුරකතන මිලදී ගැනීමට සිදු වී ඇත. බෙහෝ දෙමාපියන්ට, ස්මාර්ට් දුරකතනයේ ඉංග්‍රීසියෙන් ඇති වචන කියවීමට සහ ඒවා තේරුම් ගැනීමටද නොහැකිය. එවැනි ගුරුවරුන්ද අපේ රටේ බෙහෝ ඇති.
එක්තරා පාසලක ශිෂ්‍යත්ව පංතියක දරුවන් 200ක් වෙනුවෙන් ZOOM පංතියක් සූදානම් කර තිබුණි. දරුවන් ZOOM පංතියට ඇතුළු වීමේ පසු තිරය මත වැඩිහිටි ලිංගික දර්ශනයක් ප්‍රදර්ශනය විය. පංතිය කැදවූ ගුරුවරුන් කිසිම කෙනෙක් මේ ගැන කිසියවක් දැන නොසිටි අතර, ඔවුහු අති විශාල තිගැස්මකින් ZOOM පංතිය අවසන් කළහ.
පසුව කළ සොයා බැලීමක්දී හෙලි වුණේ, ZOOM ලින්ක් එකක් සාදා ගැනීමට දන්නා ගුරුවරයෙකු නැති නිසා, එම පාසලේ වැඩිහිටි ශිෂ්‍යයකු අදාල ලින්ක් එක සකස් කර දී, එහි Host අයිතිය ඔහුගේ දුරකතනයට ලබා දී ඇති බවයි. ඔහුගේ දුරකතනයේ Host අයිතිය මගින් මෙම වැඩිහිටි ලිංගික දර්ශනය පෙන්වා ඇත. ඔහු පැවසුවේ ‘විහිළුවට’ එය කළ බවයි.
කෙසේ වුවත් දරුවන්ට සහ තරුණ ප්‍රජාවට අන්තර්ජාලය යනු සාමාන්‍ය දෙයකි. ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ටික් ටොක් යන වදන ඔවුන්ට සාමාන්‍ය දෙයකි. මේ පරම්පරා හිඩැස සුළුවෙන් තැකිය යුත්තක් නොවේ. මන්ද, අන්තර්ජාලය තුළ හැසිරිය යුතු ආකාරය සහ එය භාවිත කළ යුතු ආකාරය පිළිබද දරුවන් සහ දෙමාපියන් අතර සාකච්ඡාවක් නොමැති වීම තුළ, දෙමාපියන් විසින් පොළව මත පොදු අවකාශයේ හැසිරිය යුතු ආකාරය පිළිබද ගොඩනගා ඇති වටිනාකම් අන්තර්ජාල අවකාශයට ඇතුළු නොවන නිසාය.
ටෙලිග්‍රෑම් ඇප් එක හරහා සිදු කෙරන ශිෂ්‍යයන් 200ක් පමණ සිටින අමතර පංතියක ශිෂ්‍යාවන්ගේ ඡායාරූප යොදා ෆේස් බුක් පිටුවක් සකස් කර තිබුණි. දුරකතන අංකය සදහා ඇතුළත් කරන ප්‍රොෆයිල් පින්තූරය භාවිතා කොට, ඔවුන්ගේ දුරකතන අංකද ඇතුළත් කර මේ ෆේස් බුක් පිටුව සකස් කර තිබුණේ ඔවුන් ලිංගික ශ්‍රමික ස්ත්‍රීන් බව සටහන් කරමිනුයි.
සමාජ මාධ්‍ය වල ඇති ජනප්‍රියතාවය නිසාම එක ඇයකින් බිහි වන සමාජ මාධ්‍ය ජාලා තිබේ. වැඩිහිටියන් අතර වඩාත් ප්‍රචලිත සමාජ මාධ්‍ය ෆේස් බුක් වුවත්, එයට වඩා සිය ගණනක් සමාජ මාධ්‍ය ජාලා ඇත. උදාහරණයක් ලෙස ස්නැප් චැටි නැමති ඡායාරූප හැවමාරු කර ගැනීම සදහා සකස් කර ඇති සමාජ මාධ්‍ය ජාලය තුළ තත්පර 10ක් සදහා පමණක් ඡායාරූප හුවමාරු කර ගැනීමට අවස්ථාව ඇත. නමුත් එසේ හුවමාරු කර ගන්නා ඡායාරූප එය ලබන්නාගේ දුරකතනයට ඉබේටම බාගත කළ හැකි බව බොහෝ දෙනා දන්නේ නැත. එසේම, සමාජ මාධ්‍ය තුළ සැරිසර පුද්ගලයන් ඔවුන්ගේ සැබෑ නමින් පෙනී නොසිටින අවස්ථාද ඇත. එවැනි පිටු හරහා යමි කිසි හිංසනයක්, බලකිරීමක් හෝ සූරාකෑමක් සිදු වුව හොත් වැරදිකරුවන් සොයා ගැනීමට අතිශය අසීරු වන්නට පුළුවන්.
ස්ත්‍රීන්ව සහ දරුවන්ට අන්තර්ජාලය හරහා හිංසනයට ලක් කරන්නේ කළුවර කාමරමය පරිගණකයක් ඉදිරියේ හිද ගත් වැඩිහිටි පිරිමියෙක් යන අදහස බෙහෝ අයගේ සිතු තුළ ඇති. නමුත් මෙහිදී තේරුම් ගත යුතු මූලික කරුණ වන්නේ, හිංසනයට ලක් වන්නේද, හිංසනය සිදු කරන්නේද අපේම දරුවන් බවයි. උදාහරණයක් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2017 වසරේදී ලැබී ඇති සමස්ථ පැමිණිළි සංඛ්‍යාවෙන් 70%ක්ම ආදර සම්බන්ධතාවයක් බිද වැටීමෙන් පසු ඡායාරූප, වීඩියෝ සහ චැට් තොරතරු සමාජමාධ්‍ය හරහා බෙදා හැරීම හා සම්බන්ධ ඒවා බව ඩේලිනිවුස් ඉංග්‍රීසි පුවත් පත වාර්තා කර තිබුණි.
කෙසේ නමුත්, පසුගිය සති කිහිපය තුළ අන්තර්ජාල යොදා ගෙන හිරිහැර සිදු කළ පුද්ගලයන් ගණනාවක්ම අත්අඩංගුවට ගත් බවට පුවත් වාර්ථා පල විය. අන්තර්ජාලය තුළ සැරිසරමින් අපරාධකරුවන් හඹා යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ BBC සිංහල සේවය වෙත කියා සිටියේය.
දත්ත දෙස බලමු
ශ්‍රී ලංකා සර්ට් ආයතනය වෙත ලැබුණු දත්ත පිරික්සීමෙන් පෙනී යන්නේ කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමත් සමගම ලකැබී ඇති පැමිණිළි ප්‍රමාණයද ඉහල ගොස් ඇති බවයි. 2020 වසරේදී සර්ට් ආයතනය වෙත පැමිණිළි 16376ක් ලැබී ඇති අතර 2019 වසරේ දී ලැබී ඇත්තේ 3566. මෙය 460%කට ආසන්න වර්ධනයක් බව එහි 2020 වර්ෂික වාර්තාවේ සදහන් වේ.
දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද?
දරුවන් සමග විවෘත සාකච්ඡාවක් පැවැත්වීම හරහා අන්තර්ජාලය කළ හැසිරිය යුතු ආකාරය පිළිබද වටිනාකම් පද්ධතියක් ගොඩ නගා ගැනීමට දරුවන්ට සහයවන්න.
අන්තර්ජාලය හරහා ලැබෙන වාසි සහ එය ධනාත්මකව භාවිත කළ හැකි ආකාරය පිළිබද දරුවන් සමග කතාබහ කරන්න. උදාහරණයක් වශයෙන් ඔවුන් සහ අන්තර්ජාලයෙන් හොද චිත්‍රපටයක් නරඹන්න.
වත්මන් ලෝකයේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඇති වී ඇති සීග්‍ර දියුණුව නිසා තොරතුරු ලබා ගැනීම සදහා අපට අසීමිත ඉඩකඩක් ලැබී තිබෙන බව කිසිවිටෙකත් අමතර නොකරන්න. මේ තුළ කුඩා දරුවන් සහ තරුණ ප්‍රජාව ද අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමට අසීමිත නිදහසක් බුක්ති විදිනවා. අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය හිරිහැර, අපයෝජන සහ සූරා කෑමෙන් තොර දරුවන්ට හිතකාමී එකක් බව තරවුරු කිරීමට දෙමාපියන්ට විශාල වගකීමක් ඇති බව සිහි තබා ගන්න.
බෙහෝ විට දරුවන් අන්තර්ජාලය හරහා හිංසනය ලක් වන අවස්ථා වලදී ,දෙමාපියන් සහය නොපතා තනිව විදවීමට හෝ තර්ජන වලට බිය වී අල්ලස් ලෙස ලිංගික වාසි හෝ මුදල් ලබා දීමට පෙළඹෙන අවස්ථා ඇත. එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට දරුවන්ට විවෘතව ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කළ හැකි පරිසරයක් ගොඩ නැගීම දෙමාපියන්ගේ වගකීමකි.
යොවුන් වියේ ආදර සම්බන්ධා වලට දැඩි සීමා පැනවීම, දරුවන්ට දුරකතන සහ පරිගණක භාවිතය සහනම් කිරීම වැනි දැඩි ක්‍රියාමාර්ග වලින් දරුවන් තව තවත් ඔබෙන් ඈත් වීමට පුළුවන්. ඕනෑම කරදරයකදී, හිංසනයකදී ඔබ ඔබේ දරුවාගේ සහයට සිටින බවට දරුවා තුළ විශ්වාසයක් ඇති කරන්න.
සයිබර් සූරාකෑමේ හෝ හිංසනයේ වින්දිතයෙකු බවට ඔබේ දරුවා පත් වී ඇත් නම්, දඩුවම් කරන්න එපා, ඔබේ සහය ඇයට හෝ ඔහුට ලබා දෙන්න.
ඔබ, ඔබේ දරුවා හෝ ඔබ දන්නා අයෙකු සයිබර් සූරාකෑමේ සහ හිංසනයේ වින්දතයෙකු නම්,
- ඒ සදහා ඇති සාක්ෂි කිසිවක් නොමකා ඒවාගේ ලින්ක් සේව් කර ගන්න.
- ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකුගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් අන්තර් ජාලයේ තිබෙනවා නම්, උදාහරණයක් ලෙස වෙබ් අඩවියක තිබෙනවා දුටුවොත් ඒ ගැන 011 2 691692 යන අංකයෙන් ශ්‍රී ලංකා සර්ට් ආයතනයට දැනුම් දෙන්න. අදාල වෙබ් අවඩිය තහනම් කිරීමට ඔවුන් පියවර ගනු ඇත.
- වින්දිතයා ශිෂ්‍යාවක් හෝ ශිෂ්‍යෙයකු නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1929 අමතන්න. එහිදී ඔබේ ගැටළුව සාකච්ඡා කිරීම සදහා රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි සාකච්ඡාවක් ඉල්ලා සිටීමට ඔබට හැකියාව ඇත.
- හිංසනයට මුහුණ දුන් තැනැත්තා වයස අවුරුදු 18ට වැඩි නම්, පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ සහය ලබා ගන්න. එහි යන විට නීතීඥවරියක් හෝ නීතීඥවරයෙක් සමග යාම හොද අදහසක්. ඔබගේ නීතීඥවරයා/ වරියට අන්තර්ජාලය හරහා වන හිංසන පිළිබද පැමිළිණිලි ලබා ගැනීමේ සම්මත ක්‍රියා පටිපාටිය අන්තර්ජාලයෙන් බාගත කර, එය කියවා, ඔබ මුහුණ දුන් හිංසනයට වඩාත්ම අදාල නෛතික ප්‍රතිපාදන හදුනාගෙන, පෙර සූදානමක් ඇතිව පොලීසියට යාමට හැකියි.
- ඊට අමතරව, 011 232 6979 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඇමතිය හැකි අතර, dir.cid@police.lk සහ telligp@police.lk යන විද්‍යුත් තැපෑලට ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි.
6. කාන්තා පිහිට ආයතනයද මෙවැනි ගැටළු සම්බන්ධයෙන් ඔබට සහය වීමට ඉදිරිපත් වේ. 077 5676 555 යන දුරකතන අංකය හරහා කාන්තා පිහිට ආයතනය සමග සම්බන්ධ වන්න. වෙනත් සහයක් අවශ්‍ය නම් 0763 488622 ඔස්සේ bakamoono.lkකණ්ඩායම සමග සම්බන්ධ වන්න.
බහුලව පවතිව සයිබර් සූරාකෑමේ සහ හිංසන ආකාර ගැන දැන ගන්න
සෙක්ස්ටිං (Sexting)
ලිංගිකමය පණිවුඩ අන්තර්ජාලය යොදා ගනිමින් හුවමාරු කර ගැනීම සෙකස්ටිං යනුවෙන් හැදින්වේ. ලිංගිකමය දර්ශන ඇතුළත් ඡායාරූප, වීඩියෝ පට, ස්වකීය ලිංගික අවයව වල ඡායාරූප සහ ලිංගික හැසිරීම් සදහා පොළඹවන කතාන්තර ආදිය මේ ගණයට ඇතුළත් වේ. මෙම පණිවුඩ ඇතැම් විට ලබන්නාගේ කැමැත්ත නැතිව වුවද සිදු විය හැකිය.
ලබන්නාගේ කැමැත්ත නැතිව යවන මෙවැනි පණිවුඩ සහ බල කිරීම මගින් ලබා ගන්නා සෙක්ස්ටිං පණිවුඩද සයිබර් සූරාකෑමේ සහ හිංසනයේ ආකාරයකි.
දෙනොගේ කැමැත්ත ඇතිව හුවමාරු කර ගන්නා එවැනි සෙක්ස්ටිං පණිවුඩද සම්බන්ධාතවක් බිදී යාමෙන් පසු එක් පාර්ශවයක් විසින් අන්තර්ජාලයට මුදා හැරීම හෝ මිතුරන් අතරේ කෙටි පණිවුඩ මෘදුකාංග ඔස්සේ බොදා හැරීම සයිබර් හිංසනයේ තවත් ආකාරයකි.
නිරුවත් ඡායාරූප එක් රැස් කිරීම සහ බෙදා හැරීම (Sharing and Collecting of Nudes)
ආදර සම්බන්ධතා තුළ සිටින ළබැදි සහකරුවන් සිය පෞද්ගලික ඡායාරූප ( ලිංගික අවයව සහ ස්වය වින්දනයේ යෙදෙන ආකාරය වැනි ) හුවමාරු කර ගැනීම බොහෝ අය අතර ඇති භාවිතාවකි. මෙය සයිබර් සෙක්ස් යනුවෙන්ද හැදින්වේ. මුහුණට මුහුණ හමු වීමට ඇති නොහැකියාව මෙන්ම, සහෘද පීඩනය, පෙම්වතාගේ හෝ පෙම්වතියේ පිළිගැනීමට සහ ආදරයට ලක්වීමට ඇති අවශ්‍යතාවය ආදී හේතු නිසා ආදරවන්තයින් මෙලෙස නිරුවත් හා ලිංගික ඡායාරූප හුවමාරු කර ගනිති. මෙයද සෙක්ස්ටිං වල එක ආකාරයකි.
මෙසේ එකිනෙකා සමග විශ්වාසයෙන් යුතුව හුවමාරු කර ගන්නා ඡායාරූප එහි හිමි කරුවන්ගේ දැනුවත්භාවයෙකින් තොරව ලබා ගෙන ඒවා එක්රැස් කොට අපහාස කිරීමේ අරමුණින් බොදා හැරීම සහ අවමාන තර්ජන එල්ල කිරීම සයිබර් සූරාකෑමේ තවත් ආකාරයකි.
වැඩිහිටි වීඩියෝ පට නිර්මාණය කිරීම සහ බෙදා හැරීම (Pornography)
ලිංගික දර්ශන හොරෙන් පටිගත කර බෙදා හැරීමද බහුලව පවතින සයිබර් හිංසනයේ ආකාරයකි. ආදර සම්බන්ධතාවයක් පවත්වන දෙදෙනෙක් අතර සිදු වන ලිංගික දර්ශන පෙර සවිකළ කැමරා යොදා ගෙන පටිගත කිරීම මෙහිදී සිදු වේ.
ලිංගික හැසිරීමේ යෙදෙන පුද්ගලයන් දෙදෙනා සිය කැමැත්තෙන් එම දර්ශන පටිගත කරන අවස්ථා ද ඇත. ආදර සම්බන්ධතාවය බිදී ගිය පසු එවැනි වීඩියේ පට, එහි පෙනී සිටින අනෙක් පුද්ගලයාගේ කැමැත්තෙන් තොරව අන්තර්ජාලයට මුදා හැරීම සහ පණිවුඩ හුවමාරු මෘදුකාංග ඔස්සේ බොදා හැරීම ද සයිබර් හිංසනයකි. එසේම තුන් වන පාර්ශවයක් මෙවැනි වීඩියෝ පට හිමි කරුවන්ගේ දැනුවත්භාවයකින් තොරව ලබා ගෙන බෙදා හැරීම සහ බොදා හරිනවා යැයි අවමාන තර්ජන එල්ල කිරීම තවත් සයිබර් හිංසනයේ ආකාරයකි.
පළිගැනීම සදහා අසභ්‍ය දර්ශන යොදා ගැනීම (Revenge Porn)
පලි ගැනීම සදහා අසභ්‍ය දර්ශන යොදා ගැනීම යනුවෙන් අදහස් වන්නේ ලබැදි සහකරුවන්/ සහකාරියන් සමග බොදා ගත් වීඩියෝ පට හෝ ඡායාරූප ඒ වීඩියෝ හෝ ඡායාරූප වල සිටින පුද්ගලයන්ගෙන් පලි ගැනීම සදහා අන්තර්ජාලය හරහා බෙදා හැරීමයි.
මෙය සයිබර් සූරා කෑමේ තවත් ආකාරයකි.
ලිංගික වාසි සදහා සූදානම් කිරීම (Online grooming)
අන්තර්ජාලය හරහා පුද්ගලයන් සමග මිත්‍ර වී, ක්‍රම කුමයෙන් ඔවුන් ලිංගික වාසි ලබා ගැනීමසදහා පොළඹවා ගැනීම මින් අදහස් වේ. ඔන් ලයින් ගේම්ස් සහ සමාජ ජාල මේ සදහා බහුලව භාවිතා කෙරේ. කාලයක් තිස්සේ අදහස් හුවමාරු කර ගනිමින් විශ්වාසය ගොඩ නගා ගෙන ලිංගිකය ක්‍රියාවන්ට පුද්ගලයන්ව පෙළඹවීම මෙහිදී සිදුවේ.
නිරුවත් ඡායාරූප ඉල්ලා සිටීම, ස්වයං වින්දනය කරන ආකාරය වීඩියෝ ගත කරන ලෙස ඉල්ලීම, එවා සජීවීව දරුශනය කරන ලෙස ඉල්ලා සිටීම ආදිය බහුලව සිදුවන පෙළඹවීම් වේ. ලිංගිකමට ක්‍රියාවන්ට පෙළඹවීම සයිබර් හිංසනයේ එක් ආකාරයකි.
මෙසේ ලබා ගන්නා ලිංගික දර්ශන සහ නිරුවත් ඡායාරූප අවමාන තර්ජන එල්ල කිරීම සදහා යොදා ගැනීම බහුලව සිදු වන තවත් සයිබර් හිංසනයකි.
සයිබර් අවකාශයේ සිදු වන හිරිහැර සහ දාමරිකකම් (Cyber Bullying)
කිසියම් පුද්ගලයෙකු හිංසනයට ලක් කිරීමේ අරමුණෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ඕනෑම ක්‍රියාවක් මෙයට අදාල වේ.
අපහාස කරන පණිවුඩ, වෛරී සහගත කතනය, පහත් කොට සැලකීම් තහවුරු කරන ආකාරයේ පණිවුඩ, වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටීම, රහස්‍ය තොරතුරු හෙලිදරවු කිරීම, අන්තර්ජාලය ඔස්සේ ලුහුබැදීම ආදිය මේ සදහා උදාහරණ වේ.
ගෞරවය සහ සහකම්පනය ඇති කරන්න
අන්තර්ජාලය හරහා වන හිංසන අපේ සමාජයේ ප්‍රතිබිම්යක් ලෙස අප තේරුම ගත යුතුය. සමාජයක් ලෙස අප හැසිරෙන ආකාරය, එකිනෙකාට සලකන ආකාරය අන්තර්ජාලය තුළද පිළිබිඹු වේ. ඒ නිසා ගෞරවයෙන් සහ සහකම්පනයෙන් යුතුව අනෙකාට සලකන පරපුරක් අපට සිටිනවා නම්, අන්තර්ජාලයට සැමට සුරක්ෂිත අවකාශයක් බවට පත් වන බව අමතක නොකරමු.
පබා දේශප්‍රිය විසිනි.


