2022 මැයි 17.
නෙත්මිණි එරන්දිකා විසිනි.
ශ්‍රී ලංකාවේ වැවිලි කර්audන්ත අංශය පිළිබඳව සැලකීමේදී තේ කර්udන්තය දේශීය මෙන්මජාත්‍යන්තර වෙළඳපොළ තුළ o මුල්තැනක් ගනී. ශ්‍රීලංකාව දැනට වාර්Isකව තේ මිලියන 340 kg පමණ නිෂ්පාදනය කරන අතර ලෝකයේ සිව්වන විශාලතම තේ නිෂ්පාදකයා වේ. කොවිඩ් වසංගතය හමුවේ වුවත් 2021 වර්ෂයේදී තේ මිලියන 288 kg ප්‍රමාණයක් අපනයනයෙන් දළවශයෙන් ඇ. ඩො. බිලියන 1.3 ක ආදායමක් උපයාගන්නා ලදී. රටේ මුළු අපනයනප්‍රතිශතයෙන් 11% ක් තේ අපනයනය වන අතර සමස්ත කෘෂිකාර්මික අපනයන සඳහා 62% ප්‍රතිශතයකින් දායක වෙමින් රටේ ආර්සංථික වර්ධනයට අත්වැලක් වන ‘Ceylon Tea’ නාමය ජාත්‍යන්තරයට ගෙනයාම සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙන වතු කම්කරු ජනතාවට එහි කීර්ලැතිය බිය යුතුය. ඔවුහුකර්මාන්තයේ ජීවනාලිය බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.
ලාංකික තේ වතු කම්කරුවන්ගෙන් 65% කට වඩා සිටින්නේද කාන්තාවන්ය. මෙවැනි පසුබිමක් යටතේ රසවත් තේ කෝප්පයක් අප අතේ රඳවන ඔවුන්ගේ ජීවිතය සහ ජීවනෝපාය ‘ තේ ’ තරම් රසවත්දැයි සෙවීම අප විසින් කළ යුත්තකි.
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අංශයේ ශ්‍රමිකයින්ගේ ‘සේවා ස්ථානය’ ලෙස ඔවුන් සේවය කරන ක්ෂේත්‍ර භූමිය, කර්මාන්තශාලාව ,ළමා රැකවරණ මධ්‍යස්ථානය, පාසල , සායනය හා නිවස යන වැවිලි අංශය තුළ පිහිටි සියලු ස්ථාන හඳුන්වා ඇත. මෙම සේවකයන් තම ජීවිත කාලය පුරාම හිංසනයට ලක්වෙති. එය තම රැකියාව හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වයක් හෝ හිංසනයක් ලෙස ගොදුරු වන තැනැත්තන්හෝ කළමනාකාරිත්වය විසින් හඳුනා නොගනී.
කාන්තා ශ්‍රමිකයන් වැඩි පිරිසක් සමස්ත තේ කර්මාන්තය තුළසිටින නිසා වැඩි වශයෙන් හිංසනයට වන්නේද ස්ත්‍රී ශමිකයන්ය. සේවක අයිතිවාසිකම්, වැඩ ලෝකය තුළ හිංසනය දුරලීම සම්බන්ධ නීති පනත් පිළිබඳව ඔවුන්ගේ දැනුම අල්ප වේ. එනිසා සියලු දුක් විඳගනිමින් ජීවිතය ගැටගහගන්න ඔවුන් සිදුකරන අරගලය සැබැවින්ම ශෝකාන්තයකි.
වැටුප් සම්බන්ධ ගැටළු
ලංකාවේ වැවිලිකරුවන්ගේ සංගමයට අනුව අනෙකුත් රටවලට සාපේක්ෂව ( චීනය, ඉන්දියාව,කෙන්යාව ) සිය කම්කරුවන්ට වැටුප් ගෙවන බව පවසයි. අනෙකුත් ක්ෂේත්‍ර තුළ වැටුප් වරaOනය යම්තාක් දුරට වාරa;d වුවත් මෙම ක්ෂේත්‍රය තුළදී එවැන්නක් ඇසෙන්නේ කලාතුරකිනි. ඒ නිසා තේ වතු කම්කරුවන් තවමත් දිළිඳු බවින් පීඩා විඳිති.
වතු කළමනාකාරිත්වය විසින් ඉලක්ක තබා ඇති අතර එමඟින් රු. 1000 ක වැටුපක් ලබාගැනීමට අදාළ වතුයාය අනුව තේ දලු කිලෝග්‍රෑම් 18ත් 20ත් අතර ප්‍රමාණයක් නෙළා ගතයුතුය.
විවිධ පදනම් යටතේ වැටුප් ගෙවීමක් සිදුවේ.
උදා: දවසට ඉලක්කගත අස්වනු ප්‍රමාණය අනුව, කර්මාන්ත / වතු සංගමය සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව
කාන්තා කම්කරුවන් ඔවුන්ට ලැබෙන ආදායමෙන් 90 % ක්ම දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය හා සුබසාධනයවෙනුවෙන් වැය කරති.
ආරක්ෂාව සම්බන්ධ ගැටළු : ලිංගික, වාචික හා කායික හිංසනය
වතු කම්කරු කාන්තාවන්ගෙන් 83% ක් හිංසනයට ලක්වේ. ඔවුන් ලිංගික හිංසනයට විරුද්ධ වුණොත් රැකියාව අහිමිවේ යැයි බියෙන්දි ගටම සේවයට පැමිණෙති.
පදිංචි ස්ථානයේ සිට කඳු කැලෑ හුදකලා මාවත් මැදින් වැඩබිමට යන කාන්තාවන්ගේ අනාරක්ෂිත බව වැඩිවෙන්නේ මෙම කලාප වලදීය. එනිසා ලිංගික අපයෝජනයන්ට ලක්වීමේ වැඩි අවදානමක් ඇත.
වාචික හිංසනයේදී, පාලකයන් විසින් සේවකයන්ට පහත් වචන වලින් කතා කිරීම, ව්‍යංගාර්ථ වචන යොදාගනිමින් ඔවුන්ට අපහාස කිරීමසිදුවේ. ඇතැම් වතු වල පාලකයෝ අස්වනු ප්‍රමාණය / නෙළන ලද තේ දළු ප්‍රමාණය අඩුවූ විට දළු නෙළන කම්කරුවන්ට පහර දෙමින්කායික හිංසනයට ලක්කරති. යම් හිංසනයක් ගැන පැමිණිලි කිරීමට පොලිස් ස්ථානයට ගියවිට වතු පාලකයාට එරෙහිව ඔවුන්ටසාධාරණයක් ඉටුනොවෙන තරම්ය. ඇතැම් විට වතු හිමියා / පාලකයා පොලිසිය සමඟ මිතුරු වීම එයට හේතුව වේ.
වහල් පාලනයක් යටතේ මෙන් තම ජීවිකාව ගෙන යන මොවුන් සෑම දඬුවමක්ම ඉවසති.
ශ්‍රම සූරාකෑම
තේ වගා කිරීමේ ක්‍රියාවලිය ඉතා වෙහෙසකර එකකි. ඒ වෙනුවෙන් කම්කරුවන් පැය ගණන් වෙහෙසෙති. නමුත් කම්කරුවන් ඇතුළු ළමාකම්කරුවන්ද බොහෝ විට ශ්‍රම සූරාකෑමට ගොදුරු වෙති. දරිද්‍රතාවය නිසා බොහෝ දරුවන් පාසල් ගමන අතරමග නවතමින් පවුලේ නඩත්තුවට ආදායම් ඉපයීම සිදුකරති.
ප්‍රාදේශීය වැවිලි සමාගම්වල (RPC) සේවය කරන සේවකයෙකුගේ අවම වයස අවු. 16 කි.
කාන්තා නියෝජනය වැඩි නිසා වතු පාලකයෝ ක්ෂේත්‍රයේ ඇති බර වැඩ පවා කාන්තාවන් ලවා ඉටුකර ගනී. දෛනිකව අවම වශයෙන් තේදළු 25kg වත් දළු එකතුකරන ස්ථානයට කිලෝමීටර් ගණන් දුර ගෙවා ගෙන යායුතුය.
ලබාදුන් ඉලක්ක සපුරා නැතිනමි වැටුප් අඩුකෙරේග මෙහි අනුව තේ වතුකමිකරුවන්ගේ රැකියා අවිධිමත් ආර්ථිකය තුළ පවතින නිසා ඔවුන් ලිංගික සූරා කෑමට හා ශ්‍රම සූරාකෑමට ලක් වෙති.
සනීපාරක්ෂක පහසුකම් අවම වීම
විශේෂයෙන්ම කාන්තාවන් ඔසප් දිනවලදී වැඩබිම තුළ සනීපාරක්ෂක පහසුකම් නොමැති නිසා ඉමහත් අපහසුතාවයකට පත්වේ. එවැනි දිනවලට වත්තේ මහත්තයාට අසනීපය ගැන විස්තර කර නිවසට යන්න සිදුවන අවස්ථා ද ඇත.
මෙම රැකියා සඳහා කොන්ත්‍රාත්තු නිකුත් නොකරන බැවින් අසනීප සහ වාර්ෂික නිවාඩු වැනි ප්‍රතිලාභ නොලැබෙන තරමිය.
රටට අපමණ සේවයක් කරන මෙම පිරිස වෙනුවෙන් සුබසාධන හෝ දිරිගැන්වීමේ ක්‍රියා පිළිවෙතක් නොමැත. සේවා ස්ථානය තුළ හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම පාලකයන්ගේ වගකීම වුවත් ඔවුන් කම්කරු ශ්‍රමය සූරාකමින් වතු පාලන අධිකාරියේ පසුම්බිය තර කරගනිති.
C190 අපරානුමත කිරීම තුළින් වැඩ ලෝකය තුළ සිදුවන හිංසනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට ඕනෑම සේවකයෙකුට නීතිමය අවසරයක් ලැබෙන අතර එමගින් පෙරට වඩා සේවා ස්ථානය තුළ වූ හිංසනයන් අවම කිරීමට බලාපොරොත්තු වේ. සමාජය දැනුවත් කිරීමතුළින් සේවකයාටත් සේව්‍යාටත් සමානාත්මතාවයෙන් යුක්තව සැලකීමේ මානව ගුණයද වර්ධනය කෙරේ.


