2018 ජනවාරි 11.
මෙම වසරේ අගෝස්තු මාසයේදී, ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින්, කොන්දේසි දෙකක් යටතේ ගබ්සා කිරීමට අවසර ලබා දීම සඳහාපනත් කෙටුම්පතක් අනුමත කරන ලදී. එනම් – කළලය මාරාන්තික සංජානනීය ව්‍යාධිජනක තත්වයට පත් වී ඇති විට හෝ ස්ත්‍රී දූෂණයක් හේතුවෙන් සිදු වූ ගර්භනීභාවයක් වූ විටය.
රටේ පවත්නා නීතියට සැළකිය යුතු ශක්තිසම්පන්න ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට බොහෝ දෙනෙකු විසින් සළකන කරුණක් වන මේ සම්බන්ධයෙන්, කාන්තාවගේ ජීවිත බේරා ගැනීමට පමණක් ගබ්සාවට අවසර දෙන පරිදි වන මෙම පියවර පිළිබඳ නිරායාසයෙන් විවාදයට තුඩු දුනි. දෘශ්‍යතාව සහ ප්‍රමුඛත්වය පිළිබඳ බොහොමයක් අදහස් ආගමික, මහජන සහ මාතෘ සෞඛ්‍යය, සහ කාන්තා ලිංගික සහ ප්‍රජනක අයිතිවාසිකම් යන කාණ්ඩයන් සමඟ සමගාමීව බෙදා දැක්විණි. 1883 දණ්ඩ නීති සංග්‍රහය යටතේ, රටේ පවතින නීතිය ලිහිල් කිරීමට කරනු ලබන පළමුවන උත්සාහය මෙය නොවේ. යටත්විජිත යුගයේ ව්‍යවස්ථා සම්පාදනය පුළුල් කිරීමේ මුල් ප්‍රයත්නයන් අසාර්ථක වූ කළ, ශ්‍රී ලංකාව තුල ගබ්සා කිරීම් පිළිබඳ ප්‍රධාන වාද විවාදයන් උද්ගත විය.
1990 කාල වකවානුවේ පැවති පාර්ලිමේන්තු විවාදයන් කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රීලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ විද්වතකු වන සුනිලා අබේසේකර විසින් 1997 වර්ෂයේදී “කාන්තා මානව හිමිකම් සන්දර්භය අනුව ශ්‍රී ලංකාව තුළ ගබ්සා කිරීම“ ශීර්ෂගතව ලිපියක් ලියන ලදී. “මෙම විවාදයෙන් පිළිබිඹු වන පරිදි, කාන්තාවන්ගේ ලිංගිකත්වය සහ ප්‍රජනනය පාලනය කිරීම සඳහා කාන්තාව සතු අයිතියට එරෙහිව ආගමික සහ දේශපාලනික මතයන් එකතු කිරීම සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්වීම පෙන්නුම් කරයි.“
වසර 20 ක් පුරා පැවති විවාදයේ කොන්දේසි අපහසුවෙන්බැහැරකරමින්, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා උඩගමගේ මෑත කාලීන නිරීක්ෂණයට අනුව, සෞඛ්‍ය කටයුතු සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ආගමික මන්ත්‍රීන් විසින් අනුදැන සකස් කිරීමට අවසර ලබා නොදිය යුතු බවට සඳහන් විය. ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවක කරුණු ගෙන හැර දක්වමින් ඇය විසින් ප්‍රකාශ කරන ලද්දේ “සියලු දෙනාගේ කතා කිරීමේ නිදහසට සහ ආගමික අදහස්වලට කොමිෂන් සභාව ගරු කරන නමුදු, මෙවැනි ගැටලු ආගමික විශ්වාසයන් පදනම් කර ගෙන තීරණ ලබා නොදිය යුතු කරුණු බවයි.
අමාත්‍ය මණ්ඩල තීරණයෙන් දිනකට පසුව, ශ්‍රී ලංකාවේ කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනය විසින් මෙයට විරෝධතාවය ප්‍රකාශ කරන ලදී. බෞද්ධ හා මුස්ලිම් සංවිධාන අතර සිටින ඔවුන්ගේ අනුගාමිකයෝ එම විරෝධතාවයට එක් වූහ. විරෝධතාවය වර්ධනය වෙමන් තිබෙන අවස්ථාවේදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් විවිධ ආගමික විශ්වාසයන් නියෝජනය කරන ආගමික නායකයින් කණ්ඩායම දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. කාමරයක පිරුණු පිරිමින් විසින් ගැටලුව උපහාසාත්මක ලෙස සාකච්ඡා කරන බව සොයා ගත් තැනැත්තන් විසින්, සමාජ ජාලා මාධ්‍යයන් හරහා,පුවත්පත්වල පළ කෙරුණු එම රැස්වීමේ ඡායාරූපය දැඩි ලෙස විවේචනයට ලක් කරන ලදී. යෝජිත පනත් කෙටුම්පත කල් තබනු ලැබීම පුදුමයට කරුණක් නොවේ.
පුළුල් ප්‍රශ්න
කෙසේවෙතත්, විවාදය මගින් දෙපාර්ශ්වයේම පාර්ශවකරුවන්ට සලකා බැලීම සඳහා වඩාත් පුළුල් ප්‍රශ්න මතු කර දක්වා ඇත.මාතෘ සහ මහජන සෞඛ්‍යය පිළිබඳ “තේරීම“ යන ප්‍රශ්නය ඉන් එකකට අදාළ වේ. ආරක්ෂිත ගබ්සා කිරීම් සඳහා ප්‍රවේශය එය දැරිය හැකි අයට සීමා කර ඇති විටක තේරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් සඳහන් කරන පරිදි, සෑම දිනකම රට තුළ නීති විරෝධී ගබ්සා කිරීම් 658 ක් සිදු වේ. කලාපය තුළ අවම මාතෘ මරණ අනුපාතය – එනම් දී ඇති කාල පරිච්ඡේදයක් තුළ උපත් 100,000 කට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව – ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. එය 2013 වර්ෂයේදී 32 ක් විය. ඒ හා සමඟම, ශ්‍රී ලංකාව තුළ 10% සිට 12% දක්වා මාතෘ මරණ ප්‍රතිශතයක් අනාරක්ෂිත ගබ්සා කිරීම් හේතුවෙන් වාර්තා විය. ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් පෙන්වා දෙන පරිදි,රාජ්‍ය සෞඛ්‍යක්ෂේත්‍රය තුළ නොමිලේ මාතෘ සෞඛ්‍ය සේවා ලබාගත හැකි අතර, ගබ්සා කිරීම්සම්බන්ධ නීත්‍යානුකුල ඇඟවීම් මගින් මෙම රජයේ රෝහල්වල ඒ සඳහා සේවාවන් සැපයීම වලක්වා ඇත. කෙසේ වෙතත්,පෞද්ගලික අංශය විසින් හෙමින් සිරුවේඑම සේවාවසපයන බව, මහජන සෞඛ්‍ය නිරීක්ෂකයින් නිරීක්ෂණය කරයි.
මෙම විවාදයන් තුළින් කාන්තාව, ඇයගේ සෞඛ්‍යය සහ ඇයගේ තේරීම පිළිබිඹු වන්නේ කෙසේ ද යන්න තවත් ප්‍රශ්නයකි? “ නීතිය මගින් අර්ථ දක්වා ඇති පරිදි, සමාජයීය සහ ජෛව විද්‍යාත්මක ප්‍රජනකයින් ලෙස සමාජය තුළ කාන්තාවගේ භූමිකාව පිළිගැනීමට ලක් කරන අතර, කාන්තාවගේ භෞමික අඛණ්ඩතාවය සහ ලිංගික ස්වාධිපත්‍යයට ගරු කෙරේ. – සහ තවමත් ඔවුන්ගේ ශරිරය හේතුවෙන් ඔවුන්හට අවහිර කිරීම් සිදු නොකෙරේ. – මෙම වාද බිම තුළ ක්‍රියාවාදය සඳහා මූලික අභියෝගය තවමත් ඉතිරිව පවතී. – යනුවෙන් 1997 වර්ෂයේදී අබේසේකර මහත්මිය ලියා දක්වයි. එය තවදුරටත් එසේම සිදුවේ.
ද හින්දු පුදවත්පත වෙනුවෙන් මිරා ශ්‍රීනිවාසන් විසින් කොළඹපදනම් කර ගෙන ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.