කුඩා කලදී අපයෝජනයන්ට ලක් වන දරැවාට සිදු වන්නේ කුමක්ද?

2019 පෙබරවාරි 15.

ආර්. කේෂානි විසිනි.

නීතිමය වශයෙන් උපතේ සිට වයස අවුරුදු  18 දක්වා කාලය ළමා වයස  ලෙස  හදුන්වයි.එහෙත් අපේ දෙමාපියන්ට ඥාතින් ට අපි කෙතරම් වයසින් මුහුකුරා ගියද අපව ළමයින්මය.එහෙත් අප සමාජයේ ජීවත් වන සෑම දරැවෙකුටම මෙය එක හා සමානද? ඇත්තෙන්ම නැත. අප සමාජයේ කෙතරම් දරැවන්  පිරිසක් අසරණ ව කිසිම පිළිසරණක්  නොමැතිව කුමන දිශාවකට ගමන් කරන්නදැයි නිසි අවබෝධයක්  නොමැති ව අතරමන් වී ඇත්දැයි අප නිකමටවත් සොයා බැලුවාද? කෙතරම් දරැවන්  පිරිසක්  දිනකට ළමා අපයොජනයට ලක් වනවාදැයි සොයා බැලුවාද?

දෙමාපියන් හෝ භාරකරැවන් විසින් දරැවන් ව නොසලකා  හැරීම නිසා ළමයෙකු ශාරීරික ව, මානසික ව හා ලිංගික වශයෙන් නිවස තුළ, පාසල තුළ , අමතර  පන්ති තුළ , ගම තුළ  වැනි ඕනෑම ස්ථානය ක් තුළ අපචාරයන්ට  හා අපයෝජනය නට ලක්විය හැකිය. එම නිසා වැඩිහිටියන්  වශයෙන් තමගේ දරැවන්  පිළිබඳව  පමණක්  නොව අනෙක් සියලුම දරැවන්  පිළිබඳව සැලකිලිමත්ම සිටීම ඉතාමත්  වැදගත් ය.දරැවන් මෙවැනි  අපචාරයන්ගෙන් බේරා  නොගතහොත් අපේ රටේ හෙට දවස අදුරේ  වැටෙන බව නම් කිව යුතුමය. එම නිසා ලොව වෙසෙන සෑම දරැවකු ම යහපත් වූ තැන ලොවම සුරක්ෂිත ‍ය. සුරක්ෂිත  හෙට දවසක ඔබේ දරැවන්  පිය නගින්නට අවශ්‍ය  නම් අනෙක් දරැවන් කෙරෙහි ද දයාව  කරැණාව සමගින් ආරක්ෂා ව සැපයීම ඔබේත් මගේත්  වගකීමයි

දරැවන්  යනු රටක අනාගතය යි. ඒ දරැ පරපුර රැක ගැනීම මුලු මහත් සමාජයක වගකීමයි .එහෙත් අප ඒ වගකීම කෙතරම් දුරට ඉටුකර ඇත්ද? අපි කෙතරම් පැහැර හැරීම් සිදුකර ඇත්දැයි නිකමට සිතා බලන්න. ඔබත් මාත්  සිතනුයේ අපේ පවුලේ දරැවන් පිළිබඳව  පමණක්  නොවන්නේද?  අපිට පිට දරැවන්  ගැනත් තමාගේම දරැවන් ලෙස සිතන්නට පුරැදු  වුණ දිනට අපේ රටේ අනාගතය  මීට වඩා ලස්සන වනවා නොඅනුමානය .

අපේ රට තුළ  ළමා අයිතීන් සුරක්ෂිත කිරීමට අරමුණු  කරගෙන ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවක් පිහිටා තිබුණද ඒ ආයතන සදහා සත්‍ය  තොරතුරැ මෙන්ම බොහෝ තොරතුරැ  ලැබෙනවාද යන්න ගැටලුවකි . බොහෝ දෙනා සිතනුයේ යම් සිදුවීමක් සිදු වුණත් මෙවැනි තැන්වලට දැනුවත්  කිරීමට යෑම අහක යන නයි රෙද්ද අස්සෙ  දාගත්ත  කියායි.නැති කරදර දාගන්නේ මොකටද? ඔන්න ඔහේ අපි පැත්තකට වෙලා ඉමු.ඕවා දැනුවත්  කරන්න ගිහින් අපිට  මොන ප්‍රශ්න එයිද දන්නේ නෑ.අපට මොන බලපෑම් එයිද දන්නේ නෑ. වැනි වැඩිහිටියන් ගේ ආත්මාර්ථකාමී සිතිවිලි නිසාම බොහෝ සත්‍ය තොරතුරැ  අදටත්  වසන් වී ඇත.

Screenshot 2019-05-20 11.57.44 Screenshot 2019-05-20 11.58.10

නමුත් ඔබ මොහොතකට සිතුවාද ඔබ කරනුයේ කෙතරම් යහපත් ක්‍රියාවක්ද කියා.යමෙක් දුකක වැටි වැටී සිටින විට එයින් මිදීමට අතදීමට හැකි නම් එය කෙතරම් අගනේද?විශේෂයෙන්ම දරැවන් . එසේ නොමැති වූ කළ, ඒ දරැවන්  මුළු මහත් සමාජයට ම වෛර කරන්නටන් පළි ගන්නටත් පෙළඹෙන්නේ  නිතැතින්මය. එයින් ඒ දරැවාට සිදුවන අයහපත ගැන ඔබ මොහොතකට සිතුවාද?

දරැවන්  දරැවන්  ලෙසටම සැමදාම සිටින්නේ නැත. ඔවුන්  ටිකෙන් ටික වැඩිවියට පත් වෙයි.ඒ තමන් මුහුණ  දුන් අප්‍රසන්නකාරී කටුක අත්දැකීම්  සමුදායත් සමගින්.අනේක දුක් විදිමින් ගැටලු  වලට මැදිවෙමින් ජීවත්වන දරැවා වැඩිහිටියන බවට පත් වද්දී ,සමාජය ට මනා පෞර්ෂය ක් සහිතව ,සමාජය ට බරක් නොවී , සමාජයට වෛර නොකරන්නෙකු බවට පත් වේවි යැයි  ඔබට මට කෙසේ කිව හැකිද? එය අපට වැළැක්වීම ට හැකිද? එසේ නම් අප කළ යුත්තේ  මෙලොව  සිටිනා සෑම දරැවෙකුටම ,  අපයෝජනයන්ට අපචාරයන්ට ලක් නොවී සතුටින් ජීවත් වීමට අවශ්‍ය  වටපිටාව සකසා දීමය.

මෑත කාලයේ සිදු වූ සිදුවීමක් ඇසුරින්  අපිට  මෙය වඩාත්  පැහැදිලි  වෙයි. මාකදුරේ මදූෂ්. නම කියූ සැනින් රටම හදුනන්නේ පාතාල නායකයෙකු, මත්ද්‍රව්‍ය  ඒජන්තවරයෙක් ලෙසිනි . ඔහුගේ නම කියූ සැනින් ඇග කිලිපොලා යයි. ඔහු මෙවැනි  ක්‍රියාවලට පෙළඹුණේ කුමක්  නිසාදැයි අප සිතා බැලුවාද? ඔහුගේ ළමා වියේ පටන් ඉතිහාසය සදහන් වූ ලිපි සමාජජාලා වල හුවමාරු  වූයෙන් මාද ඒ ලිපිය කියවන විට මට හැගී ගිය එකම කාරණයවූයේ  මාකදුරේ මදූෂ් බිහිවූයේ  අපේ සමාජ ක්‍රමයේ වරදින්ම බවයි. ළමාවිය සංවර්ධනය  මිනිසෙකු ගේ අනාගතය ට කෙතරම් වැදගත්දැයි මේ ලිපිය කියවන මට දහස් වාරයක් සිත්විය.මිනිසෙකුගේ ළමා විය නිසියාකාරව  සංවර්ධන ය නොවුණු  තැන එය මුලු මහත් සමාජය කටම පිළිලය ක් වන ආකාරය මාකදුරේ මදූෂ්ගේ සිද්ධිය  හොදම නිදසුනකි .ඔහු මේ තත්වය ට පත් කළේ ඔබ මා ජීවත් වන මේ සමාජය ම බව ඔබට වැටහේවි.

මෙහිදී මාගේ මූලික  අරමුණ මාකදුරේ  මදූෂ් පිළිබඳව කතා කිරීම නොව ළමා අපචාරයන්ට  ගොදුරු  වන දරැවා මුළු මහත් සමාජය ටම හිසරදයක්  වන ආකාරයත් , ඔවුන්  සමාජය ට වෛර කරන ආකාරය ත් පෙන්වාදීම සහ තම දරැවන් පමණක්  නොව අනික්  දරැවන් ද තමාගේ දරැවන්  ලෙස සලකා කටයුතු  කිරීමේ වැදගත් කම ලොවට පෙන්වා දීමයි.තමාගේ දරැවන්  ගැන පමණක් සිතා ඔවුන්  යහපත්  පුරවැසියන් ලෙස සමාජගත කරන්නට නම් අනෙක් සියලුම දරැවන් ද යහපත් විය යුතුමය. එසේ නොවුණු  තැන වෛරී සහගත පුද්ගලයන්ගේ ගොදුරු  බවට ඔබේ දරැවාද ලක් විය හැකි බව අපි සැවොම සිහිතබා ගතයුතුමය.

මාකදුරේ මදූෂ්ගේ අතීතය පිළිබඳව වාර්තා කරැවන්  කිහිපදෙනෙකුගේ වාර්තා  වලින් උපුටාගත් පරිච්ඡේදය න් කිහිපයක්  මා මෙහි දක්වා ඇත .මෙමෙ පරිච්ඡේදයන් ඉතා පරිස්සමෙන්  නිරීක්ෂණය කරනවිට දක්නට ලැබෙන පොදු ලක්ෂණ සැලකීමේදී ඔහුගේ ළමාවිය ගතවූයේ කුමන අයුරකින්ද යන්න මනාව පැහැදිලි  කරයි. ඉතා කුඩාකළ ම ශාරීරික ව නොවුවද  ඔහු මානසිකව අපචාරයන්ට  ගොදුරු වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැක.

දරැවකුට මවකුගේ පියෙකුගේ ආදරය , රැකවරණය අවශ්‍යම කළ ඔහුට මේ සියල්ල අහිමිව ඇත.වයස අවුරුදු  8 වන විට මවව ඝාතනය වීම ඔහුට කෙතරම් දරැනුවට මානසිකව බලපාන්නට ඇත්දැයි නිකමට සිතා බලන්න. අවුරුදු  8 ක් යනු යාන්තමින් ජීවිතය කුමක්දැයි තේරැම් ගන්නා අවධියයි.යමක් කමක් තේරැම් ගනිමින් සමාජගතවන්නට සූදානම්  වන දරැවාට මව ඝාතනය වීම මුලු ලොවම තම දෑස් ඉදිරිපිට කඩා වැටුණා සේ දැනෙන්ට ඇත.

“මධූෂ් කවුද? මොනවද කළේ?

මේ දිනවල රටම දන්නා නමක් වේ නම් ඒ සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ්ය. නම කිවූ පමණින් සාමාන්‍ය වැසියන් බිය නොවුවත් පාතාලයේ බොහෝ දෙනා මධූෂ්ගේ නමට පමණක් නොව ඔහුගේ ගෝලයන්ටද බයය. ඒ මධූෂ් කිසිදු අණක් ගුණක් නැති නිසාය. සරලවම කිව්වොත් කිසිදු හිතක් පපුවක් නැති නිසාය. ඒ නිසා මධූෂ් පාතාලයේ සමහරක්ට පමණක් නොව ආරක්ෂක අංශවලට පවා හිසේ රුදාවක් වී තිබුණි. ඒ ආරක්ෂක අංශවල සමාජිකයන්ටද තර්ජනය කිරීම නිසාය. එහෙත් පුදුමය නම් එවැනි අපරාධකරුවකුට එරෙහිව තවමත් ජාත්‍යන්තර රතු නිවේදනයක් නැති වීමය. ඒ මධූෂ්ට එරෙහිව හරි හැටි චෝදනාවක් තවමත් උසාවියේ තහවුරු නොවීම නිසාය.

ඩුබායි සිට මෙහෙයවමින් කුඩු ජාවාරම්, මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් සිදුකළ මධූෂ් දැන් රොත්ත සමඟින්ම ඉන්නේ එරට කූඩුවේය. මේ නිසා බොහෝ දෙනෙක් සතුටුවනවා සේම තවත් පිරිසක් තමන්ට සිදුවූ හානි ගැන කම්පාවෙමින් දෙස් දෙවොල් ඉල්ලති. පුදුමය නම් මේ නිසාම බොහෝ දෙනෙක් ඇඟිලි ගනින්නේ මධූෂ් එරටදීම දඬුවම් ලැබෙතැයි සිහින දකිමින් වීමය.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ ගෝඩ්ෆාදර් යැයි රටේ මාධ්‍ය කියන, එහෙත් හැංඟිහොරා මැරකම් කළ මහා පාතාල කල්ලි සාමාජිකයෙක් යැයි කියන මධූෂ්ගේ ඉරණම් කතාව ගැනය. එය කියවූ පසුව මධූෂ් අද මෙවැනි තැනකට වැටුණේ කාගේ වරදින්ද යන්න කියවන ඔබට විනිශ්චය කළ හැක.

සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් 1979 පෙබරවාරි 24 උපන් අයෙකි. එනම් එළඹෙන ඉරිදා මධූෂ්ගේ 40 වැනි උපන්දිනය යෙදී ඇත. මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය යන ලිපිනයේ පදිංචි අයෙකි.කුඩා කාලයේදීම ජීවිතයේ ඛේදවාචකයක් වූ මධූෂ්ට තම මව අහිමි වන්නේ වයස අවුරුදු 8 දීය. ඒ ඇය ජනතා විමුක්ති පෙරමුණ සමඟ දේශපාලනය කළ බව පවසා සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙනි. මවගේ මරණයෙන් පසුව තම පියා වෙනත් කසාදයක් කරන්නා අතර ඔවුන් නැවත පදිංචි වන්නේ කරගොඩ උයන්ගොඩ ප්‍රදේශයේය.එම ප්‍රදේශයේ පදිංචිව සිටි මධූෂ්ට පාසලක් හිමිවන අතර එය නාරංදෙණිය පාසලය. එම පාසලට කඹුරුපිටියේ පදිංචි ධනවත් පවුලක තරුණියක්ද ආවාය. ඇයගේ නම සඳහන් නොකරන්නේ ඇය කිසිදු අපරාධයට සහයෝගය ලබා නොදී අසනීප කුඩා දරැවකු සමඟ අන්ත අසරණ වී සිටින නිසාය. එම තරුණිය සමඟ පාසල් සමයේදීම ප්‍රේමයක පැටලෙන මධූෂ් අඩු වයසින්ම තම පෙම්වතියද රැගෙන පැනයන්නේ හිතුවක්කාරකමටය. මේ නිසා තරුණියගේ ගෙදරින් ඇයව අත්හරිනු ලබයි.කෙසේ වෙතත් ඒ අනුව ඉතා උත්සාහවන්තයෙන් දියුණුවන්නට උත්සාහ දරණ මධූෂ්ව නැවත මධූෂ්ගේ බිරිඳගේ නිවසින් පිළිගන්නේ ඇයටත් මධූෂ්ටත් සමාව ලබාදෙමිනි. ඒ අනුව මධූෂ් මුල්වරට මාකඳුරට යන්නේ අලුතින් බිරිඳගේ මහගෙදර පදිංචි වීම සඳහාය. කෙසේ වෙතත් මෙම තරුණියගේ පවුල ප්‍රබල එජාප පවුලක් වුණු අතර එම නිවෙස පක්ෂ රැස්වීම්, හමුවීම්වලින් නිතර පිරී තිබුණේය.කෙතරම් දේශපාලන සබඳතා, ශක්තිය තිබුණත් මධූෂ්ට හරි හැටි රස්සාවක් තිබුණේ නැත. මධූෂ් නොයෙකුත් ව්‍යාපාර කරමින් කාලය ගත කළේය. කලක් මධූෂ් සිල්ලර කඩයක් කළේය. තවත් වරෙක කරවල කඩයක් කළේය. ඊටත් පසුව දර වික්කේය. ඒ හැමදේම තාවකාලික ව්‍යාපාර වූ එකක් හෝ මධූෂ්ට ගොඩයාමට හේතුවූයේ නැත. එහෙත් මධූෂ් වැරදි වැඩ කළේ නැත.” 

තොරතුරු – ගයාන්

මාකඳුරේ මදුෂ්ගේ මුල් විවාහක බිරිය ගයානි මධුෂ් ගැන හෙළි කළ විස්තරේ..!

“මධුෂ්ගෙ අම්මා 1989 දි නැතිවෙනවා. ඒත් එක්කම මල්ලිත් මාතර වේල්ල කියන හරියෙ තිබිලා නිසල සිරුර හමුවෙනවා. මේ දෙකම මධුෂ්ගේ ජීවිතේට බලපෑවා. එයා ඒවයින් සෑහෙන්න වැටිලා හිටියේ. එයා සමාජයත් එක්ක තරහකින් ගතකළේ.

මේ අතරෙ තාත්තා එයාලව දාලා ගිහින් වෙන විවාහයක් කරගත්තා.

මධුෂ්ට හොඳට ඉගෙනගන්න පුළුවන්..අපොස සාමාන්‍ය පෙළත් හොඳින්ම පාස් වුණා. ඒත් මේ තිබුණ කරදර නිසා එයාට දිගින් දිගට ඉගෙනගන්න බැරිවුණා.

ඉස්කොලෙන් අයින් වුණාට පස්සෙත් අපේ සම්බන්ධය තිබ්බා. ඒත් මගෙ අම්මලා තාත්තාලා මේ සම්බන්ධෙට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. හේතුව මේ ඇතිවෙලා තිබුණ තත්වයත් එක්ක මධුෂ් ගැන තිබ්බ නරක චිත්‍රය.

ඕ ලෙවල්වලින් ඉස්කෝලෙ අත්හැරල ගියපු එයා පස්සෙ පුංචි පුංචි වැඩ කරන්න පටන් ගත්තා. වැඩ හොයාගෙන අම්පාරෙ ගියා. අම්පාරෙ ගරාජ් එකක වැඩ කළා. ඒ අතරෙ එක එක දේශපාලකයො එයාව ඔවුන්ගේ වැඩවලටත් යොදා ගත්තා.“

තොරතුරු – අමිල මලවිසූරිය

මධුෂ් ගැන ගම්මු කියන කතාව

“මධුෂ්ලාගේ මහ ගෙදර තිබුණේ කඳු ගැටයක. පහළ කුඹුරුයායෙ” ගෙදර පැත්තක අතින් වතුර ගන්න පුළුවන් ‍පොඩි ළිඳක් තිබුණා. කුඹුරු වැඩ කරන කාලයට හැමෝම වතුර බිව්වේ ඒ ළිඳෙන්. ඒ කා‍ලේ මධුෂ් ‍පොඩි දරුවෙක්. ඔය හැම විනාශයකටම මුල මධුෂ්ගේ අම්මාගේ මරණය. අම්මා මැරුණට පස්සේ ඒ දරුවෝ අයා‍ලේ ගියා. ඔහු කියන්නේය.

 

මධුෂ්ගේ අම්මා වූ මාලනී සමරසිංහ මැරුණේ නැත. මරා දැම්මේය. අසූඅට අසූනවය භීෂණ සමයේ උල්ලල කහගල ඉස්කෝ‍ලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය රැස්වීමක් සංවිධානය කර තිබුණි. එකල රජයේ තහනමට ලක්ව තිබූ ජ.වි.පෙ. සන්නද්ධ අංශය හැඳින්වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනුවෙනි.

 

“රෑ අපට තුණ්ඩු කෑලි ලැබුණා. කහගල ඉස්කෝ‍ලේ රැස්වීමට අනිවාර්යයෙන්ම එන්න කියලා. නොගියොත් ඒ අයගෙන් මැරුම්කන්න වෙනවා. ගියොත් හමුදාව අපි ජ.වි.පෙ. කියලා අල්ලන් යනවා. මේ නිසා රැස්වීමට වැඩියෙන් ගියේ ගෑනු. පිරිමි හමුදාවට බයේ එන්නේ නෑ. එදා දවස මට තවමත් මතකයි. හමුදාව එම රැස්වීමට ගිය අයට වෙඩි තිබ්බා. මට මතක හැටියට තුන්හතර දෙනෙක් මැරුණා. මැරුණු ගමේ අය අතරේ මාලනී  අක්කාත් හිටියා. හමුදාව වෙඩි තියෙනකොට ගම්මු සී සීකඩ දිව්වා. මාලනී අක්කා රබර් ගස් ගලවපු වළකට වැටුණා. එයාගේ මිනියවත් ගන්න හමුදාවෙන් ගමේ අයට ඉඩ දුන්නේ නෑ. ත්‍රස්තවාදියකු ලෙසයි ඇය සැලකුවේ. නමුත් එදා මාලනී අක්කා  රැස්වීමට ගියේ තුණ්ඩු කෑල්ලට බයේ. එසේ කියන්නේ වැලිහේන්ගොඩකුට්ටිය ගමේ කාන්තාවකි.

 

මධුෂ්ගේ අම්මාගේ අකල් මරණයෙන් පසු ලක්ෂ්මන් තවත් විවාහයක් කර ගත්තේය. විවාහයෙන් පසු තාත්තා අතින් දරුවෝ අතහැරුණි. ගම්මු කියන හැටියට එතැන් සිට මධුෂ්ලා බලාගත්තේ ඔවුන්ගේ අත්තම්මා සීයා හා නැන්දලාය. පැටි වයසේ හුන් මධුෂ්ට ගෙදර කීවේ මානපාලය යනුවෙනි. ගමට ඔහු වාසනා විය. මධුෂ් සේම ඔහුගේ මල්ලිත් නංගිත් ඒකා‍ලේ බොහෝ ලස්සනය. එකල මධුෂ්ගේ මල්ලි ලක්ෂිතට ගමේ කොල්ලෝ කීවේ කට්ටා යනුවෙනි. පාතාල නායකයකු වී පසුකලෙක තරුණයන් පිරිවරාගෙන හිටියට ඉස්කෝ‍ලේ යන කාලයේ මධුෂ්ට මෙන්ම ලක්ෂිතටද බජාර් එකේ යාළුවෝ සිටියේ නැත. කොටින්ම කියනවා නම් ඒ කාලයේ මධුෂ් යනුවෙන් තරුණයෙක් සිය ගමේ සිටිනවාදැයි කීමට පවා ගම්මු දැනගෙන සිටියේ නැත.

නාරන්දෙණිය මැදි විදුහ‍ලේ සාමාන්‍ය පෙළ දක්වා අකුරු කළ මධුෂ් රස්සාවක් කිරීමට කල්මුණේට යන්නේය. ඒ කඹුරුපිටියේ ගමේ අයෙකු කල්මුණේ දමා තිබූ මෝටර් සයිකල් වැඩපළකය. මධුෂ් දෙමළ බස ඉගෙන ගත්තේ කල්මුණේදීය. එකල කල්මුණේට අවි ආයුධවලින් අඩුවක් නොවීය. ඒ කොටින්ගේ ආයුධ හොර පාරෙන් කල්මුණේදී විකිණෙන බැවිනි. තරුණ මදය හිස ගසා තිබූ මධුෂ් ටී-56 ගිනිඅවියක් හා අත්බෝම්බයක් රැගෙන කල්මුණේ සිට කඹුරුපිටියට ආවේය. ඒ ගැන අඟුපිල් ගානේ කයිවාරු ගැසූ ඔහු ගැන ‍පොලීසියට ආරංචි වන්නේය. ඔහු මුල්වරට අත්අඩංගුවට පත්වන්නේ එම සිද්ධියට බව ගම්මු කියති. එම සිද්ධියට හිරේ ගිය ඔහු යළිත් එළියට ආවේ ජීවිතේ කිසිදු දිනක ගොඩට ඒමට නොහැකි වළකට වැටීය. නරක යාළුවෝ හිරගෙදරදී මධුෂ් සමග සබඳතා ගොඩනගා ගත්හ. මධුෂ් මුලින්ම ප්‍රසිද්ධියට පත්වන්නට පටන් ගත්තේද මාකඳුරෙන් නොව කඹුරුපිටියෙනි. ඔහු මාකඳුරේ මධුෂ් ලෙස බෞතිස්ම ලැබුවේ මාකඳුරෙන් තරුණියක විවාහ කර ගැනීමෙන් පසුවය. එතැන් සිට ඔහුගේ පදිංචිය මාකඳුරේ විය. ඔහුගේ නිවස පිහිටියේ මාකඳුරේ තුන්මං හන්දියෙන් තලහගම පාරට හැරී ටික දුරක් යන විටය. කසාද බැඳ මාකඳුරට ගියත් ඔහු කඹුරුපිටිය ටවුමට ආවේ හයර් දුවන්නටය. එකල ඔහු නිකම්ම නිකං මධුෂ් විය. ඔහු මුලින්ම අපරාධ පටන් ගන්නේ සුළුවෙනි. මධුෂ් කඹුරුපිටියේ ටවුන් එකේ කඩවලින් කප්පම් ගන්න පටන් ගත්තා. ඔහුගේ මල්ලි ලක්ෂිතත් ඔය අපරාධවලට සම්බන්ධ වුණා. අයියා ගිය වැරදි පාරේ ගිය මල්ලිටත් ජීවිතය නැති වුණා කඹුරුපිටියේ ගම්වැසියකු එසේ කීවේය.

මධුෂ් හිරේ සිටින කාලයට ඔහුගේ එළියේ වැඩබලා ගත්තේ ඔහුගේ මල්ලී වූ නිරෝෂන් ලක්ෂිත බව සඳහන්ය. ලක්ෂිතගේ සහයට සිටි අනෙක් මිතුරා වූත් කඹුරුපිටියේ සපුගොඩ හර්ෂය. වසර කීපයකට පෙර ලක්ෂිත සුදු වෑන් රියකින් පැහැරගනු ලබන්නේ ගතාරේ ඔවුන්ගේ නිවස ආසන්නයේදීය. වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ මළ සිරුර හමුවූයේ මාතර, කඹුරුපිටිය පාරෙනි. මේ අතරේ හර්ෂ ද ඝාතනය විය. එම ඝාතනය කළේ පාත‍ලේ තවත් නායකයකු වන සමයං බව සඳහන්ය. බන්ධනාගාර රියක් තුළදී සමයං ඇතුළු පාතාල සාමාජිකයන් තිදෙනකු මධුෂ්ගේ අණින් මරා දමන්නේ හර්ෂ මැරූ පලිය ගන්නටය.මධුෂ් ගැන රටම කතා කරන්නට පටන් ගන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාතර නායකයකු හා දකුණු පළාත් හිටපු ප්‍රවෘත්ති හා ග්‍රාම සංවර්ධන ඇමැතිවරයකු වූ ඩැනි හීන්තැටිය ඝාතනය කිරීමත් සමගය.

ගම්මු කියන විදිහට ඔහු හිටපු ඇමැතිවරයා මරන්නේ දේශපාලන ප්‍රශ්නයකට නොවේ. හිටපු ඇමැතිවරයාගේ ඥාතිවරියක මධුෂ්ගේ පුතාට බැණ වැදී තිබේ. ඉන් කෝපයට පත්වන මධුෂ් ඇයට බැණ වැදී තිබේ. මේ සිද්ධිය දැනගත් හිටපු ඇමැතිවරයා සිය ගල්කටස් තුවක්කුව රැගෙන මධුෂ්ගේ නිවසට පැමිණ අහසට වෙඩි තබා තර්ජනය කර තිබේ. එම මොහොතේ මධුෂ් සිටියේ දරුවාට බත් කවමිනි. උඹ බොරුවට අහසට වෙඩි තියනවා.

ඒත් මම උඹට වෙඩි තියන්නේ ඇත්තටම. මේ වෙලාවේ උඹට වෙඩි තිබ්බොත් දරුවාට සාක්කි දෙන්න වෙන නිසා මම වෙඩි තියන්නේ නෑ” යනුවෙන් මධුෂ් ඒ මොහොතේ ඩැනී හිත්තැටියට පැවැසූ බව ගම්මු කියති. එම සිද්ධිය එතැනින් නතර වූයේ නැත. යුද හමුදාවෙන් පැන ගිය සෙබළකු වන කමාන්ඩෝ නිශ්ශංක අතින් ඩැනි හිත්තැටිය ඝාතනයට ලක්විය. කුලී මිනීමරුවකු වන ඔහුට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව දුන්නේ මධුෂ් බව චෝදනා එල්ල විය. මේ ඝාතනය වන විට මධුෂ් සිටියේ රක්ෂිත බන්ධනාගාරයේය. හිරෙන් එළියට පැමිණි ඔහු යළි මතු වුණේ ඩුබායිවලිනි.

ඩුබායිවල මධුෂ් සිටියද මාකඳුරේ වන සියල්ල ඔහු දන්නේය. මධුෂ්ගේ මාකඳුරේ ගෙට සී.සී.ටී.වී හයි කරලා තියෙන්නේ. ඔහු ඩුබායිවල ඉඳලා ගෙදර වන දේවල් බලා ඉන්නවා. ඔහු ගැන තොරතුර හොයන්න ගමට කවුරු හරි ආවොත් ඒ බව ඔහු දන්නවා මාකඳුරේ ගම්වැසියකු අපට එසේ කීවේය.

මධුෂ් ඩුබායිවල සිටියද ඔහුගේ නීත්‍යනුකූල බිරියද පියාද හුන්නේ මෙරටය. මධුෂ්ගේ තාත්තා වූ ලක්ෂ්මන් මීට වසරකට පමණ ඉහතදී රිය අනතුරකින් මිය ගියේය. ඒ ඔහුගේ පවු‍ලේ වූ තෙවැනි මරණයය. මීට පෙර ඔහුගේ මවත් සොයුරාත් මිය ගියහ. එම තුන්දෙනාටම පින් පිණිස මධුෂ් මාතර, කිරින්ද, පුහුල්වැල්ල විහාරස්ථානයක දෙමහල් ගොඩනැල්ලක් ඉදිකිරීමට යහමින් මුදල් වියපැහැදම් කළේය. එම ගොඩනැගිල්ල විවෘත කෙරුණේ දෙදහස් දහඅටේ දෙසැම්බර් මස විසිදෙවැනිදාය. ඒ වෙනුවෙන් විවෘත කෙරුණු සමරු ඵලකයේ සඳහන් වනනේ මෙසේය.

සමරගිරි ගතාර කඹුරුපිටියේ විසූ නැසීගිය එකම පවු‍ලේ පියා, මව හා ‍පොඩි පුතු සමරසිංහ ආරච්චිගේ ලක්ෂ්මන්, මාලනී සමරසිංහ, සමරසිංහ ආරච්චිගේ නිරෝෂන් ලක්ෂිත යන උපාසක උපාසිකා මතාවන්ට පින් පිණිස මෙම දෙමහල් ගොඩනැගිල්ලෙන් යුත් ධර්ම ශාලාව, ආවාසගෙය, දාන ශාලාව එම පවු‍ලේ ලොකු පුතා ඇතුළු පවු‍ලේ සැම විසින් හද බැතියෙන් සඟ සතුකොට පූජා කරන ලදී යනුවෙනි.

එම සමරු ඵලකය උපුටා ගැනීමේ ලකුණු අතරේ සිටින ”ලොකු පුතාගේ” නම විවෘත කිරීමේ පින්කමේදී කරළියට ආවේ නැත.

එනමුත් එම ලොකු පුතා කවුදැයි රටට රහසක් වුවද කිරින්ද, පුහුල්වැල්ල, කඹුරුපිටිය, ගතාර, මාකඳුරේ ඇතුළු අහල ගම් හතකට රහසක් නොවේ. ඒ ලක්ෂ්මන් හා මාලනී යුවළගේ ලොකු පුතා මධුෂ් බව ඔහු එකදහස් නවසිය හැත්තෑනවයේ ඉපදුණු දා පටන්ම ගම්මු දන්නා නිසාය.”

තොරතුරු-මිහිරි ෆොන්සේකා -Lakbima

තම මවගේ ඝාතනය  කෙසේ දැනෙන්ට  ඇත්ද?ඔහුට තම මව මරා දැමූ පුද්ගලයන් සමගින් තරහක් ඇති නොවන්නේද? වෛර යක් ඇති නොවන්නේද?  එම පලිය ගන්නට නොසිතෙන්නේද? ඔහුද රහත් වී නැත. හය හතරක්  වැටහෙන්නේ නැත.මෙහිදී ඔහු මානසික අපචාර කට ලක් වී ඇති ආකාරය ඛේද්නීය ය.

මොහොතකට  සිතා බලන්නට  එය ඔබට මට වුණා නම් අපේ ජීවිත කොයිතරම්  වෙනස් වෙයිද? බොහෝ උපදෙස් අවවාද  දාර්ශනික වන්නේ එය වෙන කෙනෙකුට සිදූ වූ විටයි .තමාට අත්විදින්නට වූ තැන ඒ දාර්ශනික  අදහස් උපදෙස් කිසිවක් අදාල නැත.මා එය මෙහි සදහන් කළේ එවැනි සිතිවිලි තිබෙන අය සමාජයේ සිට අනෙක් අයට ඇගිල්ල  දික් කරන නිසාවෙනි. එහෙත් ඔවුන්ට  එය සිදුවුවහොත්  එයට මූණ දෙන ආකාරය  ඔවුන්ට ද සිතා ගැනීමටවත් නොහැකිය.   යාන්තම් ජීවිතය අවබෝධ  කරගැනීමේ වයසේදීම ඔහුට  අත්විදින්නට වී ඇත්තේ සතා සිවුපාවෙකුටද අත්විදින්නට අකැමැති සිදුවීම් දාමයකටය. කුඩාකළ  කිසිවක් කරකියා ගත නොහැකි හෙයින් වෛර යත් සමගින් ඔහු ටිකෙන් ටික ගොඩනැගෙන්නට ඇත.

ඊළග කාරණය නම් ඔහුගේ පියා දෙවන විවාහය ක් කර ගැනීමය.දරැවමන් තිදෙනෙකුගේ වැඩකටයුතු  තනිවම  කරගැනීමට නොහැකි නිසා හෝ වෙනයම් හේතු වක් මුල් කරගෙන ඔහුහේ පියා නැවත විවාහ වෙන්නට ඇත.එහෙත් දරැවන් තිදෙනාටම ආදරය අවශ්‍ය ම මොහොතේ මව නැති සොවින් හදවතින් හඩාවැටෙන දරැවනට මෙය කෙසේ දැනුනාදැයි අප දන්නේ නැත. එහෙත් එයද විශාල බලපෑමක් වන්නට ඇති බව මගේ හැගීමයි.

කුඩාකළ  අප කියවන කතන්දර  වල සිටින කුඩඅම්මා චරිතය බොහොම නපුරු ය. සැමියාගේ කලින් විවාහයේ දරැවන්ට සලකන්නේ වැඩ කාරයන් ගානටය.මේ සිතුවිලි  මේ මදූෂ් ඇතුලු දරැවන් තිදෙනාගේ සිත් වලද අනිවාර්යයෙන්  කැකෑරෙන්නට ඇත. දරැවෙකුට මවක් තරම් ආදරය කළ හැකි සෙනෙහස දිය හැකි වෙන කිසිදු  කාන්තාවක් මේ මිහිතලය මත නැත.ඒ නිසාය මවකගේ ආදරය ලොව කිසිදු ආදරයකට සම කළ නොහැක්කේ.සමහර විට කුඩ අම්මා හොදින් සැලකුවද කුඩා දරැවන් ට වෙනස්කම් දැනෙන්නට පුළුවන මක් නිසාද යත් ඔවුන් බලා පොරොත්තු වන්නේ තම මවම ය.එය සිදු නොවන තැන ඇති වන්නේ තරහකි. ඔවුනට තම පියාගේ ආදරය පිට ගෑනියෙක් උදුරාගත්තා වැනි හැගීම්  දැනේන්නට පුළුවන. එය දරැවන්ට ඉතා තදින් මානසිකව බලපෑ හැකිය.

මෙම වාර්තා  කියවන විට පසන් වූ අනෙක් කාරණය නම් මදූෂ් ඇතුලු සහෝදර සහෝදරියන් ට තම පියාගේ ආදරය  අහිමි වීම පමණක්  නොව ඔවුන් ව හදාවඩාගැනීමට ද සිදුව ඇත්තේ වයසක ආච්චිඅම්මාට  සහ සීයාට බවය. ඉතින් කුඩා දරැවන් තිදෙනාට මෙය බලනොපාන්නට ඇත්දැයි  ඔබට සිතිය හැකිද? මේ දරැවන් තිදෙනාම තම මවගේ වියෝවත් සමගින් ජීවිතයේ අප්‍රසන්නකාරී අත්දැකීම්  සමුදායත්  සමගින් ඉදිරියට ගොස් ඇති බව පෙනී යයි. තම මව මරා දැමූ නිසා තමන්ට මේ ඉරණම අත් වූ බව ඔවුන් කොයිතරම්  සිතන්නට ඇත්ද? ඒ සිතන වාරයක් පාසා වෛර යෙන් සිත පිරී යන්නට ඇත. ඔවුන්ට  ආදරය  සෙනෙහස දක්වන්නට හොයා බලන්නට  කෙනෙක් සිට නැත.වයසක ආච්චිඅම්මාට  සීයාට ඒවා කිරීමට වාරැ නැතිවන්නට ඇත. ඔවුන්ගේ කාලයන්න්ට වඩා  මුණුපුරන් ගේ කාලය වෙනස් වන්නට ඇත. ඒ නිසා ඒ පිළිබඳව  වටහා ගැනීමට ඔවුන්ට  නොහැකි වන්නට ඇත.කෙසේ හෝ කන්නට යමක් දී ඔවුන්ව ලොකු කිරීම පමණක්  ඔවුන්ගේ අරමුණ  වෙන්නට ඇත

මෙහි එක් තැනක් වාර්තා  කළ තිබූ පරිදි එකල මදූෂ් ඉගෙනගැනීමට ඉතා දක්ෂතා සහිත දරැවෙකි. සාමාන්‍ය පෙළ විභාගය  පවා ඉතා හොදින් සමත් වූ බවත් , කරදර නිසා ඉගෙනීම අතරමග නවතා දැමීමට සිදු වූ බවත් සදහන් කරයි. එය කෙතරම් ඛේද්නීය ද? අප රට තුළ  නිදහස් අධ්‍යාපනය තිබිලත් ඉගෙනුම  දිගටම කරගෙන යන්නට නොහැකි තරම් කරදර ගොන්නකට මුහුණ  දෙන ළමුන් තව කෙතරම් ඇත්දැයි  සිතාබැලීම ඉතාමත් වටී.

මේ කාරණා  සියල්ල  විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ ළමාවියේ සිදු වූ දෑ හේතුකොටගෙන මොහු දරැණු ලෙස  මානසික කම්පනයකට පත්ව සිට ඇති බවත් ඒ බව ලොවට වසන් කරගෙන සමාජය තුළ  ජීවත් වීමට උත්සාහ  කර ඇති බවත් නැවතත් අප සමජයේ කුරිරැ බව නිසාම අනක් ගුණක් නැති පාතාල  නායකයෙකු ලොවට බිහි වූ බවත් ය. අප රටේ පවතින ආත්මාර්ථකාමී  කාමී කුරිරු සමාජය  ක්‍රමය  වෙනස් වන තාක්කල් තවත් මදූෂ්ලා බිහි නොවේයැයි ඔබට මට සහතික විය හැකිද?

ඔහුට ද ආදරය  ආරක්ෂා ව රැකවරණය  සපයන්නට ඔහු ගැන සොයා බලන්නට අයෙක් වූවා නම් අද මෙවැනි පාතාල  නායකයෙකු බිහිවන්නේ නැත.මෙවැනි ළමා අපයෝජනයන්ට  ගොදුරු වන දරැවන්ට  ආදරය  කරැණාව ඉතාමත් වැදගත්‍ ය.එසේ නොවුණු  තැන ඔහු ප්‍රචණ්ඩත්වයට  පත් වීම. සමාජයට වෛර  කිරීම පලිගැනීමේ චේතනා ඇතිවීම වැළැක්වීමට  නොහැකිය.

එම නිසා ළමා අපයෝජනයන්ට  එරෙහිවීමට අපි සැවොම අත්වැල් බැදගත යුතුමය. සෑම දරැවෙකුටම තමාගේ දරැවෙක් ලෙසට ආදරය දක්වා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත  කිරීමට  අවශ්‍ය සෑම පියවරක් ම වැඩිහිටියන්  වශයෙන්  අප ගත යුතුමය. එසේ නොමැති වූ කළ තමාගේ දරැවන්ට අනාගතයේ කුමන ඉරණමකට මුහුණ  දීමට සිදු වේවිදැයි කිව නොහැකිය. අපචාරයන්ට  ලක් වූ දරැවන්  වැඩිහිටියන් වූ කළ ,කුමන  ආකාරයකින් හැසිරෙයිද ඔවුන්  කුමක් සිදු කරයිද යන්න කිසිවෙකුට කිව නොහැකිය. ඔවුන් මුළු මහත්  සමාජයකට වෛර  කරයි.එහි ගොදුරක් බවට  ඔබේ දරැවාද ලක් විය හැකියි. එම නිසා සමාජ අසාධාරණයන් හිංසා පීඩාවන්ට  ලක්වන දරැවන්  බේරා  ගැනීම ඔබේත්  මගේත් වගකීමයි .අපි සැවොම එකාවන්ව අසරණ  ළමා පරපුරේ හෙට දවස වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු. එවිට ඔබේ දරැවාගේද සියලුම දරැවන් ගේද අනාගතය සුරක්ෂිත ය.

කර්තෘ සටහන

හිංසනය අනුමත කරන සංස්කෘතිය වෙනස් වන තුරු, කොතරම් නීති ගෙන ආවත් හිංසනය වළක්වන්නට බැහැ. හිංසනය අනුමත නොකරන සමාජයක් ඇති කිරීමේ මූලික අඩිතාලම මුල් ළමා විය අධ්‍යාපනය බව අප ගේ විශ්වාසය වන අතර සාමාන්‍යකරනය කරන ලද විභාග ප්‍රශ්න පත්‍ර වලින් ඔබ්බට යන ආත්ම විශ්වාසය, සහකම්පනය, ගෞරවය සහ විශ්වාසය යන වටිනාකම් පදනම් කරගත් ඉගැන්වීමක් හරහා ආකල්ප සහ හැසිරීම් සංවර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම සදහා අපගේ සහය ලබා දෙන්නෙමු.

 

ආර්.කේශානි      තරුණ මවකි. කලක් බැංකු  නිලධාරීනියක ලෙසද කටයුතු  කළ ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරීනියකි.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

Social Share: