2019 ජනවාරි 22.
සටහන උමා ප්‍රනාන්දු විසිනි
එදිනෙදා ජිවිතයේ විසදාගැනීමට නොහැකි තරම් ආර්ථික ප්‍රශ්න ඇති මිනිසුන් ඒ ප්‍රශ්න වලින් මිදීමට සොයන අනවශ්‍ය සතුට නිසා මානසික ප්‍රශ්න වලටද මුහුණපා ඇත. නිසැකවම එය ඉබේ සිදු වූවක් නොවේ. මානසික වශයෙන් තමාට බලපාන ලෙසටම ප්‍රශ්නයක් මිනිසාම නිර්මාණය කරගෙන ඇත. මෙය වර්තමානය වනවිට සාමාන්‍ය නොව ස්වභාවික ක්‍රියාවලියක් බවට පත්ව ඇත්තේ ලෝකයේ අවාසනාව උදාකරදීමේ විලාශයෙනි. ප්‍රශ්නවලින් තරමක් දුරට මිදීමට හා කාලය අවම බාවිතයේ යොදාගැනීමේ අරමුණින් මිනිසා නිර්මාණය කරගත් තාක්ෂනය නිසා අවසානයේ මිනිසාම පිඩාවට පත්ව ඇත. නිවැරදි ලෙස පාවිච්චියට නොගැනීම හෙවත් අවභාවිතය නිසා, සුන්දර මිනිස් ජිවිත වලට අවාසනාවන්ත පසුතැවීම් එක්කරන අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම පිළිබඳව පෙර සටහන් තුලින් අපි සාකඡ්චා කළෙමු. එකදිගටම විසදා ගැනීමට නොහැකි ගැටළු නිර්මාණය කරගන්නේ මිනිසුන් මිස වෙනත් ලොවකින් පැමිණි ජීවින් නොවේ. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිස්පහක ( 35% ) පමණ පිරිසක් සිටින්නේ ළමුන්ය. මේ පිරිසගේ මනස වගේම හදවත පිරිසිදුව හා යහපත් ලෙස පවත්වා ගැනීම සමස්ත සමාජයේම අනාගතට බලපානු ඇත. වර්තමාන තරුණ පරපු අනාගත වැඩිහිටියන් බවට පත්වන්නා සේම වර්තමාන ළමා පරපුර අනාගත තරුණ පරපුර බවට පත්වේ. නිසැකවම වර්තමාන තරුණ පරපුර විසින් ලබාදෙන ආදර්ශත් ගැටලුත් අනාගතට ගෙන යන්නේ ඔබ නොව වර්තමාන ළමා පරපුරම වේ. එනම් ඔබ ගොඩනගන, රෝපණ කරන විසබිජය අනාගතේ ඔබේම ආදරණියන්ට ලබා දෙන්නේ, ලගා කර දෙන්නේ වර්තමාන ළමා පරපුරයි. එදිනට ඔබ ඔවුනට මැසිවිලිනැගීම නිෂ්පල ක්‍රියාවකි. ඔබේ යුතුකම සහ වගකීම බවට පත්වන්නේ කාලය කාදමනින් එකිනෙකා විවේචනය කිරීම නොවේ. යහපත් අනාගතයක් උදෙසා මනාලෙස වර්තමානය හැඩගැස්වීමයි. අපට අනාගතයේදී ගෞරවණිය පුරවැසියන් බවට පත්විය හැක්කේද එලෙසෙ ක්‍රියාකිරීමෙන්ම පමණි. මෙතෙක් දුර අපි කතා කල අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම දෙස බලන්න. මේ ගැටළු අපි විසින්ම නිර්මාණය කරගත්තක් නොවේද ?. අන්තර්ජාලය ඔස්සේ පවා ඔබව ලිංගික සූරාකෑමට ලක්වීමට තරම් ඔබ දුර්වල වුවා නොවේද?. කාලයේ ඇවෑමෙන් සිදුවන විවිධ වෙනස්කම් මිනිසාට දරාගත නොහැකි හා විශ්මිත සාධක බවට පත්වන්නේ, මිනිසා තුල වූ අනවශ්‍ය වේගයත්, ආශාවත් නිසාවෙනි. කිසිම කෙනෙකුට නැවත ආපසු හැරීමට අවස්ථාවක් නොමැත. නමුත් ආපසු හැරී බැලීමට ඕනෑතරම් අවස්ථාවන් ඇත. වැරැද්දක් නිවැරදි කරගැනීම සදහා ආපසු හැරී බැලීම කිසිසේත්ම අනවශ්‍ය දෙයක් නොවේ. තවදුරටත් එම වැරැද්ද සිදුනොවීමට ඔබට ආපසුහැරී විමසුමක් කිරීමට අවශ්‍ය නම් එය කිරීම අනිවාර්ය ක්‍රියාවලියකි. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑමට ඔබ ලක්වීමද එලෙස විසදා ගතයුතු ගැටලුවකි. මේ සූදානම ඒ ගැටළුවට විසදුම් සෙවීමටයි. අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වුවකු නොවන්නට නම්, ඔබ කවුරුන් විය යුතුද ? කෙසේ ක්‍රියා කළයුතුද ?.
අනවශ්‍ය ආකාරයට ඕනෑවට වඩා දිලිසෙන්නට ඕනෑවට වඩා කැපී පෙනෙන්නට බොහෝදෙනා කැමැත්තෙන් සිටි. මේ කැමැත්තම විටක ඔබව මේ පහත් නින්දිත ජාවාරමට හසුකරදෙනු ඇත. ප්‍රථමයෙන්ම ඔබ ඔබව පාලනය කරගතයුතුය. පාලනයවීම, මෙමගින් මේ පහත් නින්දිත ක්‍රියාවලියට ඔබව හසුවිමද පාලනය වනු ඇත. අන්තර්ජාලය ඔස්සේ පාලනවීම දෙයාකරව දැක්විය හැක. පළමුවැන්න නම් නිතරම අන්තර්ජාලයේ ගැවසීමයි. නිවැරදිවම කියනවානම් නිතරම Fb, WhatsApp, Viber වැනි Accounts වල සිටීම. මෙලෙස ඔබ අන්තර්ජාලය තුල නිතර ගැවසෙන විට මේ ක්‍රියාව සිදුකරන පුද්ගලයින් ඔබ පිළිබඳව උනන්දු වනු ඇත. ඔවුන් කෙසේ ඔබ පිළිබඳව උනන්දු වූවත් ඒ උනන්දුව එක මොහොතකින් නැති කිරීමටත් තවතවත් ඇති කිරීමටත් ඔබට හැකියාවක් ඇත. අපි නිතරම අන්තර්ජාලයත් සමග ගනුදෙනු කරන පුද්ගලයින් නම් අපිට අන්තර්ජාලය භාවිතා නොකර සිටිය නොහැක. මෙය අපි ගොඩනගන ප්‍රතිරූපය මත සිදුවනු ඇත. දෙවැන්න නම් ප්‍රතිචාර දැක්වීමයි. සරලව කියනවානම් Like කිරීම, comments දැමීම හා Reply කිරීමයි. කෙනෙක්ටනම් මෙය සරල නොවටින අදහසක් වනු ඇත. නමුත් අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වී පසුතැවෙමින් තමා පිළිබඳව ලජ්ජාවෙන් සිටින හා ජීවිතය හැරගිය බහුතරයක් දෙනාට එසේ තමාගේ ජිවිතයට අවාසනාව ලගාකරදුන්නේ පාලනය නොවීම බව ඔබට කියාදෙනු ඇත. අන්තර්ජාලය තුල පමණක් නොව, පාලනය වීම ජිවිතයේ ඕනෑම අවස්ථාවකට බලපානු ඇත. තමාගේ ඡායරූප අන්තර්ජාලය තුල ප්‍රදර්ශනය කිරීමේදීද ඔබ කල්පනාකාරී විය යුතු අතර, ඔබ අපහසුතාවයකට පත්වන ආකාරයේ ඡායාරූප ඔබ විසින්ම පළකර ගැනීම ගැන වඩාත් සිතිය යුතුය. තමාගේ පමණක් නොව අන් අයගේ ඡායාරූප ෂෙයාර් කිරීමේදීද ඔබ පාලනය වීම වැදගත් වේ. ඡායාරූප සම්බන්ධව වැදගත්ම කරුණ නම්, මේ ජාවාරම කරන පුද්ගලයින් ඔබ විසින් පල කරන ඡායරූප Edit කර ඔබව අපහසුතාවට පත් කරන්නට දෙවරක්වත් නොසිතිමයි. මන්දයත් එය ඔවුන් තුල වූ මානසික අසහනයක් නිසාවෙනි. එම නිසා ඔබ විසින්ම පලකරන ඡායරූප පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය.
වර්තමානය වනවිට මෙලෙස ඡායාරූප Edit කර සිදුකරගෙන ගිය ජාවාරම් හසු වී ඇති අතර බොහොමයක් ජාවාරම්තුල තරුණ දියණියන් ගොදුරු බවට පත් කරගෙන තිබී ඇත. Like කිරීම, Comments දැමීම, Reply කිරීම, මෙහිදී ඔබ වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ අසභ්‍ය පණිවුඩ හෝ ඡායරූප වලට ප්‍රතිචාර දැක්වීම හා නොදන්නා අයගේ කෙටිපනිවුඩ සදහා ප්‍රතිචාර දැක්වීමයි. එලෙස අසභ්‍ය පණිවුඩ ඔබට shear කරන පුද්ගලයින් සමග සම්බන්ධතාවය බ්ලොක් කිරීම හෝ Unfriend කිරීම සිදු කල යුතුය. සමහර පිරිස් මේ පණිවුඩ වලට ප්‍රතිචාර දැක්වීම විහිළුවකට ගන්නා අතර එහි අවසාන ප්‍රතිපලය ගැන සිතන්නේ නැත. මෙලෙස අනවශ්‍ය ලෙස massages යැවීමත්, ඒවාට ප්‍රතිචාර දැක්වීමත් නිසා නීතිමය ගැටලුවලට පවා මුහුණ දීමට සිදුවනු ඇත. නිවැරදි ලෙස ඔබ ඔබව පාලනය කරගැනීම මත මේ ගැටලුවලින් මිදීමටත්, කෙදිනකවත් මෙවැනි ගැටළු වලට හසු නොවීමටත් වගබලා ගත හැක. අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික සූරාකෑම නිසා තාක්ෂනය බාවිතා නොකර සිටීමට නොහැක. මේ නිසා ඔබ අන්තර්ජාලය තුල ගොඩනගන ඔබේ ප්‍රතිරූපය හා ඔබ පලකරන දේවල් ඔබේ අනාගතයට අහිතකර ලෙස බලපායිද ?, මෙයින් ඔබ ගැන අනෙක් අය කෙසේ සිතයිද?, ඔබේ දෙමාපියන්ට මෙය කෙසේ බලපායිද?, ඔවුනට මේ නිසා කුමක් සිදුවෙයිද?, මේ නිසා ඔබට කරදරයක් වේවිද? අන් යට කරදරයක් වේවිද ? යන්න සිතීම හා බුද්ධිමත්ව ක්‍රියාකිරීම තුල අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික සූරාකෑමට ඔබව හසුවීම වලක්වා ගත හැක. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑමට ඔබ හසුවූ විට ඔබ කෙසේ ක්‍රියාකළ යුතුද යන්න වටහාගෙන සිටීම ඉතා වැදගත් දෙයකි. ගැටලුවට විසදුම් නොසෙවීම හා සහය නොපැතීම නිසා සිදුවන දේ පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. බොහෝ තරුණ පිරිස් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ විට ජිවිත හැරයාමට උත්සාහ දරති. නැතහොත් කිසියම් හෝ ආකාරයෙන් තමාට අනතුරක් කරගැනීමට උත්සාහ කරති. තමාගේ බලාපොරොත්තු අතහැර ජීවිතය අකාලේ ගෙවා දමති. මෙලෙස ක්‍රියා කිරිමනම් ඔබ ලැජ්ජාවට පත්වන කරුණකි. ඔබට ඔබේ ජිවිතේ ගත කිරීමට සුන්දර කාලයන් ඇත. ඔබ වෙනුවෙන් ගොඩ නැගීමට අලුත් ලෝකයක් ඇත. ඒ වෙනුවෙන් ඔබ ශක්තිමත් විය යුතුය. බුධිමත් විය යුතුය. ළමා කාලයේදී අපි කිසිවෙකුත් මෙවැනි ප්‍රශ්න බලාපොරොත්තුවෙන් සිටියේ නැත. අපි අපේ ජිවිත සතුටින් වගේම නිදහසේ ගත කළෙමු. බලාපොරොත්තු නොවූ පරිදි පැමිණි මේ ගැටළුව නිසා ඔබ ඔබව අමතක නොකළ යුතුය. ජීවිතයද අභියෝගයකි. එසේනම් ඒ අභියෝගයට මුහුණ දීමද අපේ වගකීමයි. මව් කුසින් ඉපදුන මොහොතේ පටන් අපිට අපේ අභියෝග ජය ගැනීමට සහයක් නිතරම ලැබිණි. ඒ සහය ලබාගැනීමට අපිද නිතරම උත්සාහ කළෙමු. ඉපදුන විටම අපි කිසිවෙකුත් ඇවිද්දේ නැත. ඒ සදහා අපිට මවගේත් පියාගේත් සහය අවශ්‍ය විය.
සහය නොපැතුවානම් අපි කවුරුත් ඇවිදීමට නොදන්නා, නොහැකියාවක් ඇති පුද්ගලයින් බවට පත්වනු ඇත. විටක එසේ වූවානම් ඉදිරියට වෙනුවට පසු පසට ඇවිද යනු ඇත. ඉපදුන විටම අකුරු ලිවීමට හෝ කතා කිරීමට අපට නොහැක. සහය නොපතා සිටියානම් මටද අකුරු ලිවීමට හෝ කතා කිරීමට නොහැක. සහය නොපැතීම නිසා සිදුවන දේ ඔබට වැටහෙනවාද?. “තනියෙන් නැගිටින්න ඕනේ. තනියෙන් උත්සාහ කරන්න ඕනේ. ” බොහෝ දෙනා මෙලෙස පවසති. නමුත් තනිවම නැගිටීමට හෝ තනිවම උත්සාහ කිරීමට නොහැකි අවස්ථාවන්ද ජිවිතේ ඇති බව අමතක නොකරන්න. අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ විටද එවැනි අවස්ථාවන්ට ඔබට මුහුණ දීමට සිදුවනු ඇත. එය මදිකමක් හෝ ලැජ්ජාවක් හෝ නොවේ. ප්‍රශ්න ඕනෑම පුද්ගලයෙකුට ඇතිවිය හැක. නිසැකයෙන්ම මේ ගැටළුවේදී ඔබ සහයක් ලබා ගත යුතුය. එමෙන්ම ඒ සහය තුල ලැබෙන විසදුම ප්‍රයෝගික මෙන්ම ඔබට හිතකර විය යුතුය. සමහර අවස්ථාවන්වලදී සාධාරණයක් බලපොරොත්තුවෙන් සහය පතා ඔබව නැවත වතාවක් අන්තර්ජාලය ඔස්සේ හෝ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වීමටද ඉඩ ඇත. එවැනි අවස්ථාවන් පසුගිය වසරවල් තුල අපට අහන්නට දකින්නට ලැබිණි. ඔබේ මවගෙන් පියාගෙන් පසුව ඔබ සහය ලබාගන්නේ කාගෙන්ද යනවග පිළිබඳව දැනුවත්වීම ඉතා වැදගත් වේ. මූලිකවම ඔබ සිහිතබා ගත යුතු දෙයනම්, අදාළ ගැටළුවට සම්බන්ධව ඇති දුරකථන අංක හා සියලුම සාක්ෂිත්, ඒවා සම්බන්ධ ලින්ක් සියල්ල Save කර තබා ගැනීමට හෝ අස්ථානගත නොවන ලෙස තබා ගැනීමට වගබලා ගත යුතුය. ඔබ සතුව සාක්ෂි තිබීම තුලින් ගැටළුව නිරාකරණයේදී ඔබට ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් මගහරවා ගත හැක. අන්තර්ජාලය ඔස්සේ කුමන හෝ ආකාරයෙන් මානසිකව, කායිකව, සාමජීයව ඔබ ලිංගික සූරාකෑමට ලක්වුවහොත් ඔබ වෙනුවෙන් කැපවී ක්‍රියාකරන පිරිසක් ශ්‍රී ලංකාව තුල සිටින බව ඔබ දැනගතයුතුය. එමෙන්ම මෙය ඔබට ගැටළුව විසදාගැනීමට සහයක් මෙන්ම සහනයක්ද වනු ඇත.
වයස අවුරුදු 18ට අඩු දරුවකු මෙලෙස ගැටළුවකට මුහුණපා ඇත්නම්, දෙමාපියන්ගේ සහයද ඇතිව ඔවුනට සහවීමට හා නීතිමය කටයුතුවලදී පවා රැකවරණය ලබාදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බැදී සිටියි. ඕනෑම අවස්ථාවක 1929 දුරකථන අංකය ඔස්සේ ඔබේ ප්රශ්නය ඔවුනට ඉදිරිපත්කල හැක. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තුමේන්තුවටද දරුවන් සදහා ඇතිවන ගැටළු ඉදිරිපත් කල හැක. 0112186065 දුරකථන අංකයෙන් හා PCC@sltnet.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේද ළමයින්ට මුහුණ පෑමට සිදුවූ ගැටළු ඉදිරිපත් කල හැක. වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයෙකු අන්තර්ජලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වුයේනම් ඔවුනට සහය දැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සයිබර් අංශය සූදානමින් සිටි. 0112326979 යන දුරකථන අංකය ඔස්සේ ඔබට ඔවුන් හා සම්බන්ද විය හැක. ඔබට ඔබේ ආදරණියන්ට හෝ දරුවන්ට අහිතකර ලෙස අන්තර්ජාලය හරහා පවත්වාගෙන යන අසභ්‍ය දර්ශන අලවි කරන හෝ ප්‍රදර්ශනය කරන වෙබ් අඩවි බ්ලොක් කිරීම සඳහාද ශ්‍රී ලංකාව තුල වෙනම ආයතනයක් පවතින බව සිහියේ තබාගන්න. එනම් සර්ට් ශ්‍රී ලංකා ආයතනයයි. එවැනි වෙබ් අඩවි බ්ලොක් කිරීම සදහා තොරතුරු ලබාදීමට 0112691692 දුරකථන අංකය ඔස්සේ කතා කිරීමෙන් හෝ slcert@slcert.gov.lk විද්‍යුත් ලිපිනයට ඔබ දන්නා තොරතුරු ලබා දීමට ක්‍රියා කරන්න. මේ ආයතනවලට අමතරව ඔබේ ගැටළුව හා සම්බන්ද පැමිණිල්ල පිළිබඳව නීතිමය විග්‍රහයක් හා ඒ හා සමාන සහයක් ලබා ගැනීම සඳහා 0114718585 දුරකථන අංකය ඔස්සේ කාන්තා පිහිට ආයතනය සමග සම්බන්ධ විය හැක.
අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ඔබව හසුවී ඇත්නම් කරුණාකර ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න. ඒ පිළිබඳව ඔබට විශ්වාසවන්තම අයෙකුට හෝ ඉහත සඳහන්කල ආයතනවලට දන්නවන්න. එය ඔබේ යහපත උදාකරදෙන අතර තවත් අයෙක් එවැන්නකට හසුවීමට ඇති ඉඩකඩද වලක්වනු ඇත. එම නිසා කරුණාකර අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම් පිළිබඳව ඔබ කුමන හෝ සාක්ෂියක් දන්නේ නම් වහාම ඒ පිළිබඳව ඉහත සඳහන් ආයතන වලට හෝ අපට දන්නවන්න. ගසක් මෙන් සිසිලස දෙන්නටත්, මලක් මෙන් සුවඳ හමන්නටත්, ගගක් මේ දිය දෝතක් දෙන්නටත්, සූර්යයා මෙන් එළිය දෙන්නටත්, මවක් මෙන් ජිවය දෙන්නටත් හැකියාවක් ඇති ඔබ, ඔබේ ජීවිතය මෙන්ම අපේ ජිවිතත් සුන්දර කිරීමට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. ජිවිතේ සුන්දරත්වය විදින්නට සූදානම් වන දළ බුවන්නට පියාපත් එන්නත් මත්තෙන් පියාපත් කපාදැමීමටට කටයුතු නොකරන්න. ඔවුන්ගේ සුන්දර පියාපත් වෙනුවෙන්වත් මේ නින්දිත ක්‍රියාවට එරෙහිවන්න.
“ඔබ සතුවද අමාරුවෙන් ලබාගත්, අපහසුවෙන් රැකගත් අලංකාර පියාපත් ඇති බව අමතක නොකරන්න.”
| උමා ප්‍රනාන්දු | තරුණ ක්‍රියාකාරිණියකි. ඇය අන්තර්ජාලය තුළ ළමා ලිංගික සූරාකෑම පිළිබද සහෘද සන්නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර උසස් අධ්‍යාපන ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |
![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)