අන්තර්ජාලය + ලිංගිකත්වය + සූරාකෑම” මෙය සිදු වූයේ කෙසේද? සිදුවන්නේ කෙසේද? – පළමු කොටස

2018 නොවැම්බර් 27.

සටහන උමා ප්‍රනාන්දු විසිනි.

පුංචි බීජයක් පැල කරාම ඒකට වතුර පොහොර හරියට වැටෙනකොට ඒ පැලේ ටික ටික ලස්සනට දළුලා ලොකු වෙනවා. අලුත් අතු එනවා, උස යනවා, මල් පිපෙනවා, ගෙඩි හැදෙනවා. අන්න ඒ වගේ තමයි අපි හැමෝම. මේ හැම දෙයක්ම ටිකෙන් ටික තමා වෙනස් වෙන්නේ.අලුත් අත්දැකීම් සමග තමයි මේ වෙනස්කම් සිදුවෙන්නේ.   “මිනිසාගේ මොළය තමා මේ ලෝකේ තියෙන දියුණුම මොළය ඇත්තටම මේ කතාවට ඔව් කියනත් පුළුවන් නෑ කියන්නත් පුළුවන් !

ජිවත් වීම කලාවක් යැයි සිතන සමහර මිනිසුන් තමා වටා  ඇති ලෝක පිළිබඳවත් ලෝකයේ සිදුවන වෙනස් වීම පිළිබඳවත් හරිහැටි තේරුම් නොගැනිම, වැරදි නොදැක්කා සේ සීටිම, වැරදි නිවැරදි කිරිමට සහය නොදැක්වීම ජීවිතය යන වචනයට එකතු කළ කලාව යන වචනයටද කරන අගෞරවයකි. කියන පරිද්දෙන් මෙය අපුරු සුන්දර ස්වර්ණමය රටක් නම් යෞවනියකට, මවකට  අමු අමුවේ එළිපිට සිදුවන පහත් ක්‍රියා  අපුරු, සුන්දර, ස්වර්ණමය ජවනිකාවන්ද? වෙලාගත් ගොතාගත් ලොකුවට කතා කරන ලාංකීය  සංස්කෘතිය හුදෙක් වචනයක් පමණක්ද? මේ ගතවන්නේද 21ක් වන සියවසයි. අපි අපේ රටේ ඉදන් කතාකරමු. අනෙකාට ඇගිල්ල දිගුකරන්නට ප්‍රථම අපි අපෙන් ප්‍රශ්න කළයුතුව ඇත. අපි ලංකාවේ මිනිස්සු! ඇත්තටම අපි ලංකාවෙ මිනිස්සු කියලා කියන්න බැරි මට්ටමට අපේ රට මගේ රට පිරිහීමකට, අප්‍රසන්න තත්ත්වයකට ලගාවී ඇත.ඒ වෙන කිසිදු කරුණක් නිසා නොව අන්තර්ජාලය ඔස්සේ පවා ලිංගික සූරාකෑම සිදුකරන්නන් සහ ඒවා සදහා අනුබල දෙන්නන් සිදුකරන මේ පහත් නින්දිත ක්‍රියාවලිය නිසායතමාට පමණක් රහසක් වූ ලෝකයටම අලුත් දෙයක් නොවන්නට සිදුවන මේ නින්දිත ක්‍රියාවලිය හුදෙක් ආශාව පමණක් නිසා නොව, මුදල මත මුළු මහත් සමාජයම විනාශයකට ඇද දමා ඇති පහත්ම පහත් ක්‍රියාවකි.“අන්තර්ජාලය + ලිංගිකත්වය  + සූරාකෑම මෙය සිදු වූයේ කෙසේද? සිදුවන්නේ කෙසේද?

ඔබ අතැතිව ඇති පෑන හෝ පැන්සල උපයෝගී කරගෙන කුඩා ඉරි තුනක් නිර්මාණය කර බලන්න. ඒ ඉරි තුනම යොදාගෙන ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. මෙලෙස නිර්මාණ රාශියක් මේ ඉරි තුනෙන්ම පමණක් කළහැකි බව ඔබට එකවර සිහිපත් නොවෙනු ඇත. කෙනෙකුට මෙය මොහතක් ගතවීමෙන් පසුව සිහිපත් විය හැකි අතර සමහර පුද්ගලයන්ට එවැන්නක් කිසිදිනක සිහියට නොඑනු ඇත. N, H, K, Z මේ අක්ෂරද නිර්මාණය වී ඇත්තේ ඉරිකැබලි  තුනකින් බව ඔබට වැටහෙනවාද? යම්කිසි පුද්ගලයකු පිහියක් ඔබේ අතට ලබා දී ඔබ කැමති දෙයක් කිරීමට ඔහු ඔබට නිදහස දෙයි. එවිට ඔබට ඒ පිහියෙන් එළවළු, පලතුරු කැපිය හැකිය. එපමණක් නොව පිහිය ලබාදුන් පුද්ගලයාව මරණයට පත් කිරීමටද මේ පිහියම පාවිච්චී කල හැක. මදක් සිතන්න! එළවළු,පලතුරු කැපීමට හෝ ජිවිතයක් නැතිකිරීමටම පමණක්ද මේ පිහිය පාවිච්චි කල හැක්කේ, ලී කැටයම්, අත්කම් නිර්මාණ වැනි සුන්දර කලාවටද මේ පිහියම පාවිච්චි කල හැක. නමුත් බොහෝ දෙනා සියල්ල අවභාවිත කර හමාරය.

පිටට පේන්නට සංස්කෘතිය, භාෂාව අරූඩ කර නොගත්තාට ගැටළුවක් නැත. කුමන ඇදුමකින් සැරසුනත් කුමන භාෂාවකින් කතාකරත් ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔබේ ක්‍රියාවයි. මේ මොහොතේ ඔබේ ක්‍රියාව ඊළග තප්පරයේ ඔබේ ජීවිතය තීරණය කරයි. අපි කවුරුත් සර්ව සම්පුර්ණ පුද්ගලයින් නොව, අපි කාටවත් එකවර නිවැරදි දේ සිදුකිරීමටද හැකියාවක් නැත. පළමු වරම සාර්ථක වීමටද හැකියාවක් නැත. නමුත් එකම වැරැද්ද කිහිප වරක් කිරීම වැරදි දෙයක් බව අප කාටත් වටහා ගත හැකිය. ඕනෑම වාරගණනක් කල්පනා කිරීමටද, සිතීමටද සියලුම මිනිසුනට නිදහස ඇත. මේ කරුණු අමතක කර ජිවත් වීමද බොහෝ දෙනාගේ ජීවිත වල අසාර්ථකත්වයට හේතුවනු ඇත. අසාර්ථක වූ විට සියල්ල අත්හල යුතු බව හෝ සාර්ථක විමට නොකළයුතු වැරදි පවා කළ යුතු බව හෝ මුදල් යනු ජීවිතය බව හෝ කිසිවිටකත් නොසිතා සිටිය යුතුය. තාක්ෂණයේ දියුණුවත් සමග විශ්ව ගම්මානයක් ලෙස පැවති ලෝකය, වර්තමානයේ සන්නිවේදනය කොතරම් දියුණුදයත් මුළු ලෝකයම විශ්ව ගෘහයක් බවට පරිවර්තනය කර ඇත. පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනියටත් වඩා මේ අන්තර්ජාලය වර්තමානයේ ප්‍රබල විද්‍යුත් මධ්‍ය බවට පත්ව ඇත. වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ අපේ ජිවිතයට කරන බලපෑම අතිශයින් අමානුෂික වී ඇත. අන්තර්ජාලයට ජිවියක් නොමැත. ඒසේනම් අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමක් සිදුවන්නේ කෙසේද? විශ්ව සහගත මනසක් නිර්මාණය වීමටද අන්තරජාලය හේතුවිය. මේ නිසා අතීත සමාජයට වඩා වර්තමාන සමාජය සිටින්නේ ගව්ගනක් ඉදිරියෙනි. අසල්වැසියන් සමග මුහුණට මුහුණ පැවත්වූ සබදකම් වෙනුවට වර්තමානයේදී අන්තරජාලයඔස්සේ විදේශිකයින් පවා අසල්වැසියන් බවට පත්කර ගැනීමට අවකාශය සැලසී ඇත. මේ ඔස්සේ සමස්ත ලෝකයේම සංස්කෘතීන් පිළිබද අධ්‍යනයටද, ඉදිකටුවක් නිෂ්පාදනයේ සිට විශ්වයේ රහස් සොයායන අභ්‍යවකාශ යානය දක්වා තොරතුරු සොයා බැලීමටද මේ අන්තරජාලය උපයෝගී වන බව රහසක් නොවේ. ඒසේ දැනුම එක් රැස්කළ හැක්කේ  අන්තර්ජාලය ප්‍රවේශමෙන් භාවිතයට ගතහොත් පමණි. නමුත් එසේ නොකළ හෙයින් මෙය එක්තරා ආකාරයට අපේ සමාජ ක්‍රමය පසුපසට ඇදගෙන යාමක් ලෙස පෙන්නුම් කරයි. අලුත් අදහස් නිර්මාණය වන්නේද නැත, නව නිර්මාණ බිහිවන්නේද නැත, රචකින්ද ඇත්තේ සුළු පිරිසකි. මෙයට හේතුවද අන්තර්ජාලය අවභාවිතය වේ. තව කෙනෙකුගේ දෙයක් කොපි කිරීමටත්, නව අත්හදා බැලීම් සිදු නොකර වෙනත් රටක නිර්මාණයක් පන්ති කාමරයට ගෙන ඒමට තරම් අපේ රටේ සමාජය අලස වී ඇත. ඇත්ත වශයෙන්ම මෙය අන්තර්ජාලයේ වරදක් නොවන බව ඔබට වැටහෙන්නේ නැතිද? ජීවයක් නොමැති මේ අන්තර්ජාලයට අමුත් ජීවයක්, බලයක් දී ඇත්තේද මිනිසා විසිනි. මේ අන්තර්ජාලය හරහාම මිනිසාව අගාදයට ඇද දමමින් ඇත්තේද මිනිසාම වේ. 2014 වර්ෂයේදී Google එකේ sex කියන වචනේ වැඩිම වාර ගණනක් search කරපු නොම්බර එකේ රට ශ්‍රී ලංකාව උනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය පුහු ඇටයක් බවට පත්කරමිනි. ලැජ්ජාවට කරුණනම් 2015 වර්ෂයේද නොම්බර එක උනේ මේ පුහු ඇටයම වීමයි. මේ වසරේදීත් එසේම සිදුවුව හොත් කුඩා දරුවෙකු මේ පිළිබඳ විමසූ විට ඔබ පවසන්නේ එය කුමන තරගයකින් රටට ලැබුන ජයග්‍රහණයක්ද යන්න කල්තියාම පිළිතුරක් සකසාගෙන තිබීම හාස්‍යට කරුණක් නොවනු ඇත. මේ අන්තර්ජලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම නිසාඅද දවස වනවිට මේ තප්පරයේදී පවා බොහෝ දෙනෙක් ජිවිතයේ අතරමන් වී ඇත. වයස් බේදයකින් තොරව සිදු වී ඇති මේ කණගාටුදායක තත්ත්වය කෙසේ ආරම්භ වුයේදැයි වටහා ගත නොහැකි තරමට මිනිසුන් අන්ද වී ඇත.

අන්තර්ජාල + ලිංගිකත්වය + සූරාකෑම =?  මෙය කුමන ආකාරයකට නිර්මාණය වූ ගැටලුවක් වුනත් සල්ලි, ආශාව, වෛරය, ඇබ්බැහිවීම හෝ මෙහි පිළිතුර කුමක් වුනත් මෙලෙස අන්තර්ජාලය අවභාවිතය නිසා ජීවිතය අසාර්ථක වුනු පුද්ගලයින් අප අතර අපමණ සිටී. සමහර විට ඒ ඔබද විය හැක. අපි තාක්ෂණය නිර්මාණය කළා මිස තාක්ෂණය අපව නිර්මාණය කළේ නැත. අන්තර් පුද්ගල සම්බන්ධතා ඇතිකර ගැනීමට හෝ ඇතිවීමට වර්තමානය වනවිට Facebook, WhatsApp, Viber, Imo, skype, Instagram වැනි සමාජ ජාල සන්නිවේදන මාධ්‍ය සමීපතම කෙටිම මාර්ග වී ඇත. මේ fb, WhatsApp, Viber, Imo, skype, Instagram හෝ මෙවැනි සමාජ ජාල උපයෝගීකරගෙන ඔබව මුලාකරන හා මුලාවන අවස්ථා බොහෝ ඇත. එය ඔබ දැනුවත්ව වන අවස්ථාද නොදැනුවත්ව වන අවස්ථාද ප්‍රතිශතයක් ලෙස ගත්විට එකහා සමාන වේ. අන්තර්ජාලය හරහා සිදුකරන හිරිහැර, දාමරිකකම්, අවමාන, තර්ජන, වින්දිතයන් බවට පත්කිරීම, කොන් කිරීම, වෙනස් කොට සැලකීම, බල කිරීම එවැනි වෙනත් ඕනෑම ආකාරයේ චිත්තවේගාත්මක, මානසික, ශරීරික සහ අධ්‍යාත්මික යහපැවැත්ම අතින් වේදනාවට පත්කිරීම සයිබර් සූරාකෑමයි. සත්‍ය වශයෙන්ම විශේෂිත කරුණ නම් අන්තර්ජාලය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වන්නන් ඉහත සදහන් කල ආකාරයේ සියලුම අපහසුතාවන්ට හා වේදනාවන්ට ලක්වීමයි. ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල ඔස්සේ ලිංගික සූරාකෑමට හසුවන අවස්ථා අතර ප්‍රේම සබඳතා ප්‍රමුඛ ලෙස දැක්විය හැක. ප්‍රේම සබඳතා, අන්තර්ජාලය හරහා ලිංගික සූරාකෑම සිදු කිරීමට පහසු ක්‍රමයක් බවට පරිවර්තනය කරගෙන ඇත. මේ සබඳතා ස්වරූප කිහිපයකින් ඔබ ඉදිරියට පැමිණෙයි. නිරුවත් ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් ගොඩනගා ගන්නා සම්බන්දතා, ලිංගිකමය දර්ශන ඇතුලත් ඡායාරුප, වීඩියෝ පට, ස්වකීය ලිංගික අවයව වල ඡායරූප ලබාගැනීම සදහා ගොඩනගා ගන්නා සබඳතා මේ සදහා කදිම නිදසුන් වේ. සබඳතාවක් ආරම්භ කිරීමට කලින් කිසිවෙකුත් “මම මේ සම්බන්ධය පටන්ගන්නේ නිරුවත් ඡායරූප නිරුවත් වීඩියෝ දර්ශන ලබා ගන්නයි” මෙලෙස ප්‍රකාශ කරන්නේද නැත

 

නමුත් සියල්ල සිදුවන්නට ගතවන්නේ එක නිමේෂයකි. ලිංගික සූරාකෑම සිදුකරන්නට පෙළබී සිටින පුද්ගලයින් අතින්ම පමණක් නොව, දෙදෙනාගේම කැමැත්ත අනුව හුවමාරු කරගන්නා ලිංගිකමය පණිවිඩ හෝ ඡායාරූප, වීඩියෝ දර්ශන සම්බන්ධතාවයක් බිදියාමෙන් පසු එක පාර්ශවයක් විසින් අන්තර්ජාලයට මුදාහැරීමද අන්තරජාල ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑමකි. විටක මෙය කපටිකමින් හා ඕනෑකමින් සිදුකිරීම බහුල ලෙස සිදුවේ. මේ සිදුවීම් අන්තර්ජාලය හරහා ලිංගික සූරාකෑම සිදුකරන්නන් හට ඉතා ප්‍රයෝජනවත් දෙයකි. වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහල තැනත්තාව මොවුන් තවත් ලිංගික වෙළෙන්දෙක් බවට පත්කර ගැනීමටද උත්සුකවනු ඇත. මුදල් බලය පෙන්වීම මත මීට ඇබ්බැහිවීම හා ලිංගික සූරාකෑම සිදුකරන්නන්ගේ අතකොළුවක් බවට පත්වීම සිදුවන්නේද නොදැනුවත්වමය. මේ තරම් නින්දිත ක්‍රියාවලියකට පෙලෙබිමට සහ ඇබ්බැහි වීමට පොළබවා ගැනීමට තරම් මේ සමාජය කොයිතරම් පහත් තත්වයකට ඇදවැටී ඇතිද යන්න අප කාටත් වටහා ගැනීම අපහසු කරුණක් වේ. ඒ ආකාරයට පමණක් නොව අසීමිත ආදරක් පෙන්නමින් “මම ඔයාට හුගක් අදරෙයි, ඔයාට මව විශ්වාස නැද්ද, මට ඔයාව කොච්චර විශ්වාසද, ඔයා මට ආදරේ නම්, ඔයා කසාද බදින්නේ මාව නම් ඇයි මට ඔයාගේ naked photos එවන්නේ නැත්තේ, වැඩක් නෑ එහෙනම් අපි මේ affair එකනවත්තමු” විටක මේ ආදරණීය වචන අන්තර්ජාල ඔස්සේ ලිංගික සූරාකෑම සිදුකිරීමේ පළමු පියවරද විය හැක. මෙසේ ලිංගික සූරාකෑම සිදුවූ අවස්ථාද අනන්තය. මෙලෙස කපටිකමින් ඔබගේ නිරුවත් ඡායාරූප ලබාගන්න පුද්ගලින් තර්ජනාත්මකව හා බියවැද්දීමෙන් තවතවත්  නිරුවත් ඡායාරූප වීඩියෝ පට ලබා ගන්නා අතරමෙහි අතිශය භයානකම ක්‍රියාව වන්නේ තමාගේ පමණක් නොව තවත් අයගේ නිරුවත් ඡායාරූප ලබා ගැනීම සදහා එල්ලවන තර්ජනයි. එලෙසවෙනත් අයගේ නිරුවත් ඡයාරූප ලබනොදුන්හොත් තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව ප්‍රකාශ කරමින්ද මේ ලිංගික සූරාකෑම සිදුවන අවස්ථා ඇත.මෙය අතිශය කෘර ක්‍රියාවලියකි.මේ පිලිබදව පැහැදිලිවම සදහන් කරනවානම් ඔබ මේ ලිපිය කියවන මොහොතේදීද මෙලෙස අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප වීඩියෝ පට විකිණීමක් හෝ තර්ජනාත්මකව ලබා ගැනීමක් සිදුවේ. මේ නින්දිත ක්‍රියාවලිය ඒ තරමටම සීග්‍රයෙන් වර්ධනය වී ඇත. තමන්ගේ නිරුවත් ඡායාරූප ලබාදීමට තරම් මේ සමාජය කෙතරම් අන්ද වී ඇතිද යන්න විටක මටද වටහා ගත නොහැකිය. එපමණක්ද, එකවරක් නොව මේ ජාවාරමට හසුවීමෙන් පසුවද ඡායාරූප ලබාදීමට තරම් ඔබ මෝඩයෙකු වුයේ මන්ද, මෙසේ ලිංගික සූරාකෑමට ලක්වූ අය ජීවිතය පවා අතහැර දැමු අවස්ථාද ඇති විට ඔබත් එයටම හසුවූයේ ඛේදනිය ලෙසිනි. සත්‍ය ලෙසම ආදරය කරන්නන් ලොව නැතුවාම නොවේ. නමුත් මේ එකවරක් නොව සිය වතාවක් සිතන්නට කාලයයි. ආදරය නිරුවතින් මනින්නන්ට නොරැවටෙන්න.

අප හැමගේ නිරුවතට ඉහල ඉල්ලුමක් සහිත වෙළද පොලක් අන්තර්ජාලය තුල නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාවේ පාසල් බාලිකා සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප අලෙවි කරන්නට වෙනම වෙබ් අඩවි නිර්මාණය කර ඇත. නාන නැන්දලාගේ ඡායරූප, වීඩියෝ දර්ශන අලෙවිටත් වෙනම වෙබ්අඩවි නිර්මාණය අර ඇත. ලස්සන යන වචනය Google එකේ Search කලවිටද පුදූමාකාර නාමාවලියක් ඔබටද දැක ගත හැක. පිටකොටුවේ පේමන්ට් බඩුවක් මෙන් නිරුවත, ලිංගිකත්වය අලෙවි කරන්නට තරම් මේ සමාජය පහත් නින්දිත තත්ත්වයකට පත්ව ඇත.

අප හැමගේ නිරුවතට ඉහල ඉල්ලුමක් සහිත වෙළද පොලක් අන්තර්ජාලය තුල නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාවේ පාසල් බාලිකා සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප අලෙවි කරන්නට වෙනම වෙබ්අඩවි නිර්මාණය කර ඇත. නාන නැන්දලාගේ ඡායරූප, වීඩියෝ දර්ශන අලෙවිටත් වෙනම වෙබ්අඩවි නිර්මාණය අර ඇත. ලස්සන යන වචනය Google එකේ Search කලවිටද පුදූමාකාර නාමාවලියක් ඔබටද දැක ගත හැක. පිටකොටුවේ පේමන්ට් බඩුවක් මෙන් නිරුවත, ලිංගිකත්වය අලෙවි කරන්නට තරම් මේ සමාජය පහත් නින්දිත තත්ත්වයකට පත්ව ඇත. අන්තර්ජාලය නුවණැති ලෙස භාවිත නොකළහොත් ඔබට හෝ ඔබේ ආදරණීයයන්ටද මෙම ඉරණම අත්වනු නිසැකය. ආශාව මුදල් හා ඇබ්බැහිවීම හෝ කුමන හෝ කරුණක් නිසා ඔවුන් මේ තප්පරයේදී පවා විකිනීමට ලක්කරන්නේ හෝ ලංසුවට තබන්නේ ඔබේ හෝ ඔබේ ආදරණීයයාගේ ආත්මගෞරවය විය හැක.

උමා  ප්‍රනාන්දු තරුණ ක්‍රියාකාරිණියකි. ඇය අන්තර්ජාලය තුළ ළමා ලිංගික සූරාකෑම පිළිබද සහෘද සන්නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර උසස් අධ්‍යාපන ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටී.

 

Two Blues [Converted]

Voices & Changes අරමුදලේ සහයෝගයෙනි.

පසු සටහන

ඔබ, ඔබේ දරුවා හෝ ඔබ දන්නා අයෙකු සයිබර් සූරාකෑමේ සහ හිංසනයේ වින්දතයෙකු නම්,

  • ඒ සදහා ඇති සාක්ෂි කිසිවක් නොමකා ඒවාගේ ලින්ක් සේව් කර ගන්න.
  • වින්දිතයා අවුරුදු 18 අඩු පුද්ගලයෙකු නම් 1929 ස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධ වෙන්න
  • වින්දිතයා අවුරුදු 18ට වැඩි අයෙකු නම් 011 232 6979 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අංශය හා සම්බන්ධ වෙන්න. එසේ නැතිනම් 011 232 0141 අමතා සයිබර් අංශය ඉල්ලා සිටින්න. <dir.cid@police.lk> සහ <telligp@police.lk> යන විද්‍යුත් තැපෑල ඔස්සේද ඔබේ පැමිණිල්ලේ විස්තර ඉදිරිපත් කළ හැකියි.
  • වෙබ් අඩවි බ්ලොක් කිරීම සදහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය හා සම්බන්ධ වෙන්න
  • ඔබේ පැමිණිල්ල පිළිබද නීතිමය විග්‍රහයක් හෝ ඒ හා සමාන සහයක් අවශ්‍ය නම් 011 471 85 85 ඔස්සේ  කාන්තා පිහිට ආයතනය සමග සම්බන්ධ වන්න.

වෙනත් සහය සදහා අපට කතා කරන්න  – bakamoono@bakamoono.lk / trust@grassrooted.net/ වට්ස් ඇප් +94 763 488 622

Social Share: