2018 දෙසැම්බර් 311
සටහන උමා ප්‍රනාන්දු විසිනි
ලෝකයේ සෑම දෙයක්ම සිදුවන්නේ කිසියම් හෙතුවක ප්‍රති උතරයක් වශයෙනි. මිනිසාගේ ජිවිතයේ ස්වභාවයද එයමය. ජීවිතය තුල සිදුවන සෑම දෙයකටම පදනම් වූ හේතුවක් පවතී. නැගිටින්න නම් ඇද වැටිය යුතුමය. සාර්ථක වන්නට නම් අසාර්ථක වියයුතුමය. දිනන්නටනම් පරාජය වියයුතුමය. ඇද වැටීම, අසාර්ථක වීම සහ පරාජය යනු ලොව ඇති විශිෂ්ටතම ඉගෙනුම් අවස්ථාවන්ය. නමුත් රැවටීම ජිවිතයේ සාර්ථක හෝ අසාර්ථක මාර්ගයක් නොවේ. එය හුදෙක් පුහු වචනයක්ම පමණි. ජීවිතය රැකගැනීමට, ජීවිතය ගොඩ නැගීමට තමා ගන්නා තීරණ බුද්ධිමත් හා කාලෝචිත නොවීම තමාට පමණක් නොව සමස්ත සමාජයටම බලපානු ඇත. ඊළග තප්පරයේදී සිදුවීමට යන්නේ කුමක්ද යන්න හරිහැටි නිශ්චිත නිගමනයකට එළබීමටත් මත්තෙන් සිදුකරන අනිසි මිනිස් ක්‍රියාකාරකම් කොමාවක් හෝ නැවතීමේ තිතක් යොදා කෙටිකළ නොහැකි මට්ටමට පැටලිලි සහගත වී ඇත.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑමද එවැනිම පටලැවිල්ලකි. මිනිසුන්ගේ ගෙල සිරකර දමන පටලැවිල්ලකි. අන්තර්ජාල ඔස්සේ සිදුකරන මේ ලිංගික සූරාකෑමට ඔබ එරෙහි විය යුත්තේ විනාශකාරී පහත් නින්දිත ක්‍රියාවලියකින් ඔබේ ආත්මගෞරවය ආරක්ෂා කරගැනීම සදහාම පමණක් නොවේ.අන්තර්ජාලය ඔස්සේ සිදුකර මේ ලිංගික ජාවාරම සදහටම විනාශ කර දැමීම සදහාය.ආශාව මුදල් හා ඇබ්බැහි වීම හෝ කුමන කරුණක් හෝ නිසා මේ තප්පරයේදී පවා විකිනීමට හෝ ලංසුවට තබන ඔබේ ආදරණියන්ගේජිවිත පමණක් නොව, මේ ජාවාරමට රැවටීමට සිටින ඔබේ ජිවිතයද මේ පහත් නින්දිත ක්‍රියාවට තවතවත් විනාශ නොවීමට වගබලාගතයුතුව ඇත. ලොව ඇති අමිලම දායාදය වූ මිනිස්කම වෙනුවෙන් දිව්‍යලෝකයක්ද, ආපයක්ද පොර බදිමින් සිටි. ඔවුනට අවස්ථාව නොදී ඔබට අවස්ථාව දුන්නේ මේ අමිල දායදයේ වටිනාකම දරන්නට තරම් ඔබ වටින නිසාය, වැදගත් නිසාය, ශක්තිමත් නිසාය. නමුත් ඔබේ එක නොමනා ක්‍රියාවකින් ඒ සියල්ල ඔබට අහිමිවී යනු ඇත. මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම මුළුමහත් සමාජයම කුණු ගොඩක් බවට පත්කර ඇත. ඉන් හමන දුගධ දරාගත නොහැක. හුස්ම හිරකරවන සුළුය.
නිරුවත විකිනීමට තරම් ලිංගිකත්වය ලංසුවට තබන්නට තරම් මේ මිනිසා පහත් වුයේ ඇයි? නිරුවත විකිණීම රැකියාවක් කරගැනීමට තරම් මේ මිනිසුන් නින්දිත වුයේ අයි? මේ විනාශයේ වග උත්තර කරුවන් කවුරුන්ද? මගේ රටට මෙවැන්නක් අත්වුයේ ඇයි? මගේ රටේ දරුවන්ව අන්තර්ජාලය ඔස්සේ පවා ලිංගික සූරාකෑමට ලක්වීමට තරම් මගේ රටේ මනුස්සකම විනාශ වුයේ ඇයි? මෙය දරාගත නොහැකි වේදනාවකි. අනාගතය නැතිකරන විනාශයකි. සදාකාලික පසුතැවිමකි. කායිකව මෙන්න මානසිකව ජිවිත විනාශ කරන, අන්තර්ජාලය ඔස්සේ සුදුකරන ලිංගික සූරාකෑම නිසා අකාලයේ ජිවිතයේ සුන්දර කාලයන් අහිමි වූ ආදරණිය හදවත්වල කතාවයි මේ,
අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ විශේෂවේදී කොලින් ආරියරත්න මහතා හමුවට පැමිණි පාසල් සිසුවියකගේ සත්‍ය කතාවකි.
එක්තරා සතියේ දිනක සවස් වරුවේ මගේ කාර්යාලයට පැමිණි එක්තරා බාලිකා පාසලක උසස් පෙළ හදාරණ සිසුවියක් කියා සිටියේ තරුණයෙකු තමාව බ්ලැක් මේල් කරන බවයි. ඒ පිළිබඳව විමසිලිමත් වූ මා ඇගෙන් තොරතුරු විමසුවා.ඇය කියා සිටියේ ඇගේ පියා ආරක්ෂක අංශයකට සම්බන්දව ඉහළපෙලේ රැකියාවක් කරන අතර මව පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිමග්න බවයි. තමාට බාල තව සහෝදරයෙකු ගෙදර සිටන බවත් තමා වෙනුවෙන් වෙනම කාමරයක් නිවසේ ඇති බවත් ඇය පැවසීය. තමාටfb ගිණුමක් ඇති බවත් එහි යහළුවන් 300 කට වැඩි ප්‍රමාණයක් ඉන්න බවත් එයින් එක අයියා කෙනෙක් තමාට වැඩියෙන් කතා කරන බවත් පැවසීය. “ ඒ අයියා තමයි සර් මාව බ්ලැක් මේල් කරන්නේ ”කියමින් ඇය මා වෙත කරුණු ඉදිරිපත් කළාය. “සෑම දාම රාත්‍රී කාළයේ ඒ අයියා මගේfb එකට එනවා. අපි දෙන්න ගොඩක් දේවල් කතා කරනවා පැය ගණන්. ඉතිං සමහර දවස් වල අපි Skype ගිහින් කතා කරනවා. ඒවගේ දවස් වල ඒ අයියා කියන සමහර දේවල් මම මගේ පරිගණකය ඉදිරියේ කළා. ” සිදුව ඇත්තේ එම තරුණයා මේ දැරිවියගේ නිරුවත් රුව Skype හරහා නැරබිමයි. දැන් තමා සමග හෝටල් කාමරයකට යන්නට එන ලෙසත් එසේ නොවුන හොත් තමාගේ නිරුවත් ඡායාරූප fb එකට යොමු කරන බවයි.
මෙහි නීතිමය පසුබිම කුමක් වුවත් මෙමගින් මෙම ගැහැණු දරුවාට සිදුවන සමාජ හානිය අපමණය. ආදරය වැනි සුන්දර හැගීමත් මුල් කරගෙන සිදු වෙන මේ පහත් නින්දිත ක්‍රියාවලිය නිසා මෙලෙස අවසන් වූ ජිවිත කෙලෙසක හෝ ශක්තිමත් කිරීමට අපට උත්සාහ දැරිය හැකි නමුත් මේ නින්දිත ලිංගික ජාවාරම නිසා ජිවිතය අතහැර දමා යන ජිවිත කෙලෙස නැවත ගොඩනගන්නද?. මේ එවැනි තවත් කතාවකියි.
“මෙම සිදුවීමට ගොදුරුවන ගැහැණු දරුවාගේ වයස අවුරුදු 18 කි. ඇය එක්තරා මිශ්‍ර පාසලක අධ්‍යාපනය හැදෑරුවාය. ඇගේ පියා රජයේ සේවකයෙක් වන අතර මවද රජයේ රෝහලක සාත්තු සේවිකාවක් වශයෙන් සේවය කළාය. ඇයට වඩා වයසින් බාල සහෝදරියක් සහ සහෝදරයෙකු ඇයට සිටියි. ඇය පාසල් වෙලාවෙන් පසු උපකාරක පංති වලටද සහභාගී විය. ඒ යන අතර තුරදී ඇය එක්තරා වීඩියෝ පට අලෙවි කරන කඩයක තරුණයෙකු සමග ප්‍රේම සම්බන්දයක් ඇති කර ගනී. ඇතැම් දිනවල ටියුෂන් පන්තියට නොයන අතර ඒ වෙනුවට මෙම තරුණයා සමග විවිධ ලැගුම් හල් වලට යයි. එහිදී ඔවුන් නොමනා ලෙස හැසිරෙන අතර ඒවා ඇයට නොදැනෙන ලෙස එම තරුණයා සිය ජංගම දුරකථනයෙන් රෙකෝඩ් කරයි. කාලයත් ගත වීමෙන් මෙම තරුණයා වෙනත් තරුණියක් සමග පෙමින් වෙළන අතර තම පැරණි පෙම්වතිය ද ඒ අයුරින්ම ඇසුරු කරයි. මෙය දැනගත් පැරණි පෙම්වතිය සියල්ල පෙම්වතාගෙන් විමසන අතර අවසානයේ ඔවුන් විරසක වී දෙපසකට විය. සතියකට පසු ඇයට එම තරුණයා කථා කර අන්තර්ජාලය බලන ලෙස දන්වයි. වහා අන්තර්ජාලය පරීක්ෂා කරන මෙම තරුණියට දැකගත හැකිවන්නේ තම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කර ඇති බවයි. එදිනම වස පානය කළ ඇය දවස් කීපයක් රෝහල් ගත කර සිටි අතර දැඩි වේදනාවක් විද සිය ජිවිතයෙන් සමුගත්තාය.”
අකාලයේ මියන යන මේ ජිවිත වලට වගකිව යුත්තන් නොමැත. ඔවුන් වෙනුවෙන් සාධාරනය ඉෂ්ට කිරීමට කාලයක් හෝ අත්වැසිල්ලක් නොමැත. ඒ වෙනුවෙන් කතා කරන පිරිසද සමාජයේ කොන් කරනු ලබයි. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම නිසා සමාජයම ඇදවැටී ඇති පහත් නින්දිත තත්ත්වය නිසා සුන්දරත්වය අහිමි වී යනු ඇත. අනෙකා පරයා යන්නට ගොස් සියල්ල අහිමි වීමද සියල්ල ලබා ගැනීමට ගොස් තමා සතු දේවල් පවා අහිමි කර ගැනීමද සමස්ත සමාජයේම දක්නට ඇති විශාල දුර්වතාවයකි.ඇවිලෙන ගින්නට පිදු දමන්නා සේ මේ දුර්වලකම ප්‍රයෝජනයට ගන්න කපටි මිනිසුන් හා දුර්වල මිනිසුන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මේ නින්දිත ක්‍රියාව පෙලබවිමකින් හෝ පෙලබීමකින් හෝ සිදු වී ඇත. නමුත් නිරුවත, ලිංගිකත්වය අලවියට තරම් මිනිසුන් අන්දවී ඇතිද යන්න ප්‍රධානතම ගැටලුවකියි. මෙය නවීන තාක්ෂනය හා තාක්ෂණික උපකරණ අවභාවිතා කිරීමේ පරිහානියයි. සමස්ත සමාජයම මුලා කරමින් තමා වෙනුවෙන් මුදල් හා ආශාව ලගා කරගැනීමට දරන පුද්ගලයන්ගේ නින්දිත ක්‍රියාවලියකි. මිනිසා විසින්ම නිර්මාණය කරගත් නවීන තාක්ෂණය, අන්තර්ජාලය අවභාවිතය නිසා මිනිස් ජිවිත විනාශ වීම කණගාටුවට හේතුවක් වන අතර තාක්ෂනය සියදිවිනසා ගැනීමේ මාර්ගයක් කරගැනීම නම් හාස්‍යට කරුණක් වී ඇත. Fb, WhatsApp වැනි සමාජ මාධ්‍යක් නිසා කවුරුන් හෝ ජීවිතය නැතිකරගත් විටි, “මහ මෝඩකමක්,යැයි මිනිසුන් පවසනවා ඔබ අසා ඇත. ඔබද එලෙසෙම පවසන්නටද ඇත. නමුත්ජිවිතයක් නැති කරගැනීමට තරම්, ජිවිත කාලය පුරාවටම පසු තැවීමට තරම් ඔවුනට සිදු වූ අසාධාරණය ගැන කවුරුන් හෝ සොයා බලන්නට උත්සාහ දරන්නේ නැත. බොලද පුහු අදහස් දරමින් ජිවිතේ ඉස්සරහට යන මිනිසුන්, තර්කය දේශපාලනය මතින් ජිවිතේ ඉස්සරහට යන මිනිසුන්, ලෝභකම ආශාව මුල්කරගෙන ජිවිතේ ඉස්සරහට යන මිනිසුන්, ඊර්ෂියාවෙන් කපටිකමින් ජිවිතේ ඉස්සරහට යන මිනිසුන්, ආදරය ඉවසීම මුල්කරගෙන ඉදිරියට යන මිනිසුන් ලෙස අපට සමාජය මතුපිටින් වෙන් කරගත හැකි වුවත් සිතාගත නොහැකි මට්ටමට බහුතරයක් දෙනා අනවබෝධයෙන් අන්ධ වී ඇත. සිතුවිලි, ආකල්ප, ක්‍රියාවන් වෙනස් වී ඇත. තමා කවුරුන් වුවත් තවත් කෙනෙකුගේ ජිවිතයක් පාලනය කිරීමට කිසිම කෙනෙකුට අයිතියක් හෝ අවස්ථාක් නොමැත.
අන්තර්ජාල ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම සහමුලින්ම උදුරා දැමීමට දරන මේ උත්සාහය එක් පුද්ගලයෙකු වෙනුවෙන් කරන්නක් නොව, සමස්ත සමාජයම ගලවා ගැනීමකි. පෙර සදහන් කල සෝචනීය අවස්ථාවන් පමණක් නොව. ඊටත් වඩා අප්‍රියජනක අවස්ථාවන්ට ඔබටද මුහුණ දීමට සිදුවී ඇත. තවත් කෙනෙකුට පැවසීමට නොහැකි තරම් වූ අවස්ථාවන් නිසා විටක ඔබ තවමත් පසුතැවෙනු ඇත. ශේෂ වුන සුන්බුන් සේ දිනක අප සියලු දෙනාම ස්මාරකයක්, පස් ගොඩැල්ලක් හෝ අළු බදුනක් බවට නිසැකවම පත්වනු ඇත. අප පරයා යන සල්ලිත් ආශාවත් එදිනම විනාශවනු ඇත. තාවකාලිකත්වය මත ගොඩ නැගෙන භෞතික දේවල් නිසා මිනිසුන් නොමිනිසුන් බවට පත්වන්නේ අනවබෝදයත් අන්ධ බාවයත් නිසාවෙනි. ජිවිතය පවත්වාගෙන යන මිම්මක් බවටත් ජීවිතය පාලනය කරන අනිසි බලයක් බවටත් අන්තර්ජාලය මිනිසා විසින්ම නිර්මාණය කරගෙන ඇත. තමාගේ දුර්වලතාවයන් අන්තර්ජාල මගින් වසා ගැනීමට උත්සහ දරන මිනිසුන් පවා අප අතර සිටියි. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම ජිවිත විනාශ කිරීම දක්වා වර්ධනය වූ පහත් නින්දිත ක්‍රියාවලියක් බවට පත්ව ඇත්තේ අනිසි මිනිස් ක්‍රියා නිසාය. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මේ පහත් ක්‍රියාව මුළුමහත් සමාජයටම ඇති කරන පරිහානිය වටහා ගැනීමට ඔබ වයසින් මුහුකුරා යාම අවශ්‍ය නොවේ. මෙය වැරදි නොමනා ක්‍රියාවක් බව වටහා ගැනීමට ඕනෑම වයසක පුද්ගලයෙකුට හැකියාවක් ඇත. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම නිසා ජිවිත අහිම වීම, ජිවිත අහිමි කිරීම සාමාන්‍ය දෙයක් ලෙස ඔබට හැගෙන්නේ එය ඔබට නොවී වෙනත් අයකුට අත්වන ඉරණමක් නිසාය. නමුත් අහිමවීම ඔබට ඇත වූ විට එය සාමාන්‍ය දෙයක් නොව විශාල අපහසුතාවයකි. සත්‍ය වශයෙන්ම එය ලෝක ස්වාභාවයයි. අනෙකාට වැරදුනාට කමක් නැත. නමුත් තමන්ට වැරදුන විට තමා හැර අන් සියලු දෙනාම වැරදි කරුවන් වේ. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මේ ලිංගික ජාවාරම නැවත්වීමට නම් ඔබ, ඔබ ගැනම පමණක් සිතීම ප්‍රමාණවත් නොවේ, සුදුසුද නොවේ. අහිමි වී යන ජිවිත වලටත්, පසු තැවෙමින් ගෙවෙන ජිවිත වලටත්, ඔබේ සුන්දර අනාගතයටත්, ඔබේ ආදරණියන්ගේ ජිවිත වලටත් අවශ්‍ය සුන්දර ජීවිතය රැකගැනීමට ශක්තියක් වීමට දායක වීම ඔබේ වගකීමම පමණක් නොවේ. එය ඔබේ යුතුකමයි.

පුද්ගලයෙකුගේ සිතතුළ පැලපදියම්ව ඇති බාධක පරාජය කිරීම සඳහා පළමුවෙන්ම කළයුත්තේ පලිගැනීම හෝ වෛර කිරීම හෝ නොවේ. වෛරය ඔබේම සෙවනැල්ල වී දිනක ඔබ වෙතම පැමිණෙනු ඇත. සිත සහ සිරුර යනු ගසට පොත්ත සේ එකිනෙකට සම්බන්ධ වූ ශක්ති යුගලයකි. සිතට සිරුරක් නොමැත. සිත පිනවීම සතුටයි. ජිවත් වීම යනුවෙන් හදුන්වනුයේ සිත සතුටු කිරීම සඳහා අවශ්‍ය දෑ සිදු කිරීමයි. මිනිස් සිතේ ස්වභාවය වන්නේ සතුට අපේක්ෂාවෙන් කුමන හෝ අරමුණක ගැටීමය. එම ගැටීම තුලින් සතුටක් උපදවා ගැනීම සදහා සිරුර පෙළබවීමය. මේ සදහා ඕනෑම දෙයක් කිරීමට මිනිසුන් කටයුතු කරයි. මෙයනම් පිළිගත නොහැකි ඉතා වැරදි ක්‍රියාවකි.ඔබ ඔබව පාලනය කරන තාක්කල් ඔබගෙන් වෙනත් අයෙකුට සිදුවන හානිය අවම වනු ඇත. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම නිසා අකාලයේ තවත් කිසිදු ජිවිතයකට හානියක් ඇති නොවීමට අප සැම වගබල ගත යුතුය. ආදරය, දයාව, ඉවසීම, කරුණාව වෙනුවට වෛරය වෙලාගත් ලෝකය පලි ගැනීමේ මාධ්‍ය බවට අන්තර්ජාලය උපයෝගී කර ගැනීම කනගාටුවකි. ජිවිතයක වටිනාකම රදා පවතින්නේ ජීවත් වන කාල පරාසය අනුව නොව එම කාල පරාසය තුළ සිදුකරනු ලබන ක්‍රියාවන් මගිනි. අන්තරජාල ඔස්සේ සිදුකරන ලිංගික සූරාකෑම වෙනුවෙන් අපි එරෙහි වීම මත විනාශ වන්නට යන තවත් සුන්දර ජිවිත එම පහත් නින්දිත ක්‍රියාවෙන් බේරාගත හැක.
| උමා ප්‍රනාන්දු | තරුණ ක්‍රියාකාරිණියකි. ඇය අන්තර්ජාලය තුළ ළමා ලිංගික සූරාකෑම පිළිබද සහෘද සන්නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර උසස් අධ්‍යාපන ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටී. |
![]() |
Voices & Changes අරමුදලේ සහයෝගයෙනි. |
පසු සටහන
ඔබ, ඔබේ දරුවා හෝ ඔබ දන්නා අයෙකු සයිබර් සූරාකෑමේ සහ හිංසනයේ වින්දතයෙකු නම්,
- ඒ සදහා ඇති සාක්ෂි කිසිවක් නොමකා ඒවාගේ ලින්ක් සේව් කර ගන්න.
- වින්දිතයා අවුරුදු 18 අඩු පුද්ගලයෙකු නම් 1929 ස්සේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධ වෙන්න
- වින්දිතයා අවුරුදු 18ට වැඩි අයෙකු නම් 011 232 6979 ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අංශය හා සම්බන්ධ වෙන්න. එසේ නැතිනම් 011 232 0141 අමතා සයිබර් අංශය ඉල්ලා සිටින්න. <dir.cid@police.lk> සහ <telligp@police.lk> යන විද්‍යුත් තැපෑල ඔස්සේද ඔබේ පැමිණිල්ලේ විස්තර ඉදිරිපත් කළ හැකියි.
- වෙබ් අඩවි බ්ලොක් කිරීම සදහා ශ්‍රී ලංකා සර්ට් ආයතනය හා සම්බන්ධ වෙන්න
- ඔබේ පැමිණිල්ල පිළිබද නීතිමය විග්‍රහයක් හෝ ඒ හා සමාන සහයක් අවශ්‍ය නම් 011 471 85 85 ඔස්සේ කාන්තා පිහිට ආයතනය සමග සම්බන්ධ වන්න.
වෙනත් සහය සදහා අපට කතා කරන්න – bakamoono@bakamoono.lk / trust@grassrooted.net/ වට්ස් ඇප් +94 763 488 622
![Two Blues [Converted]](http://old.bakamoono.lk/siadmin/wp-content/uploads/2018/10/Two-Blues-Converted-2.png)