ඔසප් වීම ගැහැණු ළමයෙකුගේ හෝ කාන්තාවකගේ ජීවිතයේ සාමාන්‍යය සිදුවීමකි. ඔසප් වීමේදී සිදු වන්නේ ගැබ් ගැනීමකට ඉඩ ඇති නිසා ඒ සඳහා සුදානමක් ලෙස ඝණකම් වන ගර්භාෂයේ ඇතුළත පිහිටි එන්ඩොමට්‍රියම (ගර්භාෂ බිත්තිය) නම් තුනී ශේෂ්මල පටලය, ගැබ් ගැනීමක් නොවූ නිසා ගර්භාෂයෙන් ගැලවී රුධිරය ලෙස යෝනි මාර්ගය හරහා ශරීරයෙන් පිටතට ගලා යාමයි. එම රුධිරය අපිරිසිදු හෝ නරක් වූ රුධිරය ලෙස සලකා, ඔසප් වීම සිදු වන දින වලදී ආගමික ස්ථාන වලට ඇතුළු වීම, යම් යම් ආහාර වර්ග ගැනීම ආදාය කාන්තාවන්ට තහනම් කර ඇත. එය සමාජයේ පවතින වැරදි මතයකි.