එච්අයිවී ශරීර ගත වී ඇති බව සොයා ගත් වහාම ඒආර්ටී ප්‍රතිකාර ලබා ගත හැකිය. ශ්‍රී ලංකාවේ රජය මගින් නොමිලේ මෙම ප්‍රතිකාර ලබා දේ. ප්‍රතිකාර නිවැරදිව පිළිපැදීමෙන් ඒඩ්ස් තත්ත්වයට පත නොවී සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසේ. සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම, එච්අයිවී නොමැති දරුවන් ලැබීම මෙන්ම සාර්ථක ලෙස රැකියාවක නිරතවීම ආදිය සදහා මේ මගින් අවස්ථාව සැලසේ.