ලිංගික හැසිරීමක දී ආසාදිත පුද්ගලයෙකුගෙන් වෙනත් පුද්ගලයෙකුට පැතිරෙන ආසාදන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ලෙස හැඳින් වේ. ලිංගික ව සම්ප්‍රේෂණය වන ආසාදන අද ලෝකයේ වේගයෙන් පැතිරී යයි. පසු ගිය වසර කිහිපය තුලම අප රටෙහිද නව යොවුන් වියේ පසුවන්නන් ද නොදැනුවත්කම නිසා අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් HIV ඇතුළු අනෙකුත් ලිංගික සම්ප්‍රේෂණය වන රෝග වලට ලක්වීම් බොහෝ වශයෙන් වාර්තා වී ඇත. එබැවින් ලිංගික ව සම්ප්‍රේෂණය වන ආසාදන සහ ඉන් වැළකීම පිළිබඳ දැනුම්වත් වී සිටීම ඉතා වැදගත් වේ.