20125 සැප්තැම්බර් 21
සමාජභාවී සාධාරණත්වයෙන් යුතු පවුල් නීතිය උදෙසා වූ ජාතික ස්ත්‍රී වාදී කතිකාවක් ගොඩ නගමින් සූරියා ස්ත්‍රී සංවර්ධන මධ්‍යස්ථානය පසුගිය 20 වන දා කොළඹදී ස්ත්‍රී ප්රකාශනයක් එලිදැක්විය. මේ සදහා ස්්ත්රී වාදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම හිංසන වලින් දිවි ගත් බොහෝ පිරිසක්ද රැස්ව සිටියහ.
මෙම ස්ත්‍රී ප්රකාශනය හදිසියේ ගොඩ නැගුණු අදහසක් නොව වසර 25ක් පුරාවට සූරයා ස්ත්‍රී සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීම හරහා ලබා ගත් අත්දැකීම් වලින් පෝෂණය වූ පරිපූර්ණ ලියැවිල්ලක් වන අතර එය කාන්තා සහ ළමා කටයුතු විෂයභාර අමාත්‍ය සවිත්‍රි පෝල්රාජ් සහ අධිකරණය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත බාරදීමද මෙහිදී සිදු විය. මෙහි පිටපතක් ජාතික මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ෆර්සානා හනීෆා වෙතද බාර දී ඇත.
මූලික මූලධර්ම පහක් ඔස්සේ ගොඩනගා ඇති මෙම ප්රකාශනය විවාහය දහ විවාහ සබඳතා, දික්කසාදය, දේපල අයිතාවාසිකම් සහ මූල්‍ය ප්‍රතිපාදන, ළමා භාරකාරත්වය සහ යහපැවැත්ම, ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ආරක්ෂාව, පවුල් නීති යාන්ත්‍රණය, මහජන අධ්‍යාපනය සහ දැනුවත්භාවය යන ක්ෂේත්‍ර යටතේ පවුල් නීතිය ප්‍රතිසංස්කරණය විය යුතු ආකාරය පිළිබද යෝජනා ඉදිරිපත් කර ඇත.
මෙවැනි ප්‍රකාශයක් ගොඩනැගීමට මූලික හේතුව ලෙස දක්වා ඇත්තේ දැනට පවතින පවුල් නීති තුළ ස්ත්‍රීන්, දරුවන් සහ ජාතිය, කුළය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජභාවය, ජනවාර්ගිකත්වය, හැකියාව, ලිංගික දිශානතිය, සමාජ ආර්ථික තත්ත්වය සහ භූගෝලීය තත්ත්වය මත විවිධ අසමානතා සහ අසාධාරණයන්ට ලක් වන බවයි. ඒ නිසා පවුල් ආශ්රිත හිංසන වලින් දිවි ගලවා ගත් පුද්ගලයන්ගේ සැබෑ අත්දැකීම් පදනම් කර ගෙන මෙම ලියවිල්ල සකස් කර ඇත.
මෙහිදී ගෘහස්ථ හිංසන වැළැක්වීමේ පණත, මුස්ලිස් විවාහ සහ දික්කසාද පණත, විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපණත, නඩත්තු පණත සහ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පණත පිළිබද විශේෂ අවධානයක් දක්වා ඇති අතර මේ නීති හරහා යුක්තිය ඉටු කරවා ගැනීමේදී ස්ත්‍රීන් මුහුණ දෙන අනේක විධි ප්‍රායෝගිය අභියෝග පිළිබද මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකාච්ඡා විය.
පවුල් නීතියේ ඇති දුර්වලා පිළිබද ඉබ්බාගමුවේ අත්වැල සහන පියසේ සේවාදායිකාවක් පැවසු දේ –
“මම 34 වතාවක් පොලීසියට පැමිණිළි කළා, ඒ කිසිම අවස්ථාව මට පහර දෙන සැමියාව අත්අඩංගුවට ගත්තේ නැහැ. ගෙදර ඉන්න බැරිම නිසා අවුරුදු 6ක දරුවත් අරන් බස් හෝල්ට් එකේ දවස් පහක් හිටියා. අන්තිමට සංවිධානයක් මැදිහත්වෙලා තමයි සැමියාව අත්අඩංගුවට ගත්තේ. මගේ පවුලේ මගේ දෙමාපියන්ගෙන් ලැබුණ ඉඩමේ හදපු ගෙදර මට ජීවත් වෙන්න විදියක් නෑ, සැමියා ආරක්ෂණ නියෝගය වත් තකන්නේ නෑ. මායි දරුවයි ජීවත් වෙන්නේ සෙන්ටර් එකක. ගෙදර යන්න ආසයි ඒත් බයයි” දේවිකා (කුරුණෑගල)
දරුවන් සදහා නඩත්තු ලබා ගැනීමේදී මෙන්ම භාරකාරත්වය ලබා ගැනීමේදී ස්ත්‍රීන් ගැටළු රැසකට මුහුණ දේ.
“මගේ පුතාලා දෙන්නව ඉස්කෝලේ දැම්මේ මහත්තයයි මමයි දන්නම ගිහින්. ඒත් මහත්තයගේ නමින් තමයි දරුවෝ දෙන්නම බාර ගෙන තියෙන්නේ. අපිට මහත්තයා බීලා ඇවිත් කරදර කරන නිසා මම දරුවා් දෙන්නත් එක්ක අනුරාධපුරේ ආවා. ලොකු පුතා 10 වසරේ හිටියේ. නුවරින් අස්වීම ගන්න බෑථ මහත්තයා අත්සන් කරන්නේ නැතුව, එයා කියනවා අස්වීම අරන් දෙන්න බෑ කියලා. මෙහෙන් ඉස්කෝලෙට ගන්නෑ අස්වීම නෑ කියලා. මාස ගානක් රස්තියාදු වෙලා, ගෘහස්ථ හිංසන නඩුවක් දාලා කළාප කාර්යාලෙට ලියලා තමයි දරුවව ඉස්කෝලෙට දා ගත්තේ.” අත්වැල සහන පියසේ සේවාදායිතාවක් වන සඳමාලි පැවසීය.
පවුල් නීතිය තුළ ස්ත්‍රීන් මුහුණ දෙන ගැටළු උතුරටත්, දකුණටත්, නැගෙනහිරටත්, බටහිරටත් පොදුය. ඒ නිසා මෙම ස්ත්‍රී වාදී ප්රකාශනයේ ඇති යෝජනා සැබෑ වෙනසක් කරා ගෙන යාමට බලපෑම් කිරීමට අපගේ වගකීමකි. පවුල් නීතිය පිළිබද ස්ත්‍රී ප්රකාශනය කියවා බලා ඔබේ අත්සන මෙයට එකතු කරන්න. සැමට සමාන නීතියක් වෙනුවෙන් සටන් කිරීම අපගේ අයිතියකි.