මව් කිරි, ශුක්‍රාණු වල විතරක් නෙමෙයි වැදෑමහෙත් ප්ලාස්ටික්!!!

2025 මැයි 19.

අශේනි රෝසා විසිනි.

ප්ලාස්ටික් ලොවට ව්‍යසනයකි. ඉන් ප්‍රජනන පද්ධතියට වන බලපෑම පිළිබද පර්යේෂණ වාර්ථා රැසක් තොරතුරු හෙළිකර තිබේ.

පිරිමින් 40 දෙනෙකුගෙන් ලබා ගත් ශුක්‍රාණු සාම්පල වල්න් 25ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් (සුළු ප්ලාස්ටික් කණිෂ්ඨාංශ) සොයා ගත් බව චීනයේ පර්යේෂණයක කණ්ඩායමටක් පෙන්වා දෙන අතර,  පිරිමින් දසදෙනෙකුගේ සාම්පල වලින් 6ක ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයා ගැනීමට හැකි වූ බව ඉතාලි පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දී පවසා තිබේ.

වෘෂණ සාම්පල වලද ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයා ගත බව නිව්මෙක්සිකෝ විශ්වවිද්‍යාලයෝ මහාචර්ය ෂිංහොං හු පන්වා දී ඇත. මේ පර්යේෂණය සදහා බලුන්ගෙන් ලබා ගත සාම්පල 47ක් සහ මනුෂ්‍ය සාම්පල 23ක් යොදා ගෙන ඇත.  තරුණ පරම්වපරාවේ ප්‍රජනන සෞඛ්‍යයට මෙයින් ඇති වන පලපෑම ප්‍රබල විය හැකි බව ඔහු පවසා ඇත.


ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම කරන ලද ලිපියකට අනුව මහපොළොවට එකතුවන ප්ලාස්ටික් පිළිස්සීම හෝ පසට එකතු වීම මගින්  පිටවන බිස්පිනෝල් A, ස්ටයිරේන් මඟින් අපගේ ශරීරෙය් විෂ රසායනික නිපදවයි. මෙම රසායනික ද්‍රව්‍ය බීමට ගන්නා ජලයෙන් , වෙනත් බීම වර්ගවලින් , බෙහෙත් , ආහාර ආකාරයෙන් ශරීරගත වී අපගේ හෝමෝන නිෂ්පාදනය ක්‍රියාවලියට සම්බන්ධ එන්ඩොක්‍රීන් පද්ධතිය අඩපණ කරයි. මේ හේතුවෙන් ශුක්‍රාණු දස ලක්ෂ ගණනින් ශරීරයේ නිපද වුවද පරිසරයේ සිදුවන කුඩා වෙනසකින් විවිධ සංකූලතා ඇතිවිය හැකිය. ඒ හේතුවෙන් ශුක්‍රාණුවල ගුණත්වය බාල වන අතර, එයින් පුරුෂ මදසරු බව ඇතිවේ.

ඒ අතර, ඩිම්භ කෝෂ වල ඇති  ෆොලිකියුලර් තරලයේ මයික්‍රෝ ප්ලාසිටික් ඇති බව ඉතාලි පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දී ඇත.

රෝමයේ සහ ඉතාලියේ දරු ප්‍රසූතියෙන් සතියකට පසු යහපත් සෞඛයය තත්ත්වයේ සිටින මව්වරුන් 34 දෙනෙකුගෙන් ලබා ගත් මව් කිරි සාම්පල වලින් 75%ක මයික්‍රෝ ප්ලාසිටික් සොයා ගෙන ඇත.

තවත් ඉතාලි පර්යේෂණ කණ්ඩායමක් විසින් කළලය වර්ධනය වන වැදෑමහේද මයික්‍රෝ ප්ලාසිටික් සොයා ගන ඇත. සමාන්‍ය ගර්භණීභාවයක් සහ සෞඛ්‍යයමත් දරු උපතක් සිදු කළ මව්වරුන් 34කගෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමෙන්  මේ බව සොයාගෙන ඇත.

තවත් ඉතාලි පර්යේෂණ කණ්ඩායමක් විසින් කළලය වර්ධනය වන වැදෑමහේද මයික්‍රෝ ප්ලාසිටික් සොයා ගන ඇත. සමාන්‍ය ගර්භණීභාවයක් සහ සෞඛ්‍යයමත් දරු උපතක් සිදු කළ මව්වරුන් 34කගෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමෙන් මේ බව සොයාගෙන ඇත. වැදෑමහේ මවගේ පැත්තේ මෙන්ම කළලයේ පැත්තට වන්නට ඇති කොටසේද මයික්‍රෝ ප්ලාස්ටික් හදුනාගත් බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දී ඇත. මෙහිදී ප්ලාස්ටික් කොටස් දුසිමක් සොයා ගෙන ඇත. ඔවුන් පරීක්ෂාවට ලක් කළේ වැදෑමහෙන් 4%ක් පමණක් බවත්, සමස්ථ වැදීමහේම ඇති ප්ලාස්ටික් ප්‍රමාණය මීට වඩා ඉතා ඉහල අගයක් ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම අනතුරු අඟවා ඇත.

මෙහිදී සොයා ගත් මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි නිල්, රතු, තැඹිලි හෝ රොස පැහැ ගන්වා තිබූ ප්ලාස්ටික් බව පර්යේෂණ කණ්ඩයම පෙන්වා දෙන අතර, ආහාර ඇසුරුම්, තීන්ත, රූපලාවණ්‍ය නිෂ්පාදනවලින් ශරීරයට ඇතුළු වන්නට ඇතැයි ඔවුන් අනුමාන කර තිබේ.

මයික්‍රෝ ප්ලාස්ටික් වලින් මනුෂ්‍ය ශරීරයට වන බලපෑම තවමත් නිශ්චිතවම හදුනාගෙන නොමැති වුවත් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ අපගේ අවයව වලට දිගු කාලීන බලපෑමක් සිදු කිරීමට ප්ලාස්ටික් වල ඇති විෂ වලට හැකියාවක් ඇති බවයි. ඒමෙන්ම වැඩෙන කළලයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමට මේ රසායන වලට හැකියාවක් ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

ප්ලාස්ටික් අපේ ජීවිතයේ සෑම තැනකටම ඇතුළු වී තිබෙන බව පැහැදිළියි.

උදාහරණයක් ලෙස ඉබ්බාගමුවේ වෙළදසැල් කිහිපයක් ආශ්‍රයෙන් සිදු කළ සමීක්ෂණයකින් පෙනුනේ දිනකට පොලිතීන් බෑග් 1500ක් පමණ නිකුත් කරන බවයි. මින් කීයක් අපේ දියට, පොළවට, අහසට, ඇගට එකතු වනවාද?

එළවලු වෙළඳසැලෙන් — දවසකට 500  ක් 🥬

මාළු වෙළඳසැලෙන් — 500 ක් 🐟

Bakery වලින් — 110 ක්🍞

ස්ටෝර්ස් වලින් — 300 ක් 🛒

Chicken shop එකෙන් — 35 ක් 🍗

Pharmacy එකෙන් — 20 ක් 💊

අනෙකුත් කුඩා කඩවලින් — 35 ක් 🛍️

මුළු එකතුව: 500 + 500 + 110 + 300 + 35 + 20 + 35 = 1,500 ❗

මාසයකට: 1,500 × 30 = 45,000 ක් බැහැර වෙයි.

අවුරුද්දකට: 1,500 × 365 = 547,500 ♨️

 ඒ හැම කැබැල්ලක්ම

අපේ වැවට,

අපේ කුඹුරට ,

අපේ ජලයට…..

අපේ දරුවාගේ ඇගටම ගිහින් ඉවරයි.

එක් පුද්ගලයෙකු දවසකට පොලීතින් 1ක් අඩු කළහොත් = අවුරුද්දකට  365 ක් අවම කළ හැකිය.පුද්ගලයන් 10ක් දවසකට පොලිතීන්  1ක් අඩු කළහොත් = 3,650 ක් අඩු කළ හැකිය.පුද්ගලයන් 10ක් දවසකට පොලිතීන් 2ක් අඩු කළහොත් = 7,300 ක් අඩු කළ හැකිය.

මේ හානිය ආපසු හැරවිය හැක්කේ එය නිර්මාණය කළ අපිටමය.

ඒ සදහා අපට කළ හැකි දේවල් කිහිපයක් මේ.

නිවසට ගෙන එන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කරමු.

ප්ලාසිටික් සහ පොලිතීන් ඇසුරුම් වල ඇති ආහාර හැකි තරම් ප්‍රතික්ෂේප කරමු.

ප්ලාස්ටික්, පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අයුරින් බැහැර කරමු.

ප්ලාටික් පොලිතීන් භාවිතය අවම කිරීමට ඔබේ සිල්ලර බඩු කඩට සමග සාකච්ඡාවක් පවත්වමු.

පොලිතීන් බෑග් භාවිතය අඩු කිරීමට ඔබේ ළගම ඇති  සුපිරි වෙළදසැලට බල කරමු.

පොලිතීන් සහ ප්ලාස්ටික් රටට ගෙන්වීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සදහා සීමා පනවන ලෙස රජයට බල කරමු.

ඉවත ලන පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණය සදහා යොමු කරන ලෙස ප්‍රාදේශීය සභාවට බල කරමු.

විධිමත් කසල බැහැර කිරීමේ ක්‍රමයක් සකස් කිරීම සදහා අපේ ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් සමග සාකච්ඡා කරමු.

Social Share: