එච්අයිවී සමග ජීවත් වන අයගේ ආයු අපේක්ෂාව ඉහල ගොස්ද?

2025 මැයි 19.

2024  වසර තුළ වාර්තා වී ඇති එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් ගණන 824කි. ඉන් 99ක් අවුරුදු 15-24 කාණ්ඩයට අයත් වන පිරිමින් හෝ පිරිමි දරුවන්ය. තවත් 13ක් එම කාණ්ඩයේ ස්ත්‍රීන් හෝ ගැහැණු දරුවන් වන අතර එක් සංක්‍රාන්ති පුද්ගලයන් කිදෙනෙක් මෙම කාණ්ඩයට අයත් වන බව ජාතික ලිංගාශ්‍රත රෝග මර්ධන ව්‍යාපෘතියේ 2024 සිව් වන කාර්තු දත්ත පත්‍රිකාවේ දැක්වේ.

2023 වසර තුළ වාර්තා වී ඇත එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් ගණන 694කි. ඉන් 92ක් අවුරුදු 15-24 කාණ්ඩයට අයත් වන පිරිමින් හෝ පිරිමි දරුවන්ය. තවත් 12ක් එම කාණ්ඩයේ ස්ත්‍රීන් හෝ ගැහැණු දරුවන් වන අතර එක් සංක්‍රාන්ති පුද්ගලයෙක්ද මෙම කාණ්ඩයට අයත් වන බව ජාතික ලිංගාශ්‍රත රෝග මර්ධන ව්‍යාපෘතියේ 2024 සිව් වන කාර්තු දත්ත පත්‍රිකාවේ දැක්වේ.

දැනට ඇති දත්ත අනුව ශ්‍රී ලංකාවේ එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් 4,700 (4,400 – 5,000) පමණ සිටින බව අනුමාන කර ඇත. ලොව පුරා මිලියන 42.3ක් එච්අයිවී සමග ජීවත් වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය අනුමාන කර ඇත.

2030 වන විට එච්අයිවී වසංගතය නිමා කිරීමට ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) , ඒක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැළැක්වීම සදහා වූ ඒකාබද්ධ හවුල (UNAIDS) සහ ඒඩ්ස්, ක්ෂයරෝගය, මැලේරියාව පිටුදැකීමේ ගෝලීය අරමුදල (GFATM) උපාය මාර්ගිකව ක්‍රියා කරන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

2025 වසර වන විට ලොව පුරා වෙසෙන එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයින් 95ක්ම හදුනා ගනු ඇතැයි ඔවුන් අනුමාන කරයි. එමෙන්ම ඉන් 95%ටම වෛරස් මට්ටම පාලනය කිරීම සදහා ප්‍රතිකාර ලබා ගත හැකි වන බවත්, වෙනත් අයට ආසාදනය නොවන අයුරින් වෛරස් මට්ටම පාලනය කර ගැනීමට ඉන් 95%ක් සමත් වන බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනුමානයයි.

2023දී ඒ සංඛ්‍යාව පිළිවෙළින් 86%, 89% ක් සහ 93% වූ බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ 2024 දත්ත පක්‍රිකාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ 2024දී ඒඩ්ස් තත්ත්වට පත් වී මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 47කි. නිවාරදි ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයන් ඒඩ්ස් තත්ත්වයට පත් වන්නේ නැති තරම්ය. එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව එච්අයිවී බෝ වී නොමැති පුද්ලයන්ගේ ආයු අපේක්ෂාවට සමාන වන බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.

එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව කෙරෙහි බලපාන සාධක ගණනාවක් තිබේ.

  1. ප්‍රතිකාර සදහා ප්‍රවේශය – ශ්‍රී ලංකාවේ එච්අයිවී සමග ජීවත් වන සියළුම දෙනාට නොමිලේ එච්අයිවී ප්‍රතිකාර ලබා ගත හැකියි. ඔබට එච්අයිවී පරීක්ෂණයක් සිදු කර ගැනීමට අවශ්‍ය නම්, https://www.know4sure.lk හරහා වෙලාවක් වෙන් කර ගැනීමට පුළුවන්.
  2. ඉහල සීඩී4 අගයක් සහ පහල වෛරස් මට්ටමක් පවත්වා ගැනීම – ප්‍රතිකාර ගන්නා පුද්ගලයන්ගේ සීඩී 4 මට්ටම ඉහල යන අතර, වෛරස් මට්ටම “හදුනාගත නොහැකි” (Undetectable) මට්ටමට පත්වේ. වෛරස් මට්ටම Undetectableතත්ත්වයට පත් වූ පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව ඉහල යයි.
  3. එච්අයිවී ප්‍රතිකාර ලබා ගැනීමට පෙර එච්අයිවී නිසා ඇතිවූ අසනීප හෝ සංකූලතා ඇතිනම් එය ආයු අපේක්ෂාව පහල යාමට බලපෑ හැකිය.
  4. හෘද රෝග, අක්මාවේ හෝ වකුගඩු රෝග තිබෙනවා නම් ඒවාගෙන් මරණයට පත්වීමේ සම්භාවිතාවය ඉහලය.
  5. මත්ද්‍රව්‍ය විද ගන්නා පුද්ගලයන්ගේ ඇති විය හැකි බැක්ටීරියා ආසාදන නිසා ඔවුන්ගේ ආයු අපේක්ෂාව පහල යා හැකිය.

 

 

 

 

Social Share: