ජූලි 2023 කලාපය 9

අත්වැල සඟරාව ඔබ අතට පත් වන්නේ මාස කීපයකට පසුවයග සංක්‍රමණික කාන්තාවන් සහ මිනිස් වෙළඳාම මෙවර අත්වැලෙහි තේමාවයි.  පසුගිය ඔක්තෝබර් මාසයේ සිට කාන්තා සංවර්ධන පදනම සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය සමඟ එක්ව ආරම්භ කර පවත්වාගෙන යන සංක්‍රමණික ප්‍රජාව සහ මිනිස් වෙළළඳාම පිළිබඳ ප්‍රචාරාත්මක වැඩ සටහන තුළින් ලබා ගත් තොරතුරු සහ දැනුමත් මෙම අත්වැල කලාපය සකස් කිරීමේ දී බොහෝ සේ ඉවහල් විය. සංක්‍රමණික ප්‍රජාව විදේශයන්හිදී උපයන ධනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයකිග මෙයින් වැඩි ප්‍රමාණයක් මැදෙපරදිග ගෘහසේවයේ නියුතු කාන්තාවන් විසින් උපයනු ලැබේග එහෙත් ඔවුන් මෙරට දීත් විදේශයන්හිදීත් අපමණ දුෂ්කරතා වලට මුහුණපාන බව දිනපතා පලවන මාධ්‍ය වාර්තා වලින් පෙනේ. විදේශගත වන අය විදේශ සේවා නියුක්ති කාර්යාංශෙයහි ලියාපදිංචි වීම අත්යවශ්‍ය සාධකයක් වීමල වයස අවුරුදු 2 ට අඩු දරුවන් සිටින මව් වරු පවුල් පසුබිම් වාර්තා ව ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම වැනි කාරණා කාන්තාවන්ට නව ආකාරයකට සංක්‍රමණය වීමට මග පාදා ඇතග එසේ නීත්යනුකූල නොවන ක්‍රම අනුගමනය කරමින් විදේශ රැකියා සඳහා සංක්‍රමණය වීම නිසා වැඩිපුර සූරාකෑමට සහ අවදානමට ලක් වෙයි. නොදැනුවත්වම ඔවුන් මිනිස් වෙළඳාමට ගො දුරු වෙයි.  එසේ වුවහොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන් මුදවා ගැනීමට මැදිහත් නොවේ.

එබැවින් විදේශගත රැකියාවක් සඳහා යාමේ දී මිනිස් වෙළඳාමෙහි ගොදුරු බවට පත් නොවී විදේශ සේවා නියුක්ති කාර්යාංශෙයහි ලියා පදිංචි වීමත් ලියාපදිංචි ඒජන්සි හරහා කටයුතු කිරීමත් කළ යුතුය.

සම්පූර්ණ සගරාව කියවන්න – බාගත කරන්න

Social Share: