
ඔසප් වීම පිළිබදව විද්‍යාත්මක තේරුම් ගැනීමක් නිර්මාණය වුයේ 18 වන සියවසේ මැද භාගයේදීය. මේ කාලයට පෙර ඔසප්වීම පිළිබදව සාකච්ඡා කළේ නිරීක්ෂණ පදනම් කරගෙනය. යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම, උදරයේ වේදනාව වැනි ඔසප්වීම ආශ්රිත සිදුවීම නිරීක්ෂණය කරමින් විවිධ පුරාණ සමාජවල ඔසප්වීම විවිධකාරයෙන් විස්තර කර තිබේ. ඇතැම් අවස්ථා වලදී ඔසප් රුධිරය ජීවිතය සහ සරු බව නියෝජනය කර ඇති අතර ඇතැම් අවස්ථා වලදී රුධිරය සහ වේදනාව අවධානය යොමු කළ යුතු අනතුරක් ලෙස නිරූපණය වී තිබේ.
ඔසප් වීම පිළිබදව මිත්‍යා මත ඇති වන්නේ, විද්‍යාත්මක තොරතුරු වලින් තොරව මෙම පුරාන අදහස් අපේ සමාජයේ සැරි සැරීමෙනි.
බොහෝ සමාජ වල ඔසප්වීම තවමත් විවෘතව කතා නොකරන මාතෘකාවකි. අපි අතර ඔසප් වීම පිළිබද අවබෝධය සහ නිවැරදි තොරතුරු හිග නිසා ඔසප් වීම පිළිබද ඇති මිත්‍යා දිගින් දිගටම ජීවත් වේ. ඒවා පරම්පරාවෙන් පරාම්පරාවට ගලා වන නිසා මිත්‍යා අදහස් ප්‍රශ්ණ කිරීමට කිසිවෙකුත් පෙළඹෙන්නේ නැත.
අපි මෙම මිත්‍යා අදහස් වලින් බැහැර වන්නේ කෙසේද යන්න පිළිබද සිතා බැලීම වැදගත් වන්නේ මේ මිත්‍යා අදහස් නිසා ස්ත්රීන්ගේ සහ ගැහැණු දරුවන්ගේ ජීවිත වලට ඒවා සෘණාත්මකව බලපාන නිසාය.
ඔසප් වීම පිළිබද විවෘතව කතා කිරීම ඒ පිලිබද ඇති මිත්‍යා අදහස් බැහැර කිරීමට අපට ගත හැකි පියවරයි. ඔබගේ ඔසප් වී පිළිබද ඔබට ලැබෙන තොරතුරුවලට විද්යාමත පදනමක් ඇත්දැයි විමසන්න. විද්‍යාත්මක තොරතුරු මිත්‍යා අදහස් වෙන්කර හදුනා ගැනීමට ඔබට හැකි වූ විට නිවැරදි තොරතුරු ලබා දීම මගින් ඔබගේ සහෝදරියන්ට ද මිත්‍යා වලින් මිදීමට ඔබට සහය විය හැකිය.