Whatsapp 94 763 488622
සිංහල
  • සිංහල
  • නිවස
  • උගනිමු
    • ඔසප් වීම
    • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම
    • ගබ්සා කිරීම
    • ගැබ් ගැනීමක් වළක්වාගත හැකි ක්‍රම
    • ගැබ් ගැනීමක් වළක්වාගත හැකි ක්‍රම
    • ගැබ් ගැනීම සහ මා පියභාවය
    • කැමැත්ත
    • සයිබර් සූරාකෑම
    • ලිංගික හැසිරීම් සහ තෘප්තිය
    • යහපත් සම්බන්ධතා ගොඩනංවා ගැනීම
    • හදිසි ගැබ් ගැනීම් වළක්වාගැනීම
    • ලිංගික හිංසන පිටු දැකීම
    • ලිංගික දිශානතිය
    • ස්ත්‍රී පුරුෂ සමාජභාවය
    • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
  • උගනිමු
    • ඔසප් වීම
    • ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම
    • ගබ්සා කිරීම
    • ගැබ් ගැනීමක් වළක්වාගත හැකි ක්‍රම
    • ගැබ් ගැනීම සහ මා පියභාවය
    • කැමැත්ත
    • සයිබර් සූරාකෑම
    • ලිංගික හැසිරීම් සහ තෘප්තිය
    • යහපත් සම්බන්ධතා ගොඩනංවා ගැනීම
    • හදිසි ගැබ් ගැනීම් වළක්වාගැනීම
    • ලිංගික හිංසන පිටු දැකීම
    • ලිංගික දිශානතිය
    • ස්ත්‍රී පුරුෂ සමාජභාවය
    • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
  • සම්පත්
    • මිතුරු මූලාශ්‍ර
    • සමීක්ෂණ සහ පර්යේෂණ
    • වීඩියෝ
    • ගැලරිය
  • කියවන්න
    • අළුත් පුවත්
    • සංස්කෘතිය
    • පුරවැසි කතා
    • පින්තූර කතා
    • මිත්‍යා මත
    • අත්වැල
  • අපි කවුද
  • අමතන්න

  1. නිවස
  2. »
  3. උගනිමු
  4. »
  5. ලිංගික-හා-ප්රජනන-සෞඛ්ය
  6. »
ස්ත්‍රීන්ගේ ලිංගික හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි සෞඛ්‍යය තත්ත්වයන්
පුරුෂයින්ගේ ලිංගික හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි සෞඛ්‍යය තත්ත්වයන්
සංක්‍රාන්ති පුද්ගලයන්ට බලපාන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය තත්ත්වයන්

සම්පත්

No subpages found.

සේවා

No subpages found.

සහාය දෙන්න

3-05-2025

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම

ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම අපගේ සමස්ථ සෞඛ්‍යය යහපත් කර ගැනීමට සහය වනවා. ලිංගික සෞඛ්‍යය පවත්වා ගැනීම දරුවන් ලැබීමෙන් ඔබ්බට ගිය සාකච්ඡාවක්. ලිංගික සහකරුවන් අතර හොද සන්නිවේදනයක් තිබීම මේ සදහා ඉතාම වැදගත් වන අතර සතුටුදායක ලිංගික ජීවිතයක් පත්වාගැනීම සදහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබද පරිපූර්ණ දැනුමක්ද අපට අවශ්‍ය වනවා. බලකිරීමක්, පෙළඹවීමක් හෝ හිංසනයක් නොමැතිව තමන් තෝරා ගන්නා ආකාරයට අනුව ලිංගික ජීවිතයක් ගත කිරීම අප සැමට ඇති අයිතියක්.

ලිංගික සෞඛ්‍යය සහ යහපැවැත්ම සදහා පහත කරුණු සම්පූර්ණ විය යුතු බව ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වා දෙනවා.

  • ලිංගිකත්වය පිළිබද පරිපූර්ණ තොරතුරු ලබා ගැනීමට අවස්ථාව සහ ප්‍රවේශය තිබිය යුතුයි.
  • තමන්ගේ අවදානම හදුනා ගැනීමට සහ අනාරක්ෂිත ලිංගික ඇසුර මගින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන දැනුවත්භාවය තිබිය යුතුයි.
  • ලිංගික සෞඛ්‍යය සම්බන්ධ සේවාවන් සදහා ප්‍රවේශ වීමට හැකියාව තිබිය යුතුයි.
  • ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක් සහිත වටපිටාවක් තිබිය යුතුයි.

කන්‍යාභාවය, ස්ත්‍රී චර්මඡේදනය වැනි සංස්කෘතික භාවිතාවන් අපගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට බලපෑම් එල්ල කරනවා.

ලිංගික සෞඛ්‍යය හා සම්බන්ධ රෝග තත්ත්වයන් අපගේ ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය, ලිංගික තෘප්තිය සහ සම්බන්ධතා වල ස්වරූපය
නොසලකා අපිට බලපානවා.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පවත්වා ගැනීම සදහා කළ හැකි දේ

  • වැසිකිළිය පාවිච්චි කිරීමෙන් පසු බාහිර ලිංගික ප්‍රදේශය (ශිෂ්ණය,වෘෂණ කෝෂ / යෝනි ප්‍රදේශය) පිරිසිදු ජලයෙන් සේදීම.
    ඔබට ඇත්තේ පුරුෂ අවයව නම්, ස්නානය කරන අවස්ථා වලදී ශිෂ්ණයේ පෙරසම පදුපසට ඇති ශිෂ්ණ මුණ්ඩය ජලයෙන් සෝදන්න.පෙරසම යට බැක්ටීරියා වර්ධනයට වීමට පුළුවන්, එහිදී සුදු හෝ කහ පැහැති පිටි වැනි දෙයක් බැදී තිබෙනවා මෙන් දිස් වනවා.ඔබට ඇත්තේ ස්ත්‍රී අවයව නම්, යෝනි තොල් අතර ප්‍රදේශය ජලයෙන් සෝදා තෙත මාත්තු කර ගන්න. මේ ප්‍රදේශය ස්වයංව පිරිසිදු වන නිසා සබන් වර්ග නිතර පාවිච්චි කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
  • සබන් යොදා සෝදා ඉර අවුවේ වේලා ගත් පිරිසිදු යට ඇදුම් භාවිත කිරීම.
  • ලිංගික අවයව වල කැසීමක්, දැවිල්ලක් හෝ ඉන් දුගදක්දැ නෙනවානම් සුදුසු වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කර ගැනීම.
  • යහපත් ඔසප් සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම.
  • ලිංගික ඇසුර සදහා කවුරුන් හෝ ඔබට බල කරනවා නම් හෝ එය කිරීමට තර්ජනය කරනවා නම්, විශ්වාසවන්ත පුද්ගලෙයකු සමග ඒ ගැන කතා කරන්න. ඔබට ලිංගික හිංසනයක් සිදුවී තිබෙනවානම්ළ ගම ඇති රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.
  • ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන්නේ නැත්නම් අනිවාර්යෙන් නවීන උපත් පලාන ක්‍රමයක් භාවිත කරන්න. සැමවිටම ආරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වන්න.
  • ලිංගික සහකරුවන් සහ සහකාරියන් සමග තමන්ගේ ආශාවන්, සීමා සහ කැමැත්ත ගැන සාකච්ඡා කරමින් දෙදෙනාටම ලිංගික සතුටක් විදිය හැකි වටපිටාවක් ගොඩනගා ගන්න.
  • තමන්ගේ ශරීරය පිළිබද හොද ආත්ම අභිමානයක් ගොඩනගා ගැනීම, උසට සරිලන බරක් පවත්වාගැනීම, සමබල ආහාර වේලක් ලබා ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ආදිය ලිංගික සෞඛ්‍යය පවත්වාගැනීම සදහා ඉවහල් වනවා.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැටළු ඇත්නම් ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සායනවලින් උපදෙස් ලබා ගැනීමට පුළුවන්.

ශ්‍රී ලංකාවේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන යටතේ ලිංගික සෞඛ්‍යය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. ඒ ගැන වැඩිදුර
දැන ගැනීම සදහා මේ දිගුවට යන්න.
 

https://www.aidscontrol.gov.lk/index.php?option=com_content&view=article&id=107&
Itemid=129&lang=en

Social Share:
94 763 488622
www.bakamoono.lk
Disclaimer

© Reserved: The Grassrooted Trust (Guarantee) Limited – June 2016. This website is the property of The Grassrooted Trust (Guarantee) Limited operating under the name“Bakamoono”. General Disclaimer: The content on this website is most suitable for persons 16 years and older..

Copyright © 2024 by bakamoono.lk | All rights reserved .Technology Partner Cloudbuzz.lk .