පුරුෂ ලිංගය ඍජුනොවීම

මේ තත්ත්වය Erectile dysfunction හෙවත් ED යනුවෙන් හැදින්වෙනවා. එනම්, ලිංගික ඇසුරකදී ශිෂ්ණය ප්‍රාණවත් නොවීම සහ ලිංගික ඇසුරේදී එහි ප්‍රාණවත් බව පවත්වා ගැනීමට නොහැකි වීමයි. බොහෝ පිරිමි අය ජීවිතයේ යම කාලයකදී මේ අත්දැකීමට මුහුණ දෙන්න පුළුවන්.

වයසට යාම ED සදහා ප්‍රධාන හේතුවක් වුවත්, එය එකම හේතුව නොවේ. මානසික ආතතිය සහ පීඩනය, ඇතැම් ඖෂධ වර්ග, දියවැඩියාව, සම්බන්ධතාවල ගැටළු, මත් ද්‍රව්‍ය සහ දුම්කොල භාවිතය මෙන්ම පහල ටෙස්ටොස්ටොරෝන් මට්ටමක් පැවතීම මේ තත්ත්වය ඇතිවීමට බලපාන වෙනත් හේතු අතර වනවා.

ED සදහා බලපාන හේතුවට අනුකූලව මේ සදහා ප්‍රතිකාර ලබා ගත හැකියි. උදාහරණයක් ලෙස සම්බන්ධතාවයේ ගැටළු සදහා මානසික උපදේශණය සදහා යොමු වීම, ටෙස්ටොස්ටොරෝන් මට්ටම ඉහල නැංවීම සදහා පෙති ලබා ගැනීම දැක්විය හැකියි. ඔබට පුරුෂ ලිංගය ඍජුනොවීම ගැන ගැටළු තිබෙනවානම් ඒ ගැන වෛද්‍යවරෙකු හමුවී සාකච්ඡා කරන්න.

Social Share: