ශ්‍රී ලංකාවේදී මට ගබ්සාවක් සිදු කර ගත හැකිද?

ගැබ් මගින් මවගේ ජීවිතය අනතුරට ලක් කරන බවට වෛද්‍යවරු තීරණය කළ අවස්ථාවකදී නීත්‍යනුකූලව ගබ්සාවක් සිදු කර ගැනීමට ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔබට හැකියාව ඇත. එසේ නොවන අවස්ථාවක ගබ්සාවක් අවශ්‍ය නම් ඒ සදහා ඇති විකල්පය වන්නේ නීති විරෝධී සහ සෞඛ්‍යාරක්ෂිත නොවන හොරෙන් පවත්වාගෙන යන සායනයි. අප එවැනි සායන වලට යාම අනුමත කරන්නේ නැහැ. එවැනි සායන වල බොහෝ විට ගබ්සා සිදු කරන්නේ නුපුහුණු පුද්ගලයන් වන අතර ඒවායේ භාවිත කරන ජීවානුහරණයක නොකළ උපකරණ මගින් ප්‍රජනක පද්ධතියේ ආසාදන ඇති වීමට ඉඩ ඇත.

ගබ්සාවක් සිදු කර ගැනීමේ ආරක්ෂිතම ක්‍රමය වන්නේ ඖෂධ භාවිතය මගින් ගර්භණීභාවය අවසන් කිරීමයි. ඒ පිළිබද වැඩිදුර කියවීමට පහත කොටුවට ක්ලික් කරන්න.

Social Share: