මේ කොටසේ ඇති තොරතුරු

No sub articles found.

ගුණාත්මක ගබ්සා සත්කාර සේවා නොමැති වීම නිසා ඇති වන ප්‍රතිවිපාක

ගුණාත්මක ගබ්සා සත්කාර නොමැති වීම ස්ත්‍රීන්ගේ සහ ගැහැණු දරුවන්ගේ ජීවත් වීමට ඇති අයිතිය ඇතුළු මානව හිමිකම් ගණනාවක් අවදානමේ හෙළනවා. ලබා ගත හැකි ඉහලම ශාරීරක සහ මානසික සෞඛ්‍යය තත්ත්වයක් ලබා ගැනීමට ඇති අයිතිය, විද්‍යාත්මක දියුණුව හරහා ලැබෙන වාසි ලබා ගැනීමට ඇති අයිතිය, දරුවන් කී දෙනෙක් ලබනවාද, දරුවන් අතර පරතරය සහ දරුවන් ලබන්නේ කවදාද යන්න තීරණය කිරීමට ඇති අයිතිය, කෘෘර සහ අමානුෂික වද හිංසා වලින් සහ දඬුවම් වලින් නිදහස් වීමට ඇති අයිතිය ආදී මානව හිමිකම් රාශියක් ගබ්සා සදහා ප්‍රවේශය නොමැති වාතාවරණයක් තුළ උල්ලංඝණය වනවා.

Social Share: