මේ කොටසේ ඇති තොරතුරු

No sub articles found.

ආරක්ෂිත ගබ්සා සේවා ලබා ගැනීමට ඇති අභියෝග

ගබ්සා සේවාවන් සදහා අධික මිලක් දැරීමට සිදු වීම ස්ත්‍රීන් සහ ගැහුණු දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක්. ගබ්සාව සදහා නෛතික සීමා පනවා ඇති රටවල ගබ්සාව සදහා අධික මිලක් දැරීමට ස්ත්‍රීන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සිදු වනවා. උදාහරණයක් ලෙස The Cost of Criminalisation – Accessing Safe Abortion in Sri Lanka නැමති පර්යේෂණ වාර්තාවේ සදහන් වන ආකාරයට ඇතැම් ස්ත්‍රීන්ට ගබ්සා සත්කාර ලබා ගැනීමට  රුපියල් ලක්ෂ දෙකක් දක්වා ගෙවීමට සිදු වී ඇති බව පෙන්වා දෙනවා.

ගබ්සාව නීති විරෝධී සෞඛ්‍යය සේවාවක් බවට පත් කර තිබීම ගබ්සාව සදහා ප්‍රවේශය සීමා කරනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූලව ගබ්සාවක් සිදු කර ගත් හැක්කේ ගර්භණීභාවය මවගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරනවානම් පමණයි. දැනට ක්‍රියාත්ම වන මේ නීතිය පනවා ඇත්තේ 1883දී බ්‍රිතාන්‍ය පාලන කාලය තුළදීයි. එය පරණ වැඩි බව ඔබට සිතෙනවාද?

ගබ්සාව සේවා ලබා ගැනීම සදහා වෛද්‍යයමය හේතු ඉදිරිපත් කිරීමට සිදු වීම, තමන් ලිංගික හිංසනයක වින්දිතයෙකු බව ඔප්පු කිරීමට සිදු වීම, පිරිමියාගේ අවසරය අවශ්‍ය වීම වැනි නීතිය මගින් පනවා ඇති සීමා ගබ්සා සදහා ඇති ප්‍රවේශය සීමා කරනවා.

අපි විශ්වාස කරන්නේ ගර්භණීභාවය සම්බන්ධ තීරණ ගැනීමට ස්ත්‍රීන්ට සම්පූර්ණ අයිතිය තිබිය යුතු බවයි. ගැබ් ගැනීමක් අවසන් කිරීම සදහා සෞඛ්‍යය සේවා සපයන්නන්හට අධික මුදල් ගෙවීමට සිදු වීම අසාධාරණ බව අපි විශ්වාස කරනවා. ගර්භණීභාවය අවසන් කිරීම සිර දඩුවම් විදීමට හේතුවක් විය යුතු නැති බව අපි සිතනවා.

ඔබේ මවට, සහෝදරියට, දියණියට ගබ්සාවක් නිසා සිර දඩුවම් ලබා දෙනවාට ඔබ කැමතිද?

ශ්‍රී ලංකාව තුළ සැළසුම් නොකළ ගැබ් ගැනීම් අවසන් කිරීමට හැකි වන සේ සෞඛ්‍යය පහසුකම් සංවර්ධනය විය යුතු බව ඔබ සිතනවාද?

Social Share: